𝘊𝘢𝘴𝘦 𝘕𝘰.58 💢💥(𝙾𝚗𝚎 𝚂𝚑𝚘𝚝)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|GL
Share with your friends
Customize readability

𝘊𝘢𝘴𝘦 𝘕𝘰.58 💢💥(𝙾𝚗𝚎 𝚂𝚑𝚘𝚝)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|GL

All Rights Reserved ©

Summary

උනේ මොකක්ද කියලා හැමෝටම තේරුම් යද්දිත් ඉතිහාසයේ පලමු වතාවට විත්තිකාර කූඩුව මිනිමරුවෙක් ලෙස හංවඩු වූ කාන්තාවක් අතින් ඉදුල් වුනා රුචිකලා දම්සිනි ගජනායක .... අවසානයේදී ඉතිහාසයේ පලමු වතාවට අධිකරණය තුල සිය දිවි හානි කර ගැනීමක් සිදු කිරගැනීමට තරන් ඇය ධෛර්‍යමත් වුනා .... පලමු වතාවට මහේස්ත්‍රාත් අධිකරණය ලේ වලින් නෑවුනා "අවසානයේ ආදරය ඉදිරියේ වරදකරු වූ මිහිරි සංසංගා අබේකෝන් යන තරුනියත් සමාජය ඉස්සරහා වැරදිකරු වූ රුචිකලා දම්සිනී නම් තරුනියත් අඩි හයක් යට නිහඩවම සැතපුනා " 𝗕𝘆 𝗔𝗞𝗘𝗦𝗛𝗜 𓆉︎

Status
Complete
Chapters
1
Rating
n/a
Age Rating
16+

Case No.58

නඩු අංක පනස් අට ......

කලබලයි .... හැමතැනම කනට ඇහෙන්නැති කසු කුසුවක් එක් අයෙකු ඇර අනික් සියල්ලගෙම ඇස් මේ වෙනකොට බියෙන් සලිත වෙලා ......

හැබැයි ඒ ඇස් වල බයක් .... ගෑවිලාවත් නෑ ඒ වෙනුවට පසු තැවීම දුක විතරක් ඒ ඇස් වලින් වාන් දැම්මා බලන් ඉන්න බැරිම තැන විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී ඉදපු නීතීඥ්ඥවරයා ඒ හැඟීම් ගොඩක් එළියට දාන්න පොරකන පරාජිත ඇස් වලින් තමන්ගේ ඇස් එළියට ඇදලා ගත්තා

පැමිනිලිකාර පාර්ශවය වෙනුවෙන් කඩවසම් තරුණයෙක් සිටගෙන සිටියා ...... එතකොට විත්තිකාර පාර්ශවය ...... විත්තිකාර පාර්ශවය අභියස හිටගෙන හිටියෙත් පිරිමියෙක් ..... නෑ .....පිරිමියෙක් නෙවේ ගැහැනියක් නමුත් .... ඔහු සැබෑම පිරිමියෙක් වගේමයි ..... පෙනුමින් , හැසිරීමෙන් , බලන බැල්මෙන් පවා ඔහු පිරිමියෙක් වගේමයි

"ස්වාමීනී අධිකරණ නියෝග මත ගොඩ ගත් දේහය වැඩි දුර පරීක්ශන සදහා රස පරීක්ශක හට යොමුකරා මේ තියෙන්නේ එහි අවසන් ප්‍රතිඵලය "

කලු පාට ලෙදර් වැස්මකින් වැසුණු ෆයිල් පතක් .. ලොකු අකුරෙන් මුද්‍රිත නඩු අංක පනස් අට ගැසූ මුල් පිටුව

නම:- මිහිරි සෙනංගා අබේකෝන්

වයස:- 23

මිය යාමට හේතුව :- මාරාන්තික විශක් ශරීර ගත වීම

සැකය :- සිය දිවි හානි කර ගෙන ඇත

පසුව නිවැරදි කරමි :-මෙම විශ ශරීර ගත වී ඇත්තේ ආහාර සමග නොව ලේ සමග මිශ්‍ර වීමෙනි .

නිරීක්ශනය :- මෙම විශ ආහාර මාරගයෙන් ඇතුලත් වීමක් නොව ලේ සමග මිශ්‍ර වීමකී

නිගමනය :- එම නිසා මෙය සිය දිවි හානි කර ගැනීමක් නොව ඝාතනයක් බවට සැක පල කිරීම වඩා සුදුසුය

ස්තූතියි !

රජයේ රස පරීක්ශක

සංසංග තල්දූව

"ගරු ස්වාමීනී මාගේ සේවාදායිකාව ඔය කියන්නා වූ ඝාතනය සිදු කර බවට ඇති සාක්ශි මොනවද ? ඔප්පු කරන්න "

"ගරු ස්වාමීනී අවසර ලබාදෙන්න පැමිණිලි කාර පාර්ශවයෙන් සාක්කි ලබා දීමට පැමිණෙන ප්‍රධාන සාක්කි කරුට "

"අවසර ලබාදෙනවා "

"බයිබලෙයේ අත තබා දිව්රන්න "

"මම දිව්රා සිටිනවා කිසිදු විටෙක බොරුවක් නොපවසන බවට "

මොහොතකට මුලු සභාවම නිහඬ වුනා .. කකුල් අද්ද අද්ද ආපු මම කලින් කියපු පැමිණිලි කාර පාර්ශවයේ හැඩි දැඩි තරුණයා කූඩුවට නැග්ගා ඔහු බයිබලයේ අත තියලා දිව්රලා පොරොන්දු පිට පොරොන්දු ගැහුවා ඔහු මුසා නොපවසන බවට

"ඝාතනයට ලක් වූ තැනැත්තිය ඔබේ කවුරුන්ද මහත්මයා "

"මගේ එකම නංගි "

"ඔබ අවසානයේ ඇයව දුටුවේ කොහිදිද ? "

"එදා ඒ එදා ස්වාමීනී ඒ මීට සති දෙකකට උඩින් අඟහරුවාදා මගේ නංගි මිහිරි එයා පෙර පාසල් ගුරුවරියක් ....ඇයව මම අවසානයටම දැක්කේ එදා අඟහරුවාදා හවස ඒ අන්න අරයත් එක්ක "

විත්තිකාර කූඩුවේ සිටගෙන සිටි කිසිදු ගැහැනු ගතියක් නැති ගැහැනියට එක හෙලාම අත දිගු කරමින් පැමිණිලි කාර පාර්ශවයේ සිටි තරුනයා දත් මිටි කෑවා ... නමුත් විත්තිකාර පාර්ශවයට නම් අඩුම තරමේ තමන් දිහාවට ඇස් යුගල් බර ගාණක් යොමු වෙලා තියෙනවා කියලවත් සිහියන් නැති හැඩයි ඇය එක දිගටම ඇගේ අතේ තියෙන පච්චයක් දිහා බලාගෙන දිග කල්පනාවක

"සමාවෙන්න ස්වාමීනී නමුත් මෙය ඇසිය යුතුමයි ... මගේ සේවා දායිකාව සමග ඝාතනයට ලක් වුණු තැනැත්තිය අවසාන මොහොතේ සිටි බව සැබෑය . නමුත් ඇය ඝාතනයට ලක් වූ තැනැත්තියව ඝාතනයට ලක් කර බවට කෝ සාක්ශි "

"ඔබතුමා මදක් නිහඬ වෙන්න නීතීඥ්ඥතුමනි !"

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ්ඥවරයාගේ උත්සහය නම් කෙසේහෝ විත්තිකාර පාර්ශවය බේරා ගැනීමටය .... නමුත් විත්තිකාර පාර්ශවයට නම් එහි වගේ වගක් නැත ඇය තවමත් සිටින්නේ සිහින ලෝකයකය ....

