Create New List
Share with your friends
Customize readability

පායල් | BL |

All Rights Reserved ©

Summary

වෘතියමය නිරූපණ ශිල්පියෙක්.. මැරේජ් ලයිෆ් එකක්.. දරුවෙක්.. මේ සංයෝගය කොහොම එකක් වේවිද.... BOYS LOVE | Sinhala

Genre
Lgbtq
Author
lotusmaeve
Status
1yr ago
Chapters
1
Rating
5.0 (1 review)
Age Rating
18+

පායල් | THE SHORT STORY | BL




" කොහෙද තමුසෙ ඉන්නෙ? "


" ෆොටෝශූට් එක දැන් ඉවර වුණේ.. චේන්ජ් කරගන්න හැදුවා විතරයි "


" එවනවා සෙල්ෆියක්.. "


" මට මහන්සියි අනේ. ෆොටෝවලට හිනාවෙලාම එපා වෙලා. "




" හිනාවෙන්න ඕන්නෑ. ඇග පේන්න එවපං සෙල්ෆියක්. ඇයි එක එකා ඉස්සරහ විතරද ඇදුම් බාගෙට ඇදන් රඟන්න පුලුවන්.. තොගෙ මිනිහට ෆොටෝ එකක් ගහල එවන්න එච්චරම අමාරුද? "


මේ මනුස්සයගෙ පිහි පාරවල් වගේ කතා අහනවට වඩා ලේසියි සෙල්ෆියක් ගහල යවන එක. දාඩියටම මේකප් පවා දියවෙලා හිනාවෙන්න තියා ඇස් ඇරගන්නවත් මූණෙ මශල්ස් හොලවගන්න බැරුව ඉදපු මං ඉක්මනට ශර්ට් එකේ උඩ බොත්තම් දෙක තුන දාගෙන කලිසම ටිකක් පාතට ඇද්දෙ ඒක පුලුවන් තරම් දික් කරගන්න.. ඒත් ඒක කොටයි, ඇගට හිරයි.. දිග හුස්මක් පිටකරන ගමන් ඕන මගුලක් කියල සෙල්ෆියක් ගහල යවලා ෆෝන් එක පැත්තකට දාන්න හිතුවෙ චේන්ජ් කරගන්න. මේ හිර මගුල් ගලවලා දානකම් මටත් ඉවසිල්ලක් නැතුව හිටියෙ.


" මොකද්ද ඕයි මේ ඇදුම්.. ශික්.. "


" අනේ අයියෙ මේක මගෙ ජොබ් එක ඕයි.. " තේරුම් කරන්න හදලාම මගෙ කට ගෙවිලා තිබ්බ හන්දා මං තරහෙන් පිරිච්ච හුස්මක් විතරක් පිට කරා.


" තොට කන්න අදින්න දෙන්නෑ වගේ එක එකාට ඇග පෙන්නලම හම්බ කරන්න ඕන වෙලානෙ.. උබට කියන කට හොදයි ගලක උලාගන්නවා.. "


" තමුසෙට මේක මගෙ ජොබ් එක කියල තෙරුම් කරන්න හදන මේ කට එතකොට මං මොකේද උලාගන්න ඕන? "


" උලන්නෙද? උලන්න ඕන තොගෙ ඔය හෙලු ව ෆොටෝ ගහ ගහ තොට කෙල පෙරන සෙවලයො ටිකගෙ ප#$වල.! මගෙන් අහගන්නැතුව ඇදුමක් දාගෙන වරෙන්.. මං එන ගමන්.. "


" ..... " එයාම කට් කරනකම් මං කට පියාගෙන හිටියෙ අද රෑ ගැන මං දන්න හන්දා. අඩුගානෙ ගෙදර යනකම් වත් මගෙ හිතේ සැනසීම තියාගන්න ඕන හින්දා මං එකට එක නොකිය ඉවසුවා.


එයා බිස්නස්මන් කෙනෙක්. මං මොඩ්ල් කෙනෙක්. එයා මාව මුලින්ම දැක්ක වතාවෙ පවා මගෙ මැනේජර් මාව එයාට අදුන්වලා දුන්නෙ මොඩ්ල් කෙනෙක් විදියට. අපි අදුනගත්තෙ එයාගෙ කම්පැනි එකේ බිස්නස් ඇඩ්වර්ටීස්මන්ට් එකක් හින්දා..


එතකොට මට අවුරුදු දාසයයි.. අයියට විසි තුනක් ඇති.. ඒ කාලෙ කම්පැනි එක බාරව හිටියෙ අයියගෙ තාත්තා. මං පොඩ් කොල්ලෙක් හින්දා මට ලොකු තේරුමක් නැතුව ඇති කියල වෙන්න ඇති මගෙ වයසට ටිකක්වත් සමීප අයියා ලවා මට ඇඩ් එක ගැන අවබෝධයක් දෙන්න අප්පච්චි හිතුවෙ. එහෙම අදුනගත්ත අපි මේ වෙද්දි මැරීඩ්. ඒත් එක තැනක මං නොසලකාහැරපු නොගැලපීමක් හන්දා මගෙ මැරීඩ් ලයිෆ් එකම අපායක් වෙයි කියල මං එදා හිතුවෙ නෑ.


මගෙ අම්මියි තාත්තියි කවදාවත් මට සීමා දැම්මෙ නෑ. පුංචි කාලෙ ඉදන් මං ආස වුනේ මොඩ්ලින්වලට. අම්මි ෆැශන් ඩිසයිනර් කෙනෙක්, තාත්ති ෆේමස් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. තාත්තිනම් වැඩි කැමැත්තක් හෝ අකමැත්තක් තිබ්බෙ නෑ.. එයා කිව්වෙ පුතා සතුටින් නම් එයාට ඕන එච්චරයි කියල. එයාල දෙන්නට හිටියෙ මං විතරයි.. ඉතින් එයා මාව ටිකක් වැඩියෙන් පරිස්සම් කරත් මගෙ සතුටට බාධා වෙන දුරක ඒ පරිස්සම ගියෙ නෑ.


අම්මි තාත්තිට වඩා ෆැශන් පැත්තට බරයි. එයා මටත් වඩා මගෙ මොඩ්ලින් හීනෙ හැබෑ කරගන්න මහන්සි වුනා. පුංචි කාලෙ ඉදන් ටීවී කමර්ශල්වලට, ෆැශන් ශෝ වලට ඒම මාව එක්ක ගියෙත් අම්මි.. හැමවෙලේම බැරි වුනත් පුලුවන් හැමවෙලේම එයා මං පස්සෙන් ඉදන් මට සපෝට් කලා. ඒ අස්සෙ තාත්තිගෙ යාලුවො වුණ ඩිරෙක්ටර්ස්ලා මාව ෆිල්ම් වල ළමා චරිතවලට ඉල්ලලා තිබුණා. ඒත් තාත්ති මාව යැව්වෙ නැත්තෙ ෆිල්ම් ලොකේශන් ඩේන්ජරස් හින්දා වගේම මගෙ දැගලිල්ලෙ තරමත් දන්න නිසා.


' මට ඉන්නෙත් ඔච්චරයි ' තාත්තිගෙ කටේ තිබ්බෙම මේක.


තාත්තිට බෑ මං පස්සෙන්ම වැටිලා ඉන්න. එයාටත් වැඩ තියේ. අම්මිට මං කන්ට්‍රෝල් නෑ. ඒ හන්දා කොළඹින් පිට ශූට් කරපු ෆිල්ම්වලට මාව යැව්වෙ නෑ. ඒත් එයාගෙ ෆිල්ම්වල ළමා චරිතවලට වගේ ඒවට මාව ගත්තා තාත්ති.


