ශාක්‍ය අදීප ශ්‍රීමාල් වනිගසේකර
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරන, කටකාර වගේම ටිකක් දඟ කොල්ලෙක්. ඉස්කෝලේ ප්‍රසිද්ධ වගේම දක්ශ පියානෝ සහ ගිටාර් ප්ලේයර් කෙනෙක්.
ශෙනාල් අනුහස් අභිශේක වනිගසේකර
ඒ විද්‍යාලයේම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන අහිංසක වගේම ඉස්කෝලේ කැපී පෙනෙන පිරිමි ලමයෙක්. සංගිතයට වගේම චිත්‍ර විශයත් පරතෙරටම හදාරන අහිංසක චරිතයක්.
නෙලීශ ලක්මුතු බස්නායක
ශාක්‍යගේ හොඳම යාලුවා තමා මේ. එයාගෙම පන්තියේ ඉගන ගන්න නෙලීශ බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් වගේම ගායකයෙක්. ශාක්‍ය වගේම කටකාර ඒත් දුර දිග හිතලා වැඩ කරන චරිතයක්.
නිලුපුල් ආශිංසන බණ්ඩාර
ඉහත විද්‍යාලයේම උසස් පෙල තාක්ෂණික අංශයේ ඉගනුම ලබන මොහු එම අංශයේ ඉහල ප්‍රතිඵල වාර්තා කරාවි කියලා ගුරුවරු අනුමාන කරන කෙනෙක්. පොත්පත් නිතරම කියවන මෙයා නම් කෙනෙක් අනුව ඇවිදින පුස්තකාලයක්.
විහඟ මෙත්මල් ඉන්දීවර
අභිශේකට ඉන්න එකම හොදම යාලුවා. එයත් අභිශේකගේ පන්තියේම තමා ඉන්නේ. ඉස්කෝලේ නම් නම ගිය භාෂා පරිවර්තකයෙක් වුණ මෙයාට දැනට භාෂා දහයකට වඩා චතුරව හසුරන්න පුලුවන්.
හේයි හේයි.....
අලුත් කතාවක් අරන් ආවේ. මේ වගේ එකක් ට්‍රයි කරන පලවෙනි වතාව ඉතින් 🤧 මේක Non Fiction එකක්.
True story based එකක් නිසා නම් වෙනස් කරලා තියන්නේ. 100% ක්ම ඇත්ත දේවල් දැම්මේ නැ චරිතවල අතිශය පෞද්ගලිකත්වය රැකෙන්න ඕන නිසා. මේක මමත් කොටස්කාරයෙක් උන තාමත් කෙලවර නොපෙනෙන්න ගලන් යන කතාවක් නිසා මුලු කතාව පුරාම හැපි කියන තීම් එක නං බලාපොරොත්තුවෙන්න අමාරු වෙයි.
ඔය උඩ තියන විදියට තමා මේන්ලි කතාවේ කැරැක්ටර්ස් යන්නේ. අතරමැද දි ඊට අමතරව එන අය කවුද කියලා බලමු. ඒනං කතාවෙන් හම්බෙමු. කතාව සේව් කරන් තියාගන්න.
ඉක්මනින් පලවෙනි චැප්ටර් එක අරන් එන්නම්
බයිබායි ලමයි 😘♥️
මම නෝරා 🧝♀️🌻