Chapter 1
" විහේන්......විහේන්....කන් ඇහෙන් නැද්ද අනේ "
" ඔහ් !! ඔයා මට කතා කලාද "
" මොන ලෝකෙ සිහියෙන්ද ඉන්නෙ විහේන්...දැන් මං කී පාරක් කතා කරාද "
" සොරි සොරි....මං මේ මගේ අලුත් පොත ලියන්න ඩීටේල්ස් වගයක් හොය හොය හිටියේ "
" කෙහෙල්මල !! ඔයාගෙ ඔය පොත් පිස්සුව තමා මට පේන්න බැරි විහේන්....හරි ඒකෙන් වැඩක් නෑ....අද රෑ ටනාශාගෙ බර්ත්ඩේ පාර්ටි එකට යන්න ඩ්‍රෙස් එකක් ලෑස්ති කරාද කියන්නකො "
" බර්ත්ඩේ පාර්ටි ?? "
" ඒ පාර ඒකත් අමතක උනා කියන්න එපා විහේන්....මං ගිය සතියෙත් මතක් කරා අද ටනාශාගෙ බර්ත්ඩේ පාර්ටි එක කියලා "
මේසෙ උඩ තිබ්බ ලැප් එක වහලා දාපු විහේන් එයා ඉස්සරහා හිටන් ඉන්න ශෙවෝනිගෙ අතින් අල්ලගත්තා.
" අද රෑ මට ඔන්ලයින් ලෙක්චර් එකක් තියනවා බබා... අපි හවසට ගිහින් ටනාශාට විශ් කරලා එමු "
" what.....Are you serious විහේන් !! තමුසෙට පිස්සු හැදීගෙන එනවද ? "
" ලෙක්චර් එක නවත්තන්න පුලුවන් නම් මං නවත්තනවා බබා....ඒත් ළමයි කී දෙනෙක්ට ඒකෙන් පාඩු වෙනවද "
" තමුසෙට මං ඇරෙන්න අනික් හැම මගුලම ලොකුයි විහේන්.....ශිට්....මදැයි මං අපේ ගර්ල්ස්ලට ප්‍රොමිස් උනා තමුසෙව පාර්ටි එකට එක්කන් එනවා කියලා "
" ටිකක් තේරුම් ගන්නකො බබා "
" නෑ නෑ....මට කිසිම දෙයක් තේරුම් ගන්න ඕනෙ නෑ....තේරුම් ගන්න ඕන දේවල් මේ අවුරුදු පහට මං හොදටම තේරුම් අරගෙන ඉන්නේ....තමුසෙට එන්න බැරි නම් ඕන මගුලක් කරගන්නවා...මං යනවා "
මේසෙ උඩ තිබ්බ විහේන්ගෙ පොතකටත් අතින් ගහගෙන ශෙවෝනි කාමරෙන් එලියට ගියා. ලොකු හුස්මක් අරන් පහතට දාන ගමන් විහේන් ආයෙත් පුටුවෙන් ඉදගෙන මේසෙ උඩින් ඔලුව තියාගත්තා....
විහේන් අහස් නානායක්කාර
බිස්නස් ලෝකෙ නමගිය චරිතයක් උන විපුල් නානායක්කාරගෙයි මිනෝලි නානායක්කාරගෙයි එකම පුතා....
විහේන් කියන්නෙ උපතින්ම නිල් මැණිකක් අතේ තියාගෙන ඉපදුණ කෙටියෙන්ම කිව්වොත් විසි කරන්න තරම්ම සල්ලි තියන කොල්ලෙක්....විහේන්ගෙ තාත්තාට අයිති හෝටල් ජාලාවක් ලංකාවෙ හැමතැනකම වගේ තියනවා...විහේන්ගෙ අම්මා මිනෝලියි තාත්තා විපුලුයි කසාද බැදලා අවුරුදු දහයකටත් පස්සෙ විහේන්ව හම්බුණ නිසා ඒ සතුටට රත්නපුරේ මැණික් ආකරයක් සල්ලි වලට අරන් විපුල් ඒක විහේන්ගෙ නමට ලිව්වා...අරගෙන සතියක් ගියේ නෑ ඒ මැණික් පතලෙන් නිල් මැණිකක් හම්බුනා....අන්න ඒ නිසයි විහේන්ට ගොඩක් අය කියන්නෙ නිල් මෑණිකක් අතේ තියන් ඉපදුණ කොල්ලෙක් කියලා.
පුංචි කාලේ ඉදන්ම විහේන් ඉගන ගන්න ගොඩක් දක්ෂ කොල්ලෙක්....මුලින් විපුල් හිතුවේ විහේන් ආශ්‍රය කරන යාලුවොත් එක්ක බැලුවම විහේන් නාහෙන අහන්නෙ නැති හිතුවක්කාර දඩබ්බර කොල්ලෙක් වෙයි කියලා උනත් විහේන් කාව ආශ්‍රය කරත් ඒ කාගෙ ගතිගුණයක්වත් තමන්ගෙ ඇගට ගත්තේ නැ.....
විහේන් හරි අමුතු කොල්ලෙක්....ආශ්‍රය කරන්නෙ නසරාණි යාලුවො ටිකක්...හැබැයි හරි නිවුන අමුතු චරිතයක් !! හරියට නිකන් අනන්තෙන් ආපු තරු කුමරා වගේ....ඔව් !! ඒ නම එයාට ගැලපෙනවා....විහේන්ගේ ආසාවල් විහේන්ගෙ හීන විහේන් ජීවත් වෙන වටපිටාවට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ.....
ස්කෝලෙ යන කාලේ පුස්තකාලෙ කියන්නෙ විහේන්ගේ ආසම තැන !! ඒත් එහෙමයි කියලා විහේන් පොත් ගුල්ලෙක් වගේ හිටියේ නෑ.... විහේන් තමා ස්කෝලෙ ස්විමින් චැම්පියර්....රගර් ටීම් එකේ ලීඩර්....ඒ කොහොම උනත් විහේන්ගෙ ජීවිතේ මුල් තැන පොත් !!!
