Customize readability
Aa

Flemingo Street

All Rights Reserved ©

Summary

Diron Ashford ♡ Nehar Greystone "මොකෙක්ද ඕයි තමුන්?" " මං මොකෙක් වුණත්, තමුන්ට ඒකෙන් වැඩක් නෑ!!"

Status
1yr ago
Chapters
1
Rating
n/a
Age Rating
16+

Chapter 1

" ඩැඩා මගේ වොලට් එක. "

" වොලට් ඕනි නෑ... පොකට් මනී විදිහට පපා දුන්න ටික ඇති නේ. "

" ආශ්... ඩැඩා ප්ලීස්.... මට ලේට් වෙනවා... මගේ කාඩ් එකත් ගත්තා නේ ඔයාලා. "

" කියන දේ අහන්න චූටී පුතා. ලේට් වෙනවා නම් දැන් යන්න කාර් ඒකෙන් බැහැලා. මටත් කම්පැනි එකට යන්න පරක්කු වෙනවා. "

" What the F#ck.... "

ඩැඩාත් එක්ක තරහින්ම කාර් එකෙන් බැහැපු මං සුපුරුදු පරිදි ෆ්ලිමින්ගෝ ස්ට්‍රීට් එක පැත්තට ඇවිදගෙන ගියේ හිඟන්නෙක් වගේ. ගිය සතියේ බයික් එකේ ගැම්මෙන් ඇවිත් කෝලේජ් එක ඉස්සරහින්ම බැහැපු මං, අද ඉතින් හෙමීට ගාටන ගමන් ස්ට්‍රීට් එක දිගේ ඇවිදගෙන යද්දී, වෙනදාට මං දිහා හොර ඇහින් බලන කෙල්ලොත්, බල්ලෙක් දිහා බලනවා වගේ වපර ඇහින් බලනවා මට එහෙන් මෙහෙන් පෙනුනා.

" ඒ ඩිරෝ....."

කොලේජ් එක පැත්තට ඒ විදිහට ඇවිදගෙන යන අතරේ මට ඇහුනේ අපේ නියෝගේ කටහඬ. නියෝ කියන්නේ ඉතින් මේ කෝලේජ් එකේ ඉන්න මගේ හොඳම පාප මිත්‍රයා. මොකද මූ මං කරන එක බලු වැඩකටවත් සපෝර්ට් කරන්නේ නෑ. මූ සපෝර්ට් කරන්නේ මගේ ස්ටඩීස්වලට විතරයි. ඒකයි ඌ මගේ පාප මිත්‍රයා වෙලා තියෙන්නේ.

" කෝ බල්ලෝ උඹේ වන්ඩිය. "

" ඒවා රාජසන්තක වුණා. "

නියෝත් ආපු ගමන් මගෙන් එහෙම අහද්දී මට හිතුනේ පොළව පලාගෙන යන්න. මොනවා කරන්නද ඊයේ ඉතින් අපේ ලව් බර්ඩ්ස්ලා දෙන්නම එකතු වෙලා ගත්ත තීරණේට මට ඔලුව නමලා එකඟ වෙන්න වුණා. එහෙම නැත්තම් එයාලා හැදුවේ මගේ නයිට් ක්ලබ් ගමනත් කැන්සල් කරන්න.

" ඇල්ෆ්‍රඩ් අන්කලුයි, බ්‍රයන් අංකලුයි එකතු වෙලා එහෙනම් උඹට පනිෂ්මන්ට් එක දීලා ඈ..... අනේ හොඳයි."

" උඹ නම් ඉතින්, අපේ පපාට යි, ඩැඩීටමයි ගැලපෙන්නේ. "

" ආයෙත් අහලා. ඉතින් යකෝ තාත්තලා විදිහට ඒ දෙන්නා ඒ තීරණේ ගත්තේ උඹ ගැන හිතලා. නැත්තම් ඉතින් කවුද කැමති හැම රෑකම තමන්ගේ පුතා අඩු කඩාගෙන, ලේ පෙරාගෙන ගෙදර එනවට. "

" ඔය කතාව ඇති. මාව අවුස්සන්න හදන්න එපා නියෝ."

නියෝ එක දිගට එහෙම කියවගෙන යන අතරේ මතක් කළේ , මගේ පනිෂ්මන්ට් එකට හේතුව. සතියක් ගෙදර ඉඳලා, දේශනා අහලා, ඒ හේතුව යටි හිතේ තියාගෙන බොහොම අමාරුවෙන් මාව පාලනය කරගෙන ඉන්නකොට, ඒ දේ ආපහු මගේ උඩු හිතට ඇවිත් සෙල්ලම් කරනවාට මං කැමැති නැති නිසාම, නියෝ ට එහෙම කියපු මං නියෝවත් පහු කරගෙන කෙලින්ම කොලේජ් එක ඇතුළටම ආවා.

" අයියෝ.... ඒ ඩිරෝ... හිටපං. "

නියෝ ඒත් එක්කම මගේ පස්සෙන්ම ආවත්, මට ආපහු හැරිලා බලන්න වුවමනාවක් තිබුණේ නෑ. ඉස්සරහට හම්බෙන කිසි කෙනෙක්ගේ මූණක්වත් බලපු නැති මං, කොලේජ් එකේ අපේ ඇකඩමි එකේ කොරිඩෝ එකට ආවම, මං දැක්කෙ කොරිඩෝ එක අයිනේම ඉන්න හුරු පුරුදු මූණු දෙකක්.

