සිහින ආදරේ(SLOW UPDATE)

All Rights Reserved ©

Summary

දඟකාර සිතක් ළඟ නැවතුණු දඩබ්බර හදවතක සිහින ආදරය,එන්න ඔබත් විඳගන්න ඒ සිහින අදරය❤❤❤ ❗❗❗🌈හත්පාට ආදර වෘතාන්තයක්ද අඩංගු වි ඇති බැවින් අකමැති පුද්ගලයන් කියවීමේන් වැළකී සිටින්න.❗❗❗🏳‍🌈✨

Status
Ongoing
Chapters
7
Rating
n/a
Age Rating
16+

පළමු සිහිනය

පළමු සිහිනය


"අම්මේ,අම්මගේ චූටි සුරංගනාවී ගෙදර ආවෝ"


වෙනදා වගේම කෑගහගෙන ගෙදර ආපු මං අම්මට කතා කළා.


"ආ ආවද.ආවා නම් ඇග පත හෝදගෙන වරෙං හතර දිග් භාගේම හොල්ලං කෑගහන් නැතුව"


"දෙයියනේ දෙයියනේ අම්මේ,ඔයැයි මේ අහිංසක මටද මේ කිව්වේ,යසයි යසයි සයිමන්ගේ දෝණියැන්දගේ වාග් විලාසය"

"ඔව් ඔව් උඹට තමා කිව්වේ,කෑනොගහ ගිහින් හෝදගන එන්න දරුවෝ"

"හා හා ඉතිං,ඕකට කකෑගහන්න ඕනද ඕම,ලමිස්සියෙක් ඉන්න අම්මලා ඕම කෑගහනවද මං අහන්......හී හී රවන්න එපා වස්තුවේ,මේ යනෝ මේ යනෝ "

ආපු ගමං අම්මව අවුස්සගත්තු මං හිනාවක් දාලා උඩට ගියා.ඔයාලා බලනවා ඇතිනේ මං කව්ද කියලා.නාමිකව ගත්තොත් නම් මං අමන්දා යුමෙත්මි.අවුරුදු 17 ක් වුන පාසල් යන පුංචි පැංචියෙක්.වයස 17ක් වුනාට මං උසස් පෙළ හදාරන දරුවෙක් ඒයිලා.මොකද මං දුරුතු මහේ ඉපදුනු සදක් නිසා.මං මේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු ගමං.එතකොට මං අර උඩදී ඇවිස්සුවේ Mrs.අපූර්වා දේවාංගනීව.එහෙම නැත්තං මගේ ජීවිතේ වටින එකම කෙනාව.තාත්තෙකුත් නැතුව දරුවෝ දෙන්නෙක් හදන හිත හයිය ගෑනියෙකුට.මං මොන්ටිසෝරි යන කාලේදීි තමා අම්මයි තාත්තයි වෙන් වුනේ.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන තාත්තා හන්දා අම්මා විදපු දුක දැක්ක නිසා මංවත්,මට වඩා අවුරුදු 2ක් වැඩිමල් වුන අයියවත් ආයි තාත්තා ගැන වචනයක්වත් ඇහුවේ නෑ. එදා ඉදන් අද වෙනකන් එයා තමයි මගේ ජිවිතේ.


ඇග හෝදගෙන ඇවිත් බත් එකත් බෙදන් ටිවී දැම්ම මං සැටියේ ඉදගත්තේ අම්මගෙන් අයියා කෝ කියලා අහන ගමං.


"අද පන්තිනේ,එද්දි අට වෙයි"

"හ්ම්ම්"

අපේ පොල් බුරුවට අද combined revision cls,සැක් අපරාදේ ඉදියන් නං වලියක් ඇද ගන්න තිබ්බා,ඌයි මායි දෙන්නම කරන්නේ මැත්ස්,හැබයි මං අයි.ටී. , අයියා කරන්නේ කෙමිස්ට්‍රි.දැං ඉතිං හිතන්න එපා පොතේම ඉන්න පොත්ගුල්ලෝ කියලා,මැත්ස් බයෝ කරන එවුන් දන්නවා අපි ගන්න ආතල් ආට් කොමස් එවුන්වත් ගන්නෑ කියලා.


