Customize readability
Aa

EIGHT

All Rights Reserved ©

Summary

අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ...

Genre
Lgbtq
Author
Leora den
Status
1yr ago
Chapters
3
Rating
n/a
Age Rating
18+

Chapter 1


මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.

"හිතුවට වඩා හොදට වැඩෙ ගියානෙ බන්..."

"ගියා පකක්...මගෙ ඇස් දෙකෙන්ම දැක්කා ඌ එ වෙලෙ වයර් එක ගලවනවා...තො ඇස් කටෙ තියන් හිටියට මම එහෙම ඉන්නෙ නැ..."

"ඔහොම කියන්නෙපා බන්...උගෙ අතින් මිස්ටේක් එකක් වෙන්න ඇත්තෙ..."

"උබට කියලා වැඩැක් නැ ලියාත්‍ර...එක ඇඩ්වයිස් එකක් දෙන්නම්, උ එක්ක ඉද්දි පරිස්සමින්..."

"ම්ම්...බලම්- ටහුක්...ශිට්...ඇස් කටෙ තියාගෙනද මන්දා යන්නෙ..."

ලියාත්‍ර කතා කරලා ඉවර කරන්නත් කලින් එතනින් කලබලෙන් දුවගෙන ගිය කොල්ලෙක් ලියාත්‍රගෙ අතේ තිබ්බ බෑග් එකත් බිම වට්ටගෙනම ලියාත්‍රගෙ ඇගෙ වැදීගෙන දිව්වා...

"හුත්තො...බෑග් එක...අනෙ මගෙ බෝතලෙ..."

ලියාත්‍රගෙ අතින් වැටුන බෑග් එක දිහාවට කෑ ගහගෙනම කලබලෙන් වගෙ දුවගෙන ආපු තෙහස් සැනකින් බිම තිබ්බ බෑග් එක අරගෙන ඇරලා බැලුවෙ ඇතුලෙ තිබ්බ jack daniel's එක තාම යහතින්ද බලන්න.

"අම්මො මයෙ අම්මා...තාම පණ තියෙනවා...තාත්තගෙ පපුවත් මොකක්ද උනා රත්තරන්...උබලැගෙ අප්පච්චිට ළමයගෙ අගේ නෑනෙ...නැත්තම් එහෙම බිම වැටෙන්න දෙයිද..."

තෙහස් බෝතලෙත් අතෙ තියාගෙන පොඩි එකෙක් හුරතල් කරනවා වගෙ බෝතලෙ ඉබ ඉබ නටන නාඩගම දිහා ලියාත්‍ර බලාගෙන හිටියෙ කටත් ඇද කරගෙන.

"ළමයට කිරි දීලා ඉවර නම් යමන්ද ? "

"ඉවරයි යමන්...හැබැයි ළමයා කිරි දෙද්දි වරෙන්කො කිරි ඉල්ලන්..."

ලියාත්‍ර හෙන උපහාසාත්මක බැල්මක් දීලා තෙහස් දිහා බලලා ඇහුවම තෙහසුත් ලියාත්‍රට බැන බැනම බෝතලෙ ආයෙත් බෑග් එකට දාගෙන ලියාත්‍රගෙ උරහිසෙ වැදීගෙනම ඉස්සරහට ඇදුනා...තෙහස් යන දිහා නක්කල් හිනාවකුත් ඇදගෙන ටික වෙලාවක් බලාගෙන හිටිය ලියාත්‍රත් අඩියට දෙකට තෙහස්ගෙ එහා පැත්තට සෙට් උනා...

ටිකකින් දෙන්නත් එක්කම කාර් එකට නැගලා මහ රෑම ඇද්දුවෙ honey beach එකට...

"තෙහස්...අරුන් ටික ඇවිල්ලද ඉන්නෙ ? "

"ඔව් ඔව්...උන් show එක ඉවර උන වෙලේම වගෙ ආවා..."

"අඩො instrument ටික..."

"අහ්...ඒ ටික දෙනුවන් studio එකට යැව්වා..."

"ම්ම්..."

