Chapter 1
"අනේ. මේ කෝච් කාරයා අපිව දැන්වත් යවන එකක් නැද්ද බං. මට බඩගිනිත් එක්ක"
"යවයි යවයි. ටිකක් ඉවසලා ඉදපන්."
ලබන මාසේ තියෙන ඉන්ටර් ස්කූන් බැඩ්මින්ටන් ටූර්නමන්ට් එකට මේ මනෝජ් කාරයා අපිව දැන්ම ඉදන් මරවනවා. ආහ් යකූ ස්ට්‍රෙස්. මම උදේ ඉදන් කාලත් නෑ. මට බඩගිනී සාන්ත. ආහ් ඔහොම ඉන්න ඔහොම ඉන්න මම ශෙනායා. ශෙනායා රෝස්මරී. හෙහෙ මම ඇවිල්ලා බොක්කෙන්ම බැඩ්මින්ටන් වලට ලව් කරන පොරක් ඒත් අනේ මට දැන් යන්න ඕනේ බඩගිනී. අනේ අම්මපා මට මේ මනෝජ් කාරයත් එක්ක එන තරහා. මම දැන් මූ දිහා බලන් ඉන්නේ මූව උයලා කනවද ඩෙවල් දාලා කනවද කියලා හිත හිත. ආර්හ් පක්. යන්න දීපන් යකූ.
" අනේ බං පැනලවත් යන්ද?"
මම මට එහා පැත්තේ තඩි පචයක් හලන ගමන් හිටපු එලීෂාගෙන් ඇහුවා. ඒකි එකපාරටම අන්දුන් කුන්දුන් වෙලා මං දිහා බැලුවා.
"උඹට පිස්සුද බං. අද උඹට මොකෝ වෙලා තියෙන්නේ."
මට මොනා වෙන්නද. මම හිතන්නේ දැන් මෙයාට කන්නාඩි දාන්න කාලේ හරි වගේ. අනේ මගේ දෝනිගේ අහිංම්සක ඇස් දෙක පව්. මේකි එක්ක ඉදලා ඒ අසරණ ඇස් දෙකට දුක් විදින්න වෙලා. අහෝ කෙතරම් දුකක්ද. මම අනිත් පැත්තට එලීෂාගේ ඇඟ උඩට කලන්තේ දැම්මා.
"මට මොනා වෙන්නද දෝනි. තව ටිකක් මම මෙතන හිටියොත් මගේ බඩේ ඉන්න පණුවෝ දැනට දාලා තියෙන නිහඬ විරෝධතාවය ප්‍රචන්ඩ විරෝධතාවයක් බවට පත්ව වෙනවා නොඅනුමානයි."
"ළමයි. මෙතන මොකද වෙන්නේ."
මම ඒක පාරට ආපු කටහඬත් එක්ක ගැසිසිලා නැගිට්ටා. මම හොර ඇහෙන් ඒ පැත්ත බැලුවා. ඒ ඇවිල්ලා හිටියේ මම දකින්න ආසම රූපය වෙද්දි මගේ බඩගින්න කොහෙන් ගියාද දන්නේ නෑ. මට එයාව දැක්කාම මේ මුළු ලෝකෙම අමතකයි. මම ඒ තරමටම ඒ රූපෙට තදින්ම බැදිලා.
"අම්. නෑ අක්කේ ම්.මොකුත් නෑ. මේ රෝස්ට- ඌයි"
මම ඒ පාර හයියෙන් එලීෂගේ කකුල පෑගුවා. නැත්තං තව පොඩ්ඩෙන් මේකි මගේ පටි සේරම රෝල් කරනවා. මම එලීෂා දිහා උඩ ඉදන් යටට ස්කෑන් කරලා එයාට හොදවයින් රැව්වා. මම මගේ ඇස් කොනින් දැක්කා එයා මම දිහයි එලීෂා දිහයි අමුතු සත්තු දෙන්නෙක් දිහා බලනවා වගේ මාරුවෙන් මාරුවට බලනවා.
"ඇයි රෝස්ට මොකද?"
"නෑ අක්කේ.. මේ. මේ. මේකයි."
"මගේ ඔළුව කැරකෙනවා වගේ අක්කේ. ඒකයි."
දැන් මම මෙයාට මට බඩගිනී කිව්වොත්. මම මෙතන විහිළුවක් වෙනවා. ඒ නිසා ඉතින් මම පොඩි බොරුවක් කිව්වා. හෙහෙ. ස්වොරි ශුද්දා. අයි ලව් යූ අනේ. උම්වාහ්.