ටික ටික මං ගැන හැමෝම කතාකරන්න ගත්තා ඉතින්. එකක් ලංකාවෙ ෆේමස්ම ඩිරෙක්ටර් කෙනෙක්ගෙ සහ ෆේමස්ම ෆැශන් ඩිසයිනර් කෙනෙක්ගෙ එකම පුතා. අනික , මගෙ පෙනුමත් හුරතල් ඉතින්.. මං පොඩිකාලෙ ඉදන්ම ටිකක් දඟ වුණත් ඒක ඇට්ටරකමක් නෙවෙයි, අම්මිට පවා හිනා යන දඟකාරකමක්. හුරතල් පොඩි එකෙක් කියන්නෙ ඉතිං ඕනම කතාවක්, ෆිල්ම් එකක් මැද හැමෝගෙම ඇස් හැරවෙන චරිතයක් නෙ. මට ෆිල්ම් වලට ඩ්‍රාමාවලට ඇරයුම් ගලන් එන්න පටන්ගත්තා.


එක දෙකකට විතරයි යන්න හම්බුණේ. හැමදේම එතනම හිර වුනේ තාත්ති නිසා. ඒ වෙද්දි මට අවුරුදු නවයක් විතර. තාත්ති කවදාවත් මට එදා වගේ කෑගහල නෑ. වරෙං පලයං කියල කතා කරලා නෑ. මට ඇඩුනෙ ඒකයි.


" බලපං උබෙ ප්‍රගතිය ලස්සනට වාර්තා වෙලා තියෙනවා! දැන් ලබන අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ. උබට මං ඔය දේවල්වලට අවසර දුන්නෙ මොනා කියලද?! ඉගෙනගන්න එකට බාධාවක් වෙන්න බෑ, කියන දේ අහන්නැතුව ඉන්න බෑ කියල නේද? ඒ එකක්වත් මතකද දැන්?! "


තාත්ති කවදාවත් නැතුව වේවැලක් අරන් මගෙ කකුල් දෙකට දෙතුන් පාරක් ගගහා අහද්දි මං ඇදේ වාඩිවෙලා කෑගගා ඇඩුවා. අම්මිවත් මාව බේරගත්තෙ නෑ. එයා අඩ අඩ පැත්තකට වෙලා හිටියා.


" දරුවා මරං කන එක නවත්තන්න මහේන්! ඒ නොදරුවා මොනා දන්නවටද ?" අම්මි කියද්දි තාත්ති එයාට රැව්වා.


" මං කිව්වනෙ තමුසෙට පොඩි එකා අපි නැතුව කා එක්කවත් යවන්න එපා කියල ! අම්මෙක්ද උබ!?"


" මං යැව්වෙ නෑ දෙයියනේ! ගයාන් කියන්නෙ ආශීර්ට ගෙදර මනුස්සයෙක් වගේ. ඒ දරුවා ඕව දන්නෑනෙ.. යං කිව්වම ගිහින්.. මං පාටිය හැමතැනම බලලා නැති කොට ඔයාට අරන් බැලුවෙ ඔයා එක්කවත්ද කියලා. "


" ගෙදර මනුස්සයගෙ මනුස්සකම බලාගන්න තිබ්බ අර වේටර් කොල්ලා දැක්කෙ නැත්තම්. විනුදි මේ! කොල්ලව පරිස්සම් කරන්න බැරිනම් ඔය මගුලවල ඌ යවන්න එපා කොටින්ම. මට ඉන්නෙ මෙච්චරයි! තමුසෙටනම් වෙන ඉන්නවද දන්නෑනෙ කොහෙවත් යන හිවලෙක් කොල්ලව අරන් යනකම් ගානක් නැති වෙන්න. "


" මටම බනින්න ඔයත්! ඇයි අනේ ඔයත් ගියානෙ පාර්ටි එකට. ඔයා දරුවව පරිස්සම් කරානම් මෙහෙම වෙනවද? ඔයා යාලුවො සෙට් කරගෙන බොන්න ගියානෙ. "


" මං ගියෙ කොල්ලා උබ ලඟ කියල බයක් නැතුවනෙ ගෑනියෙ! නැතුව උබ මං ලඟ කොල්ලා තියලා ගියා නෙවෙයිනෙ. උබ දැනගන්න ඕන පොඩි එකා කොහෙද කියල බලන්න ටිකක්. කොහෙද කෝප්ප හෝදන්න ගත්තාම දරුවො ගැනවත් ගානක් තියෙනවද උබලට! "


අම්මියි තාත්තියි මොකට රන්ඩුවෙනවද කියලවත් හිතාගන්න බැරුව, ඇදේ වැටිල මං අඩ අඩ හිටියෙ තාත්ති මට ගැහුවෙ මං පාඩම් කරනවා මදි හින්දම වෙන්න ඇති කියලා.. ඒත් දැන් මට හිතාගන්න පුලුවන් එදා මොකද්ද වුනේ කියලා.


මට මතකයි අම්මි එයාගෙ යාලුවො එක්ක කතා කර කර ඉද්දි ගයාන් මාමි මට අත වනලා කතා කරනවා දුර ඉදන්. මං හිටියෙ නිදිමතේ. ගයාන් මාමි හරි ශෝක්, මං ඒ කාලෙ හිතන් හිටියෙ එහෙම. එයා මට මොන මොනාද කියල හුරතල් කරන ගමන් චොක්ලට් එකක් දුන්නා. මත් වෙනකම් පැනිරස කාල ඉදියත් පොඩි එකෙක් කියන්නෙ ඉතින් පැනිරස ඇතියි කියන එකෙක් නෙවෙයිනෙ. මම ඒකත් අරන් කන්න පටන්ගත්තේ අම්මි දකින්න කලින්.


ඊටපස්සෙ මොනා වුනාද පැහැදිලි නෑ මට තාම. නින්දෙන් වගේ මාව හොටෙල් එකේ රූම් එහෙකට වඩාගෙන ගියා මතකයි මං නිදිමතයි කියලා අම්මි ලඟට යන්න ඕන කියද්දි.


" අම්මි එයි ඉතිං.. ඔයා මේකෙ නිදාගන්න.. "මාව වඩාගෙන යන ගමන් ගයාන් මාමි ඔය වගේ ඒව කිව්ව මතකයි.


එදා මොනා වෙන්න ඇද්ද කියල මට දැන් අදහසක් තිබ්බා. තාත්ති මට ගැහුවෙ නොකියා ඒ මිනිහා එක්ක ගිය තරහට වෙන්න ඇති. ඒත් පොත් පිටින් ඒක දැම්මෙ එදයින් පස්සෙ ඇක්ටින් වලට කොහෙත්ම නොයවන්න ඒක හේතුව කරගන්න වෙන්න ඇති.


මොනා වුනත් මට මොඩ්ලින් කරන්න තාම ඉඩ හම්බුණා. ඒවට ෆිල්ම් වලට වගේ ඩේන්ජරස් තැන්වල යන්න ඕන වුන්නෑ. දවස් ගනන් තනි වෙන්න ඕන උන්නෑ පිට පලාත්වල. හවසට ගෙදර එන්න ලැබුනා. අම්මි වෙනදට වඩා මං පරිස්සම් කරන්න මහන්සිත් වුනා. ඉතින් කරනවානම් මොඩ්ලින් විතරක් කරපං කියල කිව්වම මං ඇහුවා.




