Chapter 1
අලුත් අවුරුද්දක්. අලුත් වාරයක්. අලුත් වාරයක් කිව්වට වාරෙ පටන් ගෙන මාස දෙක්කටම කිට්ටුයි. 12b art ක්ලාස් එක එකම කාලගෝට්ටියක්. නෑ නෑ මොකකටවත් ලෑස්ති වෙන්න නෙවෙ. ෆ්‍රී පීරියඩ් එකක්. දන්නවනෙ ගුරුවරු එන්නෙ නැති ෆ්‍රී පීරියඩ් එක්ක උසස් පෙළ පන්ති වල උන් හැසිරෙන විදිය.
"අනේ හු#තො තො ඔය පුටුව පදින එක නවත්තපන්කො බොගෙ පුටු කකුලට මගෙ කකුල අහු වෙනවා හු#න්නො"
"අනේ පල යන්න. මොකා කිව්වත් මං නවත්තන්නෙ නෑ. නෑ කිව්වොත් නෑ නෑ නෑම තමා"
"තොට කියන කට හොඳයි මං ගලක උලාගත්තනම්"
මේවගෙ සද්ද බද්ද ඇහෙන එක හරීඊඊම සාමාන්‍ය දෙයක් පිරිමි පාසලක. මොකද උන් සිල් අරගෙන ඉන්න උන් නෙවෙයිනෙ. ටකරමකට ගල් ගහනවා වගේ තිබුණ පන්තිය එක පාරම නිශ්ශබ්ද උනේ පන්තියට දුවගෙන දුවගෙන ආව ඇච්චෙක් එක පාරම කෑගහපු නිසා. ගුරුවරු සීයක් ඇවිත්වත් කරගන්න බැරි වැඩෙ මේ කොල්ලා කරලා තිබුණා.
"ච්-චමෝද් අයියා"
කොල්ලා හතිදාදා ක්ලාස් එක ඉස්සරහටම ඇවිත් නමක් කිව්ව පාර කොල්ලො ඔක්කොගෙම ඔලු හැරුනෙ පන්තියෙ අන්තිම පෝලිමට. පන්තියෙ පස්සහම පෝලිම කියන්නෙ නම ගියපු උන් ඉන්න තැනක් හැටියටනෙ එදා ඉදන්ම ප්‍රසිද්ධ. මෙතනත් කිසි වෙනසක් නැතුවම ඒ තියරිය ඒ විදියටම තිබුණා.
කලින් කෑගහපු කොල්ලො දෙන්නයි. හිස් ඩෙස් එකයි. ජනේලෙ අයිනට වෙලා මේසෙ ඔලුව ගහගෙන නිදාගෙන හිටපු පොරයි දිහා මුලු පන්තියම බලාගෙන හිටියෙ. අන්තිම පෝලිමෙ හිටපු කොල්ලා දෙන්නත් බලාගෙන හිටියෙ නිදාගෙන හිටපු බුවා දිහා කිව්වොත් වැරදි නෑ. මොකද අර ඇච්චා කතා කරපු නමේ අයිතිකාර පාර්ශ්වය තමා අච්චර හොඳට පන්තියෙ මුල්ලකට වෙලා නිදාගෙන හිටියෙ.
"අර පකයව ඇහැරවපන්"
"චමෝද් ඕයි, ඇහැරියන් බල්ලො"
කොච්චර ට්‍රයි කරත් ඇහැරෙන පාටක් තිබ්බෙ නැති පාර චමෝද්ගෙ අතිජාත මිත්‍රයො දෙන්නා උනු 'තිසුම්' so done වුණු බැල්මක් මූව හොඔයාගෙන ආව මල්ලිට දුන්නෙ.
"කව්ද බන් මල්ලි මූව එක්කම් එන්න කිව්වෙ"
"ප්‍රින්සිපල් සර්"
"අම්මටහුඬු එහෙනම් සිරීයස් කේස් එකක් බන්. මේ පකයව ඇහැරවපන් ඉක්මනට"
"හිටු මං දන්නවා ඇහැරවන්න විදියක්"
එහෙම කිව්ව 'යසිරු' චමෝද්ගෙ කන ලගට ගිහින් කන් බෙරෙ පුපුරන තරම් සද්දෙන් හූ කිව්වෙ මුගෙන් ගුටි කනවටත් වඩා මේකා ප්‍රින්සිපල් ළඟට ගියෙ නැතොත් ලැබෙන දඬුවම සැර වැඩි නිසා.