"ඒ ඇයි කෑවේ නැද්ද?"
"නෑ. ආහ් ඔව්. නෑ."
"රෝස් හරියට කියන්න. කෑවද නැද්ද?"
ශිකේ. මටත් වෙන විපත්. ඇයි #ත්තෝ මෙයා ඉස්සරහදී මට වචන පැටලෙන්නේ. ආර්හ්. ප්ලීස් ගිව් මී අ සවලක්. බිකෝස් නව් අයි වෝන්ටු මෙතන වැළලෙන්න. ඇයි #ත්ත. එක්කෝ නෑ කියනවා. ඇත්තටම මම කෑවේ නෑනේ. බොරු කියන්නේ මොකටද. බොරු කිව්වාම අපායේ යනවා කියලා මට මතකයි අපේ අත්තම්මා මම සූටි කාලේ කිව්වා. මම බොරු කියන්නේ නෑ ඒ නිසා. ඔය කවුරු මොනා කිව්වත් මම හරීඊඊඊම ගුණ ගරුක ළමයෙක්.
"නෑ."
"ඒ ඇයි?"
"මට අද උදේ පරක්කු උනා. ඒ නිසා කෑවේ නෑ."
"ඉස්කෝලේ ඇවිල්ලා වත් කෑවේ නැද්ද?"
"න්.නෑ"
"ඒ ඇයි?"
අනේ ගෑනියේ හැම මගුලටම ඇයි කියලා අහන්න එපා. අර තොපේ මහ එකා මම කිව්වේ මහ ලොකු මනෝජ් කාරයා. අද උදේ පාන්දර අපේ පන්තියට සැපත් වෙලා මට හොඳ දේශනයකුත් දීලා මේ ලබ්බට ඇදන් ආවා. වතුර බොන්නවත් ආයේ යන්නවත් දුන්නේ නෑ. ඇත්තමයි මට කියන්න පුළුවන් ඉතින්. මම ඔයා නිසා ඉවසලා ඉන්නේ. මට ඉතින් මම මේ හිතන් එක එයාට කියන්න පුළුවනෑ ඉතින්. මම හෙන මෝඩ පහේ හිනාවක් දැම්මා. මම දැක්කා එයාගේ මූණේ දැනෙන නොදැනෙන ගානට පුංචි හිනාවක් ඇදෙනවා. වෙයිට් අ මිනිට්. එයා හිනා උනාද. ඕහ් ෆක් අනේ යකෝ එයා හිනා. එයා හිනා උනා. මම මේ එයා හිනා වෙනවා දැකපු පළවෙනි පාර. සාමාන්‍යයෙන් මෙයා එහෙම හිනා වෙන කෙනෙක් නෙවේ. ඒත්.
"මාත් එක්ක එන්න."
"ඈහ්."
"මාත් එක්ක එන්න කියලා කිව්වේ."
ඒ මොන අටමගලකටද එන්න කියන්නේ. අනේ බං අක්කේ පිං සිද්ද වෙයි මාව මෙතනින් එළියට යවපන් එච්චරයි මට ඕනේ.
"ඒ මොකටද?"
"ප්‍රශ්න අහන්නේ නැතුව එන්න ශෙනායා."
ශෙනායා. ඇයි එයා මට ඒ නමින් කතා කරන්නේ. කවුරුත් මට ඒ නමින් කතා කරන්නේ නැති තරම්. මට නිකන් ඒක හුරු නෑ වගේ. ඒ නමින් කතා කරද්දි මට නෙමේ වගේ දැනෙන්නේ
"ඔය කට වහගන්න. දැන් එන්න මාත් එක්ක යන්න."