ටිකකින් දෙන්නත් එකම පොට් එකට ආවම එයාලව පිලිගන්න වගෙ එතන තව 5 දෙනෙක් හිටියා...ඉතින් එ වෙන කවුරුත් නෙමෙ බෑන්ඩ් එකෙ ඉතුරු සෙට් එක...ඔව් කලින් කිව්වා වගෙ කට්ටිය මෙ ඉන්නෙ show එකක් ඉවර කරලා...බෑන්ඩ් එකෙ ලීඩර් උනෙ ලියාත්‍ර...කට්ටියට මේක විශේශ අවස්තාවක් මොකද මේක තමයි එයාලගෙ පළවෙනිම ශෝ එක උනෙ...හිතුවටත් වඩා සෙනගක් වගෙම...පොඩි පොඩි අඩුපාඩු මැද්දෙ උනත් වැඩේ හිතුවට වඩා හොදට ගිය නිසා කට්ටියම හිටියෙ හැපි එකෙ...ඒත් තෙහස්ට නම් ලොකු සතුටක් නැ වගෙ...

"ඔන්න ඔයාලගෙ සිහින කුමාරයා ආවා..."

තෙහස් සුපුරුදු විදියට අමුතු ඇක්ශන් දෙක තුනකුත් දාගෙනම ඇවිල්ලා ඉදගත්තා...ලියාත්‍රත් ඒක දිහා බලාගෙන කට කොනෙ ඇදුන හිනාවත් එක්කම ටේබල් එකෙ ඉදගත්තා...ටිකකින් කට්ටිය එක්කම කන්නයි බොන්නයි කෑමත් ඕඩර් කරලා ශෝ එක ගැන බර සාකච්චාවකට වැටුනා...

"අහපල්ලකො...උබලගෙ එකෙක් හරිවත් දැක්කද අද අර නෙවාන් කරපු වැඩෙ..."

ඉදගත්ත ගමන්ම වගෙ තෙහස් ඇදලා ගත්තෙ කලින් ලියාත්‍ර එක්ක කතා කරලා විසදගන්න බැරි වුන මග නැවතුන ප්‍රශ්නෙ...

"අර වයර් එකෙ සීන් එකනෙ..."

ඒත් එක්කම හරින් කතා කරා...

"අන්න ඒක තමයි...උබ ඒක දැක්කද හරින්...උබ කියන්නෙත් ඒක මිස්ටේක් එකක් කියලද ? උබටමයි ඒ වැඩෙ නිසා හරියට ගිටාර් එක ප්ලේ කරන්නත් බැරි උනේ...සවුන්ඩ් ඔක්කොම නැවතුනා ඒක නිසා...තව ටිකක් ඕක එහා මෙහා උනානම් අද අපෙ පළවෙනි සහ අන්තිම ශෝ එක වෙනවා...ඒ චූටි වෙලාවෙත් දැක්කනෙ ඕඩියන්ස් එක හූ තිබ්බ හැටි..."

ඉතින් තෙහස්ගෙ මෙ වචන එකක්වත් නිවිල නම් නෑ...හිත ඇතුලෙ පුපුරන තරහක් එක්ක තෙහස් මෙ කතා කරන්නෙ කියලනම් හැමෝටම නොතේරෙනව නෙමෙයි.

"ඒක මිස්ටේක් එකක් කියන්න බෑනෙ බන්...අනික ඔය අස්සක වයර් එකක් unplug කරන්න උවමනාවක් නැනෙ ශෝ එක මැද්දෙ...කොහොමත් මාත් මුල ඉදන් කිව්වනෙ ඔය පගයව මට අල්ලන්නෙ නැ කියල..."

තෙහස්ටම කැපෙන වචන ටිකක් එක්ක හරින් තෙහස්ගෙ පැත්තට කතා කරාම තෙහස් කෙලින්ම නෝන්ජල් හිනාවක් එක්ක බැලුවෙ ලියාත්‍ර දිහා...ලියාත්‍ර මුකුත් නොකියා ලග තිබ්බ බෝතලෙ අරන් ඒකෙන් වයින් ටිකක් වීදුරුවට වක් කරගෙන ග්ලාස් එක කරකව කරකව හිටියා...ඒත් එක්කම වගෙ ලියාත්‍රත් ටිකකින් හඩ අවදි කරෙ හැමෝම මෙ වෙලෙ එයාගෙන් මේකට උත්තරයක් බලාපොරොත්තු වෙන බව දන්න නිසා...

