හසංගනා

All Rights Reserved ©

Summary

මට හීන ගේන අංගනාවී පෙරදාක ඇයිද නාවේ නොකියා කියූ දේ තේරුණා.... ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැඳීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා.... මං නුඹෙ නෙත් මානෙම ඉන්නම් මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්... මෙ'හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම් නුඹ එනකන් මොහොතක් මා මෙ'හිඳින්නම්...... ඒක මහ අමුතුම හැඟීමක්...අදටත් ඈව මතක් වෙද්දි හිත මිහිරියාවකින් පිරිලා යනවා....අහුමුලු වලින් එබිලා මට කෝලං කරපු මගෙ ආදරී..... හසංගනා . . . . . . හැංඟි හැංඟි කෝලං කරාපු ආදරේට මං තාමත් ලෝභයි හසංගනා.... අදටත් මේ හුස්මෙත් උඹ නැති තැනක් හොයන්න බැරි තරං.... _මියුරු_ ආදරේ කියලා දුන්නෙ ලෝභ නැතුවම ඔය පපුවනෙ මියුරු.....ආයෙ කාටවත් ලියලා දෙන්නෙපා...මං තාමත් ආදරෙයිනෙ.... _හසංගනා_ . . . . . . . 🚫Do not copy🚫

Status
Ongoing
Chapters
21
Rating
n/a
Age Rating
18+

Chapter 1


"කවදාවත් වේලාසනක යන්නෙ නෑ මේ ළමයා...කොච්චර උදෙන් නැගිට්ටත් ඔච්චර තමයි..."

මං අම්මා කවන කවන බත් කටට කට ඇර ඇර දුවන ගමන් ලේස්ති වුණා....වෙලාව අටයි තිස් පහයි....ඔෆිස් එකට නවය වෙද්දි යන්නෝනා....අද වේලාසනින් නැගිටලත් මෙච්චර මේ පරක්කු.....ඒකයි ඔය අම්මත් කෑ ගහන්නෙ...මොනා කරන්නද ඉතිං..හිතලා කලායෑ....

"හරි ගිහිං එන්නං... පරිස්සමින් ඉන්න මං එනකං "

අම්මගෙ නලළටත් හාද්දක් තියලා මං ඔෆිස් එන්න එළියට බැස්සා...බයික් එකෙං විනාඩි පහේ ගමන ඉතිං....මං යතුර දාලා බයික් එක ස්ටාට් කරා....

මියුරු නිකේශලා....ඒ තමයි මම....අම්මා එක්ක තනියම ජීවත් වෙන සාමාන්‍ය පවුලක සාමාන්‍ය මනුස්සයෙක්....ආදර කතා , පෙම් හසුන් ප්‍රතික්ෂේපිත ජීවිතයක් අරං යන, ටවුන් එකේ පිළිගත්ත ආයතනෙක සැළකිය යුතු වැටුපක් ගන්න රස්සාවක් කරං යන පාඩුවෙ ඉන්න කෙනෙක්...

ටවුන් එක මැද හතරමං හන්දියෙ තට්ටු තුනේ බිල්ඩින් එකක උඩම තට්ටුවෙ තමයි මං කාලෙ ගෙවන්නෙ....මේක මහා පරිමාණෙන්ම කරන් යන ශොපින් මෝල් එකක්.....අයියලා මල්ලිලා කිහිප දෙන්නෙක්ට අයිති ලොකු බිස්නස් එකක්....මේ ශොපින් මෝල් එක එක්ක,තව එළවලු බිස්නස්,හොටෙල් එකක් ඇරුණම ටවුන් එකේ අනිත් පැත්තෙත් මේ වගේම තව ශොපින් මෝල් එකක් එක්ක සුප මාකට් එකකුත් මෙයාලට අයිතියි.... සෙනල්ක දළුගොඩ කියන්නෙ, අයියලා මල්ලිලා ගෙන් බාලයා.... මං ඉන්න සෙක්ෂන් එකේ හෙඩ්.....මං, එහෙම නැත්තං මියුරු තමයි එයාගෙ ඇසිස්ටන්....ඒකත් මරු..... ඩයල් එක මැරි කරලා බබාලා තුන් දෙනෙක් ඉන්නවා...මං ජොබ් එකට ඇවිත් දැනට අවුරුදු තුනක්.....ඒක නිසා පොරට මාව ශූවර් කියලා කියන්න පුලූවන් තරමට තැනක් මං හදාගෙන තිබ්බා.....

