Create New List
Share with your friends
Customize readability

පහන්සිළු 🖤🌧️

All Rights Reserved ©

Summary

මේකෙනම් හිටන් තමයි යන්න වෙන්නෙ.. කොළඹ ඉදන්ම එන ට්‍රේන් එකක් නිසා සූ ගාලා සෙනග.. මගේ යාලුවො දෙන්නා නගින්නෙත් මගින්... එකෙක් ඊළග ස්ටේශන් එකේ.. අනිත් එකා තව ස්ටේශන් දෙකක් එහා... දඩ බඩ ගාලා නැගලා දොරට පොඩ්ඩක් මෙහාට වෙලා හිටගත්තා.. පුදුම සෙනගක්.. සති අන්තෙ නිසා වෙන්නැති.. වෙන ඉඩ තියෙන තැන් තියෙද බලද්දි.. ඈත ඉදන් මගේ දිහා කවුද බලන් ඉන්නවා වගේ මට දැනුනා.. මන් ආයෙම බලද්දි.. හීනි ඇස් දෙකක් මගේ දිහා බැලුවා.. හෙන ඈත ඉදන් බැලුවත් ඒ බැල්මෙ තියුණු කමටම..මට ඒක පෙනුනා.. මොනවා.. සිලුක අයියගෙ ඇස් දෙක වගේමයි... ඒත් එයාමෙහෙ කොහෙද.. මට මන් දැන් මුගේ දේවල් හැමතැනම පේන්න අරන් වගේ... මොකද්ද මේ මට වෙලා තීන්නෙ... නිදිමතේ නිසා වෙන්නැති... ට්‍රේන් එක යන්න ගන්නවත් එක්කම .. මන් ඉදපු තැනට මොකෙක්හරි කඩාගෙන බිදගෙන ආවා.. ඇවිත් මන් අල්ලන් ඉදපු බාර් එකට උඩින් අල්ල ගත්තා.. නහර ඉලිප්පිලා ගියපු අත් දෙකක්.. මන් හැරිලා උගේ දිහා බැලුවේ මගේ අස්සටම රින්ගලා නිදහසේ යන්න තිබ්බෙක නැති කරපු එකා මොකාද බලන්න.. හැරුන ගමන් තදනිල්පාට ශර්ට් එකක් එක්ක කලුපාට ඩෙනිමක් දැක්කා.. පොඩ්ඩක් උඩ බලද්දි.. මාස්ක් එකක් දාගෙන ඉන්න අර ඇස් දෙක මන් දැක්කා.. ඒවා හීනී වෙලා හිනාවෙනවා වගේ.. මේ මොකාද යකෝ මේ.. යන යන තැන පේන්නෙ..දැන් ළගටම ඇවිල්ලා... මන් රවලා දැක්කෙ නෑ වගේ අහක බලාගත්තා.. "අදුර ගන්න බැරි උනා නේද මල්ලි.. " ගැඹුරු කටහඩක් මගේ කළුවරට පෙම් බැදි දෑසක්... පහන්සිළුවක ආලෝකයේ සදහටම දැවටුනි...🖤 ඒ සිහින් දුඹුරු පැහැ දෑස්... තද කලු පැහැති මුරණ්ඩු ඇහිබැමි... මගේ ජීවීතය... නොසිතූ ලෙස.. වෙනස් කළ කතාව... මන් ඔබට අකුරු කරමි...✍️🖤 ~පහන් තරුනෙතු

Genre
Lgbtq
Author
Heysin2323
Status
1yr ago
Chapters
11
Rating
n/a
Age Rating
18+

Chapter 1

"යායට පායනා... පෝදා සඳ...

තෙත බේරෙනා... ඩිගි ඩිගියට..."


"පහන්...."

"පහන්... මොන ලෝකෙද ඉන්නෙ මේ ළමයා... කෑගහලා මගේ කටත් රිදෙනවා..."