කොම්බුවේ චැනල් එකේ යන කාටුන් එක බල බල ඉදපු මං කන ගමං අල්ලපු වත්ත දිහා බැලුවේ වාහනයක් දාපු සද්දෙට.අපි මෙහෙට එනකොට ඔය වත්ත හිස්,දැං මාස 5,6කට උඩදී තමා ඔය ගේ හදන්න ගත්තේ.දැං නම් ගෙයි වැඩ සම්පූර්ණයි,හෙට අනිද්දට පදිංචියට ඒවි මයේ හිතේ.අපේ අම්මා නම් කිව්වේ බිස්නස් කරන සල්ලි තියෙන ඈයෝ කියලා,ඒ වුනත් ඇන්ටී අංකල් නම් හරි හොද මිනිස්සු කියලා අම්මා කිව්වා.කොල්ලෝ දෙන්නෙක්ලු ඉන්නේ,එකෙක් නම් මගේ වයසේ පොරක්,මෑන්ස්ව නම් දෙතුන් පාරක් දැකලා හිනාවෙලා තියෙනවා,උස සුදු කෙට්ටු කොව්වෙක්,ඌත් මා එක්ක හිනාවෙලා තියෙනවා.ඇන්ටී නම් අපේ අම්මත් එක්ක පිට්,මං නම් හැබැයි කතා කරලා නෑ.අංකලය නම් වැඩි කතාවක් නෑ,හෙන සයිලන්ට්,හැබැයි දැක්කොත් නම් කට පුරා හිනා වෙනෝ.ඔය පවුලේ ඔක්කොම හොදයි එකෙක් ඇර.ඇන්ටියගේ ලොකු පුතා.උගේ වැඩේම මට රවන එක,මුඩුම මූසලයා,මං ඌට කරපු ලබ්බකුත් නෑ,ඒත් දැක්ක දවසේ ඉදන් රවනවා.ප්‍රිින්ස් චාල්ස් කියලද දන්නේ නෑ හිතං ඉන්නේ,හැටි විතරක් ගෙවලයෙක් වගේ.


මං එහෙම කිව්වට ඒකා හෙනම ලස්සනයි.උස මහත මසල්ස් පිරුණ ඇග,ක්ලීන් ශේව් කරපු එක පැල්ලමක්වත් නැති සුදු මූන,ආඩම්බරකාර බැල්ම වගේම ගමන,ඔක්කොටමත් වඩා පීනගෙන ගිහිං ඒ ඇතුළේ අතරමං වෙන්න හිතෙන තනි කලු ඇස් දෙක.දෙයියෝ නිවී සැනසිල්ලේ මවපු රූපයක්.හැබැයි මූව මව මව ඉද්දි දෙයියන්ගේ ගෑනි වලියක් දාගෙනද මන්දා පුදුම නපුරැකමක් එක්ක මවලා තියෙන්නේ.නැත්තං ඉතිං දැක්ක දැක්ක තැන මට ඔරවයි ඈ.මූට මාව දැක්කම කලින් කෑල්ලක්වත් මතක් වෙනෝද මංදා,මුඩුම මූසලයා.ඒත් ඉතිං මාාාර ලස්සනයි.


ක්හ්ම්...ක්හ්ම්...මං මේ ඔයාලට හරි අවබෝධයක් දෙන්න ඕන නිසා මෙහෙම කිව්වේ හොදේ.වෙන මුකුත් නැ.

මොකෝ අපි කියලා කැතද?නෑනේ..නෑනේ...

මෙහෙමයි,ඒකා තරම් නැති වුනත් මාත් ලස්සනයි......කියලා මං හිතං ඉන්නවා😁පස්ස ගාවට දිග වේවි කොණ්ඩේ,හිනාවෙනකොට පැත්තක් වල ගැහෙන කම්මුල්,කෙට්ටුත් නැති මහතත් නැති,තලෙලු චබී කෙල්ලෙක් මං.මං කැතද අනේ ඉතිම්.....

අර යකාට හිතින් දෙහි කප කප ඉදිය මං මේ ලෝකෙට ආවේ පිට මැද්දට වැදුනු ඩෑස් පාර නිසා.


"ආව් අම්මේ,ඇයි අප්පා ගහන්නේ,ලපටි පිට රිදුනා අයියෝ"


"ඇයි ගහන්නේ අහන්නේ?මං දැං කී සැරයක් කති කලාද?මේ ලෝකේ සිහියෙන් නෙවේ ඉන්නේ,කාලා ඉවරනං පිඟාන හෝදපං ගිහිං,මැස්සෝ වහනවා පේන්නේ නැද්ද?"


"හී...හී...දන්නේ නැද්ද ඉතිං චුට්ටක්"

අර යකාට බැන බැන මං කාලත් ඉවර වෙලා,මැස්සෝ පිඟාන කන්න පටන්ගද්දි තමා අම්මා මට පිට මැද්දට අතඇරලා තියෙන්නේ.එ වුනාට ගහන්න ඕනි නෑනේද මං කියන්නේ.ටිකක් හයියෙන් කතා කළා නම් ඉවරයිනේ.ඕකට ගහන්න ඕන්නෑනේ ඉතිං.ලපටි අත පය තාම මෝරන ගමංනේ.මොනා හරි වුනා නම් පාඩු කාටද ඒයි......


