Customize readability
Aa

දික්කන්ද වලව්ව [YIZHAN]

Summary

Yizhan

Status
Ongoing
Chapters
1
Rating
5.0 1 review
Age Rating
18+

Chapter 1

දික්කන්ද වලව්ව💗


කොටස 01






මයේ පුතේ... දවල් බත ලැහැස්ති කොරලා තියෙන්නේ කන්න ආවනම්...


මේ එනවා මයෙ අම්මේ....


හැමදාම වගේ වලව් මානේ පාලු මකන මගේ ග්‍රැමර්ෆෝන් එකේ සද්දේ ඩිංගිත්තක් අඩු කරපු මම එතන තිබ්බ හාන්සි පුටුවෙන් නැගිට්ටේ ඇදන් උන්න මෙරුන් පාට සරමත් දෙපාරක් ගසලා අදින ගමන්...



මැද සාලෙ පහු කොරලා වමට හැරුණම තියෙන මහ විසාල කෑම කාමරේ අදත් මන් එනකොට පුටු 2ක් හිස් වෙලා තිබ්බා...එතන තිබ්බ විසාල පුටුව ඇදලා වාඩි උන මම උගුර පාදනකොට මයේ අම්මා කැගැහුවා...


සුමනා........ හාමු මහත්තයට කෑම එක බෙදහන්...


මයේ අම්මා...


මයේ පුතේ..........


කෝ අයියා....


ඒකා ඉතින් ගෙදර ඉන්න එකක් කියලැ මයෙ පුතේ..මගෙ හිතේ පහල පොල් ඉඩමේ ඇත්තේ...


ම්න්...


දැන්වත් ඔය අමනාපකම් ඇතෑරලා දාපන් මයෙ පුතේ.. උබලා සහෝදරයො නොවැ...


අම්මා දන්නවා.. මන් නෙමෙ අයියා තමයි මන් එක්ක අමනාප කියන්න...


මන් දන්නැ මයෙ පුතේ.. අත්තම්මා මට ගිය දොහෙත් ඇනුම්පද කිව්වා ලොකු පුතාට පොල් අක්කර 500ම දීලා උබට මුකුත් නොදුන්නා කියලා...



මට මොකටද අම්මා ආය අමුතුවෙන් පොල් අක්කර.. මට තියෙනවනෙ හොද කුකුල් ෆාම් එකක්.. මට ඒක ඇති... අනික මේ නංගිලා දෙන්නාත් ඉන්නවනෙ මයෙ අම්මා....


උන් දෙන්නටනම් මොනවටද දේපල වතුපිටි.. කවදහරි දීගේක ගියාම උන් පිටටනේ මයෙ පුතේ....


නිල් පාට මල් වැලක් ගියපු තනි සුදු පෝසිලෙන් පිගානට වැටෙන රතු කැකුලූ බත දිහා බලන් මන් ලොකු හුස්මක් හෙලුවා....


මේ ගැන කතා කරලා පලක් නැ... ගෑණු හැමදාම කුස්සිය මුල්ලෙ වගේ වලව්වක හාමුලාට තියෙන තැන පොඩි මැණිකෙලාට තිබුන්නැ .. උන් හැමදාම අසරණයි..



අම්මා... අද අර ෆාම් එකේ වැඩ බලන්න මන් ගෙන්න ගන්න මනුස්සයා එනවා... ඒ මනුස්සයට කාමරයක් ලැහැස්ති කරවන්නොන...



ආයේ මක්කටද මයෙ පුතේ කාමර... ඒකත් මේ දික්කන්ද වලව්වෙන්.. වැඩට එන උන්ට? අර එළියෙ තියෙන කාමරයක් මන් සුමනාට කියල ලැහැස්ති කොරන්නම්...



ම්න්...




අහස් රවීන්ද්‍ර ඔබේසේකර





මේව්වා අපේ වලව්වට පුරුදු දෙයක්... පිටින් එන්නෙ කවුද ඒ හැමෝටම අයිති උනේ මේ මහ විසල් වලව්වෙන් එළියේ තියෙන කාමර 2න් එකක්... පිට එකෙක්ට මේ උලුහස්ස පනින්න කැප නැ..



සුමනා අතින් ඉදෙන බතේ සුවද කැම කාමරෙ පුරා පැතිරිලා යනකොට අම්මත් මමත් ඇරුණම මේ කැම මේසේ උඩ වචනයක් කතා කරන්න එකෙක් ඉස්සර වුන්නැ...


මයෙ පුතේ.. මෙ කෙහෙල් ගෙඩියක් කෑවනම්.. පහල අක්කරේන් අලුතින්ම කපපු කැනක්...


එපා අම්මා... මන් ෆාම් එක පැත්තෙ යන්න ඕන... අද සත්තුන්ගෙ කෑම ලොරි 3ක් බානවා...


පරිස්සමින් ගිහින් වරෙන් මයෙ පුතේ...


