Chapter 1
"පිස්සු හුත්තෝ ... තෝ කොහෙද ඉන්නෙ"
වාහන තද බදේ ගෝශාව අස්සෙ මගේ කන කීන් ගාලා ගියේ පෝන් එකේ එහා පැත්තෙ එකාගෙ ටකරං වොඋඉස් එකට ..
එක පැත්තකින් වාහන තද බදේ එක්කලා වාහනවල හෝන් සද්දෙ , අනෙක් පැත්තෙන් මළ හිරු ගිල ගන්න දගලන මහ මුහුදෙ ගෝශාව .. අහස තැබිලි පාටයි .. ලස්සනයි හැබැයි ..
හුස්මක් කටක් ගන්න බෑ ... දුම් ගද , ඒ අස්සෙන් කෑම කඩවල රයිස් කොත්තු , වඩේ වල සුවදත් නැතුවම නෙවෙයි ..
මම දාගෙන හිටපු කන්නාඩි දෙක නහය උඩට තල්ලු කර ගත්තා .. අඩි දෙකක් යන්න නෑ ආයෙම ඒ රෙද්ද පහලට රූට්ටනවා ..
"පුත්තලම් බූරුවෝ ... තෝ අහගෙනද ඉන්නෙ "
වට පිටාවට අවදානය දුන්න ටිකට අරූ මොන මොනා කියලද මන්දා .. හරියට ඇහුනෙත් නෑ ..
"ඔව්" මන් ඇගට පතට නොදැනි උත්තර දුන්නා . නොදන්නවම නෙවෙයි ඔය උත්තරෙන් උගෙ පැනලා තියන රතු කට්ට තවත් පන්නනවා කියලා ..
ඒත් ඉතින් who cares
පපුව හරහා වැටිලා තිබුන සයිඩ් බෑග් එකේ පටිය එක වතාවක් හදා ගත්ත අත මම ඊගාව තප්පරේ සාක්කුවෙ ඔබාගෙන ඉස්සරහර ඇවිදගෙන ගියා ..
කලු පාට ඔෆිස් ට්‍රවුසර් එකට ලා නිල් පාට ශර්ට් එක ඇදලා බොත්තන් දෙක තුනක් ඇරගෙන , ඒ මදිවට අත් දිග ශර්ට් එකේ අත් වැලමිට ගාවට වෙනකන් නවාගෙන , ටයි එක නම් ඔබා ගත්ත දිහාවක් මට මතකත් නෑ .. ඔය කොහෙ හරි ඇති ..
"කොහෙ හිටියත් කමක් නෑ .. තෝ බෝඩිමට ගිය ගමන් මට කෝල් එකක් ගනින් !!! පකයා"
ගත්තොත් කෝල් එකක් ඌ කරන්නෙ ලෝකෙ තියන හැම කුණුහරුපෙන්ම මට ආමන්ත්‍රනය කරන එක .
අන්තිමට මූණට දමලා ගහන්නා වගේ පෝන් එක තියන එක ..
හොදම යාලුවො කියන උන් කවදත් එහෙමයි ..
මන් පෝන් එක සාක්කුවෙ දාගන ඉස්සරහට ඇවිදගෙන ගියා .. තව සැලකිය යුතු දුරක් තියනවා බෝඩිමට .. එහෙමයි කියලා මට බස් එකකවත් එල්ලෙන්න උවමනාවක් තිබුනේ නෑ ..
කොහොම හරි ඊට පැය භාගෙට විතර පස්සෙ මන් ගෝශාකාරි පරිසරයෙන් මිදිලා මගෙ නිස්කලන්කයි කියලා හිතන් ඉන්න .. අතර වටේම ගෙවල් වලින් පැකට් වෙච්ච බෝඩිමට එනකොට කෝල් එකක් ගනින් කිව්ව එකා ඉන්නවා වරම අතේ තියන් ටයි එකත් බාගෙට එල්ලගෙන සාක්කු දෙකේ අත් දෙක ඔබාගෙන මදිවට එක සපත්තුවකින් සිමෙන්තියටත් තට්ටු කර කර ..
"දැන් උඹ ඔය කිලෝමීටර් ගානක් පයින් ආවේ අර පැටලුනයි කියපු නූල් බෝලෙ දිග අරින්නද "
මන් ගෙට ගොඩ වෙන්න ඉස්සර ඌ මගෙ ඇගට ගොඩ උනේ මන් ලොකු හුස්මක් පාත දාලා කන්නාඩිය ආයෙම නහය උඩට තල්ලු කර ගනිද්දි ..
