Create New List
Share with your friends
Customize readability

ඝෝර බන්ධ

All Rights Reserved ©

Summary

අඳුරට අරක් ගත් යක් දෙස්සා ට කළ ඝෝර බන්ධනයක්... සැඟවුණු අභිරහසක්... යක්ඛ කැවුතුවක ලියවාලූ ප්‍රේමයේ කාර්තුව...

Status
1yr ago
Chapters
2
Rating
n/a
Age Rating
18+

පළමුවන බන්ධනය

අඳුර වැටීගෙන චන්ද්‍රයා උනත් සැඟව ගිය අන්ධකාරයෙ ගිලුණු කෙම්මුරක්....

*තොවිල් යාතුකර්ම වලට හොඳ දවසක්....

අවතාර යක්ෂ ආත්ම වලට බලගතු වෙන්න අඳුරු හෝරාවක්....

“ඉක්මන් කොරල ඔය දුම්මල ගනින්...

මේ මළ ගිය ප්‍රාණකාරයා ව දැන් ම මේ සරීරෙන් අහක් කොරන්න..”

“මළ ගිය ප්‍රාණ කාරයෙක්...”

“එහෙව් බොලව්...

තොපිල මේ කෙලීව මෙච්චර කල් ගෙට තියාන මොන මගුලක් ද කළේ...

මළගිය ප්‍රාණ කාරයෙක් මේ සරීරය අයත් කොරගෙන..

ඒකයි මෙච්චර වින්නැහිය...”

“ඔහොම ඉඳහන්....”

අතහැරපන් මාව..

අතහැරපන්...

තොපිලව මං විනාස කරනවා...

මට යන්න දීපන්...

“හහ් උඹ දන්නවද මේ කාගෙ කවුද කියල...

ආහ් බොලව්...

තොපිල ඔය අරක් ගෙන ඉන්නෙ පහතරට මහමුදලි මැණිකෙගෙ දෝණි

ඇන්දා ගෙ සරීරෙට ඕං...”

එතැන රැස්ව සිටි පිරිස එකිනෙකා දෙස බැලුවේ පුදුමයෙන් වගේ. පහතරට මහමුදලි මැණිකේ යනු ඒ පළාතේ ප්‍රසිද්ධ ධනවත් පවුලක කාන්තාවක්. ඇගේ දියණිය මෙවැනි තත්ත්වයකට පත්ව ඇතැයි කිසිවෙකුටත් හිතාගන්න බැරි වුණත් ඔය වෙලා තියෙන්නේ යස අගේට කියල පෙන්නන්න වගේ අදාළ ආතුරයා තවත් ඔළුවත් බදාගෙන කෑ මොර තියන්න පටන් ගත්තා.

තොවිලය මෙහෙයවන ගුරුන්නාන්සේ තවත් තෙල් පහන් කිහිපයක් ම දල්වල දෙහි ගෙඩියක් කපා පූජාව තවත් තීව්‍ර කළා. බෙර හඬ තවත් වේගවත් වෙද්දී යකුන් ලෙස ඇඳගෙන හිටපු නර්තන ශිල්පීන්ගේ චලනයන් වඩාත් ප්‍රචණ්ඩකාරී වුණේ වටේ රැස්ව හිටිය පිරිසෙන් තව එකා දෙන්නා ගානේ ආරූඪ කරවල නර්තනයට ඇද ගන්න ගමන්.

“කවුද උඹ? ඇයි මේ දැරිවිගේ ඇඟට වැහිලා ඉන්නෙ? ඇයි ආවෙ?”

ගුරුන්නාන්සේ හඬ අවදි කරද්දි අවතාරය අරක් ගත් තරුණිය මහ හඬින් සිනාසුනේ අසල හිටපු ගුරුන්නාන්සේ ගෙ ගෝල බාලයගෙ අතේ උන වට්ටියත් උඩින් විසික් වෙලා අර ආරූඪ වෙලා උන්න ගෑනියෙක් ළඟ වැටෙද්දි. ගුරා නම් මාරාන්තික බැල්මක් දුන්නා ගෝලයට. ඒ අතරම එක සැරේ වෙච්ච දේ නිසා ආරූඪ වෙලා උන්න අර ගෑනිටත් දැන් නම් නට නට හිටපු තාලෙත් අමතක උන හැඩයි වෙද්දී ඒකි සෙනඟත් පෙරළගෙන ම දුවල තිබ්බා පාරෙනුත් බාගයක් දුර. ඒත් ඉතිං කොහෙද. තාමත් අනිත් ගැමියො නම් මේ දිහා බලන් ඉන්නෙ ගුරුන්නාන්සේ ගෙ හාස්කම් බල ප්‍රාතිහාර්ය කිය කිය. ඒ තරම් ම භක්තිය ක්.

“මං... මං ආවෙ... එයා මට කරපු දේට...”