"බලමුකො ඉස්සරහට...කොහොමත් දැන්ම මට උට මුකුත් කරන්න බැ...උබලා දන්නවා ඇමති එක්ක උ සෙට් නිසා අද අපිට මෙතන ශෝ එක කරන්න චාන්ස් එක ඇදලා දුන්නෙ ඌ...දැන්මම ඒක නිසා මට මුකුත් කරන්න බැහ්...අපි තව ටිකක් බලමු..."

ලියාත්‍රගෙනම් කිසිම කලබලයක් නැ...හරිම සැහැල්ලු විදියට වචන ටික අතැරලා දැම්මෙ...ඒත් එ වචන වල කිසි බරක් තිබුනෙ නැති උනාට ලියාත්‍රගෙ හිතේ නම් ලොකු බරක් තියෙනව කියන්න හැමෝටම තේරුනෙ නලලත් රැලි කරන් ග්ලාස් එක දිහාම එක දිගට ලියාත්‍ර බලාගෙන හිටිය බැල්ම නිසා...

"අපරාදෙ ඕන ලබ්බක් කියලා ඕකගෙන් උදව් නොගෙන ඉන්න තිබ්බෙ...දැන් උට දීගෙන ඉන්නද වෙන්නෙ අපිට..."

තෙහස් තිබ්බ තරහටම ග්ලාස් එකටවත් වක් කරගන්නෙ නැතුව බෝතලෙ පිටින්ම උගුරු දෙකක් ගහලා දැම්මා...තෙහස් කියපු එකට ලියාත්‍ර ඔලුව උස්සලා හැමෝටම ඇහෙන්න නක්කල් හිනාවක් දැම්මා...හිනාවෙ තිබ්බ උපහාසාත්මක කමටම තෙහස් ඇස් දෙකත් ලොකු කරගෙන ලියාත්‍ර දිහා බැලුවෙ...

"මොකද දැන් උබ හිනා වෙන්නෙ..."

තෙහස් ප්‍රශ්නෙ ඇහුවත් හරි අනිත් උන් ටිකත් තෙහස්ගෙ උදව්වට වගෙ ඒකම ලියාත්‍රගෙන් ඇහුවා...

"කවුද උගෙන් උදව් ගත්තෙ..."

නක්කල් හිනාවකුත් කටෙ කොනෙ ඇදගෙන ලියාත්‍ර කියන ඒවා දිහා අනිත් උන් ටිකත් ඇස් කන් දල්වගෙන බලාගෙන හිටියෙ...

"මොකක්ද ඒකෙ තේරුම..."

මෙච්චර වෙලා වචනයක්වත් නොකිය හිටපු රුමෙත් ඒ ඇහුවෙ ලියාත්‍රගෙ වචනෙ ඇතුලෙ හැන්ගිලා තිබ්බ කුතුහලේ නිසාමයි...

"අපියි උට උදව් කරෙ...මේක එක අතකට ඩීල් එකක් වගෙ...අද අපිට එන ඉන්කම් එකෙන් 30%ක් උට ඕන කිව්වා...අපිට කොහොමත් ඕන කරෙ අපෙ ශෝ එකට ග්‍රවුන්ඩ් එකක් විතරයි...එක ශෝ එකක් අවුලක් නැතුව ගොඩ දාගත්තා කියන්නෙ අපිට මොකක් හරි ගේමක් ගහගන්න පුලුවන් කියලා මම දන්නවා...ඒක නිසා මම කැමති වුනා...මේක අපෙ බලේට වඩා උගෙ බලේට උන දෙයක්...සමහරවිට අපි මේක තනියෙන් කරානම් අද මෙච්චර සෙනගක් නැති වෙන්න තිබ්බා...මොකද උට ඕන කරෙ සල්ලි...ඌ පුලුවන් තරම් අද ශෝ එක ගැන වටේ යැව්වා ඒක නිසා...ඊටත් උ ලොකු ලොක්කො එක්ක තියෙන සම්බන්දෙ නිසාම වැඩෙ ගොඩ...අපිට කොහොමත් ඕන කරෙ අපෙ බෑන්ඩ් එකෙ නම හදාගන්න...ඉතින් ඒකට මේක මම අවස්තාවක් කර ගත්තා...අපිටත් උවමනාව තිබ්බ එක ඇත්ත...ඒත් මම උට පෙන්නුවෙ අපිට මේක ඕනෙ නැති සීන් එකක්...ඉතින් අන්තිමට උගෙ බලකිරීමට කරා මිසක් අපෙ කැමැත්තට උන දෙයක් නෙමෙ මේක..."

