Fate Waiting for Us
"මම ඔයාලව එකිනෙකාට හදුන්වලා දෙන්නම්" ඩිරෙක්ටර් එහෙම කිව්වේ කඩවසම් නලුවෝ දෙන්නා ඉදිරිපිට ඉඳගෙන.
"වන්ග් යීබෝ, එයාගේ කැරැක්ටර් එක ලන් වන්ජි"
"ශියාඕ චාන්, එයාගේ කැරැක්ටර් එක වෙයි වුශියැන්"
එයාල එකිනෙකා දිහා අමුතු විදියට බලාගෙන හිටියා. අන්තිමට දෙදෙනාගෙන් බාල තැනැත්තා මුලින් කතා කලා.
"අප මීට කලින් හමුවෙලා නැද්ද?"
♡♡♡♡♡
2017.03.14
චාන්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගද්දි එයා නම් හිටියේ හොඳ නින්දක. එයා සුසුමක් පිට කරලා කෝල් එක ආන්සර් කලා.
"චාන්, අපේ ප්ලැන් එක වෙනස් උනා. ඉක්මනින් ලේස්ති වෙන්න. අපි රෙකෝඩින් එක අද කරන්න හදන්නේ"
"ඒත් අද වැලන්ටයින්ස් ඩේ දවසනේ. ඔයා කිව්වා අද රෙස්ට් කරන්න පුලුවන් කියලා. "
"තවත් වාද කරන්න එපා" මැනේජර් දැඩි ලෙස කිව්වා. "ඔයා ෆ්ලවර් ෆීල්ඩ් එක පැත්තට යන්න ඕන අනිත් X - nine බෝයිස්ලා එක්ක day day up එක රෙකෝඩ් කරන්න"
"හරි හරි" චාන් කිව්වේ එයාගේ අවුල් උන කොන්ඩෙ අතින් හදන ගමන්. "අද දවස විශේෂ විදියට ගත කරන්න මට ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙකුත් නැහැනේ. ඉතින් ඔන්නොහේ යනවා. දෛවය මං එනකල් බලන් ඇති "
♡♡♡♡♡
වන්ග් යීබෝ රෙකෝඩින් ස්ටුඩියෝ එකට ආවේ අනිත් හොස්ට්ස්ලත් ඉන්නවද කියල බලන ගමන්.
"ෆෙන්ග් ගගා, අපි මොනාද අද කරන්න ප්ලැන් කරන් ඉන්නේ? මට ආරංචි උනා බෝයි බෑන්ඩ් එකක් ගෙස්ට්ලා විදියට එනවා කියලා"
"ඔව් පොඩි කොල්ලෝ. X - nine එයාලගේ ගෘප් එකේ නම. අපිට මුලින්ම ෆ්ලවර් ෆීල්ඩ් එක බලන්න වෙනවා. මොකද මේ මූණ?"
"ඔයා දන්නවා ඒක. අයි හේට් වැලන්ටයින්ස් ඩේ. හැමෝම සතුටින් චොක්ලට් හුවමාරු කරගන්නවා. ඒක හෙන මෝඩයි, රිලේශන්ෂිප් එකක තියන හොඳේ මොකක්ද?"
"ඔයා ආදරය විශ්වාස කරන්නේ නැ නේද? වෙයිට්, ඔයා ඔය කියපු වචන ටික ආපහු ඔයාටම අරගන්න හිතෙන විදියේ කෙනෙක් දවසක ඔයාට හම්බවේවි"
"එහෙම හිතන්න එපා." යීබෝ මැසිවිලි නැගුවා. "එනිවේ අපි යමු. දෛවය මං එනකල් බලන් ඉදිවි"
♡♡♡♡♡
"ඒයි චාන් මොකද කරන්නේ ඔයා? අපි දැනටමත් පරක්කුයි" චාන්ගේ කණ්ඩායමේ එක් සාමාජියකයෙක් එයාට ඉක්මනින් එයාල එක්ක එන්න කියලා කිව්වා.