ඔය ඔක්කොම හිතිං හිතපු මං අම්මට මොංගල් හිනාවක් දාලා කුස්සියට මාරු වුනා.මොකද ඕක කටින් කිව්වා නම් එහෙම අපේ අම්මා මට පිඟානෙන්ම දමලා අරිනවා ලෝස් නැතිවෙන්න.ඔහොම ඉදියට අපේ අම්මට හරී......යට කේන්ති යනෝ.පිඟාන හෝදන ගමං ඉදපු මට ඇහුනේ අපේ ගේට්ටුව ඇරෙන සද්දේ.කව්රුහරි ආවද මංදා.ඇවිත් තමා,සාලෙන් අපේ අම්මයි,තව ගෑනු කටහඬකුයි ඇහුනා.


ආවේ කව්ද කියලා හිතන ගමන් ඊයේ හවස මං ෆ්‍රිජ් එකේ හංගපු ඩාක් චොකලට් එක කන්න,ෆ්‍රිජ් එකට ඔලුව ඔබාගෙන ඒක හොයපු මට සාලේ මිනිස්සු ඉන්න එකත් අමතක වෙලා,මඟේ ඇගේ අමනුස්සයා එලියට එන්න ගත්තා.


"අම්.............මේ......"

කඩලා.චොකලට් එකේ කවරේ කඩලා බාගයයි තියෙන්නේ.මතක් වුනේ එකම එකාවයි,අයියා.මං පිස්සා වගේ කෑගහන ගමන් සාලේට ගියා.

"අම්....මේ...කවුද මගේ චොකලට් එක කෑවේ?....සතියක් තිස්සේ සල්ලි එකතු කරලා කරලා ගත්ත චොකලට් එක යකෝව්....අරූ තමා...මේක පුදුම මගුලක් වුනානේ....මුගෙන් කිසි දෙයක් බේරගන්න බෑනේ....චොකලට් එකක් බේරගන්න බෑ...මගේ මේස් ජොඩුත් උස්සනවා...ඌ දැම්මට පස්සේ ආයි මට ඒවා දාන්නත් බෑ....පුදුම මගුලක් වුනානේ මේක......මගේ නයිටියකුත් අරං ඇදගන්න කියන්න......"


"මොකද ළමයෝ බෙරිහං දෙන්නේ"

"මොකද...මොකද...නෙවේ.මං ඊයේ ෆ්‍රිජ් එකේ තිබ්බ ඩාක් චොකලට් එකෙන් බාගයක්ම නෑ...මං සතියක් තිස්සේ සල්ලි එකතු කරා ඒක ගන්න...කඩේ තිබ්බ අන්තිම එක...මං කන්න ආසම ඒවා...ඒත් මට කලින් කාලා....මං තනියෙන් කනවත...නෑනේ..හැමෝටම බෙදලනේ කන්නේ...නොදී කනවා නම් කමක් නෑ කියන්න තිබ්බා....මං එහෙම කරනවද...නෑනේ...මං එහෙම නොකරන හන්දද මට මෙහෙම කරන්නේ ඔයාලා.....ආ......දැන් ඇයි ඔයා සද්ද නැත්... "


හුස්මක් කටක් නොගෙන අයියගේ පෙර වැරදිත් මතක් කර කර ආවේස වෙලා කෑගහන් සාලේට ආපු මං කතා කරගන්න බැරැව හිර වුනා.....මලෝත්තයි.....පිස්සු ගෑනියෙක් වගේ කෑගහන් ආපු මං සාලේ ඉන්න මිනිස්සු මං දිහා වගේම,මං එ මිනිස්සු දිහා බයවෙලා බලන් උන්නා.කෑගගහ ඉදපු මගේ කටේ වචත හිරවෙලා තිබ්බත්,සාලේ සැටියේ ඉදන් හිටපු මිනිහෙක් දැක්කම මගේ කට ආයි ඇරුනා.


"මුඩුම මූසලයා"



මේක මං ලියන පලවෙනිම කතාව.අඩුපාඩු හුගක් තියෙයි.එකට මට සමාවෙන්න.මේ කතාව කොටස් 10කින් විතර මං ඉවර කරන්න හිතන් ඉන්නවා.මේක happy ending හොදේ.මාත් එක්ක දිගටම ඉන්න කියලා මං ආරාධනා කරනවා.අද එපාය කොහොමද කියලා comment එකක් දාන්න.මං පුළුවන් ඉක්මනින් ආයි එන්නම් හොදේ.

ආතරෙයි ඔවාලට😍😘❤❤❤

මං නෙත්මි.