මමට ගහන්න ඕනේ මූට ඕවා කියනවට , අපරාදෙ කිව්වේ ..
"කෑ ගහන්න එපා බන් කාට හරි ඇහෙයි"
මන් ඌට රහසින් කිව්වා ..ඌට නැති උනාට ලැජ්ජාවක් කියලා එකක් මට තියනවනේ ..ඌ නම් කෑ ගහලා යයි මම එපැයි මෙතන වසන්න ..
"ඇහෙයි!! මන් කියන්නෙ නෑ උඹට ඇහෙන එක !! උඹට ඔහොම වෙන්න මේ හුන්ඩු බෝඩිමක් හේතුවක් , වැඩට යනවා .. කනවා බොනවා රිංගලා බුදියනවා ඔච්චරනේ තෝ දන්නේ .. අඩුම තරමේ තෝ කන්නාඩියෙන් මූණ වත් බැලුවද "
අරූ කියවගෙන කියවගෙන යනකොට , මම ඌවත් තල්ලු කරගෙන ඇතුලට ගියා ..
"වද දෙන්න එපා බන් " මන් කරදරකාර හඩකින් කියනකොට උනේ අරූ තව තව පරල උන එක .
"වද !! මන් .. මන් .. " මන් හිතන්නෙ ඌට කේන්තියෙ උච්චතම අවස්තාවෙ කියන්න ඕනේ මොනාද කියලා අමතක උනා ..
"ශිට්!!" ඌ මේස කකුලකටත් පයින් ඇනලා මගේ දිහාවට හැරුනේ ඉණට අත් දෙක තියාගෙන.
" මන් උඹට හොදින් කියන්නෙ ... මාත් එක්ක හගුරන්කෙත යන්න ලෑස්ති වෙයන් අදම"
" උඹට පිස්සුද ශනෙල් !! ඔෆිස් එකේ එහෙම හිතෙන හිතෙන වෙලාවට නිවාඩු ගන්න පුලුවන්ද , ජොබ් කට්ටටත් කෙලවෙන වැඩ"
ඒ ගමන කේන්තියෙන් කියවන්න ගත්තෙ මම .
"ඈ ගොන් හරකො තොට අමතකද තොගෙ බොසා මම කියලා "
හරිනේ අමාරුව , මගෙ කට වැහුනා .. පොඩ්ඩක් අමතක උණා තමා ඉතින් ..
.
.
රෙදි බෑග් එකත් ලෑස්ති කරලා නාගෙන ශෝට් එකකට ශර්ට් එකකුත් දාගෙනමම ඇද උඩින් ඉද ගත්තෙ ඔලුව පිහන ගමන් ..
කඩාගෙන බිදගෙන කුලප්පු වෙච්ච හරකෙක් එනවා ඇහෙනකොට මම ටවල් එක පැත්තකට දාලා කන්නාඩි දෙක දා ගත්තා .
ඌ ආපු ඒමට බ්‍රේක් ගැහුවේ ලෑස්ති වෙලා හිටපු මාව දැකලා
මන් දන්නවා ඌ බලාපොරොත්තු නොවෙන්න ඇති මම ලෑස්ති වෙලා ඇති කියලා .. මිනිහා එන්න ඇත්තෙ මට බනින්න උනත් මන් ලෑස්‍ති වෙලා ඉන්නවා දැකලා කරබාගෙන මම ලෑස්ති කරලා තිබුන බෑග් එකත් උස්සගෙන යන්න ගියාම ,මමත් දොර වහලා ගිහින් කා එකට නැග්ගා ..
දැන් ඉතින් පැය ගානක ගමනක් තමයි තියෙන්නේ ..
ලෝන්ග් ඩ්‍රයිව් එකක් !! අරුගේ ප්ලේ ලිස්ට් එකත්දැනටම ඔන් වෙලා තියෙනකොට මම සම්පූර්ණයෙන්මඇර ගත්ත ජනේලෙ උඩ මූණ තියාගෙන හුලගට මූණ ඇල්ලුවා..
සීතල හුලන් පාරක්
හිත නිවන සින්දුවක්
වාහන අඩු පාරක වාහනයක් ඇතුලේ නිදහසේ ඉන්නකොට කල්පනා කරන්නද දේවල් නැත්තේ ..