"ගරු ස්වාමීනී මගේ සේවා දායකයා පවසනවා ඝාතනයට ලක් වූ තැනැත්තිය අවසාන මොහොතේ සිටියේ ඇය සමග බව එය පිලිගන්නවද ? "

"ඔව් මගේ සේවා දායිකාව එය පිළිගන්නවා "

විත්තිකාර පාර්ශවයේ නීතීඥ්ඥවරයා සහ පැමිණිලි කාර පාර්ශවයේ නීතීඥ්ඥවරයා අතර දැඩි සීතල යුද්ධයක් පැත්තකින් කෝපයත් වෛරයත් පිරුණු පැමිණිලි කාර පාර්ශවය තවත් පැත්තකින් ඝාතනයට ලක් වූ තැනැත්තියගේ මව සහ පියා හැඩූ කදුලින්.... විත්තිකාර පාර්ශවය මාංචු දාලා තිබ්බ අත් වලින්න විත්තිකාර කූඩුව අල්ලගත්තේ දරාගෙන ඉඳලා බැරිම තැන ඇය සිටිය සිහින ලෝකයෙන්ද එළියට පැමිණෙමින්

"ඔබ පවසනවා ඔබේ සේවා දායිකාව නිවැරදිකාරියක් බවට නැමුත් ඇය ඇගේ නිවැරදි බව ඔප්පු කරන්න කිසිදු දෙයක් ඉදිරිපත් කිරීමට පෙලබුනේ නෑ . එයට හේතුව ... "

"ඇය පොලිස් කාන්තාවන් දුන් සියලු වධ හිංසා ඉදිරියේ කට වසාගෙන ඉවසාගෙන සිටීමට හේතුව කුමක්ද "

"සතියක් ඇතුලත ඇය ගොලු වූවා වත්ද ?"

"ගරු ස්වාමීනී මම දිගින් දිගටම විත්තිකාර පාර්ශ්වයෙන් ප්‍රශ්න කරනවා ඇය කිසිදු නිදහසට කරුණක් නොකියා ගොලුවෙක් සේ හැසිරෙන්නේ මන්දැයි කියා "

"ඇය මිනීමරුවා නොවේනම් ඇයි ඇය ගොලුවකු ලෙස නිහඩ ඇයට පුලුවන්නේ ඇය වෙනුවෙන් නිදහසට කරුනු ඉදිරිපත් කරන්න . "

"ඇයි ඇය ගොලුවෙකු සේ ස්ටින්නේ කෝ මේවාට උත්තර මගේ සේවාදායකයා පවසන ආකාරයට මම දිගින් දිගටම ප්‍රශ්න කරොත් ඇය මිනිමරුවා ලෙස ඔප්පු වනවා නොවේද ගරු ස්වාමීනී "

නෑ ....විත්තිකාර පාර්ශවයේ නීතීඥ්ඥවරයාට එක මොහොතකට සැන්සීමෙන් හුස්ම ගන්න ඉඩක් නොතියම පැමිණිලි කාර පාර්ශවයේ නීතීඥ්ඥවරයා දිගින් දිගටම ප්‍රශ්න කලා ... දැන් දැන් විත්තිකාර පාර්ශවයේ නීතීඥ්ඥවරයාගේ උත්සහයද නිශ්ඵල වන තරමටම පැමිණිලි කාර පාර්ශව දරුනුවට වචනෙන් ප්‍රහාර එල්ල කරා....

ඇත්ත පොලීසියට පමණක් නොව නීතීඥ්ඥවරයන්ට පමණක් නොව නඩුකාරවරයාට ද විත්තිකාර පාර්ශවයේ මේ දරුණු නිහඩ බව ප්‍රෙහෙලිකාවක් වුනා

"මම නැවත වතාවක් ප්‍රශ්න කරනවා ඇයි විත්තිකාර පාර්ශව නිහඬ "

"ගරු ස්වාමීනී පොලිස් කාන්තාවන් ඇතුලු බත්තර මුල්ල පොලිස් ආයතනයම එක හෙලාම පවසා සිටිනවා මෙතැන සිටින සැකකාරිය එකදු වචනයක් වත් කතා නොකළ බව "

"මගේ සේවදා...යි......."

"නවත්තන්න නීතීඥ්ඥතුමනී "

ගැඹුරු කටහඩක් ගැහැනියකුට පිහිටිය නොහැකි තරමේ ඇග කිලි පොලා යන ගැඹුරු කටහඩක් ඒක.... ඇය අවසානයේ කතා කරා ඒකත් ඇය වෙනුවෙන් හේතු ඉදිරිපත් කර ඇයව බේරා ගැනීමට වෙහෙසෙන නීතීඥ්ඥවරයාගේ කට වසා දැමීමට

"ගරු ස්වාමීනී පාපොච්චාරනයක් කිරීමට අවසර !"

නඩුව බලන් හිටිය කාන්තාවන්ගේ අත් කටට ගියා පිරිමීන්ගේ ඇස් ලොකු වුනා .... මෙච්චර දෛර්‍යයක් නඩුකාරතුමා ඉදිරියේ පාපොච්චාරනයක් කිරීමට තරම් ...

ගෑනියෙක්ට මෙච්චර දෛර්‍යයක් කොයින්ද ? ...

"බයිබලයේ අත තබා ....."

"ඕක අහකට ගන්න කරුනාකරලා.....මම දිව්රන්නම් මම ආදහන ආගම ... බුදු දහමේ නමින් මම දිව්රන්නම් මා පවසනා සියල්ල සත්‍යයක්ම බව "

"පවසන්න "

"අවසරයි !

මේ කතාව පටන් ගන්නේ මීට අවුරුදු දාහතකට කලින් මගේ නම රුචිකලා දම්සිනි ගජසිංහ දැනට වයස අවුරුදු විසි තුනයි ... මේ හැමදේම පටන් ගන්නකොට මට අවුරුදු පහයි හැමදේම පටන් ගත්තේ මගේ සීයාගේ මරණයෙන් අදටත් ලෝකෙට අභිරහසක් වෙච්ච සීයගේ මරනයෙක් සරලව පැහැදිලි කළොත් මිනීමැරුමෙන්....

මගේ පවුල හරි ලස්සන ලොකු පවුලක් නොසෑහෙන්න ආදරේ සෙනෙහස දෝරේ ගලපු පවුලක් ... මට හිටියේ අම්මයි අප්පච්චියි .. පවුලේ එකම ලමයා මම එතකොට මගේ අම්මගේ මල්ලි බැදපු අලුත එයත් හිටියේ අපේ මහ ගෙදරමයි ඒ නැන්දත් මහ ගෙදරමයි හිටියේ ... අම්මා අප්පච්චි , නැන්දි මාමී , අම්මගේ අම්මයි තාත්තයි වෙච්ච ආච්චියි සීයයි

මම මොන්ඩිසෝරියේ අන්තිම අවුරුද්දේ එතකොට අම්මා රෝස පාට පැනල් එකකින් ඔතපු පුංචි බබෙක් මගේ කොන්සට් එක දවසේ මට ගෙනත් දුන්නා

රෝස පාට පැනල් එකකින් ඔතපු පිරිමි ළමයෙක් ඒ තමා මගේ මල්ලි .... අදටත් මගේ පණ ... හුස්ම අදින වාරයක් පාසා දාලා යන්න භය හිතෙන දුක හිතෙන ලෝභ හිතෙන මගේ එකම බැඳීම ..

මතක හිත පාරවනවා කියන කතාව ඇත්තම ඇත්තක් ගරු ස්වාමීනී මගේ සීයාට එයාගේ ලෝකෙම උනේ මාව අම්මයි අප්පච්චියි ඇදේ ඉඩ නැ කියලා මාව ඇදෙන් යන්න කිව්වම මාව දෝත බදලා පිලිගත්තේ සීයාගේ උනුහුම ... පපුව උනු වෙලා වැටුනත් මම දිව්රනවා ඒ සෙනෙහසට සමාන කරන ආදරයක් රෝමියෝ ජුලියට්ට වත් තිබ්බා කියලා ඒක ඒ තරමේ අමුතු ලෙවල් එකක ආදරයක්

හැමදේම පටන් ගත්තෙ මූසල දවසක ඒ වුණාට හද පිරෙන්න දිලිසුන රැයක මම හිටියේ සීයගේ සරං බොක්කේ ඉඳගෙන ආච්චි කවන කවන බත් කටට කට අරින ගමන් සීයාත් එක්ක මහා පරිමාණ කතාවක ..

