කාල ස්වර | මරනයේ වියරු වාදනය

All Rights Reserved ©

Summary

ජීවිතයේ පාට අහිමි වූ සන්ගීත වේදියෙකුට ඔහුගේ කලු සුදු ලෝකයට ආලෝකයක් වෙන තරුවකගෙන් ලැබෙම ආදරය ඔහුගේ ජීවිතය වෙනස් කරනව. නමුත් සියල්ලටම මුල කාලය. කාලය කියන්නෙ මහ අමුතුම ජීවියෙක්.. එයාට අවශ්‍යනම් ඕනම කෙනෙක්ගෙ මරනය පවා ඉක්මන් කරනව.. ඒත් ආදරය ලග කාලයත් යටත් වෙන්නෙ කිසිම ශබ්දයක් නැතුව.. 🌊🌅 එයාලගෙ ආදරයට කාලය නම් හීවියාගෙන් කුමන බාදා ඒවිද.! ★22/05/2025.

Genre
Fantasy
Author
KCTWP
Status
Ongoing
Chapters
1
Rating
n/a
Age Rating
16+

පූර්වාරම්බය 💚🤎

" මට එයාව ආයි මගෙ ජීවිතේට ලබා දෙන්න දෙවියනී.. මම ඔබගෙන් අයද සිටිනවා ඔහු වෙනුවෙන් මන් මගෙ ජීවිතය පවා කැප කරන්න සූදානම්. "


|සදුට කැපවුනු දීප්තිමත් හිරු.



"ඇයි තාත්තෙ චූටි තාත්ති දුකින් වගේ ඉන්නෙ... හැමදාම අපි තූටි එක්ක මුහුද බලන්න ආවහම ඇයි චූටි තාත්ත ලොකූ දුකකින් වගේ මූන එල්ලන් ඉන්නෙ?, ඇයි තාත්ති ඒ.."


"එහෙම මුකුත් නෑ පුතේ ඒ ඉතින් චූටි තාත්තිගෙ හැටිනෙ.. දන්නවනෙ එයා ගොඩක් මහන්සි වෙනව කියල හැම වෙලාවෙම; අන්න ඒකයි එයා ඒ මූන එල්ලන් ඉන්නව වගේ ඔය පේන්නෙ."


ඈතට වෙන්න තියෙන ගල් තලාවාක ඉදන් මලානික බැල්මකින් මුහුද දිහා බලන් ඉන්න පිරිමි ලමයෙක්ට ඇගිල්ල දික්කලර අහපු ඒ දුවට රවිදු එහෙම කිව්වෙ අතීතයේ වෙච්ච අදුරු මතයන් ගැන එක් චනයකින් මතක් කරගන්න ගමන්.


ඒ මතකයන් ගේ ඇති අදුරු බලපෑම කොතරම්ද යත් ඒ ගල්තාවේ ඉද සිටින ඒ තැමැත්තාගේ පෙනුම මියගිය ප්‍රානයක් වැනිවිය තම්න්ගෙ ආත්මය කවුරුන් හාට හරි දීල ඒක ඒ කෙනා එයා එක්කම සදහටම අරන්ගියා වගේ ප්පෙනුමක් තිබුනෙ ඊටත් වඩා නරක පෙනුමක්.


එහෙත් ඒ සිරුරේ කුමක් හෝ අපේක්ශාවක් ඉතිරුව ඇතිවග පෙනුනේ ඒ ඇස් බැසයන හිරු දෙස බලා කරන ආයාචනයන් ගෙනි. ඒ ඇස් වල තිබුනේ දුක්බර දිලිසෙන ප්‍රාර්තනාවක්; ඒවා කනට කොදුරන්න සිහින් කතාවක් ලෙස සුලගේ පාවී ගියත් ඊට අඩිගානක් දුර හිදි රවිදුට ඒ වචන ඇසුනේ මැත. එහෙත් ඔහුට ඒ දුකින් තෙමිච්ච ඇස් දිහා හොදින් බැලුවහම ඒ ඇස්වලින් කියන දේ හොදින් දැනෙන්නට උනා, ඒ දුක්බර වේදනාවකින් මුසුවුන ප්‍රාර්තනාවක් කියා හොදින් දැනෙන්නට උනි.