"මට මගේ බෑග් එක හොයාගන්න බෑ. මට ශුවර් ඒක මේ කොහේ හරි ඇති කියලා. ඔයාලා යන්න මම එන්නම්"
චාන් කේන්තියෙන් එයාගේ බෑග් එක හෙව්වා. මොකද ඒක එයාගේ ෆේවරිට්ම බෑග් එකනේ. චාන්ට හදිසියේම කවුරු හරි කෑගහන සද්දයක් ඇහුණා. එයා හැරිලා බලද්දි දැකපු දි නිසා නොදැනීම චාන්ගේ ඇස් ලොකු උනා. දම් පාට ජැකට් එකක් ඇඳ ගත්ත තරුණ කොල්ලෙක් එයාගේ පැත්තට දුවන් ආවේ එයාගේ අතේ තිබුන යමක් අයින් කරන් හදන ගමන් අත් දෙක වනාගෙන.
"වට්ද හෙල්... එයා මොනාද ඒ කරන්නේ?" චාන් කුතුහලයක් ඇති උනත් එයාට හිතනන්වත් වෙලාවක් ඉතුරු නොකර ඒ කෙනා එයාගේ පැත්තට පැන්න නිසා දෙන්නම කහ පාට මල් ගොඩක් උඩට වැටුණා.
"ලේඩිබග් කෙනෙක්.... ලොකු එකෙක්" යීබෝට තාමත් එයාගේ හුස්ම කන්ට්‍රෝල් කරගන්න බැරිව හිටියේ එයා හොදටම බය වෙලා හිටපු නිසා. ලේඩිබග් පියාබලා ගියායින් පස්සේ තමා යීබෝට මතක් උනේ එයාට යටවෙලා තව කෙනෙක් ඉන්නවා කියලා. මොකද එයා මේ පොඩි සත්තුන්ට බය නිසා වටපිටේ උන දේවල් බයටම අමතක වෙලයි තිබුනේ. මේ හදිසි ප්‍රහාරයෙන් චාන් නම් තවමත් ඉන්නේ ගොළු වෙලා. මෙච්චර ලොකු ලමයෙක් පොඩි සතෙක්ට බය උන නිසා චාන්ට නම් ටිකකින් හයියෙන් හිනා ගියා. යීබෝ චාන් දිහා නොනවත්වාම බලන් හිටියා. එයා ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක් උනාට පස්සේ ගොඩක් කඩවසම් වග ලස්සන අය යීබෝට මුණ ගැහුනත් මේ කෙනා වගේ හුරුබුහුටි කෙනෙක් නම් යීබෝට කලින් හමුවෙලා තිබුනේ නැ. චාන්ගේ තරු වගේ ඇස් වල යීබෝ ගිලිලා හිටියා. ටික වෙලාවකට පස්සේ තත්වේ පොඩ්ඩක් අවුල් කියලා එයාට තේරුම් ගියා.
"ඔයාට පොඩ්ඩක් එහාට වෙන්න පුලුවන්ද?" චාන් පුදුම වෙලා බලන් හිටියා.
"ඒ ඔයා. ඔයා ඔහොම මගේ ඇඟ උඩ ඉද්දි මම කොහොමද එහාට වෙන්නේ?" චාන්ට හයියෙන් හිනා යද්දි යීබෝ නම් ලැජ්ජාවට රතු වෙලා ගියා.
"ගොඩ්... හි ඊස් ටූ ඇඩොරබල්" චාන්ගේ හිනාව දකිද්දි යීබෝගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා. නොදැනීම දෙන්නාගේ දෙතොල් ස්පර්ශ වෙන්න මොහොතක් තිබියදි නැගීණ යම්කිසි ශබ්දයක් නිසා යීබෝ වගේම චානුත් පියවි සිහියට ආවා. යීබෝ ඉක්මනින් නැගිට්ටේ චාන්ටත් නැගිටින්න උදව් කරන ගමන්. දෙන්නාම හොදටම රතුවෙලා හිටියේ.
"ඒයි කොල්ලො, මේ බෑග් එක ඔයාගේ පිටේ? ඕක මගේනේ"
"රියලි? වෙරි සොරි. මට පොටෝ එකක් ගන්න බෑග් එකක් ඕනවෙලා තිබුනා. මෙතන තිබුන නිසා මම ගත්තා."
"ඉට්ස් ඕකේ." චාන් හිනාවුනා. "මම හිතන්නේ කට්ටිය මාව හොයනවා ඇති. මම යන්න ඕන. ඔයාව හමුවුන විදිය හරිම අමුතුයි"
යීබෝ චාන් නොපෙනී යනකල්ම බලාගෙන හිටියා. හේතුවක් නැතිවම එයාට ලොකු දුකක් දැනෙන්න පටන් අරන් තිබුනා.