කෑම කාලා ඉවර වෙලා හෝදපු අත රෙදි කෑල්ලෙන් පිහපු මන් කාමරේට ගියේ මගේ රාජකාරි ඇදුමෙන් හැඩ වෙන්න... ම්ම්... මට තියෙනවා කුකුල්ලු ලක්ෂයක් විතර ඉන්න විසාල ෆාම් එකක්... සේවකයො 500 පන්නලා මන් යටතේ වැඩ...මේක අක්කර ගානක ෆාම් එකක්... අපිට ඉඩකඩම්දේපලද නැත්තේ... සීයා නැති උනේ මේ හැම කොටහම මටයි අයියටයි ලියලා .. ඒත් කෝ අර අසරණියො දෙන්නට ? උන්දැලට අක්කරේක දෙකක බිම් අගලකට මිසක් වෙන පොඩිම දෙයක්වත් පරම්පරා උරුමෙකට කියලා දායාද වෙලා තිබ්බෙ නැ...මෙච්චර ලොකු දේපලක් උරුම මට, ඒ කරලත් අහවල් එකටද අයියගෙ පොල් අක්කර ටිකත් මට ලියවන්න අත්තම්මා දත කන්නෙ කියන්න මන් දන්නැ...අද අලුතින් මගෙ උදව්වට මෙතන වැඩ බලන්න කෙනෙක් එනවා.. ඒ නිසා තකහනියක් මන් එතනට යන්න ඕන...



සුද්දාගෙ සූට් එක ඇදලා භාගෙට වැවුන කොණ්ඩෙත් එකතු කරලා බැදගත්තු මම අපේ මහ විසාල වලව්වෙන් එළියට බැහැලා ආපිට හැරිලා බැලුවා...








පාලූ පාටයී.. මූසල පාටයි... එහෙම නොවී තියේද ඉතින්... සීයාගෙ මරණෙන් පස්සෙ මේ වලව්වෙ හැමදේම සිද්ද උනේ අත්තම්මට ඕන විදිහට... කොටින්ම පව්ලෙ වැඩිමලා වුන මයෙ අයියටවත් අත්තම්මගෙ වචනෙට පිටින් යන්න බැරි තැන් තිබුනා...ඒකේ එක ප්‍රතිපලයක් ලබන මාසේ සිද්ද වෙනවා... ම්ම් මයෙ අයියගේ මංගල්ලෙ... ජයකොඩි වලව්වෙ පොඩි මැණිකේ එක්කලා...



අයියට පස්සෙ අපෙ පොඩියි ලොකුයි ඉන්න නිසා මට තව ටික දොහක් සැනසීමේ හුස්ම අල්ලන්න ඇහැක් වෙයි.. කොහොමත් දීගේක යන්න තරම් තවම මට මහ වයසක් නැ.. යාන්තම් තිහ පැන්නෙ මේ ඊයේ පෙරාදා නොවැ...




අක්කර 500ක පොල්වත්තකින් වටවුන හැමොගෙන්ම වෙන්වේලා හුදකලාවෙ තියෙන මේ විසාල වලව්වෙ කවදහරි අන්තිමේ ඉතිරි වෙන්නෙ මන් විතරයි කියන්න මන් දන්නවා,, මයෙ අයියා දීගෙන් පස්සෙ වැඩි දොහක් මෙහෙ ඉන්න එකක් නැ... ඒකට ලොකු හේතුවක් තියෙනවා... අද අයියා මගෙ මූණවත් නොබලන්න එදා මමත් ලොකු වැර්දිකාරයෙක් කියලා මගෙ හිත දන්න නිසාම මම උනත් ඒ හැටි අයියාට මුනිච්චි වෙන්න යන්නෙ නැ..


අඩිය ඉක්මන් කොරලා මන් පහල සීමාවෙ තියෙන මගෙ ෆාම් එකට ගියේ මේ වෙනකොටත් කුකුල්ලුන්ට කෑම ගෙනාව ලොරි ටික ඇවිල්ලා ගෝනි බානවා පෙනි පෙනි...



ඒ වැඩ ටික ඉවර කරලා මගෙ වැඩකාමරේට ගොඩ වුන මම ගණන් පොතේ අද වියදම් ටික සලකුණු කරනකොට දොරට ගහනවා ඇහුණ සද්දෙට මම මගෙ ඇස් ඉස්සුවා......


කවුද?


හාමු මහත්තයා ?


ආවනම් බලන්න ඇතුළට..


කවුද කියන්න නොදන්න පොඩි එකෙක් මගේ වැඩ කාමරෙ දොර ඉස්සරහා ඔලුව නමන් ඉන්නකොට ඒකා මොකට ආවද කියන්න නොදන්න මන් කර කර හිටපු වැඩෙත් නවත්තලා ඒ කොල්ලට අවදානෙ දුන්නා... මොකද මේ වලව් සීමාවට එහෙම ලේසියකට පය ගහන්න කාටවත් බැ... ගේට් එකේන් අවසර ලිපිය නැති එකෙක් පණ පිටින් ඇතුලට කවදාවත් ඇවිත් නැ.. රෑට රෑට කුකුල්ලු වගෙම පොල් හොරකමෙ එකෙක් ආවත් පහුවදා උගේ මිණියවත් හොයගන්න බැරි විදියට ආරක්ෂාවක් මයෙ වලව්වට දීලා තියෙන්නෙ...



දොර ගාව උන්න පොඩි එකා අතේ මන් බලන් කඩදහියක් තියෙනවා... ම්න් එනම් කොල්ලට අවසරයක් තියෙනවා... ඒත් කවුද මේක දුන්නේ... අත්තම්මාවත්ද...



මගේ හිතින්ම මගෙන්ම ප්‍රශ්න කොරාපු මන් කොල්ලට මගේ රළුම බැල්මෙන් කතා කලා...


ආව කාරණාව කියහන් බලන්න...


හාමු මහත්තයා,...


කියපන් බොල මට උඹ එක්ක මෙතන තැග් ගැහෙන්න කාලයක් නැතුවා...


හා.. හාමු මහත්තයා... මන් මේ ෆාම් එකේ වැඩට ආවේ...?


තමුන්?... තමුන් කිය්න්නෙ තමුන් රණතුංග කියලද?