"ශ්‍රියා දරුවට කොමඩු ගෙනත් ඇති කෑල්ලක් කපන් එන්නකෝ "

මට තාම මතකයි මාව එක අතකට වඩා ගත්ත සීයා අනික් අතින් ආච්චිගේ ඔළුව අත ගාලා කොමඩු කෑල්ලක් කපන් එන්න කියලා කුස්සියට යැව්වා මමයි සීයයි හිටියේ වැරැන්ඩා එකේ

"සුදු නෝනා "

"ඕ සීයේ "

"අර හද පේනවද මගේ මැනිකට ?"

"ඕනේ "

"අහන්නකෝ මගේ පුතා ලොකු නෝනෙක් වෙන්න ඕන ඉක්මනට අර තියෙන හද වගේ දිලිසෙන්න ඕන ප්‍රස්න නම් එමටයි මේ ලෝකේ හැබැයි හැම එකම කාගෙන ඉස්සරහට යන එකයි වටින්නේ ජීවිතේ අතෑරලා දාන එක පරාජිත දෙයක් ....සීයට හැමදාම මගේ කෙල්ල ගාව ඉන්න බෑනේ එහෙම බැරි වෙච්චි දාට අර හද ගාවම ඉන්න තරුව පේනවා නේද ?"

"දිලිසෙන එකත "

"අන්න හරි ආන් ඒක දිහා බලන්න සීයා තමා ඒ ඉන්නේ "

"හරේ "

සීයාගේ කරට වෙලා එදා පොඩි කමට නොතේරුනු සීයා කියපු දේ ලොකුවට ගනං නොගත්ත මම සීයාගේ ඇදේ වෙනුවට ආච්චිගේ ඇදේ නිදාගත්තා

එදා රෑ මම ගැස්සිලා නැගිට්ටුනා ඇදේ ඉදගෙන අඩන්න මූන බෙරි කර ගත්ත මම කන්නාඩි මේසේ ළඟ කොහෙ හරි යන්න ලෑස්ති වෙන සීයට අත දිග් කර කර වඩාගන්න කියලා අඩන්න පටන් ගත්තා

"යන්නෙපා "

"සීයා ඉක්මනට එනවනේ මැණිකේ "

"එපානේ යන්න "

"එනකොට මල් විස්කෝතු අරන් එන්නම් මගේ සුද්දිට "

"ගේනෝනේ "

"ඔව් ඔව් "

මාව ආච්චිගේ අතට දීලා මල් බිස්කට් ගේන්නම් කියලා ගියපු සීයා එනකන් මම අවුරුදු දහටක් තිස්සේ තාමත් බලන් ඉන්නවා එදා පොඩි කමට ඇස් ගෙවෙනකන් දවස් දොළහක් තිස්සේ සීයා එනකන් බලන් හිටිය මම අන්තිමට හුස්ම අල්ලගන්න බැරි වෙන තරමේ ලෙඩෙක් වෙලා අම්මට පාලනය කර ගන්න බැරිව ගියා

අන්තිමට දවස් දොලහකට පස්සේ පෙබරවාරි අට සීයා ගෙදරට ආවා හැබැයි කකුල් දෙකෙන් මල් බිස්කට් අරන් නෙමේ පෙට්ටියක් ඇතුලේ මලක් කෝට් එකේ ගහන්

එදා පොඩි කමට වෙච්චි දේ නොතේරුන මම සීයාගේ මල කඳට ගුලි වෙලා වෙන් වෙන්න යන මගේ පළවෙනි ආදරවන්තයාට තුරුලු උණ පුරුදු උනුහුම හොයන්න තුරුලු උනත් දවස් දෙකකට කලින් නැති වෙලා ගිය උනුහුමක් කොයින්ද ඒ මල කදේ සීතලම සීතල අත් පා ගල් වෙලා තිබ්බා සම්පූර්නනෙන්ම කොන්ක්‍රීට් කරපු වම් කකුලේ මගේ සුලගිල්ල වැදිලා සුලගිල්ල කැඩුනා එදා මට කොහොමටවත් තේරුන්නෑ සීයා මැරිලා කියලා මම හිතුවේ එයා නිදි කියලා

හැබැයි අදුරුද්දක් ගිහින් මම එක වසරේ ඉන්නකොට මට තේරුනා තවත් බලන් ඉඳලා වත් එයාගේ කහ පාට ඩිමෝ බට්ටා එනකන් වත් බලන් ඉදලා වැඩක් නෑ කියලා අන්තිමට මම පුරුදු උනා හදගාවම තියෙන තරුවට දුක කියන්න මාමිට නංගියෙක් හම්වුනා රෝස පාට බෝලයක් මට රෝස පාට බෝල දෙකක්ම දැන් ඉන්නවා .... මම ඒ දෙන්නට පණ ඇරලා ආදරේ කලා අදටත් කරනවා

හැබැයි තවත් අවුරුද්දයි ගෙදර සාමය සතුට රැකුනේ ගිනි ගන්නවා වගේ ඇවිලුන පවුල මගේ ඇස් ඉස්සරහා මරා ගත්තා මාමි නැන්දවයි නංගිවයි අරන් ගෙදරින් ගියා හරියටම සීයා මැරිලා අවුරුද්දෙන් ඒ තුන් දෙනා ගෙදර දාලා ගියා හේතු නැතිම රන්ඩුවෙන්

මම හිත හදාගත්තා දුකයි කියලා මැරෙන්නද ? මම පුලුවන් තරන් මගේ දුක සීයට කිව්වා ඇඩුවා වැලපුනා මටහරියට මගේ චූටි නංගිව මතක් උණ මගේ බෝලේ

මම හිතුවේ එතනින් රන්ඩු ඉවරයි කියලා නෑ මම එතකොට හිටියේ තුන වසරේ මල්ලිට ඕනි නම් අවුරුදු තුනක් ඇති පුංචි හිම බෝලයක් වගේ එයා ලස්සනයි අම්මගෙයි අප්පච්චිගෙයි රන්ඩු ඇහෙයි කියලා මම සමගර දාට මගේ ගවුම ඇතුලට එයාව දාගෙන එයාගේ කන්දෙක වැහුවා එයා පුංචීනේ දොයිනේ ඇහැරුනොත් අඩයිනේ කියලා

කොච්චර කොහොම ඉවසන් බලන් හිටියත් තුන වසරේ අන්තිම ඉවර වෙනකොට මට ලාවට වෙන දේවල් තේරුනා අප්පච්චි අම්මට ගහනවා හේතු නැතිවම අම්මා අඩ අඩ ගුටි කකා බේරගන්න කියලා ඉල්ලනව ඔහොම ගුටි කනදවසක මැදට පැන්නයි කියලා අප්පච්චි මාව තල්ලු කරලා දැම්මා ලී පුටුවේ ඔළුව වැදිලා කලන්තේ දාන්නම

මම ඒත් මුකුත්ම නොකර ආයෙම නැගිටලා ඇස් කලු වලාවකින් වැහීගෙන එද්දිත් අම්මිව බදාගත්තා ඒ දෙසැම්බර් දාහත එයා අන්තිමට දැක්ක දවස දෙසැම්බර් දාහත දහාට උදේ එයා ගෙදරින් ගිහින් තිබ්බා මම හිතන්නේ හැමදේකින්ම අන්තෙට කඩන් වැටිච්ච මම රූකඩයක් උනා

කන්න බොන්න පවා පිරියක් නැති කොට මට කිරි බොන දරුවෙක් බලාගන්න උනා .... මගේ පොඩි එකා කිරි ඉල්ල ඉල්ල අඩනකොට මට අවුරුදු අටෙන් අම්මෙක් වෙන්න උනා අම්මිගේ පපුවට තුරුල් වෙලා නිදාගත්ත කිරි සුවඳ වත් ගිහින් තිබ්බේ නැති මගේ හිම බෝලේ දවසින් දවස අම්මව ඉල්ලලා එයාගේ භාෂවෙන් අඩනකොට අවුරුදු අටෙන් අම්මෙක් උණ මම එයාව වඩාගෙන නලවන්න පවා පුරුදු උනා

ආච්චි ඉස්සරහා දනගහලා වැන්ද අප්පච්චි ආච්චිට අපි දෙන්නව භාරගන්න කිව්වා ආච්චිට බුදු බව අත්වෙන්න එයා එදා අපි දෙන්නව බාරගත්තා

කාලය ගියා කොල්ලා මගේ අතට හුරු වුනා මම ශිශ්‍යත්වේ පන්තියට වැටුණ කිව්වට විශ්වාස කරයිද කියලා නම් දන්නෑ සමහර දවස් තිබ්බා පන්ති ඇරිලා ආපු ගමන් අවුරුදු හතරක් වත් නොවුන පුංචි එකාට එයාගේ මෑශ් පොටෑටෝ එකක් කවන ගමන් මම ඩික්ටේශන් පාඩම් කරපු තවත් දවස් තිබ්බා එයාව කකුල උඩ තියන් නිදිකරවන්න එහෙට මෙහෙට බැරි බැරිගාතේ පැද්දුන ...