ලේඛකයෙක් වෙන්න විහේන් කොච්චර හීන දැක්කද කියලා දන්නෙ එයාම තමා....තාත්තාට ඕන නිසා බිස්නස් ගැන ඉගනගත්තට විහේන් හරියටම එයාට අවුරුදු දහ අට වෙද්දි එයාම ලියපු පොතක් එලිදැක්වුවා.
දැන් විහේන්ට වයස අවුරුදු තිහයි.
ලේඛකයෙක් වෙන්න හීන දැක්ක විහේන් එයාගෙ අතින් ලියවුණ පොත් නවයක්ම මේ වෙනකොට එලි දක්වලා ඉවරයි. තාත්තාගෙන් පස්සෙ භාරගත්තු නානායක්කාර හෝටල් ජාලය අවුරුදු පහකට කලින් විහේන්ගෙ අතට ලැබෙද්දි ආදරයක් ගැන හිතලවත් නොතිබ්බ විහේන්ගෙ ජීවිතේට ආපු ශෙවෝනි අද විහේන්ගේ බිරිද !!
විහේන්ගෙ පළවෙනි ආදරේ...
ශෙවෝනි ශාක්‍යා
තීන්දු කරපු විවාහයක් උනත් ශෙවෝනි විහේන්ට ආදරේ කරේ ස්කෝලෙ යන කාලෙ ඉදන්මයි...ශෙවෝනිගෙ ඩැඩා විහේන්ගෙ තාත්තාගෙ බිස්නස් පාට්නර් උන නිසා විහේන්ට තාත්තගෙ කීමට කසාද ජීවිතේකට යන්න උනත් ටික ටික දවස් ගෙවිලා යද්දි විහේන් ශෙවෝනිට මහ හුගක් ආදරේ කරන්න පටන් ගත්තා.
" අප්පත්ති........ "
" මගෙ වස්තුව....... තනියම ඇදෙන් බැස්සද....කෝ...කෝ එන්න අප්පච්චිගෙ ඔඩොක්කුවට....ම්ම්ම්ම්ම් මගෙ කම්මැලි කොල්ලා...."
මේසෙ උඩ ඔලුව ගහන් උන්න විහේන්ව එයාට පිටිපස්සෙන් විහේන් අහන්න ආසම කටහඩ ඇහෙද්දි ඉක්මනට ඒ පැත්ත හැරුනා...නිල් පාට ෆ්ලෆි කෙනෙක් එක අතකින් එල්ලන් බෝල බෝල චූටි කොට කලිසමක් ඇදන් ඉන්න කොලු පැටියා දුවගෙන දුවගෙන ඇවිත් විහේන්ගෙ ඔඩොක්කුවට පැන්නා.
" තෙවෝනි ආවෙ නැද්ද අප්පත්ති "
" අප්පච්චිගෙ වස්තුවට බඩිගිනිද... "
" ඔව්නෙ...වත්තුවට බදිගිලීනෙ අප්පත්ති "
" ම්ම්ම් අපි එහෙනම් රසම රස කුක්කු එකක් හදලා බීගෙන බීගෙන ගිහින් බණ්ඩි පුරෝගමු...."
" බෝතලේ කුක්කු එපානෙ අප්පත්ති....තේනුත මෙතන කුක්කුනෙ ඕනේ.....මිනුල් බොන කුක්කු වගේ ඒවානෙ ඕනා "
විහේන්ගෙ ඇගේ එල්ලිලා දෙකට බෙදුන නිරුවත් පපුවෙ තියන පිරිමි තනක් අල්ලන ගමන් කොලු පැටියා කියද්දි විහේන්ට දැනුනෙ මහ කාලකණ්නි හැගීමක්....
මේ ඉන්නෙ විහේන් එයාගෙ මුලු ජීවිතේම කැප කරලා විහේන් පණටත් වඩා ආදරේ කරන ශෙවෝනිගෙයි එයාගෙයි ආදරේ සංකේතෙ...
තරුල්‍ය චේනුක නානායක්කාර
අවුරුදු හතරක් වයස උන චේනු බබා එයාගෙ අප්පච්චිගෙන් ඉල්ලන දේ විහේන්ට දෙන්න බෑ....මුලු ලෝකෙම ගෙනල්ලා දුන්නත් ඒ දේ විහේන්ට දෙන්න බෑ....
මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ස්කෝලෙ කාලෙ ඉදන් විහේන්ගෙ පස්සෙන් වැටීගෙන විහේන්ට ආදරේ කරපු ශෙවෝනි කසාදෙන් පස්සෙ අවුරුද්දක් යන්නත් කලින් ටික ටික වෙනස් වෙද්දි ශෙවෝනිට මහ හුගක් ආදරේ කරන්න ගත්තු විහේන්ට සෑහෙන්න ඒ වෙනස දරාගන්න බැරි උනා... ඒ මොන දේ උනත් චේනු බබා බඩට ආවට පස්සෙ විහේන්ගෙ හිතේ ශෙවෝනි ගැන තිබ්බ ආදරේ වැඩි උනා මිස අඩු උනේ නෑ....
" අම්මිට රෑට පාටි එකෙක්නේ වස්තුව....ඒ නිසා අපි අද බෝතලේ කුක්කු බොමු හාද "
චේනුව වඩාගත්තු විහේන් චූටි කොල්ලගෙ ඔලුව අතගාලා කියද්දි චේනු හා කියන්න ඔලුව වනද්දි විහේන්ගෙ ඇස් දෙකට කදුලු පිරුණා...
" අප්පච්චිට සමාවෙන්න පුතේ "
විහේන් කොහොම කියන්නද ? ශෙවෝනි ෆිගර් අවුට් යනවා කියලා චේනු බබාට කිරි දුන්නෙ හරියටම මාසයක් විතරක් වෙනකොට විහෙන් කොහොම කියන්නද ඔයාගෙ අම්මි ඔයාට කිරි දෙන්න කැමති නෑ කියලා...