ඔ..ඔව් හාමු..


කොල්ලට නොපෙනුනත් මගෙ ඇස් පුදුමෙන් විසල් වුනා... මන් හිතුවෙ මන් ෆාම් එකෙ මගෙ උදව්වට ගත්ත රණතුංග අඩුම මගෙ වයසෙවත් එකෙක් කියලා... ඒත් මෙතන ඉන්නෙ අවුරුදු 20ක්වත් නැති පොඩි කොල්ලෙක්නේ...



ඌ තාම ආව වෙලෙ ඉදන් බෙල්ල නවන් ඉන්න නිසා මන් හිතන්නෙ ඒකට මගෙ සපත්තු කුට්ටමට අමතරව දෙයක් පේන්නෙ නැතුවා...


ඔය බෙල්ල ඩිංගිත්තකට ඉස්සුවනම් බලන්න කොලුවෝ....


......


මන් උඹට වංගියක් කිව්වා!!


එකපාරක් කිව්වම බෙල්ලවත් නොහෙල්ලුව කොල්ලට දෙවෙනි පාර මන් සැර කරාම කොලුවා බයෙන් බයෙන් වගේ ඔලුව ඉස්සුවා..........


දෙයියනේ මූටනම් 20ක්වත් නැතුවද කොහෙද? ඇටෙන් පොත්තෙන් නාව පොඩි එකෙක්...මන් මටම දෙස් දෙවොල් තියාගත්තේ වයස නොබලා මන් මේ කොල්ලව අද මෙතනට ගෙන්නගන්න තරම් කොහොමද අසිහියකින් උන්නේ කියලා...


හා...මූ...


ම්ම්.. වයස කිව්වනම් බලන්න...


වි..විසි දෙකයි හාමූ...


මේ වංගියේනම් කොල්ලා නෙමෙ බය උනේ මම... දෙයියනේ මන් හිතුවේ මූට විස්සක්වත් නැතුවැති කියලා උනත් මූගෙ වයස විසි දෙකක් ලු....ඒත් මගෙ හිතේ ඇති වුන වෙනස කොයිම විදිහකින්වත් ඌට දැනෙන්න නොදී මන් පුරුදු රළු බැල්මෙන්ම උන්නා........


නම කියපන් බලන්න...


ස...සස්මික .......


වාසගම බොල ඇහැව්වේ....!


ඉ..ඉදුවර ..සස්මික රණතුංග....






ඉදුවර සස්මික රණතුංග


මන් ඉස්සරහා බයේ ගැහි ගැහි නම කියාපු කොල්ලගෙ උඩ ඉදන් යටට ඇස් අරන් ගිය මන් හිත යටින් හිනා වුනා...


එයාටත් වඩා ලොකු කබායක් ඇදන් මන් ඉස්සරහා හිටගෙන ගැහෙන මේ කොල්ලව දැක්කම මගෙ හිතට ආවේ හරි ආගන්තුක හැගීමක්...මූ තමයි මගෙ සේවකයන්ගෙන් වයසින් බාලම එකා.. ඔව්.. මොකද අද වෙනකන් මන් ලග උන්න පොඩිම එකා උන සේපාලගෙ කොලුවටත් විසිහතරක්...මූ දැක්කම හිතුන අමුත්ත මොකක්ද කියන්න මන් අදුනන්නෙ නැ..හරියට නිකන් ඔලුවෙ තිබ්බ ලොකු බරකින් මන් සැහැල්ලු උනා වගෙ හැගීමක් ඒක.. ඒ මොනදෙ උනත් මට බෑ මූ පොඩි උනත් මූට විශේෂ සැලකිල්ලක් දෙන්නනම්...


ම්න්... කොලුවෝ.. මාතර ඉදන්නොවැ මේ එන්නෙ.. ගමන් විඩාව නිවාගන්න වලව්වට යනවලා....


හ්...හාමු..


ම්ම්ම්...


කොල්ලගෙ කරේ හරහට එල්ලන් උන්න දඩාර බෑග් මල්ල කොල්ලටත් බර වැඩි බව දැක දැකත් අහක බලාගත්ත මන් ආයෙ ගණන් පොත කුරුටු ගාන්න ගන්නකොට කොල්ලා ඇහෙන නැහෙන ගානට හාමු කිව්වා.. ඒත් ඇස් වලින්වත් ඌට අවදානයක් නොදිම මම හූමිටි තිබ්බා...


හාමූ... මන් ..මන්.... දන්නැනේ වලව්වට යන පාර......


ලොකු හුස්මක් හෙලපු මන් අතෙ තිබ්බ පෑන සද්දෙන් මේසේ උඩ ගහලා කොල්ලා දිහා බලනකොට එකා ගැස්සුනා.....


මට ඌව බය කරන්න ඕන නැ .. ඒත් ඌ නවතින්නෙ වලව්වෙ නම් මීට වඩා දේවල් ඌට උහුලන්න වෙනවා... ඒ නිසා ආරම්භෙම ඌ මේවා ඉවසන් ඉහ ගහන්න ඉගෙන ගන්නොන...


පියල්....!!!


හාමූ...


මේ කොල්ලව වලව්වට ඇරලපන්.. කියපන් මැණිකෙට මේ ෆාම් එකෙ මයෙ උදව්වට ආව අලුත් එකාය කියලා..


එහෙමයි හාමූ...


නැ... නැවතියන්!.. උබ පලයන් ගිහින් වැඩක් බලාගනින්.. මන් දැන් වලව්වට යන ගමන් මේකව ඇන්න යන්නන්..


