🏁 formation lap 🏁
චරිත හැදින්වීම..
මිණිළ රන්දුනු දෙණිපිටිය. ( වයස 16)
• ස්කූල් ක්‍රිකට් ටීම් කැප්ටන්.
පවුලේ එකම ළමයා. ස්කූල් ක්‍රිකට් ටීම් කැප්ටන් උනත් ක්‍රිකට් ප්ලේ කරන්නේ තාත්තගෙ උවමනාවට.. ඒත් කොල්ලටනම් තියෙන්නේ රථගාය.. වලි කොතනද රනා එතන.. (දන්නෝ දතිති ඉතිං ) පොඩිකාලේ ඉඳලම ස්පෝට් කරන නිසාම වයසට වඩා පෙනුම ටිකක් තියනවා. හොඳම යාළුවො පසදෙනයි. යාෂ්, මිගාර, බිඟුන්, මිනූෂ, ශේන්‍යා.. රන්දුනුටම ගැළපෙන සෙට් එක.
පවුල
• පියා - අර්ජුන් දෙණිපිටිය. Apexa healthcare holders (pharmacy) owner
• මව - තමාරා දෙණිපිටිය.
.............
ප්‍රාතිහ ගෞරද් පළිහක්කාර. (වයස 16)
පවුලෙ දෙවනි ළමයා. වැඩිමල් අක්කා කෙනෙක් ඉන්නවා. තාත්තගෙ වැඩ වලට ලේසි වෙන්න කොළඹ පදිංචියට ආව නිසා ඕලෙවල් වලට අලුත් ඉස්කෝලෙකට ඇතුල් වෙනවා. ( සෙන්ට්‍රල් )
මුල් කාලෙනම් නිහඩ චරිතයක්.. හැබැයි නපුරුයි.
පවුල
• භාතිය පළිහක්කාර. (පියා)
( wedding planner )
• විදුල විතානාරච්චි.
• ප්‍රාර්ථනා පළිහක්කාර. (අක්කා)
• ගෞරි දිසාසේකර (අම්මා)
Race නොකියවන කෙනෙක්ටනම් ප්‍රාතිහගෙ පවුල පැටලැවිල්ලක්.. හැබැයි ඒක කතාවෙදි ඉක්මනට විසඳෙයි.
...........
අගිත් මිනායූ
( කතාව මැදදි එකතු වෙන තවත් විශේෂ චරිතයක්..
.
.
.
ඇරඹුමට පෙර..
" එක එකාට මේ රූම් එකට රිංගන්න එපා කියලා මං කීසැරයක් කියලා තියනවද.. අඩුම මට මගේ රූම් එකේවත් නිදහසක් නැද්ද.. "
ප්‍රාතිහ කෑගහන සද්දේ ඇහිලා ප්‍රාතිහගෙ රූම් එකට දුවන් ආව ප්‍රාර්ථනා දැක්කේ බාතෲම් එකේ දොර ළඟ හිටගෙන ටවල් එක විතරක් ඇදන් ඉන්න ප්‍රාතිහවයි ඒ රුම් එකේම ඇඳ ළඟ හිටගෙන ඉන්න විදුලවයි..
" මොකද මල්ලි කෑගහන්නේ.. "
" කෑගහන්නේ.. හැමදාම වෙනදේට තමයි.. ඔය ඉන්නේ.. අහනවා සිංහලෙන් නැතුව වෙන භාෂාවකින්ද කියන්න ඕන කියලා මේකට එන්න එපා කියන එක .. "
ප්‍රාතිහ විදුලව පෙන්නලා තවත් කෑගහගෙන යද්දී විදුල හැරුනේ ප්‍රාර්ථනාගේ පැත්තට..
" ප්‍රාර්ථනා.. මං කියන දේ අහන්නකෝ දරුවෝ.. ගෞරට අසනීපයි කිව්ව නිසා මං බලන්න ආවේ.. රූම් එක හැඩිවෙලා තිබ්බ නිසා මං පොඩ්ඩක් අස්කරලා දැම්මා.. ඒ හැර මං මුකුත් කරේ නෑ.. "
" මං කිව්වද අස් කරන්න කියලා.. "
" බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්නව ගෞර.. "
" ඔක්කොම එවුන් එකයි. " 'දඩස්'
ප්‍රාතිහ ආයෙත් බාතෲම් එක ඇතුළටම ගිහින් සද්දෙට දොරත් වහගනිද්දී ප්‍රාර්ථනා විදුල ළඟට ඇවිත් විදුලගෙ පිට අතගාන්න ගත්තේ විදුල දුකෙන් වගේ ප්‍රාර්ථනා දිහා බලාගෙන ඉද්දී..