එහෙත් රවිදුට ඒ අතීත මතකයන්ගෙන් සලිතවී යාමට එක් මොහොතක් නොවීය... ඒ අදුරු මතකයන් ඊට වඩා ප්‍රබල මතකයන්ද විය.. ඒ මතයකන් ඔහුගේ සිතේ එක් කොනක ගිගුරුම් දෙමින් ඇතිවග ඔහුට මතක් විය. ඔහුට ඒ අදුරු මතකය කවදාවත් වෙන කෙනෙක්ට කියන්න ඕන උන වගක් ඔහුගෙ හැසිරීමෙන් පේන්න තිබුනෙ නෑ.


"මට ඒක දරාගන්න එතරම් අමාරුනම් ඒ අදුරු මතකයන්ගෙ ගොදුරක් උන එයාට ඒක...." රවිදුට එකවර සිතුනි ඔහු තම දියනියගේ හිස පිරිමදිමින් තමාටම කියා ගත්තේය.


" කෝමද තාත්තෙ තූති තාත්තිට ලොකු තාත්තිව හම්බුනේ; තාත්ති ඒ කතාව මට කවදාවත් කියල නෑනෙ.. "


රවිදුගෙ ලග වාඩිවී සිටි ඔහුගේ කුඩා දියනිය නැවත පැනයක් නැගීය. ඇයගේ ඇස් වරින් වර ගල්තලාගේ හිටි තැනැත්තාත් රවිදු කරාත් ගියේ ඇයද යම් ගැබුරු දෙයක් සිතේ අගින් කල්පනා කරන ගමන් මයි. ඇයගේ මුහුනේ තිබුනේ ලොකූ..... පැනයක්.


"ම්ම්හ් ඒක... ඒක ටිකක් කියන්න අමාරු අමුතුම විකාර කතාවක් දුවේ; ඔයා ඒක තේරුම් ගන්න තරම් තාම පොඩි වැඩී !..."


" අනේ තාත්ති කියන්නකෝ.. මට දැන් වයස අවුරුදු හතක් නේ"


දැරිය රවිදු හා එක දිගට තරග කරමින් එය කියන ලෙස ඉල්ලා සිටියේ අඩන්නට ඔන්න මෙන්න තියෙන මුහුනක්ද හදාගෙනයි.. ඇය ඉතා කපටි තැනැත්තියක් විය. රවිදු ඊටත් වඩා කපටි විය.


"ම්ම්ම් හාහ්......, ඔව් දැන් ඒ දේ වෙලත් අවුරුදු හතක්ම ගෙවිල ඉවරයි... කාලය නම් අපිට කවදාවත් හිතාගන්න බැරි අමුතුම සතෙක්. ආත්මයක් නැති කිසිම හැඩරුවක් නැති ඒ දේ සමහර වෙලාවට මිනිස්සුන්ට දුශ්කර වෙන්නෙ හිතක් පපුවක් නැති විදියට.; ජීවිතයෙ දුක්කිතම අවස්තාවල නැතිතම් ලොකූ මඩ වගුරකට වැටිල එරිල එලියට එන්න හදන කෙනෙක්ට වහින වැස්සක් වගේ දරුනු විදියටයි' රවිදු සිතින් තමාටම කියාගන්නට විය එයාට එහෙම හිතුන එක සාදාරනයි,


"ම්ම්ම් සුකී මන් කියන්නද ඔයාට වැඩක්; ඒනම් ඔයා ඔය කතාවචූටි තාත්තිගෙන්ම අහල දැනගන්නකො... කෝ කෝ එයාගෙන්ම අහන්න... !"

රවිදු ගල් තලාවේ හිදි තැමැත්තා දෙසට අත දිගු කරමිනි...


"ම්ම් කපටිය තාත්ති හැමදාම ඕකයි කරන්නෙ මන් තරායි තාත්ති එක්කන්!"