එහෙමයි හාමු,,,


මේ කොල්ලව පාල එක්ක වලව්වට යැව්වත් මොකද මෙලහකට මහ මැණීකේ උන මයෙ අත්තම්මත් වලව්වට ගොඩ වෙලා ඇති...ආව ගමන් මේකට මොන වැඩක් පන්ගනාත්තු කරයිද දන්නැ.. මූ බස් වල ආව තෙහෙට්ටුව මූණෙන් පේනවා ඒ අස්සෙත් මූගෙන් වැඩක් ගන්න බැරිකමක් නැති නිසා ,මමම මේ කොල්ලා එක්ක යන්න කියලා නැගිට්ටා...


ඉදුවර...


හා..මූ..


අද වැඩ මුකුත් කරන්න කාරියක් නැ... වලව්වෙන් ලැබෙන කාමර කෑල්ල අස්පස් කොරලා පාඩුවේ ඉදින්...


එහෙමයි හාමූ...


උබ කාලද දැන් ඔය දවල්ට?


න්.. නැ හාමූ..


ම්න්..


මන් ඌ එක්කම වැඩ කාමරෙන් එළි බැස්සෙ කාමරේ අගුලු දාලා යතුරත් සාක්කුවට දාගන්න ගමන්


වචනයක්වත් නොකියා මගෙ පිටිපස්සෙන් ඇදුන කොල්ලා වලව් පත්තට ඇවිල්ලා ඒ ඉස්සරහම නතර වුනේ ඉස්සරහට තියන්න තිබ්බ අඩිය පොලොවටත් නොතියා ආපිටත් නොගෙන අතර මැදින් තියාගෙන...


වචනයක්වත් නොකිය මන් රවාගෙන වගේ ඌ දිහා බැලුවේ දැන් මූව වලව්වට වද්ද ගන්න බුලත් දෙන්න ඕනද කියලා අහන්න වගෙ උනත් කොල්ලගෙ ඇස් තිබ්බෙම වලව්ව පුරා දුවන ගමන්... මේ ඩිංගට ඒකව සුදුමැලි වෙලාදත් මන්දා... කාලත් නැ කිව්ව නිසා වෙන්නැති මයෙ හිතේ...


මයේ පුතේ...


අත්තම්මේ.......


මන් හිතුවා හරි... ඒ ඇසිල්ලෙම වලව් දොරෙන් මතු උනේ මයෙ අත්තම්මා වෙනකොට මහ මැණිකගෙ උජාරුව මන් අදත් බලාගෙන උන්නා... ඔලුව පිටිපස්සෙන් බැදපු නරකෙස් ගිලිය උඩින් අදත් වෙනදා වගේම එයාගෙ රත්තරන් කොණ්ඩ කටුව පැටලිලා තියෙනකොට ඒ කර අගස්ති මාල වලින් පිරිලා තිබ්බා... කෙට්ටු උනත් තවමත් ඔසරියට තේජාන්විතව පේන මයෙ අත්තම්මා සාරි පොට ගසලා උරහේ දාගන්න ගමන් ඉස්තෝප්පුවට ආවේ මගෙ පිටිපස්සෙ උන්න කොලුවා දිහා උඩ ඉදන් යටට බලන ගමන්...


මේ කොලුවා කවුද චුටි පුතා...


මේ ෆාම් එකේ වැඩට ආව එකා අත්තම්මා..


ආ... මෙහෙ ලගින්නාව ඒකාද...



අත්තම්මගෙ වචන එක්ක මන් බලන් කොල්ලගෙ බෙල්ල තවත් පහලට නැවෙනවා.. පව් පොඩි එකා..ඇත්තටම අපි අපේ වැඩට ඉන්න එවුන් මේ වලව්වට වද්ද ගන්නැ.. ඒක සීයා ඉන්න කාලේ ඉදන් තිබ්බ නීතියක්...ඒත් මන් මේකගෙ විස්තර දැනගත්ත වෙලේ මේ වලව්වෙන් කාමරයක් ලැහැස්ති කලේ කොල්ලා මෙහෙ එකෙක් නොවුන නිසා.. කොල්ලාගෙ ගම මාතර...ඒ නිසා මේ අක්කර ගානෙ මට ඕන වෙලාවට මූ එහාට මෙහාට ගිහින් එනකොට මට මගෙ වැඩ පල කරගන්න වෙලාව අවහිර වෙන නිසා මන් වලව්වෙන් කාමර කැල්ලක් ලැහැස්ති කලේ.. ඒකත් අත්තම්මගෙන් දහවංගියකට වඩා දෙඩවිල්ල අහගෙන ...


ලගින්න නෙමෙ අත්තම්මෙ.. මගෙ වැඩ පලටනෙ ඇන්න ආවේ...ඉදුවර !! මෙහෙට ආවනම්...


මන් කතා කලාම තාමත් බය වෙලා වගේ ඔලුව නමන් ඉන්න පොඩි එකා එහෙම්ම මන් ළගට ඇවිල්ලා මට මුවා වෙලා පිටිපස්සෙන් හිටගත්තා.. මන් බලන් කොල්ලගෙ අත් බැග් එකේ පටිය මිරිකන් උන්න සැරට ඒ ඇගිලිපවා සුදුමැලි වෙලා ගිහින් තිබ්බා....



අත්තම්මා සුමනා අර කාමරේ ලැහැස්ති කලා නොවැ...


අර මක්කටද පොඩි පුතේ ලැහැස්තියක්.. මොකො මුගෙ අතපය කොර වෙලැයැ.. අපි මුන්ගෙ බැලමෙහෙවර කම් කොරන්න.. අපි ඔබේසේකරලා බොලව්... පෙලපත් ගාණක පටන් ධනවත්තු...