හුටා මං කටත් ඇරගෙනද. ශික්. ලැජ්ජා වෙනවා කියලා මෙහෙමත් ලැජ්ජා වෙනවද මං අහන්නේ. අනේ මං වසලා හමාරයි. මම කට පියාගෙන එයා පස්සෙන් එයා යන දිහාවට ගියා. මෙයා තමයි අපේ ඉස්කෝලේ ස්පෝට්ස් කැප්ටන් ඒ වගේම අපේ බැඩ්මින්ටන් ටීම් එකෙයි ඩාන්සින් ටීම් එකෙයි කැප්ටන් වියානා ක්‍රිශෝලි. වියානා අක්කා පට්ටම ටැලෙන්ටඩ් චරිතයක්. හරියටම කිව්වොත් කැ#ම ඩයල් එකක්. මම පොඩි කාලේ ඉදන් එයාගේ පසර්නෑලිටි එකට මාරම කැමති. එයාට තියෙන්නේ ස්ට්‍රොන්ග් පසර්නෑලිටි එකක්. ඒ වගේම හැමෝම වගේ මෙයාට රෙස්පෙක්ට්. ඉස්කෝලේ ඇතුලේ මෙයා නිකන් ෆැන්ටසි කැරැක්ටර් එකක් වගේ.
මම ආසම වියානා අක්කගේ ඇස් වලට. ඒවා ගොඩක් ලස්සනයි මම දැනට දැකපු ලස්සනම ඇස් තියෙන්නේ වියානා අක්කට. ඒවා තමා ඉතින් මේ කෙල්ලවත් දැලේ දාගත්තේ. සමහර වෙලාවට මට ඒවා පේන්නේ වල් පාටට. හෙහෙ. ඒ මට පේන හැටි ඉතින්. ම්හුක්. එයාගේ එක බැල්මකට පුළුවන් ඇවිලිලා ඉන්න මනුස්සයෙක්ව නිවන්නයි, නිවිලා ඉන්න මනුස්සයෙක්ව අවුලන්නයි. එයා නිකන් බැලුවත් මට පේන්නේ රවලා බලනවා වගේ. ඒයානම් ඇත්තටම පිස්සුවක්.
අපි දෙන්නම් කෝට් එකේ උඩ තට්ටුවේ තියෙන ලොකර් රූම් එකට ගියා. වියානා අක්කා එයාගේ බෑග් එක අවුස්සලා අවුස්සලා මොනවද මන්දා හෙව්වා. පස්සේ එයාට ඕනේ එක හම්බවෙලාද කොහෙද එයා එක පාරටම මගේ පැත්ත හැරුනා. මම එයාගේ අතේ තිබ්බ එක දැකලා පුදුම වුණා. කෑම පැකට් එකක්. මෙයා මොකක්ද කරන්න හදන්නේ. මම ඇස් දෙක ලොකු කරන් අක්කා දිහා බැලුවා. එයා එක පාරටම එයාගේ අතේ තිබ්බ ලන්ච් බොක්ස් එක මගේ පැත්තට දික් කලා
"ඇයි ඔහොම බලන්නේ? ගන්න"
"ඔයා මොකද කරන්නේ අක්කේ. මගේ කෑම එක තියෙනවා."
මම දැක්කා වියානා අක්කා කට කොනින් හිනා වෙනවා. යකෝ මගේ කෑම එක තියෙනවා. එයාගේ එක මට දික් කරලා හරියනවෑ ඉතින්. මගේ හාර්ට් එක එකසිය ගාණට විතර දැන් ගැහෙනවා. නැවතියන් යකූ ඔච්චර හයියෙන් ගැහෙන්න එපා ගැලවිලා එලියට විසි වෙයි.
"මොකද ශෙනායා නිකන් බය වෙලා වගේ බලන් ඉන්නේ?"
"අක්කේ මම දෙයක් අහන්නද?"
"ම්ම් අහන්නකෝ බලන්න."
එහෙම කියලා වියනා අක්කා මට එහා පැත්තෙන් ඉදගෙන ලන්ච් බොක්ස් එක ඇරියා.
"ඇයි ඔයා මට ශෙනායා කියන්නේ? හැමෝම මට කතා කරන්නේ රෝස් කියලා ඉතින් ඔයා විතරක්-"
"ඇයි මම එහෙම කතා කරන්න එපාද. ම්ම්.. "
මම ටිකක් වෙලා වියානා අක්කා දිහා ගල් ගැහිලා වගේ බලන් හිටියා. ඇත්තටම මට තේරෙන්නේ නෑ. මම අවරුදු ගානක් මෙයාට ආදරේ කලේ තනියම. වන් සයිඩ් ලවර් කෙනෙක් හැටියට. මෙයා ඉස්සර මම එක්ක මෙහෙමවත් කතා කලේ නෑ. ඒත් දැන්. දැන් එහෙම නෙවේ. එයත් මට ආදරේ කරනවද?
"ශෙනායා?"