♡♡♡♡♡
ෆෙන්ග් ගගා, ෆෙන්ග් ගගා" යීබෝ කාමරේට ආවේ ලොකු හිනාවකුත් මූණේ රඳවගෙන. "මට එයාව හම්බුනා මම හිතන්නේ"
"ඔයා අදහස් කලේ මොකක්ද? පොඩ්ඩක් සන්සුන් වෙලා මට උන දේ කියන්නකො"
"මගේ දෛවය, මම එයාව හොයාගත්තා" යීබෝට තවත් කතා කරන්න උනේ නෑ. එයාගේ හොස්ට් එයාව ගෙස්ට් රූම් එකට ගෙන්නුවා.
"මෙයාල තමා අපේ අද දවසේ ගෙස්ට්ස්ලා. X - nine බෑන්ඩ් එක." යීබෝ ගල් ගැහිලා වගේ අනිත් පිරිමි ලමයින්ට පිටිපස්සෙන් හිටපු උස කොල්ලා දිහා බලාගෙන හිටියා. චානුත් පුදුම වෙලා හිටියේ. එයා අනිත් අයට හිස නමලා ආචාර කලා.
"මම ශියාඕ චාන්. ඔයාලව හමුවීම සතුටක්"
" මම තමා අද හොස්ට් කරන්නේ. වන්ග් යීබෝ. ඔයාලවත් හමුවීම සතුටක්" යීබෝ චාන් දිහා බලාගෙන යන්තමින් හිනා උනා.
"ශියාඕ චාන්, ඔයා වැලන්ටයින්ස් ඩේ එක දවසේ ඔයාගේ බෝයිෆ්රෙන්ඩ්ව ලබාගන්නයි යන්නේ. මට ශුවර්"
Zhan's Pov:
"ඒ පොඩි කොල්ලා ගැන මගේ හිතේ තියන හැගීම් ගැන මට ලැජ්ජා හිතෙනවා. මට එයාව ෆ්ලවර් ෆීල්ඩ් එකේදි දාල යද්දි දුකත් හිතුනා. ඒත් එයා තමා day day up එකේ මේන් හොස්ට්." මාව ඉන්ට්රොඩියුස් කරද්දි මට ලැජ්ජ හිතෙන්න හේතුව තමා යීබෝ. මම ඔඩිටරි එකට ගියා. එයාගේ කියුට් හිනාව මගේ හදවත උණුසුම් කරනවා. "එතා ඩාන්ස් කරද්දිත් මෙච්චර හොට්ද? මට නං පුදුම හිතෙනවා "
"වට්ද හෙල්, මම මොනවද මේ හිතන්නේ?" චාන් එයාගේ ඔලුව දෙපැත්තට වනලා පියවි සිහියට එන්න ට්‍රයි කලා. එයා කැමරාව අරන් අද ගත්ත ෆොටෝස් ටික බලන්න ගත්තා. චාන්ගේ මූණේ හිනා රැල්ලක් ඇඳුණේ එයා අරන් තිබුන එක ෆොටෝ එක දම් පාට ජැකට් එකක් දාන් යීබෝ ඈතින් ඉන්නව දැකලා..
"මේක අහම්බයක් නෙවෙයිද? නැත්නම් මේකටද දෛවය කියන්නේ?" කවුරුහරි එයාගේ කනට කොදුරපු නිසා චාන් පුදුම වෙලා ආපස්සට හැරිලා බැලුවා. එයාලගේ තොල් තිබුනේ එකට ගෑවී නොගැවි යන තරමට ලගින්. යීබෝ හිනාවෙලා තවත් චාන් ලගට ලං වුනා.
"ඔයා ඔයාගේ වයසට වඩා නිර්භිතයි නේද?" චාන් ලැජ්ජාවෙන් අහක බලාගත්තා.
"මට පේන්නේ ඔයා ඔයාගේ ෆස්ට් ස්ටෙප් එක තියන්නේ නැ වගේ. ඉතින් ඒක මම කරන්නම්"
"ෆස්ට් ස්ටෙප් එක? මොකකටද?"
"මගෙන් ආස්ක් අවුට් කරන්න " යීබෝ චාන් දිහාවට හැරිලා ඇහිපිය ගහන ගමන් කිව්වා.