හෙඩ් සෙට් එකත් ගහගෙන ...

දන්න වචන කෑලි මුමුණ මුමුණ ඉදපු මට background එකෙන් ඇහුන අමුතු කෑගැහිල්ලට එක ඉයර් පීස් එකක් අයින් කරලා බැලුවා...


"පහන්...ආයෙ කියන් නෑ...මේ දොර අරිනවා ළමයෝ"....


හුටා...

අම්මා නේද... දැන් ඉතින් ඉවරයි...


"ඉන්න අනේ මේ එන ගමන්..."


දඩ බඩ ගාලා ඇදෙන් බැහැලා ගිහින් දොරේ ලොක් එක අරිද්දිම අම්මා කඩාගෙන ඇතුළට ආවේ මගේ ඇගෙත් හැප්පී ගෙන...

හරි ඉතින්..

දේශනාවක් තමයි දැන්...


"මොන සිහියෙන්ද ළමයෝ ඉන්නෙ...

කෑම බෙදලා කොයි වෙලාවෙ ඉදන්ද කෑගහන්නෙ..

මේ මගුලක් කනේ ගහගෙන කිසි දෙයක් ඇහෙන්නෑ...

කීයද බලනවා දැන් වෙලාව.. 3ත් පහු වෙලා... දැන් තේ බොන වෙලාවත් ඇවිත්..."


ආවේස වෙලා වගේ අම්මා බැනගෙන බැනගෙන යන එක අහන් ඉදලා...


"හරි අම්මෙ ඉතින්.. මන් උදේට කෑවෙත් පහු වෙලා නෙහ්...

ඉන්න මන් කෑම එක අරන් එන්නම්..."

කියලා ශේප් එකේ කුස්සිය පැත්තට පැනගත්තා..


"ඔව් ඉතින් වෙලාවක් කලාවක් තියෙද..

උදේට කන්නෙ 12ට විතර...

ඇහැරෙන්නෙ 10ත් පහුවෙලා...

ඇගෙන් ගන්න දෙයක් නෑ දැන් ඇටත් පෑදිලා ..

මහත් වෙයි ද ඔහොම නොකා ඉදියම..."


අම්මෝ අම්මා ගමටම ඇහෙන්න කෑගහනවා...

අල්ලපු ගෙදර පොඩි උන් දෙන්නා බඩ අල්ලන් හිනා වෙනවා ඇති... ඇටිකිත්තො දෙන්නා..

එලියට ගැම්මට ආඩම්බර පාට් දාන් ඉදියට.. අම්මා කට ඇරලා මගේ සායම හෝදනවනෙ ඉතින්...


ශේප් එකේ කෑම එකත් අරන් අම්මා කාමරෙන් යනකම් ඉදලා...

මන් ආයෙම කාමරේට පැනගත්තා..


ඔයාල බලනවා ඇති මේ කම්මැලි කොල්ලා කව්ද කියලා..

මන් කම්මැලි නෑ හරිද..

ඒත් ඉදලා ඉදලා නිවාඩුවක් හම්බුනාම...

ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න එපැයි...


මන් පහන් තරුනෙතු...

වයස 23යි..


කැම්පස් එකට අඩිය තිබ්බා විතරයි...

තර්ඩ් ශයි එකෙන් ආපු නිසා..තාම ෆර්ස්ට් year එකේ ඉන්නෙ...

දන්නවනෙ බයෝ කරාම...සාමාන්‍ය දේවල්...

හුහ්..මන් විතරද එහෙම එන්නෙ නෑනෙහ්..

සයන්ස් ෆැකල්ටි එකේ මන් ඉන්නෙ...


ෆර්ස්ට් සෙමෙස්ටර් එකට ආව විතරයි යකෝ මතක..

හුස්ම ගන්න නෑ ලෙක්චර්ස්...

Zoom එකේම ඉදලා ඇස් දෙකත් පොට්ට වෙනවා මෙහෙම ගියොත්...