ලියාත්‍ර එයාගෙ නක්කල් හිනාවත් එක්ක ග්ලාස් එකෙ තිබ්බ ශොට් එකත් එහෙමම උගුරෙන් පල්ලෙහට දාගන්න ගමන් පුටුවෙ අත් දෙකත් බැදගෙන හේත්තු උනා...අනිත් උන් ටික තාමත් ලියාත්‍ර දිහා බලාගෙන ඉන්නෙ පුදුමෙන් වගෙ...

"එතකොට...එතකොට...මේක උ බලෙන් දීපු චාන්ස් එකක් වගෙ අපිට...හුහ්...ඇති යන්තම්...මං හිතුවෙ අපි වැදලා ඉල්ලන් වගෙ සීන් එකක් යන්නෙ කියලා...ඌ නෙ බලන් ගියාම දීගෙන ඇවිත් තියෙන්නෙ...දැන් තමයි හිතෙ බරක් නිදහස් උනෙ..."

තෙහස්ට අර තිබ්බ පසුතැවීම එහෙම්මම පයට පෑගුනෙ ලියාත්‍රගෙ මේ කතාව නිසා...නැත්තම් තාමත් නෙවාන්ගෙ අල්ලෙ නැටවුනා වගෙ පසුතැවීමක් තෙහස්ගෙ හිතේ තිබ්බෙ...

කට්ටිය කකා බිබී හිනා වෙවී කියව කියව ඉද්දි එක පාරට දෙනුවන් හඩ බාල කරලා කතා කරන්න ගත්තම කට්ටියම දෙනුවන්ට අවදානෙ දුන්නා...

"ටසිරි...යකො...උබලට අරූව අදුන ගන්න පුලුවන්ද ? "

කට්ටියම දෙනුවන් කා ගැනද මෙ කියන්නෙ කියලා බලන්න පිටිපස්ස හැරෙන්න හදනවත් එක්කම දෙනුවන් ආයෙ හඩ අවදි කරා...

"හුත්තනෙ...එක පාරට බලන්න එපා යකො...උබලට දෙයක් කියන්න බැරි ඕකනෙ...එක එකා හිමින් සැරෙ බලපන්..."

වෙන්න ගිය ලෝක විනාසයක් නැවැත්තුවා වගෙ දෙනුවන් හුස්ම පහළ දාන්න ගත්තෙ...

"මෙ- ඔව් අර කොල්ලා..."

ඒ වචන කැඩුන කටහඩකින් කතා කරෙ ලියාත්‍ර...

"ඔව් කොල්ලෙක් තමයි...කෙල්ලෙක් නෙමෙනෙ...උබ අදුරගත්තද ? "

දෙනුවන් එහෙම ඇහුවම ලියාත්‍ර ඇහිබැමැත් හකුලන් දෙනුවන් දිහා බලලා කතා කරෙ...

"අදුනගත්තද ???? "

ඒත් එක්කම එ කොල්ල දිහා එක එල්ලෙ බලාගෙන හිටිය තෙහසුත් හඩ අවදි කරෙ ඇස් දෙකත් ලොකු කරගෙන...

"යකො ලියාත්‍ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..."

"සිහස්..."

"අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්‍රමරත්න..."