එක පාරම ඇහුන සද්දෙත් එක්ක චමෝද් මේ ලෝකෙට ආවෙ මොකා උනත් නින්ද කඩපු එකාව මරන් කන්න තරම් තරහකින්.
චමෝද්ගෙ ඉස්සරහටම වෙලා හරීම අහිංසක හිනාවක් දාගෙන හිටපු ඩයල් දෙක දිහා ඇස් පොඩි කරගෙන බලපු චමෝද්
"තොපි දෙන්නා මෙතන හු#න්න තියාගත්තෙ මොකද"
කියලා ඇහුවෙ ඊයෙ රෑටත් හරි හැටි නිදාගන්න හම්බුනෙ නැති එකෙ තරහා උන් දෙන්නගෙ පිටින් යවන ගමන්.
"අන්න අන්න කුඩුමාතියා රෝන්ග් සයිඩ් තමා යනවා. දැන් අපි දෙන්නා ඇහැරෙව්වෙ නැත්තම් උබට අපි එක්ක නෙවෙ පිනා එක්ක තමා අහවල් වැඩෙ කරන්න වෙන්නෙ"
"......"
තාම පියවි ලෝකෙට එන්ටර් වෙන ගමන් හිටපු චමෝද්ටනම් මෙලෝ මඟුලක් තේරුනෙ නෑ.
"අන්න උබට පිනා එන්න කියලා පණිවිඬයක් පරෙයියෙක් අතේ එවලා"
අන්න ඒ පාර නම් චමෝද් මේ ලෝකෙට ආවා කිව්වොත් හරි. හැබැයි ඒත් එක්කම චමෝද්ට කල්පනා උනෙ පිනා එන්න කියන්න තරම් සිරියස් කේස් එක මොකක්ද කියලා. දන්න තරමින් වැරැද්දක් කරෙත් නෑ.
චමෝද් කියන්නෙ වලි කාපර් කෙනෙක් කිව්වොත් හරියටම හරි. හැබැයි අහක යන වලි නෙවෙ තමන්ට සමීපම අයට ප්‍රශ්නයක් උනොත් විතරක් ඒ මැදට පයින පොරක්. වැඩේ කියන්නෙ චමෝද්ට ඉන්න සමීපතමයින් කියන්නෙ අහක යන වලිත් ගෙදර අරගෙන යන උන්. කියන්න ඕනි නෑනෙ එතකොට චමෝද් කොහොමද එව්වට එන්ටර් වෙන්නෙ කියලා.
"කල්පනා කර කර ඉන්න නෙවෙ පලයන් පලයන් ගිහින් වරෙන්. එක්කො අපි දෙන්නත් එන්නම්. යමන්"
එතකොට තමා චමොද් ඒ ලොකෙන් මේ ලෝකෙට ආවෙ.
"නෑ නෑ බන් ඕනි නෑ. මං වලි වලට සෙට් උනෙත් නෑ. ගෙදරින් එළියට බැස්සෙත් නෑ. Don't worry. වෙන කේස් එකක් වෙන්න ඇත්තෙ. ඉදපන් මං ගිහින් බලලා එන්නම්"
"ඔහොම හිටපන්."
චමෝද්ව නවත්තගත්තු මිතුරු ඩබල එකතු වෙලා චමෝද්ගෙ ඇදුමෙ අඩු පාඩු බල බල හැදුවෙ යෝජනාවකින් ගෙදෙට්ට එක්ක ආව මනමාලයාව බලන්න සාලෙට යන මනමාලිව සරසනවා වගේ.
"තොපිට පිස්සුද"
"හරි හරි දැන් පලයන්"
අරුන් දෙන්නටත් රවපු චමෝද් ක්ලාස් එකෙන් එළියට ආව ගමන් කොට කලිසමක් ඇදගෙන හිටපු ඇච්චා දිහා බලලා ප්‍රින්සිපල් එන්න කිව්වෙ කොහාටදත් අහගෙන ඔෆිස් එක පැත්තට ගියෙ අද කොහෙ ගියපු මාරලයක් එයාගෙ පැත්තට ඇවිත්ද කියලා හිතාගන්න බැරුව.
හොඳ හුස්මක් අරගෙන දොරට තට්ටු කරපු චමෝද් දොරත් ඇරගෙනම ඇතුලට ඔලුව දැම්මා.