චුට්ට චුට්ට ලොකු වෙද්දි ළමා නිශ්පාදන ඇඩ්ස්වලට, ශෝ වලට විතරක් සීමා වෙලා තිබ්බ මගෙ කරියර් එක සිංදුවල මියුසික් වීඩියෝස්වලට, තරුණයන්ගේ අවධානය ලැබෙන ප්‍රඩක්ට්ස් වල ඇඩ් වලට වගේ පුලුල් පරාසයක පැතිරුණා. එතකොට ඉතින් මං ලිංගිකත්වය වගේ මාතෘකා තේරුම් ගන්න බැරි එකෙක් නෙවෙයි. තාත්ති මාව ලඟට අරන් තේරුම් කරනවා, මිනිස්සු මේ වගේ, අරාදින්නෙ මේ ව්ගේ දේවල්වලට , මගෙ පුතාට කාගෙන්හරි ඒ වගේ බලපෑමක් තියෙනවනම් කාටවත් නෙවෙයි තාත්තිට කියන්න. පුතා ඔය එකෙකුටවත් යට වෙන්නවත්, ඉල්ලන දේවල් දෙන්නවත් යන්න එපා. එයා ඒ හැමදේම තේරුම් කරේ පුංචි මාතෘකා වල ඉදන් ටිකෙන් ටික. එයා කිව්ව දේවල් අහන් ඉන්න මං ලැජ්ජ වුනත්, ඒ මගෙ තාත්ති මිසක් යාලුවෙක් නොවන හින්දා... එයා කිව්ව දේවල් ඒ විදියටම මට වෙද්දි මං එයාට ඒව කිව්වා. හැබැයි බයෙන්..


ඒ හැම වෙලාවකදිම තාත්ති මාව ආරක්ෂා කළා. මොඩ්ලින් කියන්නෙ හරි භයානක ෆීල්ඩ් එකක් ඇත්තම කිව්වොත්. අසහනකාරයො, අවස්ථාවාදියො මේකෙ පිරිලා. ඒත් තාත්ති ඒ හැම ෆීල්ඩ් එකක් ගැනම හොදට දැනන් හිටියා විතරක් නෙවෙයි එයා මාව පරිස්සම් කරා... එයාට හිටියෙ මං විතරනෙ ඉතිං..


ඔය විදියට අවුරුදු දාසයක් ගෙවිලා යද්දි බිස්නස් ඩීල් එකක් පිටිපස්සෙන් ඇවිත් මං ලඟ රැඳුන රදීශ් අයියා මේ වෙද්දි මගෙ හස්බන්ඩ්.. කොච්චර සතුටින් ඉන්න ඕනද අපි? මගෙ අම්මියි තාත්තියිනම් ලොකු විරුද්ධකමක් පෙන්නුවෙ නෑ. ඒත් රදීශ් අයියගෙ අම්මයි අප්පච්චියි! දෙයියනේ අපි දෙන්නා එකට ගුලිවෙලා කොච්චරනම් ඇඩුවද?! අපේ කඳුලු එකතු කරලා මහ මුහුදක් පුරවන්න තිබ්බා අපිට ආව රිදවීම් කොච්චරක්ද කියන්න සාක්ශි විදියට. අන්තිමට තාත්ති රදීශ් අයියට අත් එකතු කරලා වැන්දා, මගෙ කොල්ලව මෙච්චර අඩවන්න එපා කියල.. ඌ නොකා නොබී අඩලා විදවලම මැරිලා යයි කියලා. ඒත් අයියා මොනා කරන්නද? ඒ මනුස්සයත් හිටියෙ පබගාලක පැටලිලා.. ඒ මනුස්සයා මට වඩා විදවන්න ඇති, මං වගේ අඩලවත් ඒ වේදනාව පිටකරගන්න බැරුව.


අවුරුදු කීයක් විදවලද අපිට සැනසිල්ලක් හම්බුනේ. අයියගෙ දෙමව්පියෝ අන්තිමට එකඟ වුනේ මං ඉදපු තත්වෙ දැකලා.. මොඩ්ල් කෙනෙක් වෙච්ච මං කාමරෙන් එලියටවත් බහින්නැතුව කාත් එක්කවත් කතාබහක් නොකර නොකා නොබී අඩ අඩා හිටියෙ බොලඳකමට වෙන්න ඇති.. ඒත් ඒ ආදරේ. තාත්ති බලෙන් වගේ ඒ මිනිස්සු එක්ක ඇවිත්, මානසික වෛද්‍යවරු එක්ක පවා කතා කරලා මගෙ තත්වෙ එයාලට තේරුම් කරා. මොනා වුනත් රදීශ් අයියගෙ අම්මගෙ පපුවට උහුලන්න බැරි වෙන්න ඇති මාව දැක්කම. රදීශ් අයියගෙ මල්ලි මගෙ වයස. අම්මට හිතෙන්න ඇති ඒ එයාගෙම දරුවා වුනානම් කියල.. ටීවී එකේ ඇඩ්වල දගලලා කෑගහල හිනාවෙලා ඉන්න කොල්ලා නෙවෙයි.. ඒ කාමරේ හිටියෙ තනිකරම හුස්ම ගන්න මිනියක්.. අන්තිමට එයාල දෙන්නා අවසර දුන්නා අයියට කැමැත්තක් කරගන්න. ඒත් එයාල තාම හිත හදාගෙන නෑ කියල මං දන්නවා.


වෙලාවකට මට දුකයි., ඒ අම්මටයි අප්පච්චිටයි දුකක් දුන්න මං පව්කාරයෙක්ද කියලත් හිතෙනවා. ඒත් නෑ, මං දන්නවා මං නෙවෙයි පව්කාර.. ආදරේට සීමා මායිම් බැදලා, ආදරේ ලිංගිකත්වය අනුව බෙදපු කුහක සමාජයයි පව්කාර.. අපි හිතාමතා මේ හැඟීම් ඇතිකරන්නෙ නෑනෙ.. ඒ අම්මටයි තාත්තටයි දුකක් දුන්නෙ මේ සමාජ ක්‍රමය මිසක් මමවත් අයියාවත් නෙවෙයි..


මොනා වුනත් අයියගෙ අම්මයි අප්පච්චියි මට දැන් ආදරෙයි තමන්ගෙ එකෙක් ගානටම.. එයාලට විදින්න අමාරු සමාජය අපි දිහා අමුතු විදියට බලන එක.. එහෙනම් මංද , අයියද එයාලගෙ දුකට හේතුව? නෑ නේද?



එහෙව් දුක් විදලා අද එකට ඉන්න අපි දෙන්නා හරිනම් කොච්චර සතුටින් ජීවත් වෙන්න ඕනද? කී දෙනෙක් ඉන්නවද කොච්චර ආදරේ කරලාවත් එකතුවෙන්න පින් නැති..? ඒ අතින් අපි දෙන්නට දෙන්නා උබ තෝ කියාගන්න එකත් මහ පවක් වගේ එකක්... ඒත් කොහෙද.... අපි දෙන්නා මරාගන්නෙ නිකම් ජන්මාන්තර වෛරක්කාරයො දෙන්නෙක් වගේ.. හේතුව? මොඩ්ලින්.


ඒක වුනේ මෙහෙම.


අයියා මුණගැහෙද්දි මට යන්තම් දාසයක් වුනා විතරයි. ඒ කාලෙ කොහොමත් ඇග වැහෙන්න අදිනවා මොඩ්ලින් කළත්.. මොකද ළමයිනෙ අපි... ඒ හින්දද මංදා මොඩ්ලින් කරන එක අයියට ප්‍රශ්නයක් උනේ නෑ.