" දුක් වෙන්න එපා.. දන්නවනෙ එයාගේ හැටි.. තාත්තා පහළට යන්නකෝ මං තේරුම් කරලා දෙන්නම්.. "
" හ්ම්ම්.. "
ප්‍රාර්ථනාගේ ඔළුවත් අතගාලා ප්‍රාතිහගෙ රූම් එකෙන් එළියට යන්න ආව විදුල දොර ළඟදි ආයෙත් නතරවුණේ ප්‍රාර්ථනාගේ කටහඩට..
" තාත්තේ.. "
" ඕ.. "
" හිත රිදුනනම් මල්ලි වෙනුවෙන් සොරි.. "
" ඒකට කමක් නෑ.. එයා තාම පොඩිනේ දුව.. ඔයා ලොකුවෙද්දි අපිව තේරුම් ගත්තා වගේ ගෞරත් ලොකු වෙද්දී අපිව තේරුම්ගනී.. මගේ හිත රිදුන්නෑ. මං දන්නවා එයා ඔහොම කෑගහන්නේ හිතේ තියන දුකට කියලා.. බනින්නේ නැතුව හිත හැදෙන්න මොනවා හරි කියන්න.. මං පහළට යන්නම්.. "
" හ්ම්ම්.. "
විදුල පහළට යද්දී ප්‍රාර්ථනා ප්‍රාතිහගෙ ඇඳ උඩ ඉදගෙන බලාගෙන හිටියේ ප්‍රාතිහ බාතෲම් එකේ ඉදන් එළියට එනකන්..
.
.
ටික වෙලාවකින් බාතෲම් එකෙන් එළියට ආව ප්‍රාතිහ ලෑස්තිවෙන්න ගත්තේ ඇඳ උඩ ඉදන් ඉන්න ප්‍රාර්ථනාට බැල්මක්වත් නොදී..
" මොකද ඕයි ඔච්චර කේන්ති ගන්නේ.. ඒ මනුස්සයා නිසාම ඉවසනවා තමුසෙගෙ නපුරු වැඩ.. "
" අපෙ අම්මව මරා ගත්ත එකා එක්ක හිනා වෙවී කතා කරන්න ඔයාට පුළුවන් උනාට මට බෑ.. "
" හරි හරි පරණ කතාව ආය ඇදලා ගන්නේ නැතුව ඉන්නවා.. දැන් කොහොමද ඔළුව කැක්කුම.. අද මැච් එකක් නේ ඔයාලගෙයි අර ගෙඹි කුමාරයොන්ගෙයි.. "
" හ්ම් "
" යන්නැද්ද.. "
" යන්න හදන්නේ "
" හ්ම්ම්... කේන්ති ගන්න එපා මල්ලි.. ඔයා දවසක විදුල තාත්තව තේරුම් ගනිවී.. මටත් මුලදී ඔයාට වගේම තරහවක් කේන්තියක් තිබ්බා.. ඒත් කල් යන්න යන්න මට තේරුම් ගියා අපේ පවුලට සිද්ධ වෙච්ච කිසි දේකට විදුල තාත්තා වගකියන්න ඕන නෑ කියලා. ඒ විතරක් නෙවෙයි අපෙ තාත්තා උනත් මේ කිසි දේකට වගකින්න ඕන නෑ.. අම්මගෙ ඇක්සිඩන්ට් එක වෙන්න තිබ්බ දෙයක් ගෞර.. අම්මා ගෙනාව ආයුෂ එතනින් ඉවර ඇති.. ඔයා තාම දේවල් ඉගෙන ගන්න ගමන්.. ඒත් ඔච්චර විදුල තාත්තගේ හිත රිද්දවන්න එපා.. ඔයා විදුල තාත්තට කෑගහන හැම දවසකම විදුල තාත්තා අඩන්නෙ හොරෙන්.. ඒ තාත්තා දැකලා ඔයාට බනී කියලා.. විදුල තාත්තට තියෙන්නෙ ඉක්මනට දුක හිතෙන හිතක් මල්ලී.. පව්නේ ඔහොම හිත රිද්දවන්න එපා.. "
' දඩස්.. '
ප්‍රාර්ථනා කිව්ව කිසි දෙයක් කනකට ගත්තෙ නැති ප්‍රාතිහ පුළුවන් තරම් ඉක්මනට ලෑස්තිවෙලා ෆෝන් එකත් අරගෙන රූම් එකේ දොරත් සද්දෙට වහගෙන ගෙදරින් එළියට ගියේ යනවා කියලා අඩුම ප්‍රාර්ථනාටවත් නොකියා..
