Author’s words
" අපේ මතකයේ රැඳී තිබෙනතුරු කිසිදා කිසිවක් අහිමි නොවේ "
-Forget me not
හැමදේටම කලින් මුලින්ම කියන්න ඕනෙ, තකහනියේ මේ ඇප් දාගෙන, ආදරේ කරපු කතා හොයාගෙන මේ Platform එකට ආව හැමෝටම ආදරෙයි ගොඩක්. ඔයාලා දන්නවා අපි ආදරේ කරපු ඕතර්ස්ලා ගොඩක් අයට වට්පෑඩ් එකේ ප්‍රශ්න ඇති වුණා. ඒකෙන් ඒ අයගෙ වගේම අපෙත් හිත් ගොඩක් රිදුනා, සැනසීම නැති වුණා. අපි බලාපොරොත්තු වෙනවා වට්පෑඩ් එක ආයෙත් අපි ආදරේ කරපු පරණ ෆැන්ටසියම වෙලා හැමදේම හරියයි කියලා. හැබැයි ඒක එහෙම වුණත් නැතත් අපි මෙතනටත් ඒ වගේ දෙයක් නොවෙන්න වග බලාගමු. අපි දැක්කනේ ෆැන්ටසිය අස්සට ඇරියස් තියන අය රිංගගත්තම වෙන දේ ? ඉතිං මං හැමෝගෙන්ම ඉල්ලන්නේ ආයෙ එහෙම දේවල් නොවෙන්න අපි වගබලාගමු. මොකද ගොඩක් ඕතර්ස්ලා කියලා තිබ්බා විදියටම අපි මේ කතා ලියන්නේ දරුවෙක්ව හදනවා වගේ. හරි පරිස්සමින්, හරි ලස්සනට, අපේ වටිනාකම්, හැඟීම්, ආදරේ මේ වචනවලට දීලා චැප්ටර් එකෙන් චැප්ටර් එක අපි ලොකුමහත් කරන්නේ මේ කතා. ඉතිං එහෙම දෙයක් නැතිවෙලා යනවා බලන් ඉන්න හරි අමාරුයි. ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා අපි ආයෙ ඒ වගේ දේවල් නොවෙන්න කරන්න පුලුවන් හැමදේම කරමු කියලා.
" සමහර මල් ලස්සනට හිනා වුණේම කැලේ පිපිලා, වැරදි පහසක්වත් නොවැදී කැලේම පරවෙලා යද්දි !! " 🪻
22/05/2025
- Lizzy 🌷