මේ දවස් වල අපු ගෙදර ඉදන් තමා වැඩ..

ලොකුවට කැම්පස් එකට යන්න උනේ නෑ..

රෙජිස්ට්‍රේශන් වලට ගියා ..

ඔරියන්ටේශන් ගියා...

එච්චරයි...

ආයෙම ගෙදර...


ගෙදර කියලා නෑ මේ දෙන වැඩ කන්දරාව කරද්දි දවස් ගෙවෙනවා හෝ ගාලා..

උදේ ඇහැරුන එකේ නිදිමත යද්දි , රෑට නිදාගන්න වෙලාව ඇවිල්ල...

ඒපාර රෑට නින්ද යන්නෑ..

මොන මගුලක් වෙලාද මන්දා..

ඔහේ fb එකෙයි wattpad එකෙයි විකාර බල බල ඉන්නවා...


Whtsapp එකට ගියොත් ගෲප් කෝල් වලින් බේරෙන්න හම්බෙන්නෑ..

මුන්ට ගියපු ගමන් කෙල්ලො සෙට් කරගන්න ඕන වෙලාද කොහෙද...

දිගට හරහට ෆෝන් ස්ටක් වෙනකන් මැසේජ් කොටනවා..

කෝල් ගන්නවා.. එක කෙලියයි...


මන් ඉතින්.. මුල්ම කාලෙ අඳුර ගත්ත මටම ගැළපෙන හාල්පාරුවො ටිකක් එක්ක ආතල් එකේ ඉන්නවා..

ඒ අස්සෙ අලුතෙන් අයත් අදුර ගන්නවා..

එහෙන් මෙහෙන් ගෲප් වලට එබිලා..


අම්මෝ දැන් කාලෙ ඉන්න කෙල්ලො යකුනෙ....

අනේ අය්යේ... ගාගත්ත ගමන්මයි සමහරු...

පුදුම පිස්සුවක් උන්ට තියෙන්න...

නානප්‍රකාර ඩීපී දාගන්නවා..

විනාඩියෙන් විනාඩියට උන්ගෙ ඩීපී මාරු වෙනවා...

බාගෙට බාගයක් ෆිල්ටර්ස් දාලා ගහපුවා..

සමහරුන්ගේ ඒවා රෑකට දැක්කොත් තොවිල් නටන්න වෙනවා..

කොණ්ඩ වනාගෙන තොල් රතු කරගෙන බුදුඅම්මො...


සමහරු නම් ඔන්න ආතල් එකේ විහිළුවක් කරලා..

ඉගෙන ගන්න දෙයක් අහගෙන පාඩුවේ ඉන්නවා..

ඕනම දේකට කතා කරොත් ඇරෙන්න උන් කරදර කරන්න එන්නෙ නෑ..

මන් කැමති අන්න ඒවගේ කෙල්ලොන්ට..

උන්ටත් නටන්න බැරැව නෙමෙයි..

හැබයි උන් ආඩම්බර කමට පොඩ්ඩක් පාඩුවේ ලිමිට් එකේ ඉන්න්වා...


සමහරු උන්නද මලා ද නෑ...

මැසේජ් ඇවිත් ෆෝන් ස්ටක් උනත් උන්ට ගානක් නෑ..

උන් නෙමෙයි එක මැසේජ් එකක් දාන්නෙ...

උන් ගැනනම් මට හිතාගන්න බෑ...


"අනේ අය්යෙ...ඔයාගෙ ඇස් හරිම ලස්සනයි අප්පා..."

රිශී මොකා ගැනද මේ කිය කිය වැලලෙන්න හදන්නෙ...

එකපාරට ආපු ගෲප් මැසේජ් එකක් දැකලා මන් කල්පනා කරා..

රිශී අර මන් ආස්සරේ කරන්න කැමති ජාතියෙ කෙල්ලෙක් ..