වෙනදා වගේම අත්තම්මගේ ජාතක වර්ණනාව පටන් ගන්නකොට මන් ඉක්මනින් අත්තම්මව බදාගත්තා...


අත්තම්මා...


මයේ කොල්ලො.. මොකො මේ...මේක සාරිපොටේ එල්ලන වයසක්ද කොල්ලො


අත්තම්මා මට ඔයා අතින් අර කහට කෝප්පේ වක් කරලා දෙන්නකෝ.. හරි තිබහයි අත්තම්මා...


අනේ පොඩි පුතේ.. මේ ගිණි මද්දහනේ මායන් වෙන්න ගියේ මොකටද අරහෙට වැඩට එවුන් ඉද්දැද්දි.. හිටින්නකො මන් මයෙ පොඩි එකාට කිරිකහට කෝප්පයක් වක් කොරන් එන්න...




ආදරෙන් මයෙ ඔලුව අතගාපු අත්තම්මා වලව්ව ඇතුලට යන්න යනකොට මන් ආපිට කොල්ලා දිහාවත් නොහැරී ඌට කතා කලා...


ඉදුවර..මේ තමා උබේ කාමරේ.. මන් එක්ක වැඩ කරනකන් උබට මෙහෙ ඉතහැකි.. හැඹැයි මැණිකෙලා එක්ක පැටලෙන්න යනවා නෙවෙ..


එහෙමයි හාමු..


ම්න්.......



වලව්වෙ යතුරු කැරැල්ල සාක්කුවෙන් ඇද්ද මම පහල මිදුලට යාබද කාමරෙ අගුල අරිනකොට හැමදාම දකින වෙනස අදත් යස අපූරුවට දකින්න තිබ්බා... මටනම් ඉතින් මේවා අමුතු දේවල් නෙමේ.. අපි පොඩි කාලේ ඉදන් දකින දේවල්..


අද උදේ වෙනකනුත් මේ කාමරේ තිබ්බ ඇද දැන් අතුරුදහන් වෙලා තිබ්බා.. ඒ වෙනුවට කාමරෙ කොණේ කඩතොලු වුන පැදුරු කඩමාල්ලක් රෝල් කරලා තිබ්බේ..අපේ කුස්සියේ පුටුවේ වාඩිවෙන්න ලේසියට දාලා තිබ්බ පරණ කොට්ට කැල්ලත් එක්ක...


වලව්වට එන කවුරු උනත් ඒ තවත් වලව්වක ඇත්තො නෙමෙනම් ඒ කාටත් ලැබෙන පිලිගැනීම මෙච්චරයි.. පරම්පරා ගානක් තිස්සෙ පැවත එන මේ පුරුදු මට උනත් වෙනස් කරන්න ඕන කියන දේ කවදාවත් දැනිලා නැ..


වෙනදා වෙනවා වගේම ඒ කොල්ලටත් වලව් වහල යට ඉන්න උනේ අතපල්ලෙන් වැටුන ගානට වෙනකොට කොල්ලට ඒ එක්කම වත්ත පහල පිල් ලිද ගැන කිව්ව මන් හීන් සීරුවේ මැද සාලෙට ආවේ මගේ සැනසීම හොයන්....


මගේ ග්‍රැමර්ෆෝන් එක... සීයාගෙන් පස්සෙ මගෙ නමට ලියවුන මට වටිනම වස්තුව... මන් මේ වලව්ව අස්සෙ ඉන්නවනම් අනිවාර්‍යෙන්ම මේකෙන් එන සංගීතෙන් වලව්වම වැහිලා යනවා... නිදාගන්න ටිකට ඇරෙන්න මම මෙතනින් නැගිටින්නෙම නැති තරම්...සංගීතය.......... සංගීතය කියන්නේ එක්තරා සැනසීමක්............



ග්‍රැමර්ෆෝන් එකත් අතගාගෙනම එතනින් මගේ කාමරේට හැරුණ මම එහෙම්ම ගිහින් තේක්ක ලීයේ කැටයම් කපලා හදලා තිබ්බ මගෙ අල්මාරියෙන් සරමක් අරන් ඇදගත්තේ මේ සුද්දගේ වස්තරේ එක්ක හුලං ඩිංගිත්තක්වත් නොවැදී තැම්බිලා වගේ ඇගට දැනුන අපහසුව එක්කමයි...



නිල් සරම කලු පාටින් බතික් වෙලා තිබ්බ අදටත් මන් ආසම සරම..........මේක මට එයා අරන් දුන්න එකක්... මගේ නොවුන මගේ මැණිකේ...........


බුලන්කුලම වලව්වෙ මද්දු වුන අරලියා බුලන්කුලම... ඇත්තටම ඒකී සුදු අරලියාවක් වගේ සිරියාවන්ත කෙලි... දැක්ක පලවෙනි දවසේම මගේ ඇස් ඒ රූපේ ළග නතර වුනේ අයියගෙයි මගෙයි අමනාපේ පාර කපලා දාලා....