"ඔයානම් අම්මිමයි!!" රවිදු සිනාසෙමින් දියනියගේ නහය මිරිකන්නට විය.


"හරි හරි දූ කෝ ඔයා ගිහින් ටිකක් චූටි තාත්ති එක්ක සෙල්ලම් කරල එන්නකො..."


රවිදු පොඩි එකාගෙ මූන අතගාමින් පැවසුවේ මේ දෙදෙනාට ඉදිරියෙන් ඇති මුහුදේ සසල සැඩ දියරල දෙස බලමිනි.. නමුත් ඔහු යමෙකුගේ පැමිනීමක් බලාපොරිත්තුවෙන් සිටිබවක් පෙනෙන්නට ඌයේ ඔවුන් පිටුපා සිටි පෙදෙස දෙස ඔහු කිහිප වරක්ම බලන්නට ඌ නිසයි.


ඒ සිසිල් සැඩ මුහුදු රල ගිනියම් වූ වෙරල සිපගන්නාක් මෙන් එක් වරම ගල් තලාව මත ඉදි පුද්ගලයා අසලට පැමිනි ඒ කුඩා දැරිය ඔහුගේ අතින් අල්ලාගත්තෙ, ඔහුගේ මුහුදු සෙලගින් සීතල වූ අතට ලා උනුසුමක් එක් කරමිනි. ඒත් සමග ඔහු කල්පනා ලෝකයෙන් මිදී සැබෑලෝකයට පැමිනියේ මද ගැස්මක්ද සමගයි..


මුහුදු රල පෑගීමට කතා කරමින් ඔහුව ඈ මුහුද දෙසට අදින්නට වූයේ ඉතාමත් හුරතල් ආකාරයෙනි.. ඔහුගේ නොමල සිරුරේ ඉතිරිව තිබූ හදවතට එය ප්‍රතික්ශේප කිරීමට නොහැකි විය.


"තූටී කෝ අපි දුවමූ හූ........." සුකී වෙරලේ ගැටෙන පෙන රල දෙසට දිව යන්නට විය.


" සුකී... ඔහොම ඉන්න දුවන්න එපා පුතේ ඔයා වැටෙයි... ඔය ඔය පරිස්සමින් ලමයෝ..."


වේගයෙන් හමා එන මුහුදු රල සුලග හා සමව සිනාසෙමින් දිවයන පුන්චි පොඩිත්තිය කේශිතගේ සිසිල් අත අතහැර එකවර දිවගියේ නොසන්සුන් මුහුදු රල සමග පැමිනෙන පෙන පොඩිති පෑගීමටයි.


ඇයගේ ඒ කුඩා මල් කැකුලක් වූ සිනහව එක් ස්වල්ප මොහොතකට කේශිතගේ මැලවුනු සිසිල් මුහුනට මද සිනහවක් එක් කරන්නට විය.


" ඔන්න අල්ලගත්ත බට්ටව.. මන් කිව්ව නේද දුවන්න එපා කියල හ්ම්ම්; තුවාලයක් එහෙම උනාන්ම් මට ඔයාගෙ අම්මිගෙන් ගුටි තමා හම්බෙන්නෙ...! බලන්න සපත්තුවල වැලිත් එක්ක.. කෝ ගලවනව පන්ඩිත ආච්චි"


"මේ මන් බටකොල ආත්තියෙක් නෙමේ මම තමා සින්දරෙල්ල"


බිම දනගසාගත් කේශිත පොඩි එකාව තමන්ගෙ දනහිස උඩින් ඉන්දවාගෙන කකුලේ තිබුන වැලි ගසා දමන්නට ඌයේ පොඩි එකාගෙ මූනෙ තිබ්බ සතුට අමුතුම කියුට් තරහකට පෙරලන ගමන්. ඒත් පොඩි එකාටනම් එව්ව ගානක්වත් උනේ නෑ පොඩි එකා එකපාර මේ නොමල තැමැත්තගෙ කොන්ඩෙ අල්ලගෙන අදිමින් සෙල්ලම් කරන්න උනේ පාරවල් දෙක තුනකුත් ඔහුගෙ පපුවට ගහන ගමන්.