" අප්පත්තී.......හෙත මිනුල් යාලු එනාද "
" ඔව්නේ....ධනුක මාමි මිනුල් යාලුව ආච්චි අම්මලෑ දිහා එක්කන් එනවා කිව්වනේ චේනු බබා එක්ක සෙල්ලම් කරන්න "
කිරි එක හදලා කෝප්ප දෙකක් අරන් මාරුවෙන් මාරුවට දාලා කිරි එක නිමපු විහේන් පිට අල්ලට කිරි බිංදු දෙක තුනක් දාලා රස්නෙ බැලුවා...ඊට පස්සෙ කිරි ටික චේනු බබාගෙ කිරි බෝතලේට දාලා කිචන් කවුන්ටර් එක උඩ ඉදන් කියවන චේනුගෙ අතට දෙද්දිමි ශෙවෝනි කිචන් එක ඇතුලට ආවා.
" බබා.... "
" හෙට පුතාගෙ ප්‍රී ස්කූල් එකේ මීටින් එකක් "
කිචන් එකට ආපු ශෙවෝනි ෆ්‍රිජ් එක ඇරලා අලිගැටපේර ගෙඩියක් අතට ගන්න ගමන් ඔලුව උස්සලා විහේන් දිහා බැලුවා.
" ඉතිං "
" පළවෙනි පේරන්ට්ස් මීටින් එක නිසා ඔයත් යන එක හොදයි නේද "
" ඔයාට පිස්සුද විහේන් !! ටනාශාගෙ බර්ත්ඩේ පාර්ටි එක කීයට ඉවරවෙයිද දන්නෙ නෑ.. අනික් එක මට හෙට ඔෆිස් එකේ වැඩක් තියනවා "
හැමදාම ඔහොමයි !! මොකක් හරි දෙයක් කිව්වාම ශෙවෝනිට වැඩ ගොඩ ගැහිලා....විහේන්ට චේනු ඉස්සරහා රණ්ඩුවක් ඇදගෙන එයාගෙ හිතේ ශෙවෝනි ගැන තියන පොඩි හරි තැන නැති කරන්න ඕනෙ නැති නිසා විහේන් එතනින් එහාට කිසිම දෙයක් කිව්වෙ නෑ....
" අප්පත්ති මෙල්ල මෙයා අලිගැත පේල කන්නෙ නැතුව මූනෙ ගානවා "
ශෙවෝනි අලිගැටපේර ගෙඩිය කපලා මොන මොනවදෝ කරලා මූණෙ ගාගන්නවා දැක්ක චේනු හොල්මනක් වගේ පේන එයාගෙ අම්මා දිහා බලන් චූටි අතෙන් කටත් වහන් හිනා වෙවී විහේන්ට කිව්වා....විහේනුත් චේනුගෙ හිනාව දිහා බලලා ආපිට චේනු එක්ක හිනා උනේ හිතේ තිබ්බ හැම වේදනාවක්ම මේ හිනාවට මැකිලා යද්දියි...
ශෙවෝනි කියන්නෙ ලස්සන කෙල්ලෙක්....විහේන්ගෙ හිත හොරකම් කරපු අහිංසක කෙල්ලෙක්...හැබැයි ඒ ගොඩක් කාලෙකට ඉස්සර....කාගෙ ඇස්වහකටදෝ මන්දා ශෙවෝනි කියන්නෙ දැන් වෙනස්ම කෙනෙක්....ක්‍රීම් ගාලා සුදු උන හම , එක එක කාලෙට පාට වෙනස් කරන බෙල්ල ලගට කොට කොන්ඩේ ශෙවෝනිව හාත්පසින්ම වෙනස් කරලා...
ඒ උනත් විහේන් !!
අවුරුදු විසි නවයක් උනත් විහේන්ට තිබ්බේ කිසිම දවසක වෙනස් නොවෙන කඩවසම් පෙනුමක්.... ගිජු ලිහිණියෙක්ගෙ වගේ තියුණු විහේන්ගෙ අලු පාට ඇස් වලට වශී නොවුන කෙනෙක් නැති තරම්....ගානට ශේප් කරපු ඝන රැවුල එක්ක ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා හදලා වගෙ තියන ස්වභාවික ජුවෙල් ලයින් එක , දෙකට බෙදුන පපුවේ වෙන් වෙන්වම පේන සික්ස් පැක් එක්ක රත්තරන් පාට හම.... විහේන් කියන්නෙම කඩවසම් බවේ ප්‍රතිමූර්තියක් !! දක්ෂ බිස්නස්මන් කෙනෙක් !! ඒ වගේම දක්ෂ ලේඛකයෙක් !!
" ඔය මොකක්ද අදින්නෙ බබා "
" ඇයි "
" පොඩ්ඩක් නැමුනා නම් ඉස්සරහිනුයි පස්සෙනුයි දෙකෙන්ම ඔක්කොම එලියෙනෙ "
" අනේ මේ විහේන්....ඔයා කියන්නෙ මට ගොඩේ ගෑණියෙක් වගේ පාර්ටි එකට යන්න කියලද...මෙහෙම තමා හැමෝම අදින්නේ "
කණ්නාඩිය ඉස්සරහට වෙලා කරාබු දෙකක් දාන ගමන් ශෙවෝනි කියද්දි විහේන් ශෙවෝනිගෙ උඩ ඉදන් යටට බැලුවා... රතු පාට ඇගටම තද උන ගවුම ඕන්නම් උපරිම වියත් දෙකක් දිග ඇති....ඒ මදිවට ඉස්සරහට නැමුනොත් ඔක්කොම පේන තරම් හිනී පටි තියන ෆ්‍රොක් එකක් ඒක...
" ඔයිට වඩා හොදයි හෙලුවෙන් ගියා නම්....වෙන ඇදුමක් දාගන්නවා බබා "
විහේන් ටිකක් තදින් කියද්දි ශෙවෝනි විහේන් දිහා රවලා බැලුවෙ පුදුම කේන්තියකින්....
" මට හිතුනොත් මම හෙලුවෙන් යනවා....ඇයි මොකද...අනේ මේ විහේන්...තමුසෙ ඔය පොත් අස්සෙන් එලියට ඇවිත් පොඩ්ඩක් මේ ලෝකෙ දිහා බලනවා...මගෙ යාලුවන්ට එයාලගෙ හස්බන්ඩ්ලා සලකන හැටි බලනවා....තමුසේ....තමුසෙ මොනවද කරන්නේ....මල් උස්සන් එනවා...එහෙම නැත්තන් කෙහෙල්මල් පොතක් උස්සන් එනවා.... මහ බාල විකාර ජුවලරි උස්සන් එනවා....තමුසෙ මහ කුනු ලෝභයෙක් ඕයි... "
" මොකක්ද ඒකෙ වැරැද්ද ?? මලක් දෙන එකේ වැරැද්දක් තියනවද ශෙවෝනි.....පොතක් දෙන එකේ වැරැද්දක් තියනවද.... "
" ඔව් ඔව් ඔව්....ඔය මලවිකාර ගිහින් තමුසෙ කරගන්නවා ස්කෝලෙ වයසෙ පොඩි එකෙක් එක්ක....මං යනවා "
විහේන්ට කෑ ගහලා කාර් එකේ කී එකත් අරන් ශෙවෝනි යන්න ගියා.....ටික වෙලාවක් යනකන්ම දොර දිහා බලන් උන්න විහේන්ගෙ ඇස් බිමට බර උනා....
" ඇයි එයාට තේරුම් ගන්න බැරි මං එයාට ආදරෙයි කියලා "
විහේන් කියන්නෙ ආදරේ ඇතුලෙ ආදරණීයම මනුස්සයෙක්....කොච්චර තරහින් උන්නත් අවුරුදු පහක් තිස්සෙ තවටත් ශෙවෝනි නැගිටිනකොට ඇද උඩ මලක් තියනවා...එක එක ජාතියේ මල්..... විහේන් ශෙවෝනිට නොදීපු මල් වර්ගයක් මේ ලෝකෙ නැතුව ඇති.....ඒ තමයි විහෙන් එයාගෙ ආදරේ පෙන්නන විදිහ...ඒ තමයි විහේන්ගේ ආදරේ භාෂාව....ඒත් ශෙවෝනි ඒ ආදරේ දකින්නෙ බොළද වැඩක් විදිහට...ශෙවෝනිට ඕනා එයාගෙ යාලුවන්ට හම්බෙනවා වගේ මුතු මැණික් වලින් තෑගි මිසක් කිසි වැඩකට නැති මලක් නෙමෙයි...
" අප්පත්තී....තේනුත දෝමතයිනේ "
මීටින් එක ඉවර වෙලා හෙට දවසෙ ශෙඩූල් එක ලෑස්ති කරන ගමන් උන්න විහේන් එයා ගාවම ඉදගෙන චිත්‍රයක් ඇද ඇද උන්න චේනු බබාගෙ නිදිමත කටහඩට හැරිලා බැලුවා...
අනෙ අනේ කම්මැලි කොල්ලා....ඈනුම් යවනවා දස අතේ....
" අප්පච්චිගෙ වස්තුවට දොයිමත හැදිලද....අපි යමු ඇදට....."
චේනු බබාව වඩාගත්තු විහේන් එයාගෙයි ශෙවෝනිගෙයි ඇද උඩින් චේනුව තියලා එයත් ඇදෙන් ඇල උනා...විහේන් ඇල උන ගමන් දඩි බිඩි ගාලා විහේන්ගෙ පපුව උඩට නැගගත්තු චූටි කොල්ලා එක කම්මුලක් විහේන්ගෙ පපුවට තද කරන් මහපට ඇගිල්ල කටේ ගහගත්තා...
මේ කොල්ලා නම්........
කොච්චර නවත්තන්න හැදුවත් මේ ඇගිලි උරන වැඩේ නවත්තන්නෙ නැනේ......
චූටි කට උල් කරන් හරි හරියට ඇගිල්ල උරනවා....
මුල් කාලෙ නම් විහේන් එතකොට හිමීට ඇගිල්ල කටින් අයින් කරනවා....ඒත් චේනු බබා මේ ඇගිල්ලත් උර උර හොයන්නේ අම්මා කුක්කු නේද කියලා විහේන්ට තේරුනාම විහේන් ඒ වැඩේ නැවැත්තුවා.
" අප්පච්චිගෙ වස්තුව.....අප්පච්චි ආදරෙයිනෙ මගෙ පණට "
පපුව උඩ නින්ද ගිහින් ඉන්න චේනු බබාගෙ පස්සට එක අතකින් හිමීට තට්ටු දාන ගමන් විහේන් ජොන්සන් බේබි සුවද පිරුණ ඒ හිස් මුදුන සිපගන්න ගත්තා.
මන්දිරයක් හා සමාන මේ ගේ ඇතුලෙ චේනු බබා නොහිටියා නන් විහේන් කියන්නෙ තනිකරම හුස්ම ගන්න මලකදක් වෙනවා නොඅනුමානයි..... තාත්තගෙ බල කිරීම කරපු කසාදෙ විහේන්ගෙ ජීවිතේ නොහිතපු විදිහට අපායක් කරලා....අහම්බෙන් උනත් ආදරේ කරන්න ගත්තු විහේන්ගෙ ආදරේ පිරුණ හිත බිදිලා විසිරිලා ගිහින්....
කල්පනා කර කර උන්න විහේන්ගෙ ඇස් ඇද ගාවම තිබ්බ ලෑම්ප් ටේබල් එක උඩ නැවතුනා...
ඊයෙ උදේ ශෙවෝනි නැගිටින්න කලින් විහේන් ඇද උඩින් තිබ්බ රතු රෝස මල !!
පුදුමයි ඒක විසික් කරලා නෑ....හැබැහි අරගෙනත් නෑ....තිබ්බ විදිහටම එතනමයි....වෙනසකට තිබ්බෙ රතු රෝස මල දැන් පරවෙලා....
පරවුණ රතු රෝස මල දිහා බලාගෙන උන්න විහේන්ගෙ අලු ඇස් කදුලු වලින් බර උනා....