ම්ම්.. ගිය දේ ගියා.. මට ඒකිව මතක් කරන්න අකැපයි.. ඒ මගෙ අයියගේ ආදරේ...ඒත් ධෛවයේ මොන පවකටදො මන්දා ඒකිට අකාලේ පරලොව යන්න උනා... දැන් අවුරුදු පහකට විතර උඩ... ඒකී මේ වලව්වෙම එලියට කිට්ටුවෙන් හදෝලා තිබ්බ කාමරේ ලේ විලක් මැද මැරිලා වැටිලා හිටියේ අපි හැමෝවම පුදුම කරලා... එදා ඉදන් මයේ අයියා මේ වලව්වෙ එකෙක් එක්කවත් හරියකට කතා කොරන්නැ...හේතුවක් නොදන්න නමුත් අයියා වැඩියෙන්ම පලි ගහන්නෙ මගෙන් කියන්න මට නොදැනෙනවා නෙමේ.... අද අර කොල්ලට ඉන්න කාමරේ අගුල අරිනකොට මට මැවි මැවි පෙනුනේ එදා අරලියා ඒ කාමරේ මැද ලේ විලක වැටිලා උන්න හැටි... එදායින් පස්සෙ ඔය කාමරේ සුමනා ලව්වා විඩෙන් විඩේ අස්පස් කෙරුවත් තවම එකෙක්ට දුන්නැ... කාට දෙන්නද ? මේ වලව් වහලෙ යට රැයක් නවතින්න පිට එකෙකුට කොයින්ද අවසරයක්...එච්චර ආරක්ෂාවක් මේකට තියෙන්නෙම වලව්වේ ආරක්ෂාවට..


සුමනා .......... සුමනා.......... මෙහෙ ආවනන්...............


හාමු මහත්තයා.........


කුස්සියේ බත් හට්ටි ඉතිරිද?


ඔව් හාමූ.. තවම අස් කරලා අහවර නැ...


ම්න්.. එනම් බත් පිගානක් බෙදන් ආවනම් මෙහාට........


එහෙමයි හාමූ............



බැදපු කෝන්ඩ කුරුට්ටෙන් කෙස් රොදවල් පිට පැනලා තියෙනකොට ආයේ කෙස් අහුර එකට එකතු කරලා බැන්ඩ් එක දාන ගමන් මන් සුමනට බත් පිගානක් බෙදන් එන්න කිව්වා.. පව් අර පොඩි එකා... තාම දරුවෙක්නෙ.. තෙහෙට්ටු ඇති.. දවල්ට කාලත් නැ.. මද්දහනත් ගෙවිලා යන්න ඇවිල්ලා.........





මයේ පොඩි පුතාට බඩගින්න අල්ලලා නොවැ.. බත් ගුලි වගයක් ඇති ආන් කුස්සියේ ඇන්න එන්නද මයේ දරුවෝ...


එපා අත්තම්මෙ හවසට කමූ.. දැනට මේ කහට එක ඇති...


හ්ම්.. මේ ජනෙල් දොරවල්වත් ඇරලා තියපන් පුතේ.. මෙව්වගෙ යක්කු පෙරේතොයොත් රිංගයි හුළං පොදක් නොවැදී...


මගේ අතට තේ කහට එක දුන්න අත්තම්මා හිතුවේ මන් බත් පිගානක් ඇන්න එන්න කිව්වෙ මට කියලා උනත් මන් ඒක නිවැරදි නොකලේ කතාව දිග්ගැහෙන නිසාමයි...මයෙ කාමරේ වහලා තිබ්බ ජනෙල් පලු අරින ගමන් ආත්තම්මා සාරිපොට අරන් ඉනේ ගහගත්තා..


මන් පොඩ්ඩක් ඇල වෙලා එන්නම් දරුවෝ.. ඉන්න බැ කොන්දේ ඇම්මක් අල්ලලා.. සුමනා වරෙන්.. මයේ තුනටියේ තෙල් ඩිංගිත්තක් උලාපන්...


ඒ එක්කම වගේ කාමරේට බත් එකක් බෙදන් ආව සුමනට ආත්තම්මා එයාගෙ කාමරේට අඩගහනකොට මම එයාලට යන්න ඉඩඇරලා ටිකක් වෙලා යන්න දීලා බත් පිගාන අරන් අර කොල්ලගෙ කාමරෙ ළගට ගියේ මන් මෙහෙම නොකරන්න ඌට කන්න ලැබෙන්න දංකුඩ වෙන නිසා... මොනවා උනත් ගෙදරට ආව මනුස්සයෙක්ට ඉස් ඉස්සෙල්ලම දංකුඩ දෙන්න පුලුවන්ද.. ඒ මොන නවනිංගිරා වැඩක්ද...



මේ වලව්වෙ ඩිංගිත්තක් හරි හිතෙ තෙතමනයක් තියන කෙනෙක් උන්නනම් ඒ මයේ අප්පච්චි විතරයී.. ඒත් අප්පච්චි අත්තම්මා එක්ක වසන්න බැරිකමටම අප්පච්චිගෙ නමට උරුම උන ඔබේසේකර වලව්වේ ජීවත් වෙනවා...මිසක් අවුරුද්දකදි බුලත් රුහුල්ලක් අරන් මේ වලව්වට එනවා මිසක් මේ පොළොවේ පස් පාගන්නැ...



මේ හැමදේම සිද්ද වුනේ අරලියා මැණිකගේ හදිසි මරණෙත් එක්කමයි.. එක දිගට එකට වුන සිද්දි එක්ක මේ විසාල වලව්ව අස්සෙ පිරිමියෙක්ට කියලා ඉතුරු උනේ මමයි මගෙ අයියයි විතරයි...


ගමේ මිනිස්සු අතරනම් අපේ මේ දික්කන්ද වලව්වට පිරිමි යාදෙන්නැති වලව්ව කියලා කසුකුසුවක් යනවා... මනස්ගාත... එනම් කෝමද බොල මායි මගෙ අයියයි මේ යස අගේට හුස්ම අල්ලන් ඉන්නේ..ඔව්වා මේ උහුලන් ඉන්න බැරි මිනිස්සුන්ගේ හිස් වචන විතරයි...