" අඩෝ හිටපං යකෝ...... "

ඒ මූණු දෙක දැක්ක ගමන් මේ වෙනකං මගේ යටි හිතේ තිබුණු තරහ මගේ මුළු ඇඟේම උඩු දුවනවා දැනෙද්දී, නියෝ ඇවිත්, මගේ කෝට් එකේ කොලර් එකෙන් ඇද්ද පාරට මං පියවි සිහියට ආවා.

" උඹට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ නේ. මොකද දැන් මේ යකෙක් දැක්කා වගේ. "

නියෝත් ඇවිත් මගෙන් එහෙම අහද්දී, මං නියෝට දුන්නෙත් පිච්චිලා අළු වෙලා යන බැල්මක්.

" යකෝ.. ඒ බං.... ප්ලීස්... යමං යන්න ලෙක්චර් හෝල් එකට. උඹට මෙතන කතාවක් නෑ නේ. "

" මට මෙතන කතාවක් නෑ. ඔව්. ඇත්ත."

" ඉතින් යමං බං කතාවක් නැත්තම්. "

කොරිඩෝ එක අයිනේම අත් අල්ලගෙන දැවටෙන ඒ මූණු දෙක දිහා බලාගෙන, කට වහගෙන යන්න මට හිත දුන්නේ නැතත්, මට එහෙම කරන්න සිද්ධ වුණේ දැන් ඒ අයිතිය මට නැති නිසා.

" බේබී ගර්ල්..... සමහරුන්ගේ මහා ලොකු කටවල් අද වැහිලා නේ. "

කටවහගෙන යන්නම් කියලා හිතුවත්, මට ඇහෙන ඒ වචනවලට මගේ මුළු ඇඟම රත් වෙද්දී, මං කෙලින්ම අඩිය තිබ්බේ, ඒ පැත්තට.

" නෙවිල් ග්‍රේස්ටෝන්..... කියන දෙයක් ඇවිත් මගේ මූණට කියනවා. "

ඒ ඇස් දිහා බලාගෙනම මං බැනගෙන යද්දී, ඌ කළේ, මගේ ඇස් දිහා බලාගෙන හිනා වුණු එක. ඒ හිනා වෙනකොටත් උගේ අත තිබුණේ, මගේ කෙල්ලගේ අත් අතරට මැදි වෙලා.

" ඩිරෝන්...... අපේ ගනුදෙනුව මෙතනින් ඉවරයි ම්ම්..... ඒ නිසා උඹ මෙතනින් පලයං.. "

" යන්න තිබුණා, උඹ මගේ ඉස්සරහට ඇවිත් කියන්න ඕනි දේවල් කොන්දක් පණක් නැති එකෙක් වගේ මට ඇහෙන නෑහෙන ගානට මුමුණන්නේ නැත්තම්. "

" මගේ බේබීත් එක්ක ගෙවන ටයිම් එකෙන් විනාඩියක්වත් මං එයාගේ එක්ස් වෙනුවෙන් අපතේ යවන්න කැමති නෑ ම්ම්...... අනික මතක තියාගන්නවා තමුසේ කොහොම කට ගහගෙන ආවත්, මං තමුන්ගේ සීනියර්."

" පුහ්... සීනියර් කියලා ගරු කිරීමක් කවදාවත් උඹට මගෙන් හම්බෙන්නේ නෑ. අනික මං, කවදාවත් උඹ වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒවා පදින්න කාලේ වෙන් කරන්නෙත් නෑ."

" මොකක්ද යකෝ තෝ ඒ කිව්වේ ? "

" අනේ නෙවිල් ඕක නතර කරගන්න. අපි යමු...ප්ලීස්..."

මං අන්තිමේට කියපු දේ නිසා , පිස්සු බල්ලෙක් වගේ ඇස් රතු කරගත්ත ඌ මගේ කොලර් එකෙන් අදිනකොට, ලීසා ඇවිත් උගේ ඇඟේ දැවටෙද්දී මට දැනුනේ මගේ ඇස්වල කටු අනිනවා වගේ හැඟීමක්.

" නෙවිල්... අයියේ ඕක නතර කරපං..... මූ අදයි කොලේජ් එකට ආවේ. ආපහු මූට ගෙදර ඉන්න මං ඉඩ තියන්නේ නෑ."

ඒත් එක්කම මේ වෙනකං මෙතන අඩුවට හිටපු නියෝත් ඇවිත්, නෙවිල් ට එහෙම කියද්දී, ඌ මගේ කොලර් එක අතඇරලා දැම්මේ සමච්චල් හිනාවක් මට දෙන ගමන්.

" මූට කියපං එහෙනම්, මාත් එක්ක හැප්පෙන්න එන්න එපා කියලා. "

නියෝ ළඟට ඇවිත්, එහෙම කියපු නෙවිල් අන්තිමේට ලීසාගේ අතින් ඇදගෙන කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යද්දී, ඒ දිහා තවත් බලාගෙන ඉන්න බැරිම තැන, ලෙක්චර් හෝල් එක ඇතුළට ආවේ හිත ඇතුළේ පුපුරු ගහන තරම් කේන්තියෙන්.

Let Miracle girl know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog