අමතක වූ සෙවණැලි | Forgotten Shadows

All Rights Reserved ©

Summary

"සිරාවට ම අයියේ මට උඹව පේන්න බෑ.." "උඹට ගොඩක් දේවල් අමතක වෙලා තිනේෂ්.." "හහ්?" "කවදාම හරි උඹේ ඔය මුරණ්ඩු හිතට පුංචි ම පුංචි සිතුවිල්ලක් හරි ආවොත් උඹට පේන්න බැරි මිනිහා ගාවට එන්න ඕනෙ කියලා.. පරක්කු වෙන්නෙ නැතිව වරෙන්..එතකම් මන් බලාගෙන ඉන්නවා.." _𝐢𝐳𝐳𝐲_

Genre
Other
Author
izzy_kaelo
Status
Ongoing
Chapters
1
Rating
n/a
Age Rating
16+

• 00 •

අවුරුදු දහනවයක විතර පෙනුමක් තියෙන පිරිමි ළමයෙක් තමන්ගේ ආසම බයිසිකලේ පදින ගමන් ear buds දෙක ගහගෙන සින්දුවක් අහන ගමන් ම ඒක මුමුන මුමුන දැන් කාලෙ විදියට කිව්වොත් හරීම ආතල් එකේ වැඩිය ජනාකීර්ණ නැති පාරක ගියේ තමන් ඉන්න වටපිටාවට වැඩි අවධානයක් නොදෙන ගමන්.. මොකද එයාට මෙහෙම හරි නිදහසක් ලැබෙන්නේ ගෙදරට යනකම් විතරයි කියලා එයා ඕනවටත් වඩා දන්නවා..

මේ අතරෙ එයාගේ පැත්තට අධික වේගයෙන් එන ටිපර් රථය ගැන ලොකු දැනීමක් නොවූනෙ එයාගේ හිත දැනටමත් එයාව මේ ලොකෙන් ගොඩාක් දුරකට අරන් ගිහින් නිසා. .

කන් ලගින් ම වගේ ඇහුන හෝන් සද්දෙට පියවි සිහියට ආපු එයා තමන්ට මීටර් දහයක් වත් නැති ලොරි රථය දැකලා , එයාට මේ ලොකෙන් සැනසීමක් ලැබෙන එකම කෙනාගේ නම කියවුණේ ඉබේටමයි..

" අ-අනේ ⁣දේශ්..!!"

ඒ එක්කම ඇහුනු විශාල ශබ්දයත් එක්ක ම එයාව උඩින් වීසි වෙලා ගිහිල්ලා ඒ ලඟ තිබුණ ලයිට් කණුවක වැඳිලා බිම වැටුනෙ එතන ලොකු ලේ විලක් හදවන ගමන්..

එයාගෙ ඔලුව කෙලින් ම නොවුනත් ලයිට් කනුවෙ වැදුනු පාරට එයාට එතනම සිහිය නැති වුනා..

ඊ⁣ටත් වඩා ඒ පොඩි කොල්ලව තමන් අතින් හැප්පුනා කියලා වගේම ඒ පොඩි කොල්ලා වීසී වෙලා ගිය හැටි, ලයිට් කනුවෙ වැදුන හැටි, එතනම බිම වැටුනාට පස්සෙ කොල්ලාගෙ ඔලුවෙන් වගේම ඇගේ තුවාල වුන තැන් වලින් ගලන ලේ  වලින් පස් පවා රතු පාට වෙන හැටි දැක දැකම ඒ ටිපර්කාරයා හිතක් පපුවක් නැති තිරිසනෙක් වගේ යන්න ගියේ අර කොල්ලාව එතන මැරෙන්න වැටුණත් ඌට ගානක් නැති විදියට..

°

°

°

°

°

°

°

°  ටටා බායි 👋

°  මන් ඉසී..😊

_ɪᴢᴢʏ🩵