"ආයි බට්ටි මට රිදෙනව... ඉන්නව මන් අම්මිට කියන්නම්!!!"


"තූටී.. තූටි.. සද්දෙන් කියන්න එපා එයාට ඇහුනොත් අපි දෙන්මවම එලවයි අද ගෙදරින්, ස්ස්ස්ස්ස්ස් සද්ද එපා"


කාලය ගතවීයන වග කේශිතටද නොදැනී ගියේය.. වෙරලේ හිද සිටි ඔහු වලාකුලු රතුකරමින් මුහුදේ ගිලීයන්නට හදන ඉරදෙස බලාසිටියේ පෙර පෙරා පැමිනෙන සුලගේ හිදිමිනි.


" ..................... කෝ කෝ බට්ටි එන්න එහෙට! ඔයා ඔය වතුරත් එක්ක සෙල්ලම් කලා අදට හොදටෝම ඇති; ඔයාට අසනීප උනොත් එහෙම...! "


සුකී ඒ වචනෙට දුවගෙම දුවගෙන කේශිත ගාවට ආවෙ හොද කීකරු ලමයෙක් වගේ දෝත පාගෙමයි.


"තුටී... මාව වඩාගන්නකෝ..."


පොඩි එකා දෝත පාන් ඉදියෙ කේශිතට පොඩි එකාව වඩාගන්න කියල කියන ගමන්.. ඒ එයාටම තියෙන අමුතු අහින්සක කියුට් මූනත් එක්කමයි. ඒ මූන බලාගෙන කේශිතට උනත් ඒ පොඩි එකාව වඩාගන්නෙ නැතුව ඉන්න තරම් ගල් හදවතක් නෑ මොකද එයාගෙ හදවත තාමත් ඉක්මනින් දියවෙන සුලු ඉටිපන්දමක් වගේ..


"ආන් පේනවද ඉරත් බහිනව... අපි තාත්ත ගාවට යමු ඒනම් ඉක්මනට.."


කේශිතගේ හිතට එකපාර මොකක් හරිම කේතුවක් නිසා එකපාරය කලබලයකින් හැසිරෙන්න ගත්ත ඔහුගේ ඉක්මන් හදිස්සියට හේතු උනේ රතු ඉරේ අවසන් ආලෝකය දකිනවත් එක්කමයි.


ඉර බැහැල ඉවර වෙනවත් එක්කම කේශිත ඉක්මනට මෙතනින් පිටවෙන්න උවමනාවක් ආ වගක් පේන්නට තිබුනෙ ඔහුට යම් දෙයක් මතක් උනා වගේ..


" තූටි තාත්ති හරි පව් තාත්ති. එයා හෙල දුකින් ඉන්නෙ.."


".............."


"තාත්ති ඇයි කව්රුත්ම මට තූටි තාත්තිගෙ ඒ කතාව කියන්නෙ නැත්තෙ... තූටි තාත්තිගෙන් ඇහුවම කිව්වෙනම් තාත්තිගෙන් අහන්න කියල.. අනේ මත කියන්නකො.. අප්පහ්!!!"


" ම්ම්ම් මගෙ පුතාට චූටි තාත්ති එහෙම කිව්වද... එහෙනම් ඒක ම්න් කියන්නම් කො; හැබයි එක දෙයක් අම්මිට කියන්න බෑ මන් මේ කතාව ඔයාට කිව්ව කියල හොදද!!"


" ඩොලී ප්‍රොමිස් ම්න් අම්මිට කියන්නෙ නෑ.."


"ඒක ලොකූ කතාවක්... ඒක පටන් ගත්තෙ වෙනස්ම ආරම්බයකින් හරියට මේ මුහුදෙ බැහැගෙන යන ඉර වගේ "


නිමක් නැති ලුනු දියේ ගිලී අවසන් වෙන්න පටන් අරන් තිබුන ඉර දිහා බලන ගමන් මේ පොඩි කෙල්ලව අතින් අල්ලගෙන බීච් එකෙන් එලියට යන ගමන් රවිදු ඒ අපූරු ආදර කතාව කියන්න පටන් ගත්ත...