"Excuse me sir"
"එන්න එන්න එනකම් බලාගෙන හිටියෙ"
චමෝද් ඊටපස්සෙ තමා ඔෆිස් එක ඇතුලෙ ප්‍රින්සිපල්ට ඉස්සරහා පුටුවෙ ඉදගෙන ඉන්න කොල්ලො දෙන්නව දැක්කෙ. එක්කෙනෙක්වත් කලින් දැකලා තියෙන පොරවල් නෙවෙ. එකෙක් නම් ස්කෝලෙ යුනිෆෝම් ඇදල ඉන්නෙ. හැබැයි ස්කෝලෙ ඇතුලෙ දැකලා නෑ. ඒනිසා මෙතන උන් දෙන්නට චමෝද්ගෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ කියලා තමා චමෝද්ගෙ ඔලුවට ආව පලවෙනිම දේ.
"ඇයි සර්"
"මේ ඉන්නෙ mr.."
"Kaveesha sathsara"
"චමෝද් මේ ඉන්නෙ කවීශ මෙයාගෙ මල්ලි තමා මේ ඉන්නෙ ඔමිඳු. අපෙ ස්කෝලෙට අලුතෙන් ආවෙ. ඔයාලගෙ ක්ලාස් එකට තමා වැටිලා තියෙන්නෙ. කලින් ස්කෝලෙ ගිහින් තියෙන්නෙ කොලඹ අයියාඑහෙ බිස්නස් පටන් ගන්න නිසා මල්ලිත් අයියා එක්කම මෙහෙ නවතින්න ඇවිත්"
චමෝද්ට හිතාගන්න බෑ ඒ කතාවෙන් මෙයාට තියෙන වැඩේ මොකක්ද කියලා..
"ඉතින් නේ ලමයා ස්කෝලෙට විතරක් නෙවෙ මේ පැත්තටත් අලුත් නිසා චමෝද්ට මං මෙ ලමයව භාර දෙනවා. මිස්ටර් බය වෙන්න කිසිම දෙයක් නෑ. මූ හෙන අණ්ඩපාලයා උනාට වගකීමක් දුන්නොත් තිතට ඉශ්ට කරනවා. ඒනිසාම තමා මං ඔමිඳුව චමෝද්ට බාර දෙන්නෙ. ඒ ගැන සැකයක් තියාගන්න ඕනි නෑ. අනික චමෝද්ගෙ තාත්තව මිස්ටර් දන්නෙ නැති වෙන්න විදියකුත් නෑ. බිස්නස් වලට නැතුවම බැරි කෙනෙක් තමා චමෝද්ගෙ තාත්තා mr gunasekara."
චමෝද් ඇහැකුත් උඩට උස්සගෙන ප්‍රින්සිපල් දිහා බලාගෙන හිටියෙ. මු මේ වර්ණනා කරන්නෙ මේ උදව්ව කරන්නම ඕනි නිසා මිසක් ඇති ආදරෙකට නම් නෙවෙ කියලා දන්න නිසා.
"Oh my god ගුණසේකර අන්කල්ගෙ පුතාද. මං දන්නවා සර් එයාව. අපිට ඉන්න ගෙදර හොයලා දුන්නෙත් එයා තමා."
"එහෙනම් බය වෙන්න දෙයක් නෑනෙ පුතා. එහෙනම් චමෝද් ඔයා ඔමිඳුව අරගෙන ක්ලාස් එකට යන්න. මට තව ඩොකියුමන්ට් වගයක් ෆිල් කරගන්න තියෙනවා ඔමිඳුගෙ ඒකට අයියා හිටියාම ඇති."
මුගෙ අයියා හොඳට කතා කරපු නිසාම චමොද් කවීශටත් හිනාවක් පා කරලා ඔෆිස් රූම් එකෙ දොරත් ඇරගෙන එලියට ආවෙ එයාව අනුකරණය කරන ගමන්ම ඔමිඳුත් එයාගෙ පස්සෙන්ම වැටෙද්දි.
චමෝද්ලගෙ ක්ලාස් එක තිබුනෙ ග්‍රව්න්ඩ් එක ඉස්සරහා බිල්ඩින් එකෙ උඩම තට්ටුවෙ. බිල්ඩින් එකෙ පඩිපෙල ලගටම ඇවිල්ලත් තාම ඔමිදු තියා චමෝද්වත් වචනයක් කතා කරේ නෑ.චමෝද් බැරිම තැන උගුර පාදලා ඔමිඳුට කතා කරා.
"උබට කතා කරන්න බැයිද බන්"
ඒත් එක්කම බිම බලාගෙන ආව ඔමිඳු චමෝද් දිහා කන්න වගේබලපු බැල්මට චමෝදුත් ගොන් පහේ හිනාවක් දැම්මා.