"අහ්.ඔව් කියන්න"
මම එයා දිහා ගොඩක් වෙලා බලන් ඉදලා. මටත් පිස්සු.
"මම එහෙම කියන්න එපාද?"
"නෑ පිස්සුද. ඔයා කැමති විදියකට මට කතා කරන්න. ඒත් ඇයි එහෙම කියන්නේ?"
"මෙහෙමයි ඒ නම ලස්සනයි. මම ඒකට ආසයි. ඒ නිසා මට ඔයාට ඒ නමින් කතා කරන්න දෙන්න නංගී ප්ලීස්."
එයා එයාගේ කෑම එක අනන්න පටන් ගත්තා. මගේ බඩගින්න ගිහින් තිබ්බේ. ඒ නිසා මම මේසෙට ඔළුව තියාගත්තා.
"කෝ. කට අරින්න."
මම එක පාරටම ඔළුව ඉස්සුවේ වියානා අක්කා ඒ කියපු හරුපේ අහලා. කට අරින්න. මේ මනුස්සයා මට කවන්නද හදන්නේ. අනේ දැන්නම් මම මැරෙනවා කොයි වෙලේ හරි මේ ගෑනි හින්දා. දරාගන්න පුළුවන් දේවල්ද මෙයා මේ කරන්නේ. අනේ දෙයියනේ මගේ හාට්ටුව.
"අ.අක්කේ.?"
"කට අරින්න ඉතින්."
මම ටිකක් වෙලා එයා දිහා බලන් හිටියා. ඊට පස්සේ එයා බලෙන්ම මට කැව්වෙව්වා. එයා කියනවා ප්‍රැක්ටිස් කරද්දි නොකා ඉන්න හොඳ නෑලු. මොන වැඩේ තිබ්බත් හොඳට කාලා එන්නලු. එයාලත් ඉස්සර එහෙමලු. ආයේ නොකා ආවොත් හොඳ වැඩක් කරනවා කිව්වා. අනේ අපි බයවෙයි. කොහොමහරි එයා මට අර මුළු බත් එකම කැව්වෙව්වා.
" රසද?"
"ම්ම්. ඔව්."
"රස නෑනේ"
වියානා අක්කා මූණ ඇඹුල් කරන් එහෙම අහද්දි මට හිනා යන්න ආවත් මම හිනාව ආපහු ගිල ගත්තා. ඇත්තටම රසයි අනේ කවුද දන්නේ නෑ හැඳුවේ.
"නෑ අනේ පිස්සුද රසයි රසයි."
මම ආයෙත් අර ගොං පහේ හිනාව දැම්මා..
"මම ඉව්වේ."
අඩෝ නෝ. මෙයාට උයන්නත් පුළුවන්ද. මොනාද උනත් කෑම ටික නම් පංකාදු පහයි. ඒකනේ මම කිව්වේ මෙයා මාර ටැලෙන්ටඩ් කියලා. ඕන වැඩකට දස්සයා. හැබැයි අදනම් මෙයාට මොකක් හරි වෙලා තියෙනවා.
-
"රෝස්, වියානා පොඩ්ඩක් මෙතනට එන්න."
කෝච් කාරයා මටයි වියානා අක්කටයි කතා කරා. අපිත් එක්ක මෙතන ප්‍රැක්ටිස් කරන්න පොඩි ළමයිනුත් ඇවිල්ලා. හැබැයි ඒ ගොල්ලො ටූර්නමන්ට්ස් වලට ප්ලේ කරන අය නෙවෙයි. නිකන් ප්‍රැක්ටිසස් කරන්න ආපු අය. අනේ මුන්ගෙන් පුදූම කරදරයක් තියෙන්න. ඒ පොඩි පක්කු ටික මෙතනට ආපු වෙලේ ඉදන් මගේ කොන්ඩෙන් අදිනවා 'අඤේ අච්චේ උයාගේ කුන්ඩේ යස්සනයි' යැයි යැයි කියලා. මම කොහොමත් දන්නවා මගේ කොන්ඩේ ලස්සනයි කියලා. ඇයි #ත්ත. මහා විසාල කරදරයක් උනානේ මේක. මමයි අක්කයි කෝච් කතා කරපු හින්දා කෝච් ලඟට ගියා.
"වියානා. පුතා ඔයා තමයි පොඩි අයව ට්‍රේන් කරන්න ඕනා. ඒ ගොල්ලන්ට හැමදේම කියලා දෙන්න. එතකොට රෝස් ඔයා. ඔයා ඒවා කියලා දෙන්න වියානට උදව් කරන්න ඕනේ ගොට් ඉට්?"