ඒත් ඉතින් හැමදාම මං පොඩියට ඉන්නවද? අවුරුදු දහ අට පැන්නගෙන් පස්සෙ බබා පාට් හරියනවද? අයියට පොඩි එකෙක් උනාට සමාජෙට මං වැඩිහිටියෙක්... ෆීල්ඩ් එකට මං වැඩිහිටි මොඩ්ල් කෙනෙක්. ඇදුමෙ කොටස් එකින් එක අඩු වෙන්න, හිර වෙන්න, කොට වෙන්න පටන් ගනිද්දි.. අයියට ඒක විදින්න බැරි වෙන්න පටන් ගත්තා. කොටින්ම මගෙ දෙමව්පියෝවත් ඒ දේවල් ගැන එච්චර හිතුවෙ නෑ. ඒත් අයියා.. ඒ මනුස්සයා ගිනිගන්නවා වගේ මං හම ඩිංගක් එයා ඇරෙන්න වෙන එකෙක්ට පෙන්නුවොත්.. එයාට පුලුවන්නම් මට අර මුස්ලිම් කෙල්ලො වගේ ඇස් දෙක විතරක් එලියට පේන්න අන්දල තියන්න එයා ඒකත් කරයි. ඒ තරම් ඉරිසියාකාරයෙක් මේ ෆීල්ඩ් එකේ ඉන්න මට ගැලපෙනවද කියල මට හිතන්න තිබුණා.


අයියගෙ ගෙදරින් ප්‍රශන් එන්න පටන්ගත්තෙ මට අවුරුදු 18 වෙලා මාස දෙක තුනක ඉදන්.. ඒ දේවල් එක්ක මං මානසික ලෙඩෙක් වෙන්න ගත්තා.. මනසට නැති නිදහසත් එක්ක මගෙ ඇගත් කෙට්ටු වෙලා මං දුර්වල වෙන්න ගත්තා.. මොඩ්ලින් තියා කන්න බොන්නවත් මං එලියට බැස්සෙ නෑ. කාලයක් තිබ්බා මං ඉර එලිය දැක්කත් බය වෙන. තමන් ආදරේ කරන කෙනාගෙ ගෙදර මිනිස්සු එයාට වෙන කෙල්ලෙක් බන්දලා දෙන්න යනවා කියල ආරංචි වුනාම මං වගේ පොඩි එකෙක්ට ඒක දරාගන්න අමාරු වෙන එක පුදුමයක් නෙවෙයිනෙ.. අවුරුදු 18 කියන්නෙ නීතියෙන් වැඩිහිටියෙක් උනාට හිතින් තාම මං තාත්තිගෙ හුරතලා.. ඉතින් අයියට තරහා යන්න තරම් ඇග පේන්න මං කරලා තිබ්බෙ ෆොටෝශූට් දෙකක් විතර..


ඒ එකක ශර්ට් එක නෑ කියල තමයි අයියා මං එක්ක මරාගත්තෙ.. ශර්ට් නැතුව ෆොටෝ ගහනකම් මං අල්ලං හිටියලු.. තව මොනවා කරලා ආවත් එයා දන්නෑලු. ඒ මගුල් කියල ෆෝන් එකෙනුත් කෑගහද්දි ගෙදර මිනිස්සු ඉන්නව කියන එකත් අමතකයි එයාට. ඒ පිස්සු වැඩ හින්දා ගෙදර මිනිස්සු අපි ගැන දැනගෙන එයාට කෙල්ලෙක් හොයන එක ඉක්මන් කරා.


ඊටපස්සෙ අවුරුදු දෙකක් විතර මං විදෙව්වා.. අයියත් විදෙව්වා.. ඒ හැම දේම යන්තම් කුණාටුවක් අකාමකා ගිහින් ආය ඉර පායල අහස පැහැදිලි වෙනවා වගේ හොද අතට හැරෙද්දි.. මං ටික ටික සනීප වෙන්න ගත්තා... අවුරුදු විසි එකේදි විතර මං ආපහු මොඩ්ලින් වලට යන්න ගත්තා. එතකොට මට කරන්න තිබ්බ දේවල් සහ අවුරුදු දෙකකට කලින් දේවල් අතර ලොකු පරස්පරයක් තිබ්බා. ඇදුම් නැතුව ඉන්න වුනත් මං ඉන්න ඕන, මොකද මං මොඩ්ල් කෙනෙක්, එහෙම කරන්න බැරිනම් මේ ෆීල්ඩ් එකේ ඉදල වැඩකුත් නෑනෙ.. එයාට ඕන උනේ මං හැමදාම ගෙට වෙලා එයාගෙ ඕන එපාකම් ඉශ්ට කර කර ඉන්නවා දකින්න වෙන්න ඇති. මුලින් මුලින් මං එයා මාව පරිස්සම් කරන්න හදන්නෙ ආදරේට කියල සතුටු වුනත් මගෙ නිදහස එන්න එන්න ඇහිරෙද්දි මට එපා වෙන්න ගත්තා. අපි දෙන්නා අතර තිබ්බ ඒ නොසලකා හැරපු නොගැලපීම.. ගලපන්න මං උත්සහ කරපු නොගැලපීම අපි දෙන්නගෙ ජීවිත තිත්ත කරන්න පටන් ගත්තා.


එයා කොච්චර අකමැති උනත් මේ මං පුංචි කාලෙ ඉදන් හදාගත්ත ජීවිතේ. මට බැන්නත් ගැහුවත් මට දැන් ඒ දේවල් අතාරින්න බෑ. එයා හැදුන සමාජෙත් එක්ක එයා සාධාරණයි කියල එයා හිතනවා ඇති.. එයාගෙ පව්ලෙ ගෑනු අය වගේ මං ඉන්නවට එයා ආස ඇති.. ඒත් මං කෝමද එහෙම ඉන්නෙ? කොටට ඇන්දා, හිරට ඇන්දා කියලා මං එක එකා එක්ක එතන බු දිය නවද? නෑ. එහෙම කරන උන් තමයි ගොඩක්ම ඉන්නෙ. ඒත් මං එහෙම කරන්නෑ. ඇයි එයාට තේරුම් ගන්න බැරි ම‍ං කරන්නෙ ජොබ් එකක් විතරයි කියලා..?


කා(ර්) එකට ගොඩ වෙච්ච වෙලේ ඉදන් රවාගෙන. මටත් අප්පිරියා වෙනවනෙ ඉතිං. මමත් ෆෝන් එක ඔබ ඔබ එයා දිහා නොබල හිටියෙ ඒව දැක්කම මටත් කේන්ති යන හින්දා.


" ගිහින් ඇ රගත්තා මදි ඇති.. ෆෝන් එකෙනුත් තොදොල් වෙන්නෙ.. " තනියෙන් වගේ කියන්නෙ මට ඇහෙන්නමයි. මට එන කේන්තියට ඒ මිනිහට වගේ ඇගක් තිබ්බනම් මං උස්සල පොලේ ගහනවා ඕකව.


" අයියෙ මේ. තමුසෙ මොනාද ඔය කියන්නෙ රෙද්ද? බලනවා ෆෝන් එක අරන්. තමුසෙ ඔහොම කියන හින්දම මං යාලුවෙක්ටවත් චැට් කරන්නෑ පිරිමි කියල.. "


" අනේ.. උබට පිරිමි යාලුවො බැරිනම් ශුගර් ඩැඩීල තියාගත්තත් මට මොකද බං. අතෑරල දාල ඉන්නෙ. බැදගත්ත ලැජ්ජාවට බෙරේ ගහනවා මිසක්.. "


" ඇයි මනුස්සයො මට මෙහෙම රිද්දන්නෙ? දන්නවද අම්මියි තාත්තියි එක්ක ඉන්නකොට එයාල මට මොනා වුනත් කියන්නෙ දෙපාරක් හිතලා. මගෙ හිත රිද්දන්නෑ.. "


" තො ට රිද්දපු නැති එකේ පව තමයි මං මෙ ගෙවන්නෙ. අම්මලා තාත්තලා හොදට හැදුවනම් මං අද මෙහෙම දුක් විදින්න ඕන්නෑනෙ. ඕන ඕන හැටියට නටන්න ඇරලා... පොඩි එකාට ඕන විදියට තමයි අම්මලා වැඩ කරන්නෙ. දැන් පේනවනෙ මිනිහා කියන දේ වත් ගානකට ගන්නෑ. කසාදෙට දරුවටත් වඩා ලොකුයි එක එකා ඉස්සරා හෙලු ව පෙන්නලා සල්ලි හොයන මහලොකු රස්සාව. "