කොලබ ප්‍රසිද්ද පෙලේ බාලිකාවකට ගිය මම හය හත අට ශ්‍රේණි වලත් හොදින් ඉගෙන ගත්තා මේ අතර මල්ලිත් ගොඩක් හොඳට ඉගෙන ගත්තා ඇත්තටම එයා මට වඩා දක්ශ ළමයෙක් මම එයාව හැදුවේ එහෙමයි කියලා කියන්න පුලුවන් තැනට එයා හොදින් ඉගෙන ගත්තා

ඔය අතර තාත්තා රෑට රෑට ගමන් යන්න තියාගත්තා ගෙදර මායි මල්ලියි ආච්චියි විතරක් ඉද්දි එයා එයාගේ රෑ ගමන් දිගටම කරන් ගියා ඒවා තේරෙන කාලේ ප්‍රශ්න කරන්න ගියා කියාල මම නිස්කාරනේ ගුටි කාපු දවස් අනන්තයි අප්‍රමානයි හැබැයි මගේම යාලුවෝ කෝල් කරලා උබලගේ තාත්ත ආන්ටි කෙනෙක් එක්ක අතන ගිටියා මෙතන හිටියා අර හෝටලේ හිටියා කියලා කියන තැනට තත්වේ බරපතල වෙනකොට ඉවසීමයි බයයි පැත්තක දාපු මම එයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කලා එදා එයා මට ගහපු පාරක් නිසා අදටත් මට ශෝට් ටයිම් මෙමරි ලොස්ට් එකක් පවා තියෙනවා මම මාසෙකට වඩා හොස්පිට්ල් ඉන්නැති කවදාවත් එයා ආවේනම් නෑ මාව බලන්න

බෙහෙත් අරන් ගෙදර ආවට පස්සේ උනත් මම වැඩි කතා බහක් නැති කෙනෙක් බවට ඉබේම පත් වුනා ඉස්කෝලේ ළමයෙක් එක්ක වත් කතා නොකරන තැනට මම කොන් වුනා මට ඇත්තම කිව්වොත් උවමනාවක් තිබ්බේ නෑ ඉතින් මම විහින් පැත්තකට උණ ආම්මා එක්ක කතා කරා ෆෝන් එකෙන් ඒ ඇර වෙන කා එක්ක වත් කනෙක්ශන් තියාගත්තේ නෑ ටික ටික ඩෙඩ්ලි ඇඩික්ශන් වලට මම හුරු උනා මුලින් මුලින් කොනින් වගේ අත පය කපා ගත්ත මම තුවාල කැලැල් මැකෙන්නැති හම නිසා කපාගන්න එක නැවැත්තුවා , ඊළඟට මම හොරෙන් හොරෙන් සිගරට් බොන්න පටන් ගත්තා , ලිකර් ජාති පාවිච්චි කලා ඒ හැමදේම හොරෙන් කරපු මම අවසානයේදි ලංකාවට ආපු අම්මා ඉස්සරහා ආයේ ශාන්තයෙක් වගේ රගපෑවා තාත්තා ගෙදරින් ගියා මගේ පුරුදු නැති කරගන්න බැරි තැන ආච්චිගේ ස්ලීපින් ටැබ්ලට් අරන් නිදාගන්න ඊලගට මම හුරු වුනා මම දැනන් හිටියේ නෑ ඇයි මම මගෙන්ම පලිගන්නෙනෙ කියලා වත් පොත් ඉගෙන ගන්න ඉස්කෝලේ ගියාම පොත පුරාම බලිකුරුටු ඇන්දා ඇස් ඇන්දා වැඩකට නැති දේවල් කරා අවසානයේදි මගේම ඇග මටම ඔරොත්තු නොදෙන තැන මම අම්මගේ ඉස්සරහම කලන්තේ දාලා ඇදගෙන වැටුණ ඒ වෙනකොටත් බල නහරෙට උඩින් ලාවට කපාගත්ත මගේ අතට කවුරුහරි බෙහෙත් දාලා තිබ්බා

මේ අතර නිතර නිතරම ගෙදර ආව අප්පච්චිගේ යාලුවෙක් මමාතවරයට පත් වෙන්න ගියා එදා නූලෙන්වගේ ජීවිතේ බේරගත්තා මම පෙර පිනකට

අන්තිමට මම මානසික ලෙඩෙක් හැටියට ලේබල් ගැහුනා

ඩිප්‍රෙශන් .....

මොන කරුමෙකටද දන්නෑ අන්තිමේදි විශාදය කියන රෝගයට බෙහෙත් ගන්න වුනා .... කාලයත් එක්ක බෙහෙත් ගන්න එක පවා එපා වුන මට ඕනි උනේ සිය දිවි නසාගන්න ... මැරෙන්න ... මේ හැමදේම අතාරින්න ..

හැමදාම මට කවුරුත් නෑ කියන දේ මගේ ඔළුව ඇතුළෙ වැඩ කරා .. ලෝකෙන්ම ඈත් වෙලා කියන හැඟීම ... හැඟීමක් බෙදාගන්න යෑලුවෙක් නැති පීඩනය ...තාත්තයි එයාගේ අලුත් ගර්ල් ෆ්‍රෙඩුයි දෙන පීඩනය .... අම්මයි එයාගේ පිටරට බෝයිග්‍රෙන්ඩුයි දෙන පීඩනය නිසා මම තව තවත් මුල්ලකට උණ මට හැමදේම ඕං නෑ අතෑරපන් කියන හැඟීම ඔළුව ඇතුලේවැඩ කරා .... මොකද මේ ලෝකේ අංශු මාත්‍රයක් වත් ආදරේ දෙන්න කෙනෙක් මට නැති වුනා ... ආදරේ ලබන්න මට පින මදි වුනා හැමදේම පෝලිමට මට නැති උනා

උතුරන්න සල්ලි තියෙන ගෙදරක අවුරුදු දාහතක ගෑනු ළමයෙක් තනි වුනා .... බෙහෙත් කන්දක් එක්ක

පන්තියේ පළවෙනි දහදෙනා අතර හිටිය මම තිස් දෙනා අතරට වැටුණා ... බලන් ඉද්දි අධ්‍යාපනය , මගේ සාමාන්‍ය ලස්සන හැමදේම නැත්තට නැති වෙලා ගියා ... හැඟීම් කියන දේ අන්තෙටම කඩාගෙන වැටිලා හිටිය මම අන්තිමට ඇට සැකිල්ලක් වුනා ....

හැබැයි ඒ දවසක් වෙනකං විතරයි .... ඒ දවසේ රෑ මැරුනයින් මතු ජීවිතේට ලගට නොආපු මට ආදරේ දුන්න එකම පිරිමියා ...මගේ සීයා එයා හීනෙන් ඇවිත් මට ජීවත් වෙන්න පොරොන්දුවක් තියෙනවා කියලා මතක් කරා

ඔව් අනිවාරෙන්ම පොරොන්දු තියෙන්නේ කඩන්න නෙමේ රකින්න කියන දෙර් මගෙ හිතට ආවම මම තීරණයක් ගත්තා

මෙච්චර කල් අහිංසකව මුලු ගැන්විලා හිටිය ගෑනු ලමයව ඇඟ ඇතුලින්ම මරලා දාන එක අන්තිම තීරනේ වෙනකොට ඉනටත් පහලින් තිබ්බ බොකුටු කොන්ඩේ බෙල්ලට උඩින් කිසි හිතක් පපුවක් නැතුව කපලා දැම්මා ....