"ම්ම්ම් ඒක නිකන් සුරන්ගනා කතාවක් වගේ පුතා දන්නව නේද හැම සුරන්ගනා කතාවකම ඉන්නව ලස්සන කුමාරයෙකුයි කුමාරියකුයි;


"ඔව් ඔව් හරියට 'මිහිරි ලිලී' කුමරිගෙ කතාව වගේද... තාත්ති"


"ඔව් සුකී ඒ කතාවෙ වගේ තමා හැබැයි මේ කතාවෙ අනිත් එව්වට වඩා ලොකූ වෙනසක් තිබුන; මේ කතාවෙ ඉදියෙ හදක් වගේ ලස්සන කුමාරයෙකුයි ඒ හදටම ආදරය කරන්න කැපවුන ඉරක් වගේ දීප්තිමත් කුමාරයෙකුයි...


ඉතින් ඒ කතාවෙ හදේ ජීවිතයට අණ වෙලා තිබුනෙ අදුරින් වැහිල තිබුන කලුපාට වලාකුලක හිරවෙලා ඉන්න.

ඒත් ඒ හද එක දවසක් ගත්තු එක තීරනයක් නිසා එයාගෙ ජීවිතේ මේ වලාකුලෙන් බේරිල ඉරේ ආලෝකය එයාගෙ ජීවිතේට එන්න පටන් ගත්ත; ඉතින් ඒ පුන්චි තීරනේ පටන් ගත්තෙ වෙනස්ම වෙන්ස් රටවල් දෙකක තිබුන එයාපෝට් දෙකකින්.,.


කාලය සහ යතාර්තය යන දෙක අතර ගට්ටනය වන මෙම ආදර පුරාවත සම්මතයේ රේඛා මායිම බිද, ඒ මායිම් සීමාවෙන් එහාට අඩියක් තැබීමට වෙර දරන අහින්සක ආදර වන්තයින් දෙදෙනකුගේ ආදර වස්තුවක් වේ. මේ කතාව මිනිසුන් වන අපට තේරුම් ගැනීමට අපහසු කාලය සහ ආදර යන දෙක එකට කැටිකර එහි ඇති වටිනාකම පෙන්වීමට දැරූ වෑයමක් ලෙස පෙන්වාදිය හැකිය.


කාලයෙන් පවා සරදමට ලක්වන මොවුන්ගේ ආදර කතාවේ අවසානය කාලයේ ගුප්ත නාදයෙන් යුත් විරහ කාව්‍ය තනුවකින් අවසන් වෙයිද?, නැත්තම් ආලෝකමත් තනුවක පහස ලැබ ආදර ගී වයයිද?. යන්න මේ කතාවෙන් ඔබට ලබා දීමට මා කැමතිය..


ආදර යනු: ආදරය යන වචනයට පමනක් සීම නොවන බවත් එය පුද්ගලයාගේ සිරුරට සීම නොවන වගත් සාමාන්‍යයෙන් අපේ සමාජයේ මිනිසුන් දකිනවාට වඩා යමක් මෙම ආදරය යන වචනයේ ගැබ්ව ඇතිවග පෙන්වීමටත්, අසම්මත ආදරයන් තුල උවද එය තිබෙන වග ඔවුන්ට වටහා දීමට මා දරන උත්සහය සාර්තක වේවිද යන්න පාටකයා වන ඔබ මත රදා පවතීවි.


ප්‍රේමය නම් අමුර්තයේ රසය මාහට දැනෙන ආකාරයෙන් විදින්නට සහ ඔබත් සමග එය බෙදාගන්නට මා කැමතී. 'අපේ කාල ස්වර' යත් සමග ඉදිරියට එකතු වන්න..

.

.

.

.

.


කතාවෙන් හමුවෙමු..!