" කසාදෙට දරුවට වඩා?! ම‍ං මොනාද ඕයි තමුසෙටයි පුතාටයි කරන අඩුව? ඇස් ගෙවෙනකම්, ප්‍රෙශර් වැඩි වෙනකම් නින්දක් නැතුව චූටි එකා නිදි කරන්නෙ අල්ලපු ගෙදර එකා ඇවිත් ද? තමුසෙටම පේනවා මං මගෙ දරුවගෙ රෙදිකෑල්ලක්වත් වෙන කාටවත් සෝදන්න ඉතුරු කරන්නෑ කියල. ඇයි මට ඕම කියන්නෙ? " මට ඇඩුනෙ මගෙ පුතාවයි කසාදෙයි මේකට ගාවගත්ත එකට.. මං ෆෝන් එකත් දමලා ගහල පැත්තකට විසි කරලා වීදුරු ජනේලෙට ඔලුව තියන් ඇඩුවෙ මට ඒ වචන දරාගන්න අමාරු හින්දා.


" බොරුවට අඩන්න තියාගන්න එපා.. " එයාට වුනත් ඒ කිව්ව එක වැරදි කියල මතක් වෙන්න ඇති ඒ විදියට වෙන අතකට කතාව හැරෙව්වෙ. " ඇයි ඕයි තමුසෙට බැරි මං කියන දේ අහන්න? මං උබට අඩුවක් කරනවද ? ඉල්ලන ඕන දෙයක් මං අරන් දෙනවා. තව උබේ අම්මලා තාත්තලා උනත් හම්බ කරපු ඔක්කොම අයිති උබට. ඉල්ලුවොත් නොදී ඉන්නවද? ඒ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න තියනවට කිව්ව නෙවෙයි.. මට පුලුවන් බං උබව බලාගන්න. ඔය මගුල් ජරා වැඩ අතෑරල ගෙදර ඉන්නවා පුතත් බලන්. මං අකමැති කියල දැන දැන ඇයි ආශිර් මේම කරන්නෙ? "


" අනේ දෙයියනේ ඔයා මට කැමති වුණේ මං මොඩ්ලින් කරනවා කියල නොදැනද අයියෙ? මං ඔයාට බොරු කියලා අල්ලගත්තද? හැමදේම දැන දැන, ඒ දේවල් ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි කියල නේද මං එක්ක රිලේශන්ශිප් එකක් පටන්ගත්තෙ? අනිත් උන් ගැන මං දන්නෑ. හැබැයි මං ඔයාට වරදක් කරලත් නෑ කරන්නෙත් නෑ. අවිශ්වාසද එච්චරම මාව.? "


" ආශිර්! මොඩ්ලින් කරනවා කියන එකෙයි ගනිකා වෘතියෙයි තියෙන වෙනස දන්නවද?! අහ්? එකම වෙනසයි තියෙන්නෙ. මොඩ්ලින් කියන නමේ පොශ් ගතිය විතරයි වෙනස. මං පිච්චෙනවා යකෝ! මගෙ ඇස්වලට විතරක් අයිතියි කියල මං සතුටු උන දේවල් උබ මුලු ලෝකෙටම පේන්න සඟරා මැද්දෙ පිටු දෙකක් පිරෙන්න පෙන්නගෙන ඉද්දි,. වෙන උන් ෆොටෝ එකකින් හරි උබව කනවා කියල මට මතක් වෙන වාරයක් පාසා මාව පිච්චෙනවා. මට විදින්න බෑ උබ කැමරාකාරයෙක් ඉස්සරහා හරි උබේ ඇදුම් ගලවන එක. මට විදින්න බෑ මේකප් ආර්ටිස්ට්ලා උබේ ඇග අල්ලන එක. මට විදින්න බෑ එඩිටර්ස්ලා උබෙ ෆොටෝස් දිහා වරු ගනන් බලාගෙන ඉන්න එක. මට බෑ යකෝ.. මට බෑ උබව බෙදාගන්න. මොඩ්ලින් කරනවා කියල දැන දැන උබට ලං වුනාට උබ මේම අඩ නිරුවත් ෆොටෝශූට් කරයි කියලා මට කල්පනා වෙන්න නැතුව ඇති. මොකද මොඩ්ල් කෙනෙක් උනත් මං උබව අදුනගත්තෙ පොඩි එකෙක් විදියට. ඒ කාලෙ උබ කරපු මොඩ්ලින් සහ දැන් ඒව අතර ලොකු වෙනසක් තියෙනවා කියල උබට තේරෙන්නැද්ද බං? ඇත්තමයි.. ඇත්තමයි උබව මට මුණගැහෙද්දි උබට අවුරුදු දහ අටක්වත් වෙලා තිබ්බනම්.. සත්තයි මං උබව මගෙ කරගන්නෑ.. මට පිච්චි පිච්චි ඉන්න බෑ බං මෙහෙම.. මං ලෝබයි.. ඒ උබට ආදරේ හින්දා.. ඇයි උබ තේරුම් ගන්නැත්තෙ මාව? "


වෙනදා ඇනුම්පද කිය කිය මට රිද්දලා තරහා පිරිමහන මිනිහා අද තමන්ගෙ හිතේ තියෙන ඇත්ත එලියට දැම්මෙ අපේ පුතු පැටියයි කසාදෙයි මේකට ගෑවුන නිසා වෙන්න ඇති. අයියා කියපු දේවල්, අයියගෙ ඇස් අස්සෙ පිරුණ කදුලු බිංදු මාව ටිකක් තැති ගැන්නුවා.


ඇත්තටම මං අයියට කරන්නෙ වරදක්ද?


අයියා කියනවා වගේ මොඩ්ලින් කියන්නෙ පින්තූරයක් විදියට වටේ යෑම නෙවෙයි.. ඒකත් එක ජොබ් එකක්. ඒ ජොබ් එක කරන මිනිස්සු වැරදි කලාට ඒක ඒ ජොබ් එකට ගරහන්න හේතුවක් නෙවෙයි. ඒ වුනත් මං හින්දා අයියා පිච්චි පිච්චි ජීවත් වෙනවන්ම්.. මගෙ සතුටෙන් වැඩක් තියෙනවද?


පුංචිම කාලෙ ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු.. හීන දැකපු හැමදේම මං අතෑරලා දාන්නම ඕනද මගෙ කසාදෙ රැකගන්න?


එහෙම කරන්න ඕනනම් ඇත්තටම අයියා කරන්නෙ මට ආදරේ කරන එකද? නැත්තම් මං ගැන තන්හාව ද ඒ ?


මං කරන ජොබ් එක හින්දා මං හොද සැමියෙක්, හොද තාත්තෙක් කියල තීරණය කරන්න පුලුවන්ද?


මගෙ පවුලෙ සතුට වෙනුවෙන් මගෙ සතුට අතෑරලා දාන්න මට පුලුවන්ද?


අන්තිම ප්‍රශ්නෙ ගැන මං හිතුවෙ ඇස්වලින් උනු කදුලු කැට ගලන් යද්දි. ලොකු වතුර බිංදු පිට වීදුරුවෙ වැදෙද්දි වීදුරුවල මීදුම් බැදෙන්න ගත්තා. ගෙදර යනකම් මං කරේ අඩන එක. මට එක තීරණයකට එන්න බැරුව හිටියෙ.