සම්පූර්න ගෑනු ඇදුම් ගිනි තිබ්බ මම පිරිමියෙක් විදිහට වෙස් වලා ගත්තා

හැමදේම මුල ඉඳන් පටන් ගත්තා ...

මට ඕන උණ හැමදේයින්ම ඈත් වෙලා මගේ පාඩුවේ ජීවත් වෙන්න මම ඉස්කෝලේ ගියා කඩන් වැටුණ අධ්‍යාපනය ආයෙම පුලුවන් විදිහට ගොඩ දාගත්තා විභාග පාස් කරා ...

කොහොම හරි A/L පන්තියට සුදුසුකම් ලබන කොට තමා මගේ ජීවිතේ සතුට කියන දේ ලැබුනේ .... මම දන්නෑ ඇයි කියන්න මට හිතුණේ දෙවියෝ මට සතුට ලබා දෙන්න පටන් අරන් කියලා

ඒ එයා නිසා !

කොන්ඩ දෙකක් ගොතලා බයෙන් බයෙන් පන්තියට ආපු එයා නිසා .....! "

"කරුනාකරලා මට වතුර වීදුරුවක් !"

සභාවක් නිහඩයි ඉදිකටු තුඩක් වැටුනත් ඇහෙන තරමට සභාව හරි නිහඩයි ... පුංචි දරුවෙක්ට විදින්න පුලුවන් දුකක සීමාව පන්නගෙන දුක ඇගටම ජේදනය වෙලා තියෙන සැකකාරිය වෙනුවෙන් කඳුළු සලන්නට පවා සභාවේ කාන්තාවන්ගේ හිත් අකීකරුයි

ඇයගේ කතාව එතරම් භයානකයි ... පපුව කාරගෙන එන වේදනාවක් අසන්නන්නට දැනුනත් පවසන්නා වෙච්චි සැකකාරියගේ හඩේ තියුණු බවවත් බයක් ගෑවිලා වත් නැති ඇස් වල සත්‍යගරුක බවත් මොහොතකට වෙනස් වුනේ නෑ

"ස්තූතියි !

මම එතකොට A/L පන්තියේ මගේ වටේ කැරකෙන හැමදෙයක්ම අසාමාන්‍යයි කියන දේ මගේ හිතේ තදින්ම වැදිලා තිබ්බා ... "

"ගරු ස්වාමීනී සැකකාරියගෙන් මට අමතර ප්‍රශ්න ද්විත්වයක් ඇසීමට අවසර ලබාදෙන්න "

"අවසර ලබාදෙනවා "

"රුචිකලා ගජනායක ඔබ මේ පාපොච්චාරනය කිරීමට හේතුව කුමක්ද ?"

"මට වෙච්චි දේ තවත් ලමයෙකුට වෙන්නැති වෙයි කියන බලාපොරොත්තුව නිසා "

"හොඳයි ඔබ පවසනවා ඔබේ වටේ යම් අමුතු අමුතු දෑ සිදු වූවා කියලා ඒ මොනවද ?"

"ම්ම්.... මට අහම්බෙන් දැනගන්න ලැබුනා එක් තොරතුරක් මම කලින් පැවසුවා ... මගේ සීයගේ මරනය සැක කටයුතු බව ....

මම ඒ ගැන හෙව්වා ඒ අතරතුර මගේ ඇස් ඉස්සරහා එහෙ මෙහේ යන සුරංගනාවිටත් අවධානය දුන්නා .....

පන්තියේ වැඩ කරනකොට උනත් මම පැත්තක හිටියා මගේ විදිහ හින්දා මට කදුරුත්ම යාලුවෙක් මුලින් ඉදියේ නෑ අවසානයෙදි දවසක් මට මතකයි අපේ සහෝදර පාසලේ ඩේ එකක් තිබ්බා ඒකෙදි ඉස්කෝලෙට අලුතින් ආපු අයගැන බලන්න කියලා මට කිව්වා ක්ලාස් ටීචර් මම බැලුවා මට පුලුවන් විදිහට ඇස් වල දාලා නලවන්න බෑ නේ මට ලමයින්ව .... අවසානයේදි ඒ ඉස්කෝලේන් අපේ ඉස්කෝලෙට එන්න හදනකොට බස් එකේ එයා නෑ මගේ ඇස් ඉස්සරහා දගයෙක් වෙච්චි එයා නෑ

පාලනය කර ගන්න බැරි කේන්තිය උඩට එනකොට පිරිමි විතරක් ඉන්න ඉස්කෝලෙක තනි වෙලා කොහේ හරි ඉන්න එයාව හොයන්න මම බැහැලා ගියා යනකොට එයා ඉන්නවා කොන්ඩ කරල් දෙකත් අතින් අල්ලන් බිම බලාගෙන .... එයාගේ ඉස්සරහා කොල්ලෝ දෙන්නෙක් හිනවෙවී මොනවා හරි කියනවා

"මෙහෙ වරෙන් "

වචන දෙකයි මම එයාගේ අත තද කරලා අල්ලලා මගේ පැත්තට අදින ගමන් එයාව කේන්තියෙන්ම ඇදගෙන ගිහින් බස් එකට තල්ලු කරා

ඒක තමා අපේ පලවෙනි සංවාදය ඉස්කෝලෙට යනකන් අඩ අඩගියපු එයාව සතයකට මායිම් නොකර වගේ හිටියත් හැම තිස්සෙම නහය රතු කරන් හුස්ම උඩට අදින බලු පැටියෙක්ගේ වගේ මූන දිහාවට මගේ ඇස් ගියා

ඔහොම කාලයක් ගියා යාලුවෝ එක්කෙනෙක් වත් හිටියේ නැති මට යාලුවෝ දෙන්නෙක්ම හම්බුනා

එක්කෙනෙක් එයා අනික් එක්කෙනා එයාගේ යාලුවා

කලින්ම කිව්වනේ මගේ සතුටේ ආරම්භය ඒ විදිහට සනිටුවහන් උනා

අපි කෑවා බිව්වා එකටම ඇලිලලම ඉදියා මට අමතක වෙලා තිබ්බ හිනාව එයා හැමවෙලේම ඇඟිල්ලෙන් ඇනලා මට මතක් කරා

ෆෝන් එකෙන් මැසේජ් දදා මං ගැන හොයලා බැලුවා

හැමවෙලේම හැම මොහොතෙම ...හැබැයි මම සීමාවේ හිටියා එයා මේ වෙනකනුත් මගේ මගේ පවුල් ප්‍රශ්න දැනන් හිටියේ නෑ

හැබැයි දවසක් මේ හැමදේම වෙනස් වුනා ගෙදරින් ගිය අප්පච්චි ඇවිල්ලා ලොකු රන්ඩුවක් ඇද්දා මට ගහන්න බැරි තරහට එයා මගේ ළමයෙක් වගේ ඉන්න පොඩි එකා ...මල්ලිට ගැහුවා ගැහුවා කියන්නේ උස්සලාම පොලොවේ ගැහුවා ඉවසීමේ සීමාව පැනගෙනම එනකොට ගෙදර හදන මිනීකන රොට්වයරර් බල්ලව මගේම තාත්තට විරුද්ධව උසි ගන්වන්න තරන් මම පහත් තත්වෙට වැටුණ

රන්ඩුව හේතුව නැතිව ඇදෙනකොට මම බල්ලව ලෙහුවා එදා අප්පච්චිගේ පිනකට එයා බේරිලා ගියත් හිත සංසුන් කරගන්න බැරි පාර මම බාතෲම් එකේ කන්නාඩියට නකල් එකෙන් ගහලා අත කපාගත්තා