ඇත්තටම නිදි පැදුරෙ දුක් විදින්නෙ ගැහැණු විතරමද ??
රන් මුදුවක බැම්මකට හිර වෙලා දුක් විදින්නෙ ගැහැණු විතරමද ??
ආදරේ ඉස්සරහා දුර්වල වෙන්නෙ ගැහැණු විතරමද ??
අඩන්න අයිතිය තියෙන්නෙ ගැහැණුන්ට
විතරමද ??
" අප්පත්තී.........පාත්තු....පාත්තු දාන්නකො "
" විනාඩියක් දෙන්න සුදු පුතා.....අප්පච්චි මේ කෑම ටික බෙදනකන් "
කලු කලිසමට සුදු අත් දිග ශර්ට් එක ඇදන් ටයි එක තාම බෙල්ල වටේ දාන් උන්න විහේන් ලහි ලහියේ චේනු බබාගෙ කෑම පෙට්ටිය හදද්දි නිල් පාට කොටු කොටු කලිසමට සුදු පට අත් කොට ශර්ට් එක ඇදන් ප්‍රී ස්කූල් යන්න ලෑස්ති වෙලා උන්න චේනු බබා සපත්තු දෙකත් අත් දෙකට අරන් විහේන් පස්සෙන් එහාට යනවා.....මෙහාට යනවා.....
" අයියෝ අප්පත්තී ඔයා නම් හලිම ස්ලෝ...අලි අලි මංම පාත්තු දාගන්නම්කො "
කෑම මේසෙ උඩින් සපත්තු දෙක තියලා පුටුවක් තරම්වත් උස නැති චේනු බබා අත් දෙකෙන්ම පුටුව ඇදලා බඩාගාලා බඩාගලා පුටුවෙන් ඉදගත්තා...ඊටපස්සෙ කරේ දාන් උන්න මේස් එකක් අරන් ඔට්ටු වෙලා ඔට්ටු වෙලා එක කකුලටකට දාගද්දිම විහේන් ඇවිත් චූටි කකුල අල්ලගත්තා.
" කෝ කෝ අප්පච්චි දාන්නම් "
" අප්පත්ති දාලකන් හිටියා නම් ඒම තේනුත ඉක්කෝලෙ යන්න වෙල්ලෙ හෙට තමා "
" අප්පච්චිගෙ පණ්ඩිත වස්තුව "
යේහ් යේහ් !! අලුත් නමක් !! අප්පච්චිගෙ වස්තුවට අලුත් නමක් කිව්වනේ...පණ්ඩිත වස්තුවලු....චේනු බබා දැන් අප්පච්චිගෙ පණ්ඩිත වස්තුවනෙ
" චේනුල්‍යගෙ අම්මා ආවෙ නැද්ද මිස්ටර් විහේන් "
" වයිෆ්ට අද නවත්තන්න බැරි වැඩක් වැටුනා මිස්....ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද "
" අහ් නෑ මිස්ටර් විහේන්....අපි චේනුල්‍යගෙ අම්මාව දැකලම නැනෙ ඒකයි ඇහුවේ....මේ තියෙන්නෙ මේ අවුරුද්දේ ඇක්ටිවිටි වලට චේනුල්‍යට ඕනා බඩු ලිස්ට් එක "
පේරන්ට්ස් මීටින් එක ඉවර වෙලා විහේන් චේනු බබාගෙ ප්‍රී ස්කූල් ටීචර්ව හම්බ උනාම එයාගෙ අතට ලිස්ට් එකක් දුන්න ටීචර් විහේන්ගෙ අතේ එල්ලිලා ඉන්න චේනු බබාගෙ ඔලුව අතගෑවා....
" තාම ස්කූල් පටන් අරන් සතියක්වත් නැති නිසා දැන්මම ඕවා ඕනෙ නෑ....ලබන මාසෙ වෙද්දි ගන්නකෝ...."
" හරි මිස්.... මෙයා හොදට ඉන්නවා නේද මිස් "
" අපෝ මොනා කියනවද....චෙනුල්‍ය තමා හොදම නේද චේනුල්‍ය "
" එතනෙ ටීතර්...අප්පත්තිට කිව්වම අහන් ලෑ...තේනුත සැවුල නෑලෙ "
විහේන්වයි ටීචර්වයි දෙන්නවම හිනස්සලා චේනු බබා හොර ගෙඩියා වගේ අත් දෙකෙන් කට වහගත්තා.
" ඇත්තටම මිස්ටර් විහේන් චේනුල්‍ය හොද දරුවෙක්....මං දැකලා තියනවා ඔයා මෙතනින් චේනුල්‍යව දාලා යනකොට චුට්ටක්වත් මෙයා අඩන්නෙ නෑ....අනික් ළමයි ඉතින් කෑ ගගහා අඩනවනේ.... "
" අඩල්ලෙ මොකටත අලේ.....තේනුත ඉම්මන්ට ඔකු වෙන්න එපෑ "
" එ මොකද චේනුල්‍ය ඒ "
" අයියෝ...ඔයා දල්ලෙ නෑනෙ ටීතර්....තේනුත ඉක්මලට ඔකු වෙලා අප්පත්තිව බලාගන්න තීනවා "
" ශා... ගුඩ් බෝයි කෙනෙක්නෙ චේනුල්‍ය.....එතකොට අප්පච්චිවයි අම්මවයි බලාගන්නද ඉක්මනට ලොකු වෙන්න ඕනා "
" නෑ නෑ අලේ...අප්පත්තිව විතලයි "
" ඇයි අම්මා "
" තේනුත අම්මා නෑනෙ "
ටීචර් ගැස්සිලා වගේ විහේන් දිහා බැලුවාම විහේන් කලබලෙන් චේනුව වඩාගත්තා .
" අපි ගිහින් එන්නම් ටීචර්...මට ඔෆිස් එකට යන්නත් තියනවා "
විහේන් ඉක්මනට චේනු බබාවත් වඩාගෙන කාර් එක ලගට ඇවිත් චේනුව ඉස්සරහා සීට් එකෙන් ඉන්දලා අනික් පැත්තෙන් ඇවිත් වාහනේට නැග්ගා...