හරින් කොල්ලගෙ නම මතක් කරාම තෙහසුත් ආයෙ ඒ කොල්ලගෙ සම්පූර්ණ නමම කිව්වා...ලියාත්‍රට නම් කිසිම විශේශයක් නැ වගෙ...කට්ටිය සිහස් ගැන බර කදේකට වැටෙද්දි ලියාත්‍ර බලාගෙන හිටියෙ ඒ කිසිම හැගීමක් නැතිව හිස් මූනකින් තමන් ඉස්සරහා තියෙන කඩලවත් නැති වයින් බෝතලයක් දිහා බලගෙන ඉන්න සිහස් දිහා...ටිකකින් බෝතලෙ දිහා බලාගෙන හිටිය සිහස් ජැකට් එකෙන් ෆෝන් එක ඇදලා ගත්තෙ ෆොන් එක වයිබ්‍රේට් උන නිසා...ඔව් තාමත් ලියාත්‍ර සිහස් දිහා බලාගෙන හිටියෙ හොර ඇහ දාගෙන...සිහස් අතට ගත්ත ෆෝන් එක එහෙම්මම ඕෆ් කරලා අර බෝතලෙත් එතනම තියලා කලු උන මූනක් එක්කම පුටුවෙන් නැගිටලා එතනින් යන්න පිටත් උනා...

"අරූ යනවා නේද???"

තෙහස් ලියාත්‍රගෙ උරහිස උඩින් බෙල්ල දික් කරලා සිහස් දිහා බලලා ඇහුවම අනිත් උන් ටිකත් හෙනම අමුතු විදියට සිහස් දිහා බැලුවෙ...හරියට මිනියක් මරලා යන මිනිමරුවෙක් දිහා බලනව වගෙ...ඒකට හේතුවත් සිහස්ගෙ තියෙන ගුප්ත හැසිරීම...සිහස්ව ඇත්තට පළවෙනි පාරට දැක්ක කොල්ලො සෙට් එකටම හිතුනෙ සෝශල් මීඩියා වල ඉන්න සිහස්ට වඩා ඇතුලාන්තයක් සිහස්ගෙ තියෙන බව...

"ම්ම්..."

ලියාත්‍ර ආයෙ හැරිලා වටෙ ඉන්න එයාගෙ යාලුවොන්ට අවදානෙ දුන්නෙ සම්පූර්නෙන්ම සිහස්ව එයාගෙ ඔලුවෙන් අයින් කරලා

"අහ්...වරෙන් වරෙන්...කොල්ලෙක් දිහා බලාගෙන ඉන්නද උබලා මෙතනට ආවෙ..."

ලියාත්‍රගෙ කතාවට පියවි සිහියට ආපු අනිත් උන් ටිකත් ආයෙ සෙට් වෙලා කතා කරන්න ගත්තා...

"අහපන්කො...ආයෙ ළගදිම අපි ශෝ එකක් තියන්න ඕනා...මේක කඩාගන්න බැහැ...අල්ලපු පිම්ම අල්ලගෙනම යන්න ඕනා...මොකද අල්ලපු රස්නෙ නිවිලා යන්න දෙන්න බැහැනෙ..."

ලියාත්‍ර එහෙම කියද්දි කට්ටිය අහන් හිටියත් මොකද ලියාත්‍රටනම් තේරුනා කට්ටියම ඉන්නෙ සම වැදිලා කියලා...මොකද කියපු දේට ලියාත්‍ර බලාපොරොත්තු උන විදිහෙ උත්තරයක් කාගෙන්වත් ලැබුනෙ නෑ....ඒ වෙනුවට,

"අනේ බන්...උබ දන්නවා මම උබට ආදරෙයි...උබලා ඔක්කොටම ආදරෙයි...ඒත්...ලියාත්‍රට වැඩිපුර ආදරෙයි...මොකද මං නැති උනොත් මෙ අහින්සකයා කොහොම කියලා වැඩැක් පලක් කරගන්නද...ඇග තිබ්බට මොකද මොලෙ නැනෙ...මලක් වගෙ මම මූව පරිස්සම් කරන්නෙ දෙයියනෙ...අ-අනේ....ම- මට මැරෙන්න බයයි!!!!...."