ලේසි නෑ,වැඩ කරන්න ගත්තම වැඩම තමයි.....මං ඔෆිස් එකේ හැමදේම ගැන බලන්න ඕනා නිසා,පොඩිම දෙයක් හරි මිස් වුනොත් ඒකෙ වගකීමත් එන්නෙ මට නිසා, මේක සෑහෙන්න කට්ටක් කන්න ඕන රස්සාවක්....ඒත් ඉතිං කරගෙන යනවා....ජීවිතේ කියන්නෙම එක්තරා කට්ටක්නෙ....

"නෑ නෑ ඔයා කාගිල්ස් එක ඉස්සරහ ඉන්නකො සාවී...මගෙ ඔෆිස් එකේ වැඩ කරන ළමයා එයි ඔයාව ගන්න..."

මං අතේ තිබ්බ ෆයිල් ගොඩ මගෙ මේසෙ උඩට අතෑරලා සර් ගාවට ගියා....

"මියුරු,අපෙ අක්කගෙ දූ ඇවිත් ඇති කාගිල්ස් එක ඉස්සරහ..මගෙ කා එක අරං ගිහින් ඔයා එයාව එක්කං එන්න ඕන දැන්...පුලුවන් නේද...?"

"පුලුවන් සර්...මට එයාව අඳුන ගන්න විදියක් කිව්වා නං හරි..."

"ආ..තව පොඩ්ඩෙන්,ඒ නංගි ගෙ කොණ්ඩෙ දිගයි බළල් ඇස් තියෙන්නෙ, ඔහොම ඉන්නකො,මේ නම්බරෙත් අරං යන්න..."

සර්ගෙ කාර් එකේ යතුරත් අරං සර් දීපු ෆෝන් නම්බරෙත් ෆෝන් එකට දාන් මං පහළට ආවා...ඒ ටිකකින් මං උන්නෙ කාගිල්ස් එක ඉස්සරහ..

හැඩහුරුව කිව්වට නම අහගන්න බැරි වුනානෙ...මං වාහනේ ස්ලෝ කරලා අයිනෙන් නවත්තගෙන පොඩ්ඩක් වටේට ඇහැ දාලා බැලුවා...ඉස්සරහ ඉන්නවා සර් කිව්ව ටයිප් එකේ කෙල්ලක්...

"මිස් දළුගොඩ සර් -"

"මේ මියුරූ ද..?"

"ආහ් ඔව් .."

මං බැහැලා වටෙන් ගිහින් පිටිපස්සෙ දොර ඇරලා දුන්නා....බොරු කියන්න වැඩක් නෑ...පට්ටම හැඩයි....දිග කොණ්ඩෙ බළල් ඇස්,සුදු හම....ඒ ලස්සන ඇස් කොණිං බලං මං ශර්ට් එකේ අත් දෙක වැලමිට ගාවට නවාගත්තා...ඒ රූපෙට පූලුවන් මනුස්සයෙක් නැත්තට නැති කරන්න....හැබැයි මේ මියුරූ නෙවෙ....එක පාරක් බලලා මං අහක බලා ගත්තා....ඕවා බලන්න ගිහින් ජොබ් එකට කෙල වුනොත් අපෙ අම්මා මාව ගෙදරිනුත් පුපට පයින් ගහලා පන්නයි....එච්චර හොඳ වාසනාවක් මට තියෙන්නෙ....

එන අතරෙ මං නොදැනෙන්න දෙතුන් පාරක් කෙල්ල දිහා බැලුවත් කෙල්ල අහක බලං හිටියා මිස මීක් සද්දයක් නෑ.....මොකක් හරි අවුලකද මන්දා....කල්පනා කරනවා ඉවරයක් නෑ....මං ඇවිත් ඔෆිස් එක ලඟ කා එක නතර කරාටවත් එයාට දැනුනෙ නෑ...