ගෙදර ගිය ගමන් ඇගපත හෝදගෙන මගෙ කොල්ලව අතට ගත්තෙ මේ ගෙදර දැන් මට තියෙන එකම සැනසීම ඌ හින්දා. තාම මාස පහයි.. චූටි එකා දවස් දෙකක් අසනීපෙන් ඉදලා ඊයේ ඉදන් යන්තම් අඩන එක අඩු කළේ. රෑට නින්දක් නෑ මට.. ප්‍රෙශර් වැඩි වෙනවා කියලා අයියා මට නිදාගනිං මං බලාගන්නම් කියල බැන්නත් මගෙ කොල්ලා යටිගිරියෙන් අඩද්දි මට නින්ද යයිද?


අසනීපෙ හින්දා බෝල ගෙඩිය වගේ හිටපු මගෙ මැනික කෙට්ටු වෙලා වගේ.. දවසම උස්සන් ඉන්න මට උගෙ ඇගේ බර වෙනස තේරෙනවා. මට ඇඩුනෙ ඉබේටම. පාන්දර කොල්ලට නින්ද ගියා නෙවෙයි සිහි නැති වුනා අඩලම.. අමාරුවෙන් හුස්ම ගද්දි මට කරන්න දෙයක් නෑ මටත් හුස්ම ගන්න බැරි වෙනකම් අඩනවා ඇරෙන්න.


ඒ වෙලාවට අයියා ඇවිත් කොල්ලව අරන් මට ටිකක් බනිනවා තමුසෙ බබාට වඩා බබා වෙන්නැතුව නිදාගන්නවා මං පුතාව බලන්නම් කියල. ඒ වුනත් මං අහන්නෑ. මං ඇද කොනක ඉදගෙන අයියා මගෙන් උදුරගත්ත පුංචි එකා දිහා බලන් අඩන්නෙ කොල්ලගෙ චූටි ඇගට ඒ උණ අමාරුව දරාගන්න බැරුව ඇති කියල හිත හිත.


ඒ වෙලාවටත් තරහින් මං දිහා බලන අයියව දකිද්දි මට තව දුක හිතෙනවා. ඉස්සරනම් මං චුට්ටක් ඇඩුවත් අයියා දාහක් දේවල් කරනවා මාව හිනස්සන්න. ඒත් දැන් .. එයාට මාව එපා වෙලා කියල මන්තරේ ව්ගේ මතුරලාම ඒක ඇත්තක් වෙලා කියල මට හිතෙනව.


" සුදූ මොනාද පුතා තුරුල් කරන් හිටගෙන ඉන්නෙ? කොල්ලා නිදි.. පේන්නැද්ද? තොටිල්ලෙන් තියල ගිහින් කිරි එකක් හදන් එනවා. බඩගිනි ඇති පැටියට.. "


" අයියේ.. "


" කෝ.. ඇහැරුනොත් දන්නවනෙ.. "


මං අයියා දරුවව මගෙන් අරන් තොටිල්ලෙ තියනකම් කට වහගත්තෙ කොල්ලා නැගිටලා අඩන්න ගත්තොත් අමාරු වෙන්නෙ අහිංසක පොඩි එකාටමයි කියල දන්න හින්දා.


වෙනදට රන්ඩු වෙලා තරහට පුප්පගෙන පුතා විතරක් හුරතල් කරන මං කදුලු වැටෙද්දිම අයියගෙ බාහුවක් බදාගෙන අයියට තුරුල් උනා.. අයියට පුදුම ඇති.. ඒත් එක්කම තරහක් නිකම්ම ආවෙ පුරුද්දට වගේ. " මොකද? "


" මං මොඩ්ලින් අතෑරියොත් මට කලින් වගේ ආදරෙයිද? " මං කිව්වෙ ඉකිගැහෙද්දි.. මොඩ්ලින් කියන්නෙ මගෙ හීනෙ.. ඒක අතාරිනවා කියන්නෙ මගෙ සතුට අතාරිනවා කියන එක.. ඒත් අයියයි දරුවයි වෙනුවෙන් නම් ඇයි මට බැරි මගෙ සතුට අතාරින්න? ගෙදරට වෙලා පුතාත් බලාගෙන හිටියම හෙන ගහයිද ? කොල්ලට මාව ඕන.. එයාගෙ අප්පච්චිට බිස්නස් දාල ගෙදර ඉන්න බැරි එකේ එයාගෙ තාත්ති හරි ගෙදර ඉන්න ඕන එයා එක්ක. බේබිසිටර්ලා එක්ක එයා ලොකුවෙන්න ඕනද මං පනපිටින් ඉද්දි?


අයියට වුනත් මගෙ ජොබ් එක ඒතරම් වේදනාවක් නම් මට බෑ ආත්මාර්තකාමී වෙන්න තවත්...


අයියගෙ පපුව ගැහෙන සද්දෙ වේගෙන් ඇහෙන්න ගත්තා. අයියගෙ මූණෙ හැංගෙන්න තෙරපෙන ඒ සතුට මං දැක්කා. මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද අයියට මාව ඒ වගේ දකින එක? ඒ සැනසීම මං අයියගෙ ඇස් වලින් දැක්කා.


අයියා මාව පපුවට තුරුල් කරගත්තෙ මගෙ ඔලුව ඉඹින ගමන්.. මාව තද කරලා බදාගෙන හිටියෙ ම‍ං එයාගෙ කදුලු දකියි කියල වෙන්න ඇති.


" මං උබට හැමදාම ආදරෙයිනෙ මැනික.. "


" මට පුලුවන් අයියෙ ඔයයි මගෙ පුතු පැටියයි වෙනුවෙන් ඕනම දෙයක් අතාරින්න.. මගෙ ජීවිතේ වුනත්.. " "


" ජීවිතේ අතාරින්න ඕන්නෑ.. ඔය ජොබ් එක අතෑරපන් වස්තුව. මට බෑ බං උබ ඕම දකින්න.. මං සාම්ප්‍රදායික ඇති.. මං ආත්මාර්තකාමී ඇති... ඒත් මට බෑ මෙච්චර පිච්චෙන්න.. "


" ඔයා මට හැමදාම බැන්නා මිසක් ඔය වගේ දෙයක් කිව්වෙ නෑනෙ අයියෙ.. ඔයා තමන්ගෙ මතේම සනාථ කරන්න හදනවා, පිරිමියා කවුද කියල පෙන්නන්න කියල මං හිතුවෙ.. ඔයාට වේදනාවක් කියල දන්නවනම් මං කලින්ම අයින් වෙනවා මේවගෙන්.. මං වරදක් කරන්නෑ.. මං ඒක දන්නවා අයියෙ. ඒත් මට බෑ ඔයාට ගින්දරක් වෙන්න. "


අයියා මාව තුරුල් කරන් මගෙ තොල් උඩ එයාගෙ තොල් තිබ්බෙ මාස කීයකින්ද මං දන්නෑ. මාස ගානක් අපි කරේ මේ ඇද උඩ නිදාගත්ත එක විතරයි. එයාට මාව ඒ තරම් අප්පිරියා වෙල තිබුණා.


එදා රෑ මාස ගානකට පස්සෙ අපි දෙන්නා ඒ ඇද උඩ ආයෙත් ස්වාමිපුරුෂයො වුණා. හැම දේම හොද අතට හැරෙයි කියල මං හිතුවා..


හැබැයි ටික දවසක් ගෙදර ඉද්දි.. මං ආසාවෙන් බලන් ඉදපු ඉවෙන්ට්ස් වලින් මට කෝල් ගනිද්දි.. මටම කටක් ඇරලා ඒවට බෑ කියන්න වෙද්දි මට කෑගහල අඩන්න හිතුනා. දෙයියනේ මේ මගෙ හීන... ඇස් පනාපිටම ඒ හීන මාලිගා ඔක්කොම වැලි මාලිගා වෙලා කඩා වැටුනා. ඒ වේදනාව උහුලන් බොරුවට හිනා වෙලා හිත රවට්ටගන්න හැදුවට ඒම වුනේ නෑ.