ශනෙල් වගීත් රාජපක්ශ
ඌ තමයි මගෙ හොදම යාලුවා ..
ඌයි මායි සෙට් උනේ ස්කූල් එකේදි ..අන්තිමට අපි නතර උනේ ඌ මගෙ බොස් වෙලා .. ඔෆිස් එකට විතරක් නෙවෙයි , දැන් නම් බලන් යනකොට ඌ මගෙ මුලු ජීවිතේටම බොස් වෙලා ...
මන් බෙල්ල හරවලා ඌ දිහා බැලුවා .. ඌ උගෙ පාඩුවේ වාහනේ ඩ්‍රයිව් කරනවා ..
" මොනාද බලන්නෙ" ඒකට නම් මාව යන්තමට ගැස්සුනත් මන් ගානකට නොගෙන ආයෙම රෑ අහසට ඇස් ගෙනිච්චා .
"ලස්සන බලන්නෙ!! ඇයි උඹ ??" අහක බැලුවට මොකද මාත් ඇරියේ නෑ ..
"පාඩුවෙ ඉදපන් "
වෙලාවකට නිකන් දරු පැටියා ගැන කරදර වෙන අම්මණ්ඩියෙක් වගේ මට කෑ ගහනකොට ..නිකන් හුරතල් රණ්ඩු කෙක්කක් වගෙ පෙනුනට , සමහර වෙලාවට මුට කේන්ති ගියහම බලන්න බැරි තරන් ..
දැනුත් ඔය ඉන්නෙ බුම්මට්ටා වගෙ වලිගෙ ගිනි අරගෙන .
ඇත්තටම ඌයි මායි යාලුවො උන එක අදටත් පුදුමයක්
ඌ සුදුයි මන් තලෙලුයි
මට තියෙන්නෙ කඩා හැලෙන කොන්ඩයක් වෙනකොට ඌට තියෙන්නෙ යන්තමට කර්ලි කොන්ඩයක්
ඌ සිංහල බෞද්ධ
මන් ටැමිල්
ඌ අමු ප්ලේ බෝයි
මන් ඇවිල්ලා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න එකෙක් ..
ඇත්තටම මේක නිකන් ලෝකෙ අටවෙනි පුදුමෙ වගේ ..
කොහොම උනත් ඌ තමයි මගෙ හොදම යාලුවා ..
හොදම යාලුවා කියනවටත් වඩා ඌ මගෙ පවුල ..
මම සෙයාන් ..අග්නි සෙයාන් අයියර්..
මම ඉපදුනේ යාපනේ .. ඒත් ඒ කාලේ බොම්බෙකට අහුවෙලා අම්මා අප්පා නැති වෙනකොට මාව නගරේ තිබුන අනාත නිවාසෙකට දැම්මා ..
අනාත නිවාසයක් අස්සෙ හැදුන වැඩුන මම දැන් ජීවත් වෙන්නෙ බෝඩිම් කාමරයක් අස්සෙ ..
වැඩට යනවා රෑට රෑ වෙලා ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා ආයෙම පහුවෙනිදා පාන්දරර නැගිටලා වැඩට යනවා ඕක තමා මගෙ ජීවිතෙ ..
අවුරුදු දෙකක් තිස්සෙ මගෙ ජීවිතේ ඕක ..
මගේ ජිවිතෙ නැත්තෙ එක දෙයයි ඒ තමයි සතුට
මන් ජීවත් වෙන්නෙ මගෙ ඔලුව ඇතුලේ තියෙන මොකද්දෝ ලොකු බරක් පැටලැවිල්ලක් එක්ක ..
මන් දන්නෙ නෑ මගේ ජීවිතේ තව කොච්චර කාලයක් මට මෙහෙම දුවන්න වෙයිද කියලා ..
ඇත්තටම මම හිතන් හිටියෙ ස්කෝලෙ යන කාලෙ , වැඩට යන මිනිස්සු හරි සතුටින් ජීවත් වෙනවා කියලා
හැබැයි !! දැන් මට තේරෙනවා . මම අන්තිමට සතුටින් හිටියෙ ස්කෝලෙ යන කාලෙ කියලා ..
මන් හැම රෑකම කල්පනා කරනවා .. මගේ ජීවිතේ සතුට සැනසීම කවදා කොහෙදි මුණ ගැහෙයිද කියලා ..
ඇත්තටම මට මහන්සී ..බලන් ඉදලම හරි මහන්සියි ...