බත් පිගානත් ඇන්න ආව මං කොල්ලගෙ කාමරේ දොර ළග හිටන් උගුර පෑදුමෙ කොල්ලා නහයත් බැදගෙන කාමරේ අතු ගානවා පෙනෙද්දි...


මේ සුමනා මේ කාමරේ අතුගාලවත් නැද්ද..මන් උදේම කිව්වනෙ මේක අස් කරාපිය කියලා..


සුමනා..........සුමනා.............



එකපාර ආපු ආවේගෙට මන් සද්දෙන් බෙරිහන් දෙනකොට අත් දෙකෙම තෙල් නාගෙන උන්න සුමනා හනිකට ඇදන් උන්න චීත්තකඩේ අත් පිහ පිහ එනකොට ඉදුවර පපුවට අතකුත් තියන් මා දිහා බලන් ඉන්නවා මන් හොරහින් බලන්..කොල්ලා ගැස්සුනා...



හාමු මහත්තයා.......


ඈ බොල.. මන් තිට වංගියක් පැහැදිලිව කිව්වා නේද මේ කාමරේ අස් කරාපිය කියලා...


එ..එහෙමයි හාමූ..


එහෙමයි මෙහෙමයි නෙවෙ බොල.. එනම් කොහෙන්ද මෙච්චර දූවිල්ලක්... ඔය මගේ කීම අහපු හැටිද ආ බොල... දැන් තීට අමුතුවෙන් මතක් කරන්න වෙලාද මන් කවුද වග.. මන් මේ දික්කන්ද වලව්වේ පොඩි හාමු බොල...!!


ස..ස..සමාවෙන්න හාමූ..ඒ..ඒත් ලොකු මැණිකේ කීවා.. එන එකාම අස්කරපුවාවේ කි..කියලා...ඒකයි.. මන්.......


සුමනාගෙ උත්තරේ මන් බලාපොරොත්තු වුන එකම වෙනකොට මන් ඇස් පියාගෙන ලොකු හුස්මක් අරන් ඇතෑරියා...


අස්කරාපන් දැන් මේ කාමරේ.. මේ කොල්ලා දවල්ටවත් කාලා නැ..


ඉදුවර අතේ තිබ්බ කොස්ස සුමනා අතට දෙන ගමන් මන් ඉදුවරට කාමරෙන් එළියට එන්න ඔලුවෙන් ඉගි කරලා ඉස්සර වුනා....


ඉදුවර... ගිහින් අත හෝදන් වරෙන්.. මේක කාලා හිටින්..සුමනා කාමරෙ අස් කොරයි...


මන් මන් අතේ තිබ්බ බත් පිගාන ඉස්තෝප්පුවේ බැම්ම උඩින් තියනකොට දෙවංගියක් විතර මන් දිහා හොරාට බලපු කොල්ලා වත්ත කෙරෝලට දිව්වේ පිල් ලිදෙන් අත හෝදගන්න.........


ඌ එනකන් බත් එක ළග උන්න මන් ඌ බත් එකට කිට්ටු වෙලා ආයේ හොරාට විඩෙන් විඩෙ මන් දිහා බලනකොට මන් ටිකක් එහාට උනා... ඌට මන් ඉන්නකොට කන්න හිතක් නැතුවඇති නෙව...


අනේ ඉතින් ඒ පොඩි එකා වරු ගාණක බඩගින්නෙ හිටිය එකා වගේ බත් පත කාගෙන කාගෙන යනකොට මන් ඉස්තෝප්පුවේ වේවල් පුටුවේ දිගා වුනේ සැහෙන්න කාලෙකින්.. වලව්වෙ මෙහෙම නිදහසේ උන්නොත් මන් ඉන්නෙම මගේ ග්‍රැමර්ෆෝන් එක ළග උනත් අද මන් ඇයි මෙතන වාඩි වුනේ කියන්න මට හිතාගන්න බැරි උනා... හැබැයි ඒකට එක හේතුවක් තියෙනවා.. මොකද සුමනා බත් බෙදන් ඇවිල්ලා උන්නෙ මයෙ පිගානට... ඉතින් දැන් මේ ඉදුවර කන්නෙ මයෙ පිගානේ... හදීසියෙවත් මේක අත්තම්මා හරි අම්මා හරි ඇහැ ගැටුනොත් අර පොඩි එකාට විසුමක් වෙන්නැ.. වලව්වෙ පොඩි හාමුගේ පිගානෙන් කාපු එකම ඇති වෙයි අර කොල්ලගේ ජිවිතේම අපායක් වෙලා යන්න... ම්ම්.. මන් දන්නැතුවේ මේ මැණිකෙලගෙ කෙරුවාව...


ම්ම්... ඇතිද ? බඩ පිරුනද දරුවෝ?


එ..එහෙමයි මහත්තයා..


ම්න්.. කාරි නැ ගොතගහන්න.. මන් අමනුස්සයෙක් නෙවෙ නොවැ.හැබැයි මේ වලව්ව ඇතුලේ විතරයි.. මේ සීමාවේ උබ මට අමුත්තෙක්... ඒත් ෆාම් එකේදි මගෙන් කිසි බුරුලක්නම් මේ වගෙ ලැබෙයි කියලා හීන දකින්නෙපා පොඩි එකෝ.. එතනදි මන් උබේ හාමූ... උබ මගේ සේවකයා..