ඉතින් හරි...දැන් ඉකි ගහ ගහ අඩන තෙහස්ව නලවන්න පුලුවනුත් ඉතින් ලියාත්‍රටම විතරයි...මේක ඉතින් ලියාත්‍රට අලුත් දෙයක් නෙමෙයි...බීපු වෙලාවට තෙහස් කරන්නෙ බොරු බොරු දේවල් හිතාගෙන අඩන එක...එක වෙලාවකට ලියාත්‍රගෙ හිත උනු උනත් ආයෙ අනිත් පැත්තට හිනා යන්නෙ තෙහස්ගෙ හැසිරීමට...

"ඔයා මැරෙන්නෙ නෑ තෙහස්...අඩන්න එපා..."

"අනේ රත්තරන්....මම මැරුනොත් පරිස්සමෙන් ඉන්න...මේ යාලුවා ඔයාට හරි ආදරෙයි...අනෙ මගෙ මෝඩ යාලුවාට මොනා වෙයිද දෙයියනෙ මම නැති උනොත්...මට මැරෙන්න බෑ!!!!!....."

මෙතන ටිකක් හරි මෙ වෙද්දි සිහිය තිබ්බෙ දෙනුවන්ටයි ලියාත්‍රටයි විතරයි...එහෙන් රනුල් ලක්ශිතව බදාගෙන ලක්ශිතව ඉබිනවා

"අනේ ලක්ශිත...මට කියන්න දෙයක් තියෙනවා..."

මෙච්චර වෙලා සිහියෙන් හිටපු දෙනුවනුයි ලියාත්‍රයිත් ඒ පැත්ත බැලුවෙ මෙච්චර වෙලා ලොකුවට කතා කරපු නැති ඩබල දිහාවට...

"මොකක්ද ඒ ගමන මුන් දෙන්නා නටන්න හදන්නෙ..."

දෙනුවන් මූනත් ප්‍රශ්නාර්තයක් කරගෙන ලියාත්‍රගෙන් ඇහුවම ලියාත්‍ර තොල් නොපිට හරවලා අරහිස් හැකිලුවෙ මෙ රනුල් ගැට ගහගන්න හදන වචන මොනාද කියලා හිතාගන්න බැරුව...

"ල- ලක්-ලක්ශි-..."

"මොකද කෙකර ගාන්නෙ..."

ලක්ශිත එහෙම ඇහුවත් මොකද කොල්ලව නම් රතු වෙලා කියන්න සිහියෙන් ඉන්න අර ඩබලම දැකලා ඉවරයි...

"අනේ ලකී...අපේ ලකී රතු වෙලා..."

වෙරි මතේම ලාවට ඇස් ඇරගෙන අමුතු තාලෙකට තෙහස් ඒ කියපු කතාව නිසාම සිහියෙන් හිටපු ඩබලත් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා...තෙහස්ට නම් සිහියක් නැ...පොඩි එකෙක් වගෙ ඔහෙ දකින දකින දෙ ගැන කියෙව්වා විතරයි...

"තොට අමු කැවිලද ? "

"නැ ඉක්- හැබැයි...ඉක්- අමුවෙන්ම ගහලා ඉන්නෙ..."

ඉක්ක ගහන අස්සෙම තෙහස් අසිහියෙන් උනත් කිව්වෙ ඇත්ත...තෙහස්ගෙත් ඇස් බාගෙටම පිය වෙලා...තෙහස්ගෙ එහා පැත්තෙ හිටිය ලියාත්‍රවත් බදාගෙන පොඩි එකෙක් වගෙ තෙහස් ඇස් පියා ගත්තෙ...

"ලක්ශිත ඔයා මාත් එක්ක කතා කරන්න..."

මෙච්චර වෙලා වෙරි මතෙ ඔලුව බදාගෙන හිටපු රනුල් ආයෙ කතා කරන්න ගත්තා...

"මොකක්ද බන් උබට වෙලා තියෙන්නෙ..."

ලක්ශිත ටිකක් සැරෙන් වගෙ ඇහුවම රනුල් ඔලුව උස්සලා රක්ශිතට රැව්වා...

"අනේ මට දෙයක් කියන්න තියෙනවා..."

ඔන්න ආයෙත් රනුල් පටන් ගත්තා...ලක්ශිත ආයෙ හැටට හැටේ රතු වෙන්න ගත්තා...