" අසනීපයි කිව්වනේද.. අර එළියට යන්නේ.. "
" අද එයාලගෙයි අර ගෙඹි කුමාරයන්ගෙයි ක්‍රිකට් මැච් එකක්නේ.. පන්තියේ කට්ටිය අනිවාරෙන් එන්න කිව්වා කියලා ඔය ගියේ.. ඔහොම ගිහින්වත් යාළුවෙක් හොයා ගත්තොත් හොදයි බුම්මට්ටා වගේ ඉන්නේ නැතුව.. මට හිත රිදුන්නෑ කියලා ඇඩුවානෙ හොරෙන්.. ඒ පිස්සා කියන ඒවා ගණන් ගන්න එපා අනේ.. අපි කුකීස් මොනා හරි හදමුද.. මට අලුත් රෙසපියක් හම්බුනා.. "
" ප්‍රාර්ථනා දන්නවනේ මගෙ මූඩ් ෆික්ස් කරන්න.. "
" නැතුව නැතුව භාතියගෙන් ඉගෙන ගත්ත ඒවා තමයි.. "
" අනෙ අනෙ තාත්තට නේද ඔය නම කියලා කතා කරන්නේ.. "
" එහෙම තමයි.. ඕකට අයිතිය තියෙන්නේ දුවෙක්ට විතරයි.. වයිෆ්ලා පුතාලට ඉතිං ඉරිසියයිනේ.. "
විදුලත් එක්ක හිනාවෙන ගමන් ප්‍රාර්ථනා විදුලගෙ අතින් ඇදගෙන කුස්සියට එක්කගෙන ආවේ විදුලට ප්‍රාතිහ බැන්න ඒවා අමතක කරවන්න දෙන්නත් එක්ක කෑමක් හදන්න පටන් ගන්න..
.
.
ගේ ළඟ ඉදන් වීල් එකක නැගලා මැච් එක තියන ග්‍රවුන්ඩ් එක ළඟට ආව ප්‍රාතිහ ෆෝන් එක අරන් එයාගේ ක්ලාස් එකේ අයගෙන් කොහෙද ඉන්නෙ කියලා මැසේජ් එකක් දාලා සෙනඟ අතරෙන් ග්‍රවුන්ඩ් එක ඇතුළට ඇවිත් එයාට ඇවිත් තිබ්බ රිප්ලයි එකේ හැටියට ස්ටේඩියම් එක ඇතුළට ගියා..
" ඒ ප්‍රාතිහ.. මෙහෙ මෙහෙ.. මෙහෙට වරෙන්.. එද්දි පරක්කු උනානේ.. මෙතන තමයි අන්තිමට සෙට් උනේ.. මුළු මැච් එකේම ඩේන්ජරස්ම තැන තමයි බං මේ.. හොඳ ගැම්මෙන් ඉන්න ඕන.. කෙල්ලන්ගේ වැඩිම අවදානේ තියෙන්නෙ මෙතනට.. "
" හ්ම්ම් "
ප්‍රාතිහගේ කරටත් අත දාගෙන ප්‍රාතිහව පිළිගත්ත ළමයා එයාලා ඉන්න තැන ගැන විස්තරයක් දෙද්දී ප්‍රාතිහ වටපිටාවට ඇස් යවලා ආයෙත් ග්‍රවුන්ඩ් එක දිහා බලා ගත්තා..