"යෙස් සර්. ගොට් ඉට්"
වයි මී. ආර්හ් සර් පක් යූ. ඇයි බං මාවම කන්න හදන්නේ තව අනුකි අක්කලාත් ඉන්නවනේ. ඇයි #ත්තෝ මාවම. ඇත්තමයි ඉතින් මට එන කේන්තියට. ආර්හ්. මාව මරාගෙන කාපන් සඳමාලිඊඊඊඊ.
"ඕකේ සර්"
කමෝන් ගර්ල්ස්. හැමෝම දැන් ප්ලේ කරන්න ලෑස්ති වෙන්න. මුලින් ප්ලේ කරන්නේ රෝසුයි එලීශයි වියානයි අනුකියි. රෝස් ඔයාලා එහා පැත්තේ කෝට් එකේ ප්ලේ කරන්න. වියානා ඔයාලා මේ පැත්තේ එකේ ප්ලේ කරන්න. මේකෙන් දිනන දෙන්න ඊළඟට මැච් එකක් ගහන්න. අනිත් අය බලාගන්න මේ අක්කලා ප්ලේ කරන විදිහ. අම්පයර්ස්ලා දෙන්නා විදිහට අරණීයි නෙතුකියි යන්න."
මම ගිහින් මගේ ස්පෝට්ස් බෑග් එක ඇතුලේ තිබ්බ මගේ සුදු මහත්තයාව එළියට ගත්තා. සුදු මහත්තයා කිව්වේ මගේ රැකට් එකට. ඒක සුදු පාටයි ඒ නිසා මම ඒකට සුදු මහත්තයා කියනවා. බලන්න ඉතින් දිලිසි දිලිසි තියන ලස්සන. අනේව් මගේ බබයියා.
"ඒයි ඕක දීපන්"
ඒක පාරටම ආපු අලියෙක් වගේ පිටසක්වල ජීවියෙක් මගේ රැකට් එක උදුරන් දිව්වා. හැබැයි ඕක පොඩි හරී සීරීමක් උනොත් බලාගන්නම්කෝ උඹව මම. මම රැකට් එක ගන්න ඒක අරන් දුවපු ඇතින්න පස්සේ පැන්නුවා.
"ඒයි රණවරා ඕක දීපන් ගෑනියේ මට ප්ලේ කරන්න තියෙනවා. කිව්වාම අහලා ඕක දීපාආආආආආආන්. නැත්තන් මම උඹව බිම දාලා පාගනවා."
"දෙන්නේ නෑ සුදු. පුළුවන් දෙයක් කරන්න."
අනේ අම්මපා මේකිට දෙන්න හිතෙනවා.
"අනේ රනාරා ඕක දීපන් නංගි."
"සුදු මහත්තයාව ඕනෙද. මේ. මේ. බිම දානවා. අපි බලමුද මේක කොච්චර ස්ට්‍රෝන්ග්ද කියලා."
මේකි මොකක්ද කරන්න හදන්නේ. අනේ ඕක පොළවේ ගහන්නනම් එපා. අයියෝ-
"දෙනවා ඕක මෙහාට"
මම ඇස් දෙක වහගත්තා. මට බලන් ඉන්න බෑ මගේ සුදු මහත්තයාට කරදර කරනකොට. වියානා අක්කගේ සද්දේ මුළු කෝට් එකේම දෝංකාර දුන්නා. ඒ සද්දෙට මායි රනාරයි දෙන්නම ගැස්සුණා. මගේ රැකට් එක මේ වෙනකොට තිබ්බේ වියානා අක්කාගේ අතේ. එයා රනාරා දිහා බලන් හිටියේ පුදුම බය හිතෙන බැල්ම කින්. ඒකට මටත් බය හිතුනා.
"මේක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද මෙහෙම කරන්නේ. මොළේ කියලා එකක් නැද්ද තමුන්ට. ඇයි එයා රැකට් එක දෙන්න කියපුවාම දෙන්න බැරි. ඔයාට ඇහුනනේ එයාට කෝච් ප්ලේ කරන්න එන්න කියපු එක. ඇයි පිස්සෙක් වගේ හැසිරෙන්නේ. මෙතන රූල්ස් කියලා දෙයක් තියෙනවා. මෙතනට ඇවිල්ලා පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා."