"උබට පිස්සු හැදිලද ? දැන් ඔය බිව්වා ඇති යමන් මම උබව ගෙදරින් දාන්නම්..."

"Noo....stop...මට උබට කියන්න දෙයක් තියෙනවා..."

මේ ඩ්‍රාමා එක දිහා ලියාත්‍රයි දෙනුවනුයි බලාගෙන හිටියෙ කටත් ඇරගෙන...

"මොකක්ද දැන් උබට කියන්න තියෙන්නෙ..."

ඉවසන්න බැරිම තැන ඒ ඇහුවෙ දෙනුවන්...

"උබලට මොකටද ඒක..."

ලක්ශිත මොකක්දො මන්දා ආවේගෙකින් අහද්දි දෙනුවනුයි ලියාත්‍රයි මූනට මූන බලාගත්තා...

"අහ්...නැ නිකන්...උබලා එහෙනම් ඔව්වා බේර ගන්න..."

දෙනුවන් එහෙම කියද්දි ලක්ශිතටත් නිකන්ම අවුල් ගියෙ කියපු දේ තෙරුනෙ දැන් තමයි කියල හිතෙද්දි....

"අහ්...නැ නැ...මු මෙ විකාර කියවනවනෙ...ඒකයි..."

ලක්ශිතගෙ වචනත් ලැජ්ජාවෙ ඇබරෙනවා වගෙ දැන් නම්...

"නැහ් ඉතින්...ඔය දෙන්නට හොද නම්, වෙන ඒවා අදාලම නෑ...එකෙන්ම සප් එක දෙන්නම්...නේද දෙනූ..."

ලියාත්‍ර ඇගට පතට නොදැනී දෙනුවන්ටත් වැලමිටෙන් අයින ගමන් කියපු කතාව නිසා ලක්ශිතව හිටපු තැනම ගල් ගැහිලා ගියෙ දෙනුවනුත් ලියාත්‍ර දිහා ඇස් ලොකු කරල බලද්දි...

"ඇයි මන් වැරදි දෙයක් කිව්වද ? "

"අනෙ හුත්තො...පද හදන්නෙ නැතුව ඉදපන්...එහෙම එකක් නැ..."

"කවුද පද හැදුවෙ...කොහොම එකක් හරි ඇතිනෙ..."

"උබ හදන්නෙ මට කියලා ඇරගන්න දැන්..."

"මොනාද පගො කියන්නෙ රනුල්ට ඇහුනොත්...උබ නම් මහම වලත්තයි බන්..."

"තෝ එක්ක කතා කරල වැඩැක් නැ පගයා..."

ලක්ශිත ලියාත්‍රටත් රවලා එයාව බදාගෙන හිටපු රනුල්වත් එහාට තල්ලු කරලා දැම්මෙ රනුල් පරනැල වගෙ එහාට විසි වෙලා යද්දි...

"ලක්ශිත...මට කියන්න දෙයක් තියෙනවා මිනිහො..."

රනුල් ආයෙත් එකම එක කියන්න පටන් ගත්තා...

"කියපන් යකො කියපන්...මොන ලබ්බක්ද "

ලක්ශිතත් අනිත් අතට ඕන රෙද්දක් කියලා එහෙම කිව්වෙ අරුන් දෙන්නගෙ අපහාසාත්මක බැල්ම මග හරින ගමන්...

"මට වමනෙට වගෙ යකො..."

රනුල් කියපු එකට ලියාත්‍රයි දෙනුවනුයි නම් බිම හැපි හැපි හිනා වෙන්න ගත්තට මොකද ලක්ශිත මහ හයියෙන් හිනා උනත් තනිකර බොරු හිනවක් ඒක...ලැජ්ජාව වහ ගන්න හිනා වෙනවා කියලා ලක්ශිතව දකින ඕන කෙනෙක්ට කියන්න පුලුවන්...

"මං ඒකනෙ කිව්වෙ උබලට එහෙම එකක් නැ කියලා...බොරුවට අසික්කිත කතා හදන්න ආවා..."

ලක්ශිත ෆේක් හිනාව අස්සෙම වචන අහුල අහුල කතා කරත් හරි ඒත් එක්කම රනුල් ලක්ශිතගෙ ඇගේම vomit කරා....