" යකෝ මොකද කියලවත් අහපන්කෝ.. මූ නම් මොකෙද්ද මන්දා.. ෂේප් එකේ බලපන් එහා පැත්ත.. පාංකඩ කුමාරයන්ගෙ කැපාගේ සෙට් එක ඉන්නේ.. ඊට එහා පැත්තේ උන්ගේ තරහකාරයෝ සෙට් එක. ඒ ඉස්කෝලේ බරම අතුටික තමා උන්.. කෙල්ලො ඉතිං වහවැටිලා.. ඔය උන් එක්ක කතා කර කර ඉන්නේ කැපා.. යකෝ බලපන්.. උඹ දන්නැති නිසා කියලා දෙන්නේ.. "
ස්ටේඩියම් එකේ එයාලා ඉන්න සීමාවෙන් එහා පැත්තේ ඉන්න කොල්ලො ටික පෙන්නලා ප්‍රාතිහ ළඟ ඉන්න ළමයා විස්තරයක් දෙන්න පටන් ගද්දී ප්‍රාතිහ ඒ පැත්ත බැලුවේ ඕනවට එපාවට.. එයාට වඩා ටිකක් විතර උසෙන් අඩු ස්කූල් ක්‍රිකට් ටීම් එකේ ඇඳුමෙන් හිටිය කොල්ලෙක් එතන හිටිය කොල්ලො පස් දෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කත් ප්‍රාතිහට ඒ කෙනාගේ මූණ නොපෙනුනේ එයා ප්‍රාතිහ ඉන්න පැත්තට පිටුපාලා හිටිය නිසා.. ප්‍රාතිහ ඒ සෙට් එක වගේම ඊට ටිකක් එහාට වෙන්න හිටිය අනිත් කොල්ලො සෙට් එක දිහත් බලලා ආයෙත් ඉස්සරහට හැරුනේ එයාගේ කරට අතදාන් ඉන්න ළමයගෙ අත එයාගේ කරෙන් අයින් කරන ගමන්..
.
.
.
" රන්දුනුවෝ.. දිනලම එන්න ඕන හරිද.. පැරදිලනම් එන්න එපා.. මිනූෂ බබා පලනවා උඹේ ඔළුව.. "
මැච් එක පටන් ගන්න කලින් ස්ටේඩියම් එකේ යාළුවෝ සෙට් එක ඉන්න තැනට තකහනියේම රන්දුනු ආවේ ඊට ටිකක් එහාට වෙන්න ඉන්න එයාලගේ තරහාකාරයෝ සෙට් එකට පේන්න..
කම්මුල දෙපැත්තෙම ස්කූල් එකේ ෆ්ලෑග් ස්ටිකර්ස් ගහගෙන හිටිය මිනූෂ දාන් හිටිය සන්ග්ලාස් දෙකත් ගලවලා ස්කූල් ටීෂර්ට් එකේ රඳව ගන්න ගමන් රන්දුනු ළඟට ඇවිත් පැරදිලා එන්න එපා කියද්දී රන්දුනු,
" මේ සාමෙයෙ පුතා ගේමකට බැහැලා පැරදිලා ඇවිත් තියනවද බං.. ආ.. මං කවද්ද පැරදිලා ආවේ.. "
කියලා ටිකක් සද්දෙට කිව්වේ එහාට වෙන්න හිටිය සෙට් එකටත් ඇහෙන්න..
" ඒක තමා කියන්නේ දිනලම වරෙන් කියලා.. පේනවනේ අර ගල් බනිසෝ ටික බලාගෙන ඉන්නේ මොකක් හරි ඇදයක් කියන්න.. මේ පාරනම් මුකුත් කියන් එන්න එපා බිඟුනයෝ උන්ට ගහන ගමන් උඹටත් ගහනවා මම.. බලපන්කෝ අර ඉමාෂයා ආව වෙලාවේ ඉදන් උගේ ඇත්තෙත් නැති කොණ්ඩේ හැදුවා සිය පාරක් විතර.. සුදු තාත්ති.. ඔයත් හදන්න අනේ කොණ්ඩේ එකපාරක් බලන් ඉන්න නංගිලා ටිකව කලන්තේ දාන්න.. "
එයාලගෙ දිහා බලන් ඉන්න ගෑණු ළමයි ටිකට පේන්න මිනූෂ යාෂ්ට කොණ්ඩේ හදන්න කිව්වත් යාෂ් ඒක ගානට නොගෙන අතකුත් සාක්කුවට දාගෙන ෆෝන් එකට ඔළුව ඔබාගෙන හිටියා..