" අප්පත්තී......තේනු ටීතර්ට වැන්දෙවත් නෑ "
සීට් එකේ දණගහගත්තු චේනුල්‍ය දිහා නොබලාව කාර් එක ස්ටාට් කරගත්තු විහේන් කාර් එක පාරට දැම්මා....
" අප්පච්චිගෙ වස්තුව "
ටික දුරක් ගියාට පස්සෙ විහේන් කටහඩ අවදි කරද්දි සූප්පු වතුර බෝතලෙ කටේ ගහන් උන්න චේනු බබා ඔලුව උස්සලා අප්පච්චි දිහා බැලුවා.
" අප්පච්චිගෙ වස්තුව ඇයි ටීචර්ට අම්මා නෑ කිව්වේ "
" ඉතිම් අලේ තේනුත අම්මා නෑනෙ "
" එහෙම කියන්න එපා සුදු පුතේ... අප්පච්චිගෙ වස්තුවට අම්මා ඉන්නවනේ "
" කාද තෙවෝනි ද "
" ම්ම්ම් "
" එයා අම්මා නෙමේ අලේ එයා තෙවෝනි "
කාර් එක ඩ්‍රයිව් කරන ගමන්ම විහේන් හුස්මක් පාතට දැම්මා....බර හුස්මක් !!
චේනු බබා වැරදි නෑ....නමට විතරක් කොහොමද අම්මා කියන්නේ....ඇරත් ශෙවෝනිමනෙ චේනුට අම්මා කියන්න එපා කිව්වෙත්....
පුංචි කොල්ලා අකුරු අමුණලා අමුණලා අමුණලා කිව්ව පලවෙනි වචනෙ අප්පච්චි උනාට විහේන් උගන්නලම අම්මා කියන වචනෙ චේනුගෙ කටින් පිට උන දවසේ ශෙවෝනි හිටියෙ ඔෆිස් පාර්ටි එකකට ගිහින් ආපු නිසා ටිකක් බීමතින්.... බීමත් නිසා ශෙවෝනිට අම්මා කියපු එකට තරහා ගියා කියලා විහේන්ට හිතුනත් පහුවදා උනත් ශෙවෝනි හයක් හතරක් නොදන්න චේනු බබාට කෑ ගැහුවා එයාගෙ යාලුවො ඉස්සරහා අම්මා කියන්න එපා කියලා...
" අප්පත්තිත දුකයිද තේනුත අම්මා කීන්න කාලුත් නැති එකට "
බෝතලේ පියන ටස් ගාලා වැහුව චේනු බබා සීට් එකේ දණගහලා විහේන්ගේ අත් බාහුවක එල්ලුනා...
" තෙවෝනිට අම්මා කීන්න තේනුත් ආසා නෑ....අප්පත්ති තේනුත අම්මියෙක් ගෙනල්ලා දෙල්ල...වෙන අම්මියෙක්...මිනුල් යාලුගෙ අම්මි වගේ ලස්සන අම්මියෙක් "
විහේන් මොනා නම් කියන්නද ? මොන වැරැද්දක් කරත් ශෙවෝනිට තියන ආදරේට වැරැද්දක් කරන්න විහේන්ට බෑ.....
" උඹ ඔහොම දුක් විදිනවා මට බලන් ඉන්න බෑ චූටි පුතේ.....තාත්තාගෙ තණ්හාවට උඹව බිල්ලට දුන්නට මේ කසාදෙ වෙච්ච දවසෙ ඉදන් මං පසුතැවුනා "
" වෙච්ච දේ උනා අම්මා...දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ....ශෙවෝනි වෙනස් උනාට මාවයි දරුවවයි රවට්ටලා නෑනේ "
" අනේ අපි නොදන්න මොණරතැන්න.....ඔය කෙල්ලගෙ අම්මත් මේ හොදට දහ අට වන්නමම නටපු ගෑණි "
පුරුදු විදිහටම විහේන්ගෙ අම්මා ශෙවෝනිට බනින්න පටන්ගද්දි විහේන් මොකුත්ම නොකියා ආපු ගමන් ආච්චි අම්මගෙ සපන්පිච්ච ගහ යට මල් අහුල අහුල උන්න චේනු බබාට කතා කරා.
" අප්පච්චිගෙ වස්තුව අප්පච්චි එනකන් ආච්චි අම්මා එක්ක දග නොකර ඉන්න ඕනෙ හොදද "
" තේනු හොද බබානේ....අප්පත්තිගෙ වස්තුව හොද බබානෙ "
විහේන් හිනාවෙලා චේනු බබාගෙ නලලට හාදුවක් දුන්නම මිනෝලිගෙ අතින් දගලලා දගලලා බිමට බැස්ස චේනු බබා විහේන්ට දණගහලා වැන්දා....
" බුදු සරණයි මගෙ සුදු පුතාට "
" අප්පත්ති මේත ගන්නකො....එනකොට සීනි මුලුක්කු ගේල්ල තේනුත "
අතේ තිබ්බ සමන්පිච්ච මලක් අරන් විහේන්ගෙ අතට දුන්න චේනු බබා කියද්දි විහේන් ඒ සමන්පිච්ච මල අතට අරන් හා කියන්න වගේ ඔලුව වනලා කාර් එකට නැගලා හොටෙල් එකට පිටත් උනා...චේනුල්‍ය ප්‍රී ස්කූල් යන්න පටන් අරන් දැන් සතියක් විතර....කොහොමත් විහේන් වැඩට ගිහින් එනකන් චේනු බබා ඉන්නෙ ආච්චි අම්මා එක්ක නිසා චේනුට මේ ගෙදර ගොඩක් හුරුයි....මේ ඉතින් විහේනුත් පොඩි කාලෙ ඉදන් හැදුන ගෙදරනෙ.