අවතාරය වැහිලා උන්න කෙල්ල අන්තිමට කතා කරා. නෑ නෑ ඒ කෙල්ලගෙ කටහඬින් කතා කරේ ඒ අවතාරය වෙද්දී මහමුදලි මැණිකෙ නම් අඬාගෙන ම සාරි පොටින් කඳුළුත් පිහ පිහ තමන්ගේ දුව ළඟට දුවගෙන ගියේ එයාව අල්ලන් හිටපු මහමුදලියවත් තල්ලු කරල දාලා වෙද්දී මහමුදලි ළඟ තිබුණ පහන් පැළත් කඩාගෙන ම බිම පත බෑවුනෙ වටේ උන්න ඈයොන්ගෙ හිනා හඬ මැද්දේ.

ඒත් ගුරා නම් හිටියෙ තරහින්.

“අනේ මගේ දුවේ...”

ඒත් එක්කම ආතුරයාව වැළඳගන්න ආපු මහමුදලි මැණිකෙටත් ගුරාගෙන් හොඳවෙන් වේවැල් පාරක් හම්බුනේ වටේ උන්න ඈයොන්ගෙ අත් කටට යද්දි. හැබැයි ඒකෙන් නම් යකා කෙසේ වෙතත් අඬ අඬ උන්න මහමුදලි මැණිකෙගෙ නම් කට වැහුණා.

“මොකක්ද එයා උඹට කරේ? කියපන් බලන්න?”

"මාවමැරුවා....

උන් මාව මැරුවා...

මගේ ජීවිතේ උදුර ගත්තා...”

කියපං...

කියපං උඹෙන් මොනාද මේකි උදුරගත්තෙ...

"මගේ ආදරේ...

මට ආදරේ කරන්න දීපං...”

“කියපං කවුද උඹෙ ආදරේ...”

"හඳ මෝදු වෙන සුන්දර රැයක මගේ නෙත ගැටුණු සඳසාවි තාරකා අතරින්....”

කිය කිය ඉඳිද්දි ම වේවැල් පහරක්..

පශ්චාත් බාගෙම දෙදරන්න තරම් වේවැල් කසාය ලැබෙද්දී යකා කෙසේ වෙතත් අදාළ මහමුදලි දෝණි ඇන්දා නම් පශ්චාත් භාගෙට අතත් තියාන බෙරිහන් දෙන්න ගත්තා.

“වැල් වටාරම් නෙවෙයි බොල...

මොකාද කියපන්...”

“මගේ ආදරේ..

මට ඕනා...”

එහෙම කිය කිය ම ඒ කෙල්ල ඔළුවත් වන වන පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගනිද්දී අර ගුරා ඒකිගෙ මූණටම දුම්මල පිම්බෙ කෙල්ල එහෙම්ම බිම පතබෑවෙද්දි. ඒත් ඉතිං මේ ඔක්කොම ජර මර අස්සෙ පොප් කෝන් වගේකුත් උස්සං ෂෝටකට බැනියමක් විතරක් ඇඳගෙන උන්න කොල්ලෙක් නම් ආතල් එකේ ම මේ නොමිලේ ම බලන්න පුළුවන් චිත්‍රපටිය දිහා බලාගෙන හිටියා. ඒත් දැන් නම් ටික වෙලාවක් තිස්සේ ම එකම දේ වෙන හින්දද කොහෙද ඒ කොල්ලා ට තඩි ඈනුමක් දෙකක් නොගියමත් නෙවෙයි. ඒ මදිවට නිරාවරණය වෙලා තිබුණ කකුල් මදුරුවන් ගෙ ප්‍රියතම ආහාරය වෙද්දී මේ කොල්ලා ගුරාට වගේ ම මදුරුවන්ටත් සාප කරා.

මදැයි මං ඉඳල ඉඳල නිවාඩුවට ආවා..මේ බිබික්කමට යක්කු ආවේස වෙලා මදිවට අපිත් එන්න ඕන රෑ තිස්සේ ඇහැරන් මේ මගුල් බලන්න... ෂික්... පටන් ගත්ත ගැම්ම දැන් නෑ නෙ.. වස කම්මැලියි... කියන්න ඕන තාත්වික මදියි කියල ඇක්ටින්... හැබැයි ඉතිං මහමුදලි ලොක් අම්මට හම්බුන වේවැල් පාර නම් මරේ මරු.. ඔය මහ බිබික්කමයි පොඩි බිබික්කමයි දෙන්නම එකයි... වන වන ගිහින් මිනිස්සුන් ව දැලේ දාගන්න එක ම නෙ වැඩේත්... බලන් ගියාම පොඩි බිබික්කම මව් තුමිය ට වඩා ඉදිරියෙන් නෙ.. යස අගේට යකෙක්වත් දාගෙන තියෙන්නේ ඔය...

මේ කොල්ලා නමට නම් අර මහමුදලි මැණිකෙගෙ නංගිගෙ පුතණ්ඩියා.. ඒ කොල්ලා ට අනුව මහමුදලි ල කරන්නෙ මොනාද ඒ සේරම වැරදි... ඒත් ඉතිං ගමේ ආවම ඕකට කන්න බොන්න දෙන්නෙත් ඔය උදවිය ම තමයි.