" උඹලා අදත් පටන් ගන්නද යන්නේ.. රන්දුනු අන්න උඹට කතා කරනවා.. "
" ඕකේ.. එහෙනම් සාමයේ පුතා කැපුනා.. මැච් එක දින්නට පස්සේ හම්බෙමු.. "
බිඟුන් ග්‍රවුන්ඩ් එකේ ඉදන් රන්දුනුට කතා කරන පිරිමි ළමයව පෙන්නුවම රන්දුනු සෙට් එකටම යනවා කියාගෙන ස්ටේඩියම් එකෙන් පහළට ගියා..
රන්දුනු පහළට යනවත් එක්කම රන්දුනුගෙ සෙට් එකට ටිකක් එහාට වෙන්න හිටිය සෙට් එකේ ඉමාෂ එයාලගේ සෙට් එකෙන් ක්‍රිකට් ටීම් එකෙන් ඉන්න ශ්වේත්ව පෙන්නලා
" ඔන්න බලපන් අද මැච් එක දිනන්නේ අපෙ වේතෙයා නිසා.. "
කිව්වේ අනිත් සෙට් එකට ඇහෙන්න..
" ආ බං දැන් එතකොට මැච් වල බෝල් කරාම විතරක් ඇද්ද බැට් කරන්න ඕන නැද්ද.. "
කියලා මිනූෂ ඇහුවම ඒකට නක්කලේට වගේ අනිත් සෙට් එකට හිනාවෙලා උත්තර දුන්නෙ මිගාර..
" මොළේ නැතිකම බං ඔය ප්‍රදර්ශනය කරන්නේ.. "
" කාගෙද හුත්තෝ මොළේ නැත්තේ.. "
මිගාර කිව්ව කතාවට තෙනුල් මිගාරට බැනගෙන මිගාර ළඟට එද්දී තෙනුල්ලගේ සෙට් එකේ අනුජ තෙනුල්ව ආයෙත් හිටිය තැනටම ඇදලා ගත්තා..
" ඇයි උඹේ සද්දේ මොකද ආ... අයින්නේ තොට ස්ටේඩියම් එකෙන් එහාට විසික් වෙන්න බේසිකයා.. "
" උඹලා එක්ක රණ්ඩු වෙන්න ආවේ නෑ මිගාර.. ප්‍රශ්න නොදා ඉදපන්.. "
" ඇත්තදූ.. දැන් මූ වලියක් දාගන්න නෙවෙයිද ආවේ.. ඒ අනුජ.. උඹේ ඇස් දෙක පොට්ටනම් වරෙන් කන්ණාඩි දෙකක් අරන් දෙන්න.. මේ මැච් එක බලන්න ආවනම් මැච් එක බලන් ඉදපල්ලා සාපයක් නොවී.. "
" ඇති බං රණ්ඩු නොකර මැච් එක බලපන්.. "
බිඟුන්, අනුජට බැන බැන හිටිය මිගාරව ග්‍රවුන්ඩ් එක පැත්තට හරවන ගමන් රණ්ඩු නොකර ඉන්න කියද්දී හැම රණ්ඩුවකම සාමවිනිසුරු වෙන බිඟුන්ට ඔරවපු මිනූෂ අනිත් පැත්ත හැරෙද්දී දැක්කේ එයාලගෙ සද්දේ නිසා සෙන්ට්‍රල් එකේ කොල්ලො ටික එයාලගේ පැත්ත බලන් ඉන්නවා කියලා.. ඒ අතර හිටිය අලුත් මූණවුන ප්‍රාතිහට මිනූෂ හිනාවෙලා අතවැනුවම ප්‍රාතිහ ඉක්මනින් ග්‍රවුන්ඩ් එක දිහා බලා ගත්තේ මිනූෂව නොදැක්ක ගානට..
.
.
.
~~see you after the next pit stop~~

![Werewolf Hollow [GALATEA DATE TBA]](https://cdn-gcs.inkitt.com/vertical_storycovers/ipad_76bbf380fa2e8dc2f70694197487ab81.jpg)