"ටහුඩු...උබලා මාර fast නෙ...රනුල් තාත්තා කෙනෙක් වෙන්නද යන්නෙ එතකොට...අනෙ අහින්සකයට මු කරපු දෙයක්..."

"තොපි දෙන්නගෙ කට තලනවා මම දැන්..."

කට වහන් හිටිය දෙනුවන් කියපු එක නිසාම ආයෙ ලියාත්‍රයි දෙනුවනුයි මහ හයියෙන් හිනා වෙන්න ගත්තා...කදුලු එන්නම හිනා වෙලා හිනා වෙලා අන්තිමට දෙන්නත් එක්කම අනිත් උන්වත් ඇහැරවලා ගත්තෙ ගෙවල් වලට යන්න...

"දැන් එහෙනම් යමු නේද ? ලක්ශිත පරිස්සමෙන් රනුල්ව එක්කන් යන්න...හිමින් යන්න ගැස්සෙන්න හොද නැ...මුල් මාස තුන තමයි හොදට බලාගන්න ඕනා..."

දෙනුවන්ගෙ විහිලුවෙ නම් නැවතිල්ලක් නෑ....ලියාත්‍ර මුකුත් නොකිව්වත් ඒ බැල්මම ඇති ලක්ශිතව නෝන්ඩි වෙලා යන්න...

"ළමයා හම්බ උනාම වරෙන් එහෙනම් බලලා යන්න...මටත් වාරයක් එයිනෙ...දැන් පරිස්සමට පලයන් ගෙදර..."

ලක්ශිත අර ඩබලටත් බැන බැන රනුල්ව නැගිට්ටව ගත්‍තෙ හරියට මී හරකෙක් දක්කන්න වගෙ...

"තෝ අනිත් එකා...බලපන් ගද...තෝව වලලන්න තරම් කේන්ති දැන් නම්....වරෙන් යන්න රිලවා...කෙලින් තියපන් හිවලො කකුල..."

ලක්ශිත රනුල්ටත් බැන බැනම ඌව දක්කගෙන යන දිහා දෙනුවනුයි ලයාත්‍රයිත් බලාගෙන හිටියෙ හිනා වෙවී...ඉතුරු ගව පට්ටියෙ ගවයො ටිකත් දක්කගෙන ඒ ඩබලත් එන්න ආවා...

"මට මැරෙන්න බෑ...."

තෙහස්ගෙ ඉවරයක් නැති කෙදිරිය....

.

.

.

.

.

-මතු සම්බන්දයි-

හිතෙන දේවල් කොටාගෙන යම්න ඉතින්🥹👍

Let Leora den know what you thought about this chapter!
Love this

5

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

1

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

author

♥️

a year
author

mama meka kiyawala iwarai.. den aayee mula idan koyawanoo♥️😁

a year
author

akki kohed api ethana

a year

Further Recommendations

Nothing Between Us

nice_tangelo_843: la storia è bella,lo stile è buono. La scrittrice è brava

Read Now
Married by Fate

Fiona Walker: What a lovely story, I thoroughly enjoyed it.

Read Now
The Easter Bunny

Mia: Really nice story

Read Now
Our third chance

ansellarose: I really love this kind of story.Loved it

Read Now
Off limits to fate, My Alpha, my sin

Mia: I'm definitely going to read more books from you, this was 🔥

Read Now
The Heir's Shadow

Biva: Quite good for a novella. Impressive writing style and we'll edited. Just one thing- Karla keeps referring herself to a stray cat and while at first it makes sense the analogy gets stale after a while.

Read Now
An Irish Match

armirrenz: Story is great! It catches your interest in reading. Very good book

Read Now
Ruthless Lord

tekiakianakove: I like reading this novel. I think the writer has a very creative mind. The plot is very interesting and readers gets hooked easily. It makes one wanna read the whole story line. Suspense plot, romance and thriller, are very well created.

Read Now
[Moving to Galatea] What We Never Healed

zpnkhz4h9k: Omg I can’t believe I cried 😭 I love it and I don’t want it to end

Read Now