ලේ හෝ ගාලා ගලනවා ඉවරයක් නෑ හැබැයි බොද වෙලා කළුවර වෙලා යන ඇස් අස්සෙන් මගේ ලෝකේ එදා ඉඳන් හීරෝ වෙච්ච සීයා මැවිලා පෙනුණා

නෑ මට අතාරින්න බෑ පොරොන්දු කඩන්න බෑ රකින්න ඕනි

අමාරුවෙන් කොන්ද කෙලින් තියාගත්ත මම දිගටම නාද වෙන මගේ ෆෝන් එක අරන් කනේ ගහගත්තා

අන්තිමේදි දරාගැනීම බින්දුවට වැටුන තැන එයාට මගේ හැම ඇත්තක්ම කිව්වා මෙතන ඉඳන් එයා සම්පූර්න මට පයෝරිටි එක දුන්නා ඒකෙන් මේකෙන් මගේ හදවතේ තිබ්බ ආකර්ශන ආදරයකට පෙරලිලා ගියා

මම කිසිම දෙයක් නොකියම ලගට ඇවිත් හුරතල් වෙන එයා දිහා බලන්හිටියා මං දන්නවා මේක වැරැදියි ... අසම්මතයක් ....සම්මතෙන් පිට පැනීමක් .... එයායි මායිලෝක් දෙකක් එක් වෙන්න බැරි ලොඉක දෙකක් මම ඉවසුවා ....ලැබෙනවනම් ලැබෙයි කියන මතේ උඩ මම ඉවසුවා මට ඕනි උණ එයා මගේ අත් අස්සේ ඉන්නවා බලන්න

අන්තිමට එක රැයක එයාම ඇවිල්ලා මට අදරෙයි කිව්වා මට දැනුන හැඟීම් වචන වලට විස්තර කරන්න බෑ මේ අතර අපි A/L කරා මගෙයි එයාගෙයි ආදරය කිසිම වෙලාවක නැවතුමක් නැතිවම ගලන්ගියා ....

අන්තිමට මට මම ජීවත් වෙනවා කියන හැඟීම් දැනෙන්න පටන් ගත්තා මම හිනා වුනා එයාගේ ගුරු පාට ඇස් දිහා බලන් මම කල්පයක් එක දිගට හිනා වුනා

මේ අතර A/L ඉවර වෙල ගෙදර හිටිය මට මම මෙච්චර කල් හොයාගත්ත කරුණු වලින් යට ගහලා තිබ්බ ෆයිල් එකක් ගොඩ ගත්තා

ඒ මගේ සීයගේ හදිසි අනතුර

කිව්වට විශ්වාස කරන්න මම මුල ඉදන්ම හොයාගත්ත තොරතුරු එකකට එකක් පරස්පර විරෝධි උණ සැකය එතනින් පටන් ගත්තා මගේ අයියා කෙනෙක් කොළඹ ප්‍රසිද්ධ DIG කෙනෙක් වෙනකොට එයාගේ උදව්වෙන් රහසේම යට ගහපුමිනීමැරුම මම ගොඩ ඇද්දා

පාරේ දකුණු පැත්තේ නවත්තලා තිබ්බ වාහනයේ ඩ්‍රයිවින් ශීට් එකේ හිටිය මගේ සීයව පාරේ විරුද්ද පැත්තෙන් එන කන්ටේනර් එකක් හප්පන් යනවා

වෙන්න පුලුවන් දෙයක්ද නෑ වෙන්න බැරි දෙයක් තාප්පේ පැත්තේ හිටිය සීයගෙ පැත්ත යට වෙන්න විදිහක් නෑ පැසෙන්ජර් ශීට් එක විතරයි යට වෙන්නේ

CCTV චෙක් කරනකොට ඒකේ හරි දත්ත තියෙනකොට කන්ටේනර් රියදුරා හොයන් ගිය අපිට අහන්න ලැබුනේ බලාපොරොත්තු නොවුන දෙයක්

"අනේ මහත්තයෝ ඊට මාස දෙකකට පස්සේ අපේ කෙනා මලානෙව "

කන්ටේනර් රියදුරා නින්දෙන්ම මැරිලා ගිහින් ඉන්නකොට බලාපොරොත්තු කඩ වුන මම මගේ අප්පච්චිගේ ඔෆිස් එකට ගියේ එයා රාජසන්තක කරලා තිබ්බ මගේපාස්පෝට් එක අරන් රට යන්න කියලා ඒත් එක්කම කනට ඇහුන දේ නිසා මට මරාගෙන මැරෙන්න හිතෙද්දි හැමදේම රෙකෝඩ් කරන් ඇවිල්ලා DIG ට දුන්න මම ඉතුරු වැඩ ටික එයාට බලාගන්න කියලා අයින් උණ

මොකද මගේම තාත්තා අතින් මගේම සීයා මරණයට පත් වෙලා තිබ්බා

හැමදේම ලිමිට් පයිනකොට එයාගෙන් ලැබෙන ආදරේ ඉස්සරහා මම හැමදේම ඉවසුවා මට හරි ලස්සන හැගීම් දැනුනා .... මට මොනවා නැතත් මේක ඉන්නවනේ කියන හැඟීම තිබ්බා

එයා දවසක් කිව්වා මට මාන්නය බිමින් තිබ්බම බිම ඉදගන්න අමාරු නැති බව පුලුවන් තරන් සරල කෙනෙක් වෙන්න කියලා

ඔව් මම එයා කැමැති විදිහට මගේ ගතිගුණ පවා වෙනස් කරා සරල නිහතමානි කෙනෙක් වෙන්න වෙහෙසුනා ...

මම එයාව පරිස්සම් කරා නියපිටින් පාරක් වත් වදින්නැති වෙන්න හිත රිදෙන්න වචනයක් වත් කියන්නැති වෙන්න මම එයාව බලාගත්තා

අවුරුදු පහකටත් වඩා අපි ආදරේ කරා මම හමුදා පුහුණු සෙබලියක් විදිහට වැඩ බාරගන්නකලුත් එයා මාත් එක්කම හිටියා

අවුරුදු පහක් පුරාවට මාත් එක්කම අසම්මතේ ගිලිච්ච එයා අවසානයේදි මාව අසම්මතේට තල්ලු කරලා එයා සමාජේ ඉදිරියේ සම්මත වෙන්න ගියා

හැමදේටම හෙනේ වැදුනේ අන්න ඒ විදිහට .....

අන්තිමේදි එයාම පටන් ගත්ත බැඳීම එයාම කඩලා දාලා යන්න ගියා..... මම බලන් ඉන්දෙද්දි එයාගේ හුරුබුහුටි අත් වල නහර පෑදුනු කඩවසම් තරුනයෙක්ගේ අත බැදිලා ගියා....

හැමදේම නැති කරන් පඩුවේ පැත්තක හිටිය මම එයාගේ ආදරෙන් විතරක් සැනසෙන්න පුරුදු වෙලා හිටිය මට කවුරුත්ම නැති වෙලා ගියා

අම්මා එයාගේ ලෝකේ

තාත්තා එයාගේ ලෝකේ

මල්ලි එයාගේ ලෝකේ

මම තනියම

මට පේන්නම එයා වෙන කෙනෙක්ගේ අතේ එල්ලිලා හුරතල් උනා මට විතරක් අයිති වෙලා තිබ්බ ලස්සන ඇස් වෙනකෙනෙක්ගේ උනා ..