මං දුක හිතුනම අයියට නොපෙනෙන තැනකට ගිහින් ඇඩුවා. ඒත් මගෙ ඇස් රතු වෙලා තියෙනවා අයියා දකිනව ඇති. එයාගෙ මූණත් ආපහු කලින්ට වඩා වෙනස් විදියකට නරක අතට හැරුණා. එයා නිකම් වැරදිකාරයෙක් වගේ මං දිහා සමාව ඉල්ලන බැල්මකින් බලද්දි මට අඩන්නවත් නිදහසක් නැති වෙන්න ගත්තා.



" මැනික... නැගිටලා රෙඩි වෙන්න. " අයියා උදේ පාන්දරම කෑමයි කිරි එකයි ඇදටම ගෙනත් දීල තිර රෙදි ඈත් කරේ කාමරේම උදේ ඉර එලියෙ ගිලෙන්න. නිදිමත මැරෙන්න වගේ තිබ්බෙ පුතු පැටියා රෑ එලි වෙනකම් අඩලා අඩලා නිදාගත්තෙ පාන්දර නිසා.


" ම්ම්ම්හ්ම් " මං අනිත් පැත්ත හැරිලා නිදාගන්න ගියෙ ඉර එලිය ඇස්වලට අමාරු නිසා උදේ පාන්දරම. අයියා මාව උස්සල අරන් ඇද කොනක ඉන්දුවා.


"කෝ කෝ! නැගිටලා ලෑස්ති වෙනවා. පරක්කු වෙනවා දැන් "


" ගෙදර ඉන්න මොන පරක්කුද අනේ.. " මම කිව්වෙ අද ඉරිදා හින්දා. වෙනදටනම් අයියට උයල දෙන්න නැගිටින්න එපැයි.


" බබා.. කෝ ඉතින්.. චූටි පුතා තාත්තිට කියන්න නැගිටින්න කියල.. අත්තම්මිලා බලන් ඉන්නවා නේද චූටි. තාත්ති තාම දොයි.. පුතු මැනිකත් නැගිටලා ජෝ නාල ඇදුමුත් ඇදගෙන ඉවරයි.. " අයියා පුතාව හුරතල් කරන්න ගත්තෙ මං නැගිට්ටවන්න හොදම ක්‍රමේ ඒක හින්දා වෙන්න ඇති. කොල්ලත් අප්පච්චිගෙම එකා.. උගුර යටින් හුරතලේට හිනා වෙන සද්දෙට මගෙ නිදිමත අතුරුදන්. මම හුරතල් කටහඩින් චූටි මැනිකට කතා කරන ගමන් ඇදෙන් නැගිට්ටෙ කොල්ලව අතට ගන්න. රෑ එලිවෙනකම් වද දීපු තරහත් නිවෙනවා කොල්ලගෙ හිනාවෙ සද්දෙට.


" හා හා මේ.. ගිහින් මූණකට හෝදන් ඇවිත් කාල රෙඩි වෙනවා.. පරක්කුයි හොදටම. "


.


අයියා කොල්ලව මට ගන්න නොදී මාව ඇදගෙන ගිහින් බාත් රූම් එකට දාල දොර වැහුවා. " කොහෙ යන්නද අනේ? "


" අම්මලා ලන්ච් එකට එන්න කිව්වා. ලෑස්ති වෙයං ඉක්මනට.. "


" ලන්ච් එකට දැන්ම යන්නෙ ඇයි අප්පා. "


" දැනටම අට හමාරයි! උබේ රෙඩි වීම මං දන්නවනෙ.. එතකොට වෙලාව හරි.. ඉක්මනට එනවා බබා "


අයියා මාව ලෑස්ති කරන් පුතාගෙ ඔන දේවල් දාන බෑග් එකයි පුතාවත් අරන් කාර් එකට ගියෙ මමත් දොර වහල අයියා පස්සෙන් යද්දි. එතකොට වෙලාව දහයට ඇති. බැන බැන ගෙයින් එලියට බැස්සෙ පැය ගානක් ස්ටයිල් වෙනවා කියලා. " මොඩ්ල් කෙනෙක්නෙ ඉතින් ඉස්සර දැන් කුස්සි අම්ම උනාට ගෙදර.. " මෙම කිව්වම මූණ අදුරු උනා. එයා දැන් ඒක එයා කරපු වරදක් කියල හිතන් ඉන්න හින්දා ඒව මතක් කරපු එක ගැන මං දුක් උනා.


අම්මලගෙ ගෙදර කිව්වට ගියෙ හොටෙල් එක්කට. ලන්ච් එක ඒ හොටෙල් එකෙන් ගන්නලු අම්මල එන්න කිව්වෙ. මං පුතාව ගන්න හැදුවෙ අයියා පුතාගෙ බෑග් එකත් උස්සන් යන හින්දා. ඒත් මට පුතවවත් බෑග් එකවත් දුන්නෑ ඔක්කොම උස්සන් ඉස්සරහින් ගියා මිසක්.


එතන හිටපු අම්මෙක් නම් නෑ. මගෙ මැනේජර් එක්ක තව ටයි කෝට් දාල ඉදපු දෙන්නෙකුයි ෆොරින් ලේඩ් කෙනෙකුයි ඉදපු මේසෙකට ගිහින් මට වාවිවෙන්න කිව්වා.


" මිස්ටර් විජේතුංග.. එහෙනම් ආශිර් එක්ක වැඩේ කතා කරගන්න. මං පුතා අරන් පැත්තකින් ඉන්නම්. " අයියා පැත්තකට ගියා.


කතා කරගෙන යද්දි ඒ ඉන්ටර්නැෂනල් පැජන්ට් එහෙකට ඇතුලත් වෙන්න අවස්ථාවක් කියල මට තේරුණා. ඒ එක්කම ඒ පැජන්ට් එකට අනුග්‍රහය දක්වන කම්පැනි එකක නියෝජිතයෙක් පැහැදිලි කරා ඒකට අදාල ඇඩ්වර්ටීස්මන්ට්ස් දෙක තුනක මට ඉන්න වෙයි කියලා.


" මිස්ටර් ආශිර් වික්‍රමනායක.. " මගෙ මාම කෙනෙක් වගේ වුනත් විජේතුංග අංකල් මට ඒ විදියට කතා කළේ ඒක ප්‍රොෆෙශනල් මීටින්ග් එකක් වුන හින්දා . " මේ පැජන්ට් එකට යනවා කියන්නෙ ඔයාට දැනටමත් ලංකාව ඇතුලෙ තියෙන popularity එක International මට්ටමට එනවා කියන එක. මිස්ටර් රදීශ්ගෙ කිසිම විරුද්ධත්වයක් නෑ. රදීශ්මයි ඔයාගෙ ෆෝන් එක ආන්සර් කරලා අහනකොටම approval එක දුන්නෙ. " අංකල් කිව්වෙ අපි දෙන්නා අතරෙ පහුගිය ටිකෙ වුණදේවල් දන්න කෙනෙක් විදියට.


මං හැරිලා බැලුවෙ අයියා දිහා.. පුතු පැටියව තුරුල් කරගෙන එක එක දේවල් ඒ නොදරුවට පෙන්න පෙන්න කොල්ලගෙ කටෙන් වචනයක් ගන්න දගලනවා. දෙන්නම පොඩි උන් වගේ මට පෙනුනෙ එවෙලෙ.. මං හිනා වෙලා විජේතුංග අංකල් දිහා බැලුවා..