චමෝද් කියන්නෙ මුලු ස්කෝලෙන්ම ඩීසන් පොරවල් අතර ඉන්න පොරක්. චමෝද්ට සල්ලි වලින්ද, ඇඳුම් පැලඳුම් වලින්ද, කෑමෙන්ද බීමෙන්ද, ලස්සනෙන්ද කිසි අඩුවක් නෑ. ඒ වගේම තමා ලොකු කමත් ඒක ඔය ඔක්කොටම වඩා තියෙනවා. චමෝද්ගෙ ඩැඩා ගුණසේකර කියන්නෙ ලංකාවෙ නම්බ්‍ර වන් හෝල්ඩින්ග් ගෲප් එකෙ අයිතිකාරයා එයාට ඉන්න එක පුතා උනෙත් චමෝද් විතරයි. ඒනිසාම චමෝද්ට පොඩිම දේකින්වත් අඩුවක් වෙලා නෑ. ඒනිසාම චමෝද් ස්කෝලෙදි උනත් තමන්ගෙ තත්වෙ ගැන ගොඩක් සැලකිලිමත් වෙන් කෙනෙක්. ආශ්‍රය කරන අය පවා තෝරලා බේරලා අරගෙන සර්කල් එකක් හදාගෙන ඉන්න චමෝද්ට ඔමිඳු ඉස්සරහා මේ විදියෙ ගොන් පහේ හිනාවක් ගියපු එක එසෙ මෙසෙ අවනම්බුවක් නෙවෙ.
ඔමිඳු දිහා බලන්නෙත් නැතුව ඉක්මනට ඉක්මනට ක්ලාස් එකට ගිය චමෝද් පස්සහම පෝලිමෙ එයැයිගෙ ආසනේ වේගෙන් සද්දෙ ඇහෙන්නම ඉස්සරහට ඇදලා පුටුවෙන් වාඩි වෙන දිහා තිසුමුයි යසිරුයි බලාගෙන හිටියෙ කටත් ඇරගෙන.
"මොකද බල්ලො උනේ"
"අඩේ හු#තො කතා කරපන්කො"
උන් දෙන්නවත් ගනන් ගන්නෙ නැතුවාචමෝද් පන්තියෙ දොර දිහාම බලාගෙන හිටපු එක තමා කරේ. දොරෙන් ඇතුලට මතු වුනු නන්නාදුනන ලමයා දිහා මුලු ක්ලාස් එකෙම ලමයි බලාගෙන හිටියෙ පිටිසක්වල ජිවියෙක් දිහා බලනවා වගේ.
"අම්මටහුඩු මූව එක්ක එන්නද උබව යැව්වෙ"
"ආ වරෙන් වරෙන් උබට මෙත ඉඩ තියෙනවා"
යසිරු පැනගෙනම ගිහින් කතා කරද්දි චමෝද් ආපහු යසිරු දිහත් රවලා බැලුවෙ මරාගෙන කනවද නැත්තම් පණ පිටින්ම කනවද බැල්මකින්. ඔමිඳුත් තාම කා එක්කවත් වචනයක් වත් කතා කරේ නෑ.
චමෝද්ට එහාපැත්තෙ පුටුවට ඔමිඳුව දාපු තිසුම් ඔමිඳුට එහා පැත්තෙන් වාඩි උනෙ චමෝද්ව ගනන් ගන්නෙත් නැතුව. මුලු පන්තියම මේ විගඩම දිහා හැරීගෙන බලාගෙන හිටියෙ ඔපාදුප ටික හොයාගන්න.
"අඩෝ බොක්ක උබෙ නම මොකක්ද. ආ උබ ඌ දිහා බැලුවට ඕකා දැම්ම කතා කරන්නෙ නෑ.මං තිසුම්, මේ යසිරු, එතකොට අර ඔලුබක්කා චමෝද්"
"..."
"උබෙ නම මොකක්ද. උබ බය ඒන්න දෙයක් නෑ. කැම්පස් වල වගේ රැග් කරන්නෙ නෑ හු#තො අපි"
"ඔමිඳු"
මතු සම්බන්දයි....
මම BROWNIE❤



![Fated to My Ex- Best Friend [Moving to Galatea]](https://cdn-gcs.inkitt.com/vertical_storycovers/ipad_49edb1dbf9a28b50b9c4d68d8598359b.jpg?width=1920&quality=75)