වෙච්ච තුවාල නිසා මම ඊලග පරිච්චේදයට යං බය වුනා අසරණ කම .... කාත් කවුරුත් නැති කම ඉස්සරහා එකම එක බලාපොරොත්තුවක් මත ජීවත් වෙන්න මම හුරු වුනා

මම බලාපොරොත්තු උනා මගේ ගාවට එයි කවමදහරි කියලා අන්තිමේදි එයා ආවා දනිස්සටත් උඩ කොට කලිසන් කැල්ලක් ඇඳන් ආවා

වෙන මොකටවත් නෙමේ වෙඩින් ඉන්විටේශන් එකක් දීලා යන්න

රතු කලු මිශ්‍ර වෙඩින් කාඩ් එකක් ලොකු අකුරෙන් එයාගේ ලස්සන නම මිහිරි සෙනංගා

හරියටම හරි මෙච්චර වෙලා මම කිව්වේ එයා ගැන තමා .... ඝාතනයට ලක් වුණු මගේ පෙම්වතිය මිහිරි සසංගා ගැන

එයා ආවා මාව බලන්න ඒකත් වෙඩ්න් කාඩ් එක දීලා යන්න

මට අවසානෙදි එයාගෙන් දෙයක් අහගන්න ඕන උනා ... ඔව් මම ඒක ඇහුවා

"දාලා යන්නද ලං වුනේ "

"ම්ම් "

"මම විතරමද ආදරේ කලේ මිහිරි "

"ඔව් ඔයා විතරයි මම ඔයා ගාව මට හරියන කෙනා එනකන්‍ රැදුනා විතරයි "

"මාව සෙල්ලම් බඩුවක්ද ?"

එයා ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට දුන්නේ එක හිනාවක් විතරයි .... ඇගේ ලේ කැකෑරි කැකෑරි උඩට ගහනකොට කේන්තිය මම හිතන්නේ මගේ ඇස් වලින් වාන් දැම්මා ... මට ඕන උනා එයාව අවසාන වතාවට බදාගෙන මෙතනින් යන්න ඒ වගේම මම ඒක කලා මම එයාව බදාගත්තා ... ඒත් එක්කම එයා මගේ කනට කරලා දෙයක් කිව්වා

"ස්තූතියි මට ටයිම් පාස් කර ගන්න උදව් කරාට "

මගේ අසරන බවෙන් ප්‍රයෝජනය අරන් ටයිම් පාස් කරගත්ත එයා මගේ කන ගාවම හිනාවෙවි කෙදිරුවා

මම දන්නෑ මගේ අත සාක්කුවට ගියේ කොහොමද කියලා වත් ....

"උබට මේක විහිළුවක් උනාට මට විහිළුවක් නෙවෙ "

මගේ හදවත කෑ ගැහුවා ආදරයම වෛරයකර පෙරලුනා

මම හිටියේ රාජකාරි පිට රේගුවෙන් අල්ලපු Deadly poison එකක සාම්පල් එකක් පවා මගේ සාක්කුවේ සිරින්ජර් එකක් ඇතුළෙ තිබ්බා ..

ඉක්මන් කේන්තිය නිසා මම ඇස් දෙක වගේ බලාගත්ත සුරංගනාවිට මගේම අතින් Strychnine high docx එකක් කොට කලිසමෙන් නිරාවරණය වුන කකුලකට ඉන්ජෙක්ට් කරා .... වෙන සිහියක හිටිය එයාට ඒක දැනුන්නැ ...ක්‍රමයෙන් මගෙන් වෙන් වෙලා ගියපු එයා වාහනේට නගිනවත් මම බලන් හිටියා මම කරපු පාපතර වැඩේ නිසා මගේ අත පය ගල් වෙලා ගියා ...

මම දැනන් හිටියා විනාඩි දහයක් ඇතුලත එයා මැරෙනවා කියලා පවා ......මං හිතන්නේ මගේ හදවත පිපුරනා ..... ආදරේ කරපු කෙනාව මරන්න තරන් මගේ මනස පහත් තත්වෙකට ඇදගෙන වැටුණා

අම්මපයි සර් විස ශරීරගත උනා නෙමෙයි මම විස ශරීර ගත කරා

ඔව් අවසානයේදි ගරු ස්වාමීනී මම ඇයව මගේ අත් දෙකෙන්ම ඝාතනය කරා "

මුලු ස්භාවම එකම ගාලගෝට්ටියක් වෙලා ගියා විනිශ්චකාර තුමාගේ පාලනයෙන් ගිලිහෙන තරමටම සභාව දෙකට බෙදුනා එක පිලක් විත්තිකාර පාර්ශවය නිවැරදි කරනකොට අනික් පිල පැමිනිලිකාර පාර්ශවයට ගතු කිව්වා

දඩං දඩං දඩං කරුනාකරලා නිශ්ශබ්ද වනු

රජයේ අදිනීතිඥ්ඥ සෙනරත් හොරොව්පතාන මහතා මහ හඩින් බෙරිහන් දුන්නා විත්තිකාර පාර්ශවයේ වගේම පැමිනිලිකාර පාර්ශවයේ ඇස් උඩ ගියා .... මොකද ඒ පාපොච්චාරනයේ කොහෙවත් හිඩසක් නෑ එකකට එකක් සම්බන්ද ඇගේ මුලු ජීවන කතාවම පාපොච්චාරනය කරපු ඇයගේ දිහාවට අනුකම්පාව පිරුණු ඇස් එකින් එක යොමු වෙන්න පටන් ගත්තා .

"ඔබ කුමක්ද ඒ එන්නතට කරේ "

"ඒක බේරේ වැව පතුල සුද්ද කරන දවසක ලැබෙයි"

"ගරු ස්වාමීනී ඇය පිලිගත්තා ඇයයි මිනිමරුවා බවට "

"ගරු ස්වාමීනී මගේ සේවා දායිකාව හදිසි කෝපය නිසා මෙය කර බවට පිලිගන්නවා නමුදු ඇය මානසික ලෙඩෙක් බව අප අමතක නොකල යුතුයි !"

ආයෙමත් සීතල යුද්ධයක් ගරු අග්‍ර විනිශ්ංහකාරතුමා තවමත් විත්තිකාර පාර්ශවයේ සිටින කෙල්ල දිහා බලාගෙන

සමහර විට ඒ ඔහුටත් දුවෙක් ඉන්න නිසා වෙන්න ඇති

"මානසික රෝගියෙකු වුනත් ඇය දැන් ඉන් සුව වෙලා නැතිනම් ඇයට යුධ හමුදාවට බැදෙන්න අවසර ලැබෙන්නෑ නීතීඥ්ඥතුමනී "

"ඇති මම අවසාන තීරණය ගත්තා "

මුලු සභාවම ආයෙම පාරක් මූසල නිශ්ෂබ්දයකින් වැහුනා මූසල ගුප්ත නිශ්ෂබ්දයක් ඇය වෙනුවෙන් කඳුළු සලන බොහෝමයක් සිත යටින් ඇය වෙනුවෙන් ජීවිතය ඉල්ලුවා

"ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාඅදි ජනරජයේ *** නීතියේ අංක ** නීතියට අනුව මාරාන්තික විශක් ලග තබා ගැනීම එය යොදාගෙන ඝාතනයක් සිදු කිරීම , නීතිය හා සාමය ආරක්ශා කරන පොලිස් දෙපාර්තුමේන්තුව නොමග යැවීම , සමාජ අසම්මතයන්හි පැටලීම යන වැරදි වලට වරදකාරිය වූ රුචිකලා දම්සිනී ගජසිංහ වන ඇයට මරණ දඩුවම ලබා දීමට රජයේ අධිනීතීඥ්ඥ සෙනරත් හොරොව්පතාන වන මම නියෝග කර සිටිනවා ..."