" විහේන්......අදත් මොකක් හරි ප්‍රශ්නයක් ද ගෙදර "
" මට කවද්ද බන් ප්‍රශ්න නැති දවසක් තිබ්බේ "
" ඒ පාර ශෙවෝනි මොකද කරේ "
" මට තේරෙන් නෑ ධනුකයා.....මේ වෙන කිසි දෙයක් මට තේරෙන්නෙ නෑ... එහෙන් ශෙවෝනිගෙ නාඩගම් මෙහෙන් මේ ඔෆිස් එකේ ප්‍රශ්න...මට මැරෙන්න හිතිලා තියෙන්නෙ බන්....මේ හැමදේකින්ම තැලෙන්නෙ මගෙ අහිංසක පොඩි එකා "
" විහේනයා "
"මං ගිය ආත්මේ ලොකු පවක් කරන්න ඇති බන්....ගෙවලා ඉවර කරන්න බැරි තරන් ලොකු පවක්.....මගේ තාත්තට මෙච්චර සල්ලි තිබිලත් තව තිබ්බ තණ්හාවට මාව සල්ලිකාරයෙක්ගෙ දුවකට බැන්දුවා.....හරි කමක් නෑ කියලා ඒ කෙල්ලට පණටත් වඩා ආදරේ කරන්න ගත්තම එයාටත් මාව එපා උනා "
" මට....මට කෑ ගහලා අඩන්න ඕන ධනුක.....කවුරුත්ම නැති පාලුම පාලු තැනකට ගිහින් කෑ ගගහා අඩන්න ඕනා....වෙලාවක මට හිතෙනවා ඔලු කට්ට කුඩු වෙනකන් කොහෙ හරි හප්පගන්න....මට....මට පිස්සු වගේ ධනුක......දෙයියනේ මගෙ වස්තුව මගෙම පපුව පහුරු ගගා කිරි හොයද්දි ෆිගර් අවුට් යනවා කියලා අර ගෑණී.......අර ගෑණී මගෙ වස්තුවට........ආහ්හ්හ්හ් "
" විහේන්.....ඕයි ඕක නවත්තපන්....තුවාල වෙයි හුත්තෝ "
තට්ටු දාසයක් උස බිල්ඩින් එකේ උඩම තට්ටුවේ කැබින් එකේ උන්න විහේන් අත මිට මොලවලා ඉස්සරහා තිබ්බ වීදුරුවට ගැහුව පාරේ සැරට වීදුරුව කුඩු වෙලා ගියා.. විහේන්ගෙ අතෙන් ගලන ලේ දැක්ක විහේන්ගේ හොදම යාලුවා ධනුක දුවලා ගිහින් උගෙ අත අල්ලගත්තා.
" යකෝ....හරි සිහියට වරෙන් විහේන්.....උඹ ඔහොම පිස්සෙක් වගේ හැසිරුනාම අර පොඩි එකාට මොකද වෙන්නෙ....ඌට ඉන්නෙ උඹ විතරයි විහේන්....චේනුට ඉන්නෙ උඹ විතරයි "
ධනුක කෑ ගහලා විහේන්ට කියද්දි චේනු බබාගෙ නම ඇහුනා විතරයි විහේන් ගැස්සිලා ධනුක දිහා බැලුවා.
" මගෙ සුදු පුතා "
" මේ බලපන් විහේන්.....උඹ මොන වගේ එකෙක්ද කියන්න මං තරම් දන්න වෙන එකෙක් නෑ...ඇත්ත වෙන්න ඇති උඹ කිව්ව කතාව ඇත්ත වෙන්න ඇති....උඹ මොකක් හරි ලොකු පවක් කරලා ඇති....ඒත් ඒ පව ගෙවිලා ඉවර වෙන දවස වැඩි ඈතක නෙමෙයි....ඒ ආත්ම වල මොන පවක් කරත් උඹ මේ ආත්මේ කිසිම පවක් කරලා නෑ විහෙන්....ඉවසපන්....මං අද කිව්වා කියලා මතක තියාගෙන ඉවසපන්..... "
විහේන්ව සන්සුන් කෙරුව ධනුක විහේන්ගෙ සීට් එකෙන් එයාව ඉන්දලා වතුර වීදුරුවක් අතට දුන්නා.
" හිත පොඩ්ඩක් නිදහස් වෙන්නත් එක්ක යමුද ගමනක් හවසට "
" කොහෙද "
" පොඩි ගමනක්...යමුද කියමුකෝ...."
" කොහෙද කියලා ඉදපන්කො ඔක්කොටම කලින් "
" පරණ යාලුවො ටිකක් හම්බෙන්න "
" පරණ යාලුවො "
" ඔව් යකෝ....ස්කෝලෙ යන කාලෙ අපේ මැර කල්ලිය...උඹ මම විදූෂයා නයනයා ජිප්පා චල්ලා "
" ජිප්පා ඉන්ග්ලන්ඩ් ගියා නේද "
" ඔව් ඔව් ඌ ගිය සතියෙ ඇවිල්ලා කස්ටිය සෙට් වෙමුද අහලා තිබ්බා....යමුද කියහන්කො "
" රෑ වෙනකන් නම් බෑ ධනුක සුදු පුතා තනියමනේ මං නැතුව නිදාගන්නෙත් නෑ "
" නෑ නෑ......අට නවය වෙන්න කලින් එමු...මිනෝලි ආන්ටි ඉන්නවනෙ බන් "
" හරි එහෙනම් "
සමහරවිට යාලුවො මීට් උනාමවත් ඔලුව නිදහස් වෙයි කියලා හිතුන විහේන් ධනුකට හා කියද්දි ධනුක කාට හරි කෝල් එකක් ගන්න ගමන් කැබින් එකෙන් එලියට ගියා......
" අඩෝ අඩෝ විහේනයා....උඹව දැක්ක කල්...."
" උඹේ නම් කිසි වෙනසක් වෙලා නෑ විහේන්....තවත් හැන්ඩ්සම් වෙලා "
" අනේ මේ පලයන් බන් විහිලු කරන් නැතුව "
" විහිලු නෙමේ හුත්තෝ....සිරාවටම උඹ මාර හැන්ඩ්සම් වෙලානේ "
පහට විතර හොටෙල් එකෙන් ආපු විහේන් ධනුක එක්ක කොළඹ තිබ්බ නයිට් ක්ලබ් එකකට ගියේ ජිප්පා එවපු ලොකේෂන් එකට අනුව...