--------------


" ම්ම්... හරිද? "


" හරි "


" ම්ම්.. දැන් වොශ් රූම් එකට රිංගන් හොරෙන් අඩන්න ඕන්නෑ. සතුටින් ඉන්නවා... මට ඒ ඇති.. " අයියා තමන්ගෙ මත ඔක්කොම කපා හෙලලා මගෙ ඔලුව අතගාල මගෙ අතක් අල්ලන් කාර් එක දිහාට ගියෙ අනිත් අතින් නිදාගෙන ඉන්න කොල්ලව අරන්.


" රට යන්න වෙයි.. "


" ම්ම්. මට විශ්වාසයි මගෙ මැනික පරිස්සමෙන් ගිහින් එනවා කියලා.. විජේතුංග අංකලුත් යන හින්දා තනියෙන් අරින්න බයක් නෑ මට. "


" මාස කීයක් ඉන්න වෙයිද දන්නෑ එහෙ... එක රටකට නෙවෙයිනෙ.. "


" පුතු පැටියට දුක හිතෙයි.. "


" අප්පච්චිට දුක නෑ නේහ්... " මං තොල් පෙරලලා බලද්දි අයියා හිනා වුනා..


" අප්පච්චිට තමයි පාඩුම. "


" අප්පච්චිට ඉතින් තාත්තිගෙන් ඕන ඒව විතරයි නෙ.. "


" ඒව විතරක් ඕන්නම් කරගහනවැයි... කියන්නකො චූටි පුතා.. "


" ඕන්නෑ... හිතන් ඇති මාව රට තල්ලු කරලා ආතල් එකේ ඉන්න දෙන්නා. එව්ව කොහෙද.. " මං රවාගෙන වාහනේට නගින්න යද්දි අයියා මගෙ අතින් අල්ලලා නවත්තගත්තා.


" ඔයා සයින් කරා නේද කන්ට්‍රැක්ට් එක?"


" ඇයි..? හිතුවද මං රට ගිහින් ඔයාට ආතල් එකේ ඉන්න අරියි කියලා? ආව මාව රට යවන්න.. සොරි මහත්තයො.. මං ගෙදරින් අඩියක් හරි එලියට තියනවනම් තියන්නෙ තව්සෙගෙ ඔෆිස් එකට කඩාපැනල ඒකෙ කෙල්ලො කොල්ලො අල්ලන් අඩව් අල්ලනවනම් අතටම අල්ලගන්න විතරයි. මිනිහෙක් ඉන්නෙ හම්බකරලා කන්න දීල මලක් වාගෙ බලාගන්නනෙ.. මං නහින්නෙ මොකටද ?" මං විහිලුවට වගේ කියල දැම්මෙ අයියගෙ මූනෙ සතුටක් එක්ක දුකක් මිශ්‍ර වෙද්දි..


" ඇයි මැනික බෑ කිව්වෙ? උබෙ හීනෙ ඒක. උබ අඩද්දි උබ අනිත් උන් ඉස්සරහා නිරුවත් වෙනවට වඩා මට රිදෙනවා මැනික... ඒකයි මං මගෙ ආත්මාර්තකාමීකම දමල ගහල උබට ඕකට යන්න ඉඩ දුන්නෙ.... "


" මටත් දුක හිතුනා.. ඒත් ඔයයි පුතයි දැක්කම.. අනිත් හැම හීනෙකටම වඩා හැබෑවට ඉන්න ඔයාඅ දෙන්නා මට සතුටක් දෙනවා කියල මට දැනුනා.. පුතු පැටියට මාව ඕන..අන්තිමට බලද්දි මොන පැජන්ට් එක දිනුවත් මට වැඩක් නෑ.. ඔයාටයි පුතාටයි මාව මගහැරිලනම්.. "


" උබ හදවතින් නෙවේ කියන්නෙ මැනික.. උබට දුකයි මං දන්නවා... "


" මොඩ්ල් කෙනෙක් වෙන හීනෙ මගෙ හිතේ තිබ්බෙ මට අවුරුදු 4 දි විතර ඉදන්... ලොකු වෙන්න ලොකු වෙන්න මං එ අවුරුදු හතරෙ පොඩි එකාට ඕන උන දේ හැබෑ කරගන්න මහන්සි උනා මිසක් දැන් මට සැක හිතෙනවා ලොකු වෙද්දි ඇත්තටම මං මොඩ්ලින් වලට කැමති උනාමද කියලත්... අනික මේ වෙද්දි මොඩ්ල් කෙනෙක් වෙනවා කියන හීනෙ මං හැබෑ කරගෙන ඉවරයි... ඔය මොන හීනෙටත් වඩා මට ඔයාල දෙන්නව වටිනවා අයියෙ.. මොකද මගෙ ලොකුම සතුට ඔයාල දෙන්නා. වෙන මොකුත් නෙවෙයි... "


පුතු පැටියා ඇහැරලා හිනා වෙවී මගෙ කොන්ඩෙ එක්ක සෙල්ලම් කරන්න ගත්තා. අයියා මාව පපුවට තුරුල් කරන් හිනා වුනා... මොන පැජන්ට් එක දිනුවත් ගන්න බැරි අමුතු සතුටක් එවෙලෙ මට දැනුනා..


ඒ මගෙ මැනික් කැට දෙකට තුරුල් වෙලා ඉන්නකොට දැනෙන... ලෝකෙ වටිනාම.. සුන්දරම සතුට...


- සමාප්තයි -






🌼💫

Let lotusmaeve know what you thought about this chapter!
Love this

19

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

1

Heartwarming

Shocking

0

Shocking

Good Writing

1

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

1

Great Character

Strong Dialog

0

Strong Dialog

View 2 previous comments…
author

❤️❤️😍

a year
author

❤️

a year
author

Love thiss❤️

a year

Further Recommendations

THE WOMAN HE BOUGHT

Jkind12: Great story but I didn’t like the gap of 4 years in the end! It’s like the writer quit.!

Read Now
The Contract Wife

Linda: Plot is good but a little repetitive. Recommend for readers who like an easy ready, simple storyline.

Read Now
The Alpha's Exiled Mate (ON HOLD)

Pharm: I love stories about hidden children and evil wives/girlfriends. Well written fast moving. A good beach read. Enjoy the ride

Read Now
Mystic Wolf

bushbaby: I love the slightly different spin on the were-world and I love love love reading Jaspers story splashed in-between. I honestly did not love Dev, he had no character growth and no arc I just didnt like who he is as a person and that made it hard to keep going about half way through. Without Jaspers ...

Read Now
Hit and Run

BlueMountain: I just absolutely love this story! The characters are great and the plot amazing, but what I fell for the most is the writing style. It's fantastic! I just love the easy-going roll of words and actions. And Yoda... His constant presence in this story is surprisingly perfect, and funny. The image of ...

Read Now
Going For The Goalie

NN: It got me from chapter 1. I’m sad it ended, but I loved the whole story. It was very emotional to read parts of it, and the dynamics, characters, and plot twists were amazing. I’d like to have an epilogue... 10years from now. What happened to Dewey? Even Jordan hahahaha

Read Now
PARIS IN THE DARK

Hester: Very good, was short too the point , not lingering on the abuse, pity you didn’t let him step in earlier knowing the abuse was happening, but this is almost real for some women who have gone through it, just wish they could all have a princess at te end of thete tunnel

Read Now
The Luna He Threw Away

Petduck: There’s a lesson here that I’m not sure was intentional or not. Either way this is a really good story. I like the plot. I like the characters the author draws you in chapter by chapter.  you love the ending or at least I did. I think anyone who reads this book well, enjoy it.

Read Now
The Grumpy Next Door

Jemimma: I loved the Ice King + Little Sunshine vibe. It was so heartwarming... I liked how spicy scenes showed how their relationship is growing. I really loved the happy ending. Thank you!

Read Now
පායල් | BL |