එ..එහෙමයි හා....මු


ම්න්.. ඉදුල් හෝදන් වරෙන්.. සුමනා දැන් කාමරෙ ලැහැස්ති කොරලා ඇති...ඩිංගිත්තක් ඇහැපියවපන්.. හෙට උදේ 5.30 කනිසම වෙනකොට ෆාම් එකට යන්නොන...



හොදමයි හාමූ..........


බත් ඇටයක්වත් ඉතිරි නොවෙන්න හූරලා වගේ කාලා තිබ්බ පිගාන දිහා බලන් හිටපු මම ලොකු හුස්මක් ඇතෑරියා... මේ දරුවා ආව වෙලෙ ඉදන් එහෙමයි හාමු ,හොදමයි හාමු විතරයි කියන්නෙ.. මේ දරුවට වෙන මුකුත් කතා කරන්න පුලුවන්ද බලන්නවත් ආසාවටවත් නෙමේ කට අරින්නෙ..මේ මිනිස්සු හාමූ කියන නම ඇහුවත් වෙව්ලනවා... මේවා අපේ පරම්පරාවේ වැරදී.. තාන්න මාන්න වැඩි වෙන්න වෙන්න උද්දච්චකමත් ඉහට ගහනවා කියන්නෙ ඒකට වෙන්නැති...




කොල්ලා අත හෝදගන්න පිල් ලිද දිහාට දුවනකොට මන් හිමින් සැරේ මැද සාලෙට ඇවිද්දා....... සුපුරුදු හාන්සි පුටුවේ දිගැදුන මම ග්‍රැමෆෝන් එකේ තැටිය මාරු කරලා අලුත් එකක් දැම්මෙ හැමදාම අහන තාලේ වෙනස් කරන්න කාලේ හරි නිසා.............












-



-




-




-







-







💛හොදද දන්නැ අලුත් එක..... ඉහික්.. ඕතරීටත් ඉන්න බෑනේ ඉතින් අලුත් එකක් අරන් ආවා... මේක හැබැයි අප්ඩේට් ස්ලෝ පුතීලා.. හිත අද්දර එක්ක කවලමේ දෙන්නම්...




💛කතාව ලස්සන නම් ඇඩ් කරගෙන ඉන්නෝව්ව්ව්...




💛මේක දිගටම දෙන්නත.. ඔයාලා කියවනවද..........වලව් කතාවක් ඉතින්..........





-



-



-




💛ඒ ළමයි තැන් දහ පහලවකමිදුවර වෙනුවට ධනූ කෙටෙන්න ගියා... ඒම වෙලා තියෙනවා දැක්කොත් කරුනාවෙන් ඒක නොසලකා හරින්න ඈ.. පුරුද්දනේ....




-




-




ආයේ ඉක්මනින් එන්නම්


බායි, ආදරෙයි...


මන් ලියො...💚

Let ලියො know what you thought about this chapter!
Love this

9

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

2

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

1

Compelling Plot

Great Character

1

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

Destino Secreto

Karin Rogowski: Gut geschrieben und beschrieben. Die Charaktere und Situationen sind stimmig und nehmen einen gefangen. Mich hat das Buch ab der ersten Zeile fasziniert, genau wie die anderen Bücher davor. Sehr guter Schreibstil und eine sehr gute Übersetzung, nebenbei bemerkt. Dankeschön, dass Du Deine Bücher ...

Read Now
Die Wölfe von Welby

maryketteler: Ich bin von diesem Roman sehr angetan. Es handelt sich um eine wunderschöne Geschichte, die durch ein tolles Happy End abgeschlossen wird.

Read Now
Wolf's Mate

Victoria: Hi,I analyzed your work, and I think it has a very unique and engaging storytelling style. The way you present your ideas and emotions really stands out. By the way are you currently working on any other stories or writing projects?

Read Now
Die verschmähte Mate

Angela Dahmen: Nicht ganz logisch. Sie studiert Medizin und kennt sich mit der alten Kräuterkunde aus und schluckt trotzdem die Tabletten ohne zu wissen was drin ist.

Read Now
The Moon's Weapon : the cursed mate [ MOVING TO GALATEA]

Silvia: Dieser Romsn ist sehr schön geschrieben. Er ist von Anfang bis Ende voll Spannung und fesselnd zugleich. Man konnte die Geschichte nicht aufhören zulesen. Danke das ich sie lesen durfte.

Read Now
 Mehrfach zurückgewiesene Gefährtin

Silvia: Sehr schön geschrieben, mit Spannung von Anfang bis Ende. Tolle Geschichte .

Read Now
My Blacksmith Savior

MoonlightN🌕: I absolutely love Sully. He's such a mature, patient, and understanding character—a complete green forest. 💚I love Sorsha too. She's strong, resilient, and easy to admire. They're a perfect match, and watching their relationship grow with patience, trust, and love was beautiful.The way their bond d...

Read Now
The Orc's Pet

Xonereth: I really enjoyed this story. It was pretty straightforward plot wise, uncomplicated. Loved the characters and the world. It unfolded at a good pace. Keep writing and I will definitely check out your other works!

Read Now
Luna de Verano - Die Gefährtin des Alphas (Band 1)

C.: Ich habe so oft herzhaft gelacht. Was für eine tolle Geschichte. So schön geschrieben. So schön, flüssig lesbar. Ich lieb‘s. Mir tun die Herren in der Geschichte fast leid, die Frauen sind reine Naturgewalten. Lustig, verschmitzt, offen, direkt. So schön. Danke für diese Geschichte und das wir sie l...

Read Now