මන් බැලුවෙ මූට මොකක් වෙලාද මේ ගෲප් එකේ කොල්ලෙක්ගෙ ඇහැක් ගැන කියවන්නෙ කියලා..


නොටිෆිකේශන් එක ක්ලික් කරලා මන් ගියා කව්ද බොලේ මේ කුමාරයා කියලා බලන්න..

ඇයි යකෝ අපිත් ලස්සනයි හරිද...


සිලුක සදැස් බණ්ඩාරනායක

"Thank you nangiya ❤ "


කව්ද මේ සිලුකයා... නම ටැප් කරලා උගේ ඩීපී එක හොයාගන්න මන් ගියේ..

ඇයි යකෝ මූට විතරද ලස්සන ඇස් තීන්නෙ...

බලමුකො මුගෙ මහ ලොකු ඇස්..

හුටා..

මල කෙලියයි...


ඩීපී එක බලනවා වෙනුවට මගේ අතින් කෝල් බට්න් එක ක්ලික් උනා...

හයියෝ පහන්...

උබත් ගම කනවනේ යකෝ...


පහන් තරුනෙතු 👇

මේ ඉන්නෙ මම.. ඔය ඉන්නෙ ලස්සන හැන්ඩි කොල්ලා වගේ..

මට තියෙන්නෙ සුදුම නැති රන්වන් පාටට හුරු හමක්...


සිලුක සැදඇ.. නෑ නෑ ඒ යකා දැනම පෙන්නන්න ඕන නෑ...


(හායි යාලුවනේ...🤗

මේ මන් ලියන පළවෙනිම කතාව..

අඩුපාඩු ඇති. ඒව කමෙන්ට් කරන් යන්න❤️

පහන්සිළු ආලෝකයට ඇදෙන කණාමැදිරි පැටව්නේ ....

ආතරෙයි...❤️


හෙයිසින්)







⛔මේ කතාව විනෝදාස්වාදය සදහා ලියවෙන , සමරිසි ප්‍රජාව ගැන වැටහීමක් ඇති හෝ ඒ ගැන දැනුවත්, bl novels වලට කැමති අය සදහා පමණයි.

⛔වයස 21ට වැඩි ,මෙම ආරේ කතා පිළිබද අවබෝධයක් ඇති අය සදහා පමණක් කියවීම නිර්දේශ කරමි.

(අවම වශයෙන් 18 ට හෝ වැඩි විය යුතුය)

Let Heysin2323 know what you thought about this chapter!
Love this

1

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

THE WOMAN HE BOUGHT

Jkind12: Great story but I didn’t like the gap of 4 years in the end! It’s like the writer quit.!

Read Now
Bloodlines

karenfancp: I have noticed a few typos, the story line is good. I can’t put this down.

Read Now
The Contract Wife

Linda: Plot is good but a little repetitive. Recommend for readers who like an easy ready, simple storyline.

Read Now
Silver's Second Chance

Maggie Varnum: Like that it was fast paced and suspenseful...loved the romance up ended a little to fast ...would have been better if there was a Luna ceremony chapter and a birth of son with name chapter with Cole as a dramatic dad in the delivery scene .... Overall I enjoyed it very much!

Read Now
Ruthless Lord

Merrell Bunting: Beautiful story, a bit heavy on the spice for me but a really good read.

Read Now
Graves Lost Daughter Book 1 Devils Creek MC

Jazzy Sideris: Had me in tears at times ,but a really good read . Good work

Read Now
The Grumpy Next Door

Jemimma: I loved the Ice King + Little Sunshine vibe. It was so heartwarming... I liked how spicy scenes showed how their relationship is growing. I really loved the happy ending. Thank you!

Read Now
Rebuilding After Betrayal

Sheila: Loved this story so much. Great writing by this author. Glad she got to start another life with a man who will love and cherish her and her children for life.

Read Now
Married by Fate

Whokie: I love the fact that the main characters are not toxic

Read Now