"ස්.ස්.සොරි අක්කේ."
වියානා අක්කාගේ වචන හරියට ඊතල වගේ. ඒ වගේම එයා කතා කරන්නේ හරිම කෙලින්. එයා කතා කරන වෙලාවට එයාගේ මූණේ කිසිම බයක් ගෑවිලාවත් නෑ. මම දැක්කා වියානා අක්කා එකපාරටම මං දිහා බලවා. බොරු කියන්න ඕනේ නෑ එයා ඒ බලපු විදිහට මම ඇත්තටම බය උනා.
"ආයේ මෙහෙම වැඩක් කවුරු හරි කරොත් මට හරි කෝච්ට හරි කියනවා."
මම ලාවට ඔළුව වනලා. බිම බලාගත්තා. ඊට පස්සේ එයා මට ගිහින් ප්ලේ කරන්න ලෑස්ති වෙන්න කිව්වා. මම එයාගේ අතේ තිබ්බ මගේ රැකට් එකත් අරන් කෝට් එකට ගියා. මම යනකොට මගේ දෝනිට පන එහා පැත්තට වෙලා රැකට් එක කරකව කරකව ඉන්නවා මම දැක්කා. මම එයා දිහා යටි තොල හපාගෙන හෙන වල් හිනාවක් දාලා බැලුවාම මේකි මට මිඩ්ල් ෆින්ගර් එක පොයින්ට් කලා. මමත් ඉතින් සැලෙනවද. නෑනේ නෑනේ මමත් එයාට අනිත් පැත්තට මිඩ්ල් ෆින්ගර් එකෙන් සැලුට් එකක් දාලා කෝට් එකට ඇවිත් හිට ගත්තා.
ටොස් එක දාපුවාම ඒක මම වින් කලා. එලීශට සර්ව් කරන්න දීලා මම රිසර්ව් කරන්න හිතුවා. කොහොම හරි ඉතින් අතිසාර්ථක ලෙස මම මේකෙන් ජයග්‍රහණය ලැබුවා. ගැම්මක් තමයි. මම එලීශට වඩා ගොඩක් ට්‍රික්ස් දන්න නිසා මට දිනන එක ලේසි වුණා. අරගොල්ලොන්ගෙන් කවුද දන්නේ නෑ දින්නේ. ශුවර් එකටම වියානා අක්කා වෙන්න ඇති.
"දැන් ෆයිනල් මැච් එක යන්නේ රෝසුයි වියානයි."
ම්ම්. මම කිව්වේ දැන් ඉතින් ගහපන්කෝ මෙයත් එක්ක. දිනන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඒත් බලමුකෝ. මම කෝට් එකේ මගේ පැත්තට ගිහින් හිට ගත්තා. මේ පාර ටොස් එක වින් කලෙත් මම හැබැයි මම මේ පාර සර්ව් කරන්න ගත්තා. අපි බලමුකෝ අක්කේ කවුද දිනන්නේ කියලා. වියානා අක්කා මම දිහා බලන් හිටියේ හරිම හිස් බැල්ම කින්. මම අනිත් පැත්තට එයාට රැව්වා. අනේ මට මෙයාට රවන් හිතෙන්නේ නෑ. මම තප්පර කිහිපයක් විතර එයත් එක්ක අයි කන්ටැක් එක තියාගෙන හිටියා. ඒත් අර මනෝජ් කාරයා මැද්දට පැනලා මගෙයි එයාගෙයි අයි කන්ටැක් එක බිදලා දැම්මා. අනේ මනෝජ්... උඹට බඩම පල. ඇත්තමයි උඹට වෙන පනින්න තැනක් තිබ්බෙම නැද්ද ඒයි. වැඩේ ගානට සෙට් වේගන එද්දි මූ මැද්දෙන් පැන්නනේ. කොහොමෙන් කොහොම හරි මැච් එක පටන් ගත්තා මං එහෙට ගහනවා මෙයා මෙහෙට ගහනවා එක්කෙනෙක්වත් අතින් ශටල් එක බිම වැටුනේ නෑ. එයා එවපු එකට මම සේරම වෙර දාලා ගැහුවා මොකටද ශටල් එකට. ඒත් ඒක ගිහින් එයාගේ පැත්තේ බිම වැටුනද? නෑ නෑ වැටුනේ නෑ. එයා ඒකට අනිත් පැත්තට මට වඩා හයියෙන් දීලා ඇද්දා. හැබැයි ඒක ඇවිල්ලා හරි ලස්සනට මගේ පැත්තේ බිමට වැටුණා. එයාට ලකුණයි. ආර්හ් ෆක්.