"මිස් අපි ආවා...."

ඒත් එයාට වගක් නෑ...මං එහෙමම ඉඳගෙන බලං හිටියෙ එයා පියවි සිහියට එනකන්....කා එක පාකින් එකට දාලා නවත්තලා මං යතුරත් අරං ශීට් බෙල්ට් එකත් ගලවලා එයා දිහා බලද්දි ඒත් කොහෙදෝ ලෝකෙක අතරමං වෙලා....මට මෙහෙම දාලා යන්නත් බෑ,කතා කරාට මේ කෙල්ලට ගානකුත් නෑ....මොනෝත්තක් කරන්නද කියලා හිතා ගන්න බෑ....ඕන එකක් වෙන්න කියලා මං දොර ඇරං එළියට බැස්සා....එළියට බැහැලා එයාගෙ පැත්තෙන් දොර ඇරලා ඇතුලට එබෙද්දි ඔන්න මං දිහා බැලුවා..

ඇස් උස්සලා මං දිහා බලද්දියි දැක්කෙ...බළල් ඇස් වල කඳුලු ඉතිරිලා වැටෙන්න ඔන්න මෙන්න.... අහන්නත් බෑ...ඒ වුනාට දැක්කෙ නෑ වගේ ඉන්නත් බෑ...

"මිස් තනියම මෙතන තියලා යන්න බෑ...අපි උඩට යමුද..?"

"...."

කෙල්ල කඳුලු පිහගෙන බිම බලං හිටියා මිසක් මට උත්තර දුන් නෑ...

"මං සර්ට කෝල් එකක් දාලා අහන්නද මිස්...?"

"ම්හ් නෑ මං එන්නං...."

එයා එළියට ආවම දොර වහලා ලොක් කරලා ඔෆිස් ට්‍රවුස එකෙ සාක්කු වලට අත් දෙක ඔබාගෙන මං ඉස්සර වුනා...මට ඇස් කොණෙන් පේනවා එයා මගෙ පස්සෙන් එනවා....මොකක් හරි අවුලක ඉන්නෙ කෙල්ල....මට ආගන්තුක ලෝභ කමක් එයා ගැන දැනුණා....ඒත් කරන්න දෙයක් නෑ..මට එයාට විසඳුමක් දෙන්න විදියක් නෑනෙ....මං කවුරු කියලා ඒවට මැදිහත් වෙන්නද...

"සර්..."

"කමින්"

සර් අපි යද්දි හිනා වුනා...

"තෑන්ක්ස් මියුරු....ලොකු උදව්වක් කලෙ..."

"එහෙම නං මං යන්නං සර්..?"

"හරි මියුරු...මේ ෆයිල් ටික අසේකාගෙ...එයාට දීගෙනම යන්න..."

මං ෆයිල් දෙකතුනත් අරං එළියට ආවෙ අර බළල් ඇස් අයිතිකාරි දිහාත් බලාගෙනම...එයා හරි නිහඬයි....මං යද්දි මං දිහා බැලුවට හිනා වුන් නෑ....මං වුනත් හිනා වුනේ නෑ ඉතිං....ලස්සන ඇස් දැක්කම හිනා වෙන්න මතක් වුන් නෑ...ඇත්තමයි....

එදා ගෙදර ආවත් මට ඒ බළල් ඇස් අයිතිකාරිව මතක් වුනා....එයා ඇයි දුකින් හිටියෙ කියලා හිත වද දෙන්න ගත්තා....

මගෙ මුරණ්ඩු හිතට ඕන කලේම ඒ අඬපු ඇස් සනසන්න වෙද්දි හිතට තරවටු කරලා අගුලු දාන්න මට සිද්ද වුනා...

ආයෙ හමුවෙයිද කියලා දැනන් හිටියෙ නෑ.....ඒ නිසා මං එදා රෑ නින්දට කලින් ඒ ඇස් වලින් සමු ගත්තා....මොකද කියනවා නං, එයාට සමු දෙනකන්ම නින්ද වුණත් කැමති වුනේ නෑ මං ලඟට එන්න.......

.

.

.

.

.

.

.

.