"මං හිතන්නේ ඔයාට පිස්සු. මට යන්න දෙන්න " චාන් යීබෝ දිහා බලලා යන්න දේර ලගට ගියත් යීබෝ චාන්ට වඩා වේගවත් උනා. එයාව චාන්ව අල්ලගෙන බිත්තියට හේත්තු කලා. චාන් යීබෝට වඩා උස උනත් යීබෝ චාන්ට වඩා ශක්තිමත් කෙනෙක් නිසා චාන්ට ගැලවෙන්න බැරි උනා. "මම අද ඔයා වෙනුවෙන් ඩාන්ස් කලා, මම ඕනවට වඩා හිනාවුනා, හැමදේම කලි ඔයා වෙනුවෙන් චාන් ගගා. මට ශුවර් ඔයාටත් එහෙම දැනෙනවා නේද? මම වැරදිද?"
යිබෝ තවත් චාන්ට සමීප උනා. එයාගේ දිග ඇහිබැම චාන්ගේ කම්මුලක් ස්පර්ශ කලා. සමහර විට මේක ඒ දෙන්නට "එකිනෙකාගේ විය යුතු" එකම අවස්තාව වෙන්න පුලුවන්. චාන් යීබෝගේ මුහුණ අත්ලෙන් අල්ලගෙන යීබෝගේ තොල් වලට බර උනා. යීබෝ චාන්ගේ මුව තුලට එයාගේ දිව ඇතුල් කරමින් චාන්ව සිපගන්න පටන් ගත්තා. හාදුව එන්න එන්නම උණුසුම් වගේම ඇග්‍රසිව් වෙන්න ගත්තා. දෙන්නම තදින් ම වැලදගෙන හයියෙන් හුස්ම ගන්න ගමන් සිප ගැනීම තවත් දීර්ඝ කලා. අන්තිමට චාන් හාදුව නැවැත්තුවා. ඒත් එයා හිටියේ යීබෝව දෝතින් බදාගෙන. යීබෝගේ ඇස් දිලිසෙනවා චාන් දැක්කා. යීබෝ හිනාවෙන ගමන් චාන්ගේ යටි තොලට පහලින් තිබුන මෝල් එකට කිස් එකක් දුන්නා.
"දෛවය ඇත්තටම අද දවස වෙනකල් බලන් ඉදලා වගේ "
"මට විශ්වාසයි මේක ආරම්භයක් විතරයි "
♡♡♡♡♡
"ඉතින් අපි මීට කලින් හමුවෙලා නැද්ද?" චාන් එයාගේ ඇස් එක්ක කතා කරමින් ඉන්න යීබෝ දිහා බලලා හිනා උනා.
"ඉතින් යීබෝ, ඔයාට රඟපාන්න ඕනද?"
"මම හිතන්නෑ. එනිවේ හමුවීම සතුටක්"
THE END
🪶 ඉතින් Fate Waiting for Us සිංහල පරිවර්තනය මේ විදිය අවසන් වෙනවා.
🪶 මේක තමා මම හතරවෙනියට කරපු YZ ට්‍රාන්ස්ලේශන් එක 😁 ශෝර්ට් ඇන්ඩ් ස්වීට් නෙහ්. (තව තුනක් තියනවා ප්‍රොෆයිල් එකේ. කියපු නැති අය බලන්න ඒවත් 🙈)
🪶 මේ කතාවේ කතෘ අයිතිය තියන්නේ yizhan-love ට
🪶 ඒ වගේම වැදගත් දෙයක් කියන්න ඕන. මම YiZhan / ZhanYi English Stories ට්‍රාන්ස්ලේට් කරන්න තමා හුගක් කැමති. ඒනිසා මගේම වචන අකුරු කරනවාට වඩා මම කියවපු හිතට දැනුන කතා තමා ට්‍රාන්ස්ලේට් කරන්නේ. ඒ නිසා මම පරිවර්තනය කරලා දාන හැම කතාවකම මුල් අයිතිය ඕතර්ට හිමි වෙනවා වගේම මට හිමිවෙන්නේ පරිවර්තන අයිතිය විතරයි.
🪶 මේ කතාව මම පරිවර්තනය කරපු විදිය හොදයී නම් ඒ ගැන අදහසක් කියන්න යන්න. වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම හුගක් ස්තුතියි. මම ඔයාලට ආදරෙයි. 😘❤️💚
🪶 මේ වගේ ලස්සන කතාවක් අරන් ආයෙත් එන්නම්.
______ 🌸☘️ THANK U & LUV U ALL....... I'M LILY LUNA ☘️🌸______









ලස්සනයි කතාව 💗