-
දැන් වෙද්දි දෙන්නාගෙම ස්කෝර් එක තිබ්බේ සමානව. අපි දෙන්නාගෙන් එක්කෙනෙක් තව ලකුණක් හරි ගත්තොත් ඒ කෙනා දිනනවා. මේක නිකන් ප්‍රැක්ටිස් මැච් එකක්. ඒත් ඒක ප්ලේ කරන්නේ මෙයත් එක්ක නිසා මට අනිවාර්යෙන්ම දිනන්න ඕනේ. එයා ගහපු පාරට කෙලින්ම ශටල් එක කෝට් එකේ කොනට වැටෙන්න ගියා මම එතෙන්ට පැනලා ශටල් එකට ගහපු පාර මම වැටුනා. ශටල් එක කෙලින්ම වියානා අක්කව පාස් කරගෙන ගිහින් බිමට වැටුණා. ගෝඩ්.. මම දින්නා. යෙස් හුත්තෝ යෙස්.
"ඌයි මගේ දනිස්ස."
මම වැටුන පාරට මම හිතන්නේ මගේ දනිස්ස මොකක්ද උනා. මම දැක්කා වියානා අක්කයි, අනුකි අක්කයි, එලීශා දෝනියි, කෝච් කාරයයි එකී මෙකී නොකී සියලුම සත්වයෝ මගේ දිහාවට දුවගෙන එනවා. මම උන් ටික මගේ දිහාවට මී හරක් රැල වගේ දුවන් එනවා දැකලා එක පාරටම නැඟිට්ටා. ඒත් එක්කම මගේ බැලන්ස් එක නැතිවෙලා මම අනිත් පැත්තට වැටුණා. මම හයියෙන් ඇස් දෙක පියා ගත්තා. අනේ දෙයියනේ මම මලාද. ආහ් නෑ නෑ. මාව කවුරු හරි අල්ලගෙන වගේ. මම හිමීට ඇස් දෙක ඇරලා බැලුවා. හුටා. මම දැන් ඉන්නේ වියානා අක්කාගේ අත් දෙක උඩ. ම්ම් නයිස්. වෙරි ගුඩ්. හරිම රොමෑන්ටික්.
"දඟලන්න එපා. ඒක විදිහකට ඉන්නවා."
-
මම මගේ කකුල බැන්ඩේජ් එකකින් තදට ඔතා ගත්තා. දැන් නම් කැක්කුම ටිකක් අඩුයි. එවෙලේ වියානා අක්කා මාව උස්සලම මෙතනින් ගෙනත් තිබ්බා. අනේ මට ලැජ්ජයි වගේ. ම්හුක්.
"මේ අක්කේ"
ඒ පාර මොන මරාලයක්ද. අයියෝ පොඩි පගයෙක්. මම එයා දිහා උඩ ඉදන් යටට ස්කෑන් කරා.
"ඇයි?"
"මේ අක්කේ ඔයා ලෙස්ද?"
මොන හුයන්නක්ද යකෝ ඒ ඇහුවේ. එක පාරටම නිකන් හෙනයක් ගැහුවා වගේනේ. මොකටද දන්නේ නෑ එහෙම ඇහුවේ.
"නෑ බබෝ. මම ගේ."
"ඈහ්. එහෙම වෙන්නේ කොහොමද අක්කේ."
එහෙම වෙලා තියෙනවනේ. හරිනේ. එලනේ. දැන් දැන ගත්තානේ. ඇයි යකෝ මේක පුදූඌඌඌඌම කරදරයක් උනානේ.
"ශෙනායා."
මතු සම්බන්ධයි.
හෙලෝ හෙලෝ.
මේක ඇවිල්ලා මගේ පලවෙනි සහ අවසාන GL එක. කියවලා බලන්න. වැරදි දැක්කොත් කමා කරන්න. මම වැරදි හැඳුවේ නෑ. මම මේක ඉක්මනට කම්ප්ලීට් කරනවා. ප්‍රෝමිස්. උම්වාහ් ගිහින් එන්නම්. මම ආදරෙයි නේ මගේ පැටව් ටිකට..
- ටොමී