“ඕප්ස්... ගැහුවා නේද අර දොදොලට වේවැලෙන්.... මේ ගුරා මෙතන වෙනම ආතල් එකක් ගන්නව ද කොහෙද අර මහ දොදොලටයි පොඩි දොදොලටයි තඩි බාලා... ඇයි ඉතිං පුළුලුකුල කිව්වට මොකද ඔහොමත් දොදොලක් නෑ පිහිටා වෙන කාටත් ම...”

කොල්ලා හිතුවා කියල විතරක් ම හිතන් හිටියට ලාවට වගේ එයාගෙ කටින් ඒ වචන ටික පිටවෙලා තිබුණා වෙද්දී එහා පැත්තේ හිටපු සීයා කෙනෙක් නම් කොල්ලට දමාගෙන රැව්වා.

“ආ සොරි පොඩ්ඩක් සද්දෙ වැඩි උනා ද... හැරමිටි බාස් ඔයාටත් පොප් කෝන් ඕනෙද... පොප්කෝන් මීන්ස් පොරි අනේ... පොරි නැති නාඩගම් මක්කටද...”

කොල්ලා අතේ තිබුණ පොප් කෝන් බෑග් එකත් අර රවාගෙන හිටපු සීයට දික් කරාම සීයා කොල්ල දිහාවට මල් හතේ සුන්දර හිනාවක් දුන්නා.. ඒත් ඉතිං දත් නෑ..

“ආ දත් නැති උනාට කමක් නෑ..

මෙව්ව කටේම දිය වෙනවා..”

ඒත් ඊටපස්සේ නම් ඒ සීයා කොල්ලට දුන්නෙ මේ මොන පිංගුත්තරෙක්ද වගේ බැල්මක් වෙද්දී කොල්ලා නම් තව අහුරක් කටට දාගත්තෙ සීයට පේන්න ම ඔයාට නැති උනාට මට දත් තියෙනව වගේ බැල්මක් දීලා...

මේ තොවිල් යාග කර්ම ගැන නම් ඒ කොල්ලට කිසිම විශ්වාසයක් නෑ. මේ ඔක්කොම විකාර වැඩ කියල.

ඒ අතරෙම හිමීට කොල්ලගෙ ඔළුවට ආවෙ මහ මරුමුස් අදහසක්. හිමීට හිමීට අර සෙනඟ අස්සට මුහු වෙලා එතන තිබුණු පහනකට කොල්ලා අර දුම්මල ටික පිම්බා විතරයි වටේ උන්න උන් ඔක්කොම දුවල ගියේ ආතුරයටත් පිටපතේ ඊළඟ කොටහ අමතක වෙද්දී.

පිටපත පොඩ්ඩක් පිට පැනලා..

සීමාවෙන් ඔබ්බට ආතල් විඳින්න..

දැන් ම එකතු වෙන්න මේ ෆැන්ටසිය එක්ක..

දිගටම ලියන්න ද මේක...


Let nilas_tharavi know what you thought about this chapter!
Love this

2

Love this

Funny

1

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

1

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

1

Strong Dialog

Further Recommendations

His Unexpected Luna

Marie: Sweet story.. could be expanded easily ... greatjob!

Read Now
Marked While We Slept

Felicia: What an inspiring novel!! I enjoyed it immensely!I will definitely be looking out for more novels from this writer. It was imaginative, different and truly compelling. A real page turner

Read Now
The Orc's Pet

JyotiRekha: Great plot Describe the life of orcos moe

Read Now
Mystic Wolf

bushbaby: I love the slightly different spin on the were-world and I love love love reading Jaspers story splashed in-between. I honestly did not love Dev, he had no character growth and no arc I just didnt like who he is as a person and that made it hard to keep going about half way through. Without Jaspers ...

Read Now
Bound to the Bear

Marie: Omg such a sweet story .. couldn't stop reading such a heart felt journey ♥️

Read Now
The Luna He Threw Away

Petduck: There’s a lesson here that I’m not sure was intentional or not. Either way this is a really good story. I like the plot. I like the characters the author draws you in chapter by chapter.  you love the ending or at least I did. I think anyone who reads this book well, enjoy it.

Read Now
Monster's Second Chance

Angela Mullen-Akporiaye: I like the banter between Aldrich and Lucy. She’s sassy and kind. He’s vulnerable and strong. There’s a verisimilitude in the way that they relate. And when he came looking for her, she didn’t shrink. Bravo!

Read Now
Mated to the Wrong Alpha

Samantha: I really liked the plot and story overall! It does follow the typical werewolf storyline you see in almost every story. Rejection, second alpha becomes good mate, mystery of bloodline, hidden royal or magic blood, etc. Overall really good! One thing that was confusing was the quote of people talking...

Read Now
Off limits to fate, My Alpha, my sin

Sayurifighter: Easy read. Ended well with no loose ends.

Read Now