ඇවිල්ලා සතියක් නෑ මේකා නයිට් ක්ලබ් දහ පහලොවක්ම හොයාගෙන....
මේ ඉන්නෙ විහේන්ගෙ ස්කෝලෙ මැර සංගමේ...
ජිප්පා නොහොත් ජනිදු තරම් පැණියෙක් මුලු ස්කෝලෙටම ඉන්න නැතුව ඇති
චල්ලා නොහොත් චලන තරම් කුප්ප වැඩ කරන එකෙක් හොයාගන්න හිටියෙ නෑ
එතකොට විදූෂයි නයනයි ඉන්න තැනක කුණුහරුප නැති උනොත් ඒක ලෝක පුදුමයක්...
" අවුරුදු කීයකින්ද බන් අපි මේ සෙට් වෙන්නෙ "
" අටකට විතර පස්සෙ නේ.... උඹලා නම් දැන් පවුල් පන්සල් වෙලානෙ...අපි තමා තනිකඩ "
" උඹ ඉතින් බන්දා නම් කීයක් කියලා බදින්නද පකෝ "
නයන ජිප්පාගෙ පිටට දඩාස් ගාලා පාරක් ගහන ගමන් කියද්දි අනික් කට්ටියම හිනා උනේ ඒකෙ වැරැද්දක් නැති හින්දා...එක පාර දහ පහලොව හැන්ඩ්ල් කරපු මූට බැන්දා නම් කීයක් බදින්නද ?
" පලයන් පලයන්...උඹලා මේ ඊරිසියාවට කියන කතා....ඇයි ඉතින් දැන් උඹලට පිටින් කන්න බෑනේ...ගෙදරින්ම තමා "
" නෙදකින් මේකගෙ කට....."
" ආ ආ මූ බලහන්කො ධනුකයා....සිරිමත් වෙන්න යනවනේ "
විදූෂ දිහා බලලා ජිප්පා කියද්දි ධනුක හිනාවෙලා ඉස්සරහා තිබ්බ VAT 69 බෝතලේ කැඩුවා....
" ඈ බන් විහේන්...උඹ නම් දැන් ලොකු ලොක්කෙක් නේ.....අපි දැක්කා මේ පාරත් බිස්නස් අවෝඩ් එක ගන්නවා...කොහොම හරි විපුල් අංකල්ට ඕනා දේ උඹ කරානෙ "
නයන විහේන්ගෙ පිටට තට්ටුවක් දාලා අහද්දි විහේන් මොකුත්ම නොකියා ලාවට හිනා උනා....
" එපා බන්.....මං ඩ්‍රින්ක්ස් ගන්න එක නවත්තලා තියෙන්නෙ "
" ඒ ඒ මෙන්න වැඩක් "
ජිප්පා දික් කෙරුව ශොට් එක රිජෙක්ට් කෙරුව විහේන් දිහා අනික් උන් බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්...
" ඌ ඩ්‍රින්ක්ස් ගන් නෑ බන්....පොඩි එකා ඉන්නවනේ "
" අඩෝ අඩෝ මෙන්න තාත්තලා....ඒයි විදුවා...මුගෙන් බලලා ඉගන ගනින් යකෝ විහේන්ට නම් ඉන්නෙ එකයි...උඹට දෙකක්ම ඉන්නවා නේ "
" යකෝ මට විතරද උඹටත් ඉන්නෙ "
" අර බලපන්..අර බලපන්...උඹලා සේරම තාත්තලත් වෙලා...මං තමා වේලෙන්නෙ...අපරාදේ දවස ගානෙ දරුපැටවු රෙදි කැල්ලක මිලින වෙලා යනව "
ජිප්පා ලොකු දුකක් මූණට ආරූඪ කරන් කියද්දි අනික් උන්ට හිනා නොවී ඉන්න බැරි උනා...
" මේ ඒක නෙමෙයි කොහෙන්ද උඹ මේ ප්ලේස් එක හොයාගත්තේ....පට්ට කෑලිනෙ ඉන්නෙ යකෝ "
වටපිට බලන ගමන් නයන කියද්දි ජිප්පා අමුතු ගැම්මක් අරන් පුටුවෙ හරිබරි ගැහිලා වාඩි උනා...
" මේක ඇවිල්ලා මචා....න් මේ මුලු කොළඹටම තියන හොදම නයිට් ක්ලබ් එක....මේකට එන ඔක්කොම සුපිරිම සල්ලිකාරයො....අනික් දේ තමා...............මෙතන ඉන්න කෑලි ටික.......උඹට කියන්න මචන් සුප්පා කෑලි ටිකක් ඉන්නවා ඉතින් ආයෙ සුරලොව සැප තමා..... ඒ විහේන්..."
ජිප්පාගෙ කතාව නැවතුනා....ඉදන් උන්න තැනින් කලබලෙන් වගේ නැගිට්ට විහේන් නයනවත් තල්ලු කරන් තව ටේබල් එකක් ගාවට යද්දි ඒ පස්සෙන් දුවන් ආපු ධනුකගෙ කකුල් දෙක නැවතුනා...
" ශෙවෝනි "
ධනුකගෙ කටින් ශෙවෝනිගෙ නම කියවුනෙත් කවුදෝ මන්දා පිරිමියෙක්ගෙ ඇග උඩ ඉදන් උන්න ශෙවෝනිව ඇදලා ගත්තු විහේන් අත දිග ඇරලා ශෙවෝනිගෙ කනට පාරක් ගැහුවෙත් එකම වෙලාවෙදියි....
" පට්ට පදුරු වේසි.....තො ඔෆිස් එකේ වැඩ කරනවා කියලා කරන්නෙ එක එකාගෙ පයියවල් හුරතල් කරන එකද බැල්ලියේ "
Guki Flower 💛