ඔව් අවසානයේ නඩු අංක පනස් අට නම් වූ ආන්දෝලාත්මක නඩුවක් ඉදිරියේ මරන දඩුවම යන ස්තානයේ අග්‍ර විනිශ්චකාර තුමගේ අත්සන වැදුනා ඒත් එක්කම ඒ පැන දෙකට මැදින් වෙන් වෙලා සභා ගර්භය මැදට අතහැරි එතුමා ඇස් වලින් වැටෙන්න යන කදුල පිට වැටෙන්න කලින් ඔහු ඔහුගේ ඇස් වසන් කරන් සභාවෙන් වෙන් වුනා

තවමත් මුලු සභාවම එක එල්ලෙම මරන දඩුවම ඉදිරියේ සැහැල්ලුවෙන් සිනාසෙන ඇය දෙස බලා සිටිනවා මරන දඩුවම වුවත් එල්ලුම්ගහ ක්‍රියාත්මක නොවන රටක ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඩුවම් විදින්න වන ඇය වෙනුවෙන් තවත් සමහරු අනුකම්පා කරා

නමුත් ඊලග මොහොතේ රටම කලබන්න පුලුවන් දෙයක් ඇය කරයි කියලා කවුරුත් නොහිතන්න ඇති

පැමිනිලිකාර පාර්ශවයේ දිගින් දිගටම අඩා වැටෙන විත්තිකාර පාර්ශවය වූ මිනීමරුවා වූ ඇයට මවක් සේ සෙනෙහස ලබා දුන්න මිහිරිගේ අම්මට හ්‍රද්‍යාංගම සිනහවක් තිලින කර ඇය තමන්ව බන්දනාගාර බස් රතයට රැගෙන යන්න පැමිණි පොලිස් කාන්තාවන් පිටිපස්සේ සිටින ඇයගේ දුරින් නෑ වෙන සහෝදරයා දෙස බලා ඔලුව ඉහල පහල කරා

තමන්ගේ උන්ඩ දමා ඇති පිස්තෝලයේ දමා ඇති කුඩා සාක්කුවේ බොත්තම ලිහිල් කර ඔහු ඇගේ ඉස්සරහින් ගිහින් හිටගත්තා

"සීයේ පොරොන්දු තියෙන්නේ රකින්න නෙවේයි කඩන්න .... ලබන ආත්මේ හම්බෙමු තවත් මම මේවා දරාගත්තොත් තිරිසනෙකුට අන්ත පිස්සෙක් වෙයි "

ඇය තමන්ටම කියාගන්න ගමන් මාංචු දාලා තිබ්බ අත් වලින්ම බෙල්ලේ එල්ලෙමින් තිබ්බ ලොකට් එක ගලවලා ඇස් මානයට අරගෙන විත්තියේ කූඩුව උඩට විසික් කරා

ගත වුනේ නිමේශයයි ඇය තවමත් විත්තිකාර කූඩුවෙන් බැස්සේ පඩි දෙකයි පොලිස් කාන්තාවන් දෙදෙනා තල්ලු කර දැමු ඇය මාංචු සහිත අත් දෙකෙන්ම ඔහුගේ පිස්තෝලය උදුරා ගත්තා

ඩෝං

උනේ මොකක්ද කියලා හැමෝටම තේරුම් යද්දිත් ඉතිහාසයේ පලමු වතාවට විත්තිකාර කූඩුව මිනිමරුවෙක් ලෙස හංවඩු වූ කාන්තාවක් අතින් ඉදුල් වුනා

රුචිකලා දම්සිනි ගජනායක .... අවසානයේදී ඉතිහාසයේ පලමු වතාවට අධිකරණය තුල සිය දිවි හානි කර ගැනීමක් සිදු කිරගැනීමට තරන් ඇය ධෛර්‍යමත් වුනා .... පලමු වතාවට මහේස්ත්‍රාත් අධිකරණය ලේ වලින් නෑවුනා

හැමෝගෙම අත් කටවල් වලට යනකොට DIG මහතා පමණක් ඇය වෙනුවෙන් දීර්ඝ හුස්මක් පිට කරා තමන්ගේ ආයුධය අතට ගත් ඔහු ඇය වෙනුවෙන් හොද ජීවිතයක් පැතුවා ඇයට මෙහෙම සිය දිවි නසාගන්න තැනට ඇයව පත් කරපු හැමෝටම DIG මහතා සිතින් පමනක් ශාප කලා

ඒත් එක්කම අදිකරන පොලීසිය සභාවට කඩා වැදුණා DIG මහතා එතැන් පටන් සියලු දේ තමන් අතට භාරගත්තා

අවසානයේ අසම්මතයට ආදරේ කර වරදට ඇය ඇගේ ජීවිතෙන් වන්දි ගෙව්වා

එමෙන්ම මානසික රෝගියෙකු රැවටීමේ ප්‍රතිපලය වශයෙන් ඇය ඇයගේ ජීවිතෙන් වන්දි ගෙව්වා

"බොඩි එක අරන් යන්න සිය දිවි නසාගැනීමක් "

මුලු රටම එකම විකාරයක් වෙනකොට මාධ්‍යයට පිලිතුරු බැඳීමට DIG මහතා එලියට ගියා

මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක් !

රටම ආන්දෝලයකට තුඩු දුන් පෙරපාසල් ගුරු වරියගේ මිනීමැරුමට සැක පිට අත් අඩංගුවට ගත් යුධ හමුදා නිලධාරිනිය මහේස්ත්‍රාත් අධිකරණය තුලම හිසට දෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනු ලැබිනි

මේ පිලිබද වැඩිදුර විමසීම සදහා අප සම්බන්ද කරගත් DIG නිපුන් ධනංජය මහතා පවසනා ආකරයට ඇය ක්ශනිකව තීරනය කර සිය දිවි නසාගත් බවත් ඇයට ඊට පෞද්ගලික හේතුවක් තිබු බවත් එම මහතා සදහන් කර සිටිනවා

"අවසානයේ ආදරය ඉදිරියේ වරදකරු වූ මිහිරි සංසංගා අබේකෝන් යන තරුනියත් සමාජය ඉස්සරහා වැරදිකරු වූ රුචිකලා දම්සිනී නම් තරුනියත් අඩි හයක් යට සැතපුනා "

_________________

"තාත්තේ නැන්දා ඒ වගේ දරුණු තීරණයක් ගත්තේ ඇයි ?"

"හැමදේටම වග කියන්න ඕන ආදරය පුතේ "

"මොකක් "

"ඔයාගේ නැන්දා ආදරය නිසා වියරු වැටුණ එතකොට නැන්දගේ එයා ආදරේට රැවටීම එකතු කරපු නිසා ඝාතනයට ලක් වුනා .....!"


____________________________________________


ආදරය කියන්නේ සුන්දර හැඟීමක් ඒ හැඟීම රැවටීම එකතු නොකරන ලෙස ඉල්ලමින් මම නිහඩ වෙන්නම්


කිසිදු දිනයක තමන්ගේ දරුවෙකුට මෙවැනි අපරාධයක් නොකරන ලෙසට අනාගතයේදි දෙමව්පියන් වීමට සිටින , දැනටමත් දෙමව්පියන් වී සිටින ඔබ සැමගෙන් මම ඉල්ලනවා


ඇයව මානසික රෝගියෙක් කරේ අවසානායේදි සමාජයේ මුල් කේන්ද්‍රය වූ පවුල සහා රැකවරණය මත අධික විශ්වාසය සමග පදනම් වූ ආදරයම බව ඔබ විශ්වාස කරනවද ?


ස්තූතියි !

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි


Hope will enjoy gyzz ❤️


AKESHI 𓆉︎

Let Akeshi_Rathnayaka know what you thought about this chapter!

Further Recommendations

The Alpha's Exiled Mate (ON HOLD)

Catherineb83: Story good just would have liked her not to wear a mask

Read Now
Our third chance

Susanne: Cute story about 3rd chances. Loved it

Read Now
An Irish Match

readingtoday77: This story is so very sweet. I really like each main character's emotional evolution, especially Liam working through difficult past betrayal and tragedy to be able to take a chance and love again. The sex scenes were fiery and tender and so very moving, especially the scene when Maeve says that she...

Read Now
My Blacksmith Savior

apolloavr04: I love it. It's a great story.

Read Now
The Grumpy Next Door

mmurphy1008: This book had my attention from the very first chapter! It has romance and humor and just enough tension to keep it moving along. Can’t wait to read more from this author.

Read Now
Ruthless Lord

susiebear2012: Realy enjoyed this so looking forward to more.great story line hope they can achieve getting away from the kings burden. Truly amazing well written well done.

Read Now
The Neighbor's Son

Diane: This was an amazing read, I really enjoyed it so much.. thank you for this masterpiece 💞

Read Now
Light at the End of the Track

Sonya: This was a lovely gripping and emotional storywith a brilliant ending

Read Now
THE RIDGE

Kay Green: I read it in one sitting. So engaging. Loved it.

Read Now