Customize readability
Aa

Black knight ( mystery short story )

All Rights Reserved ©

Summary

"කිසීම කෙනෙක් කරන රැකීයාවෙන් වත් පෙනුමෙන් වත් කාවවත් මනින්න එපා කාටර් මහත්තයා. මොකද ලෝකේට පේන්න කොච්චර හොද වුනත් කෙනෙක් ගෙ අදුරූ පැත්ත කාටවත් පේන්නේ නෑ. ඒ පැත්ත දාම ඝාතකයෙක් වෙන්නත් පුලුවන් " දිගන්තය ටෙලිග්‍රැම් සමුහයේ 2024.03.15 දින පැවතී දක්ශතම අබීරහස් කෙටීකතා තරගයෙ 02 ස්තානය සමහර විට සන්වේදී ස්තාන පැවතිය හැකිය.

Genre
Mystery
Author
Anjali
Status
Complete
Chapters
1
Rating
n/a
Age Rating
16+

Chapter 1


“තව මිනී මැරුමක් තව මීනීමැරුමක් ... මේවා නතර වෙන්නේ කොහෙන්ද... "


මදක් තරබාරූ සිරුරකට හීමීකම් පෑව කාටර් වේගයෙන් තම මේසයට පහරක් ගැහූවේ තම කෝපය එයීන් වත් නිමේවී යැ'යී බ්ලාපොරොත්තු වූවා සෙයී.


එක පිට එක මාස 4 ක් ඇතුලත සිදුවන මිනීමැරුම් ජාලය දැන් මුලූ ලන්ඩන් නුවරම භීතීයට පත් කර හමාරය. එක පිට එක මිනී මැරුම් 15 ක් මාස 4 ක් ඇතුලත.


ඔහූගේ කාර්‍ය්රාලය තුලට පැමිනී පොලිස් නිල්දාරියකුට දකින්නට පුලුවන් වූවේ සැම තැනම ඇද දැමූ ෆයිල් ගොඩක් මැද රත් පැහෑ මූහුනක් සහිතව ඉන්න තම උසස් නිලදාරියාවයී


" තමුන් දැන් ආවේ ඇයී "


මෙවර කාටර් ගේ කෝපය එල්ල වුනේ එම නිලදාරියා වෙතය.


" සර් "


කියමින් තම උසස් නිලධාරීයාට ආචාර කල ඔහූ


" ස්කොට්ලන්ඩ්‍යාර්ඩ් එකෙන් හදීසී ඇමතුමක් ආව. ඒ ගොල්ලෝ මේ මිනි මැරුම් ජාලය කරන දාම ඝාතකයාව හොයන්න රහස් පරික්ශකයෙක් තෝරලා. "


" ඒ කව්ද "


එම පනීවිඩය කාටර් ට ගෙන ආවෙ තවත් කොපයක්. මෙම මීනීමැරුම් ජාලය තමාට විසදගැනීමට නොහැකි වීම තමන්ගෙ දුර්වල කමක් නොවෙද ?


" ජේක් ස්මීත් "


" අර සුප්‍රසිද්ධ රහස් පර්ක්ශකයා "


කාටර් ඇසූවෙ පුදුමයට පත් වය


" ඔව් සර්. ඒ වගේම එයගේ සහයට ලන්කාවෙ ඉදන් ආව පොලීස් නිලදාරියා රශ්මික පීරීස් වත් පත් කරලා "


" ඔය මුලූ පනීවීඩයද "


" ඔව් සර් "


" හරී දැන් මෙතනින් යන්න පුලුවන් "


මේ උසස්වීමක් ලබා ගන්නට තිබූ අවසන් අවස්තාව නැතීවී යාමක් නොවෙද ? කාටර් ගේ හිතේ තිබූ කෝපය තවත් වැඩී ගියේ සිතට දැනූනූ දැඩී වේදනාවක්ද සමගීනී

........................................


පසූ දීන උදෑසන


ජෙක් කියන්නෙ අවුරුදූ 28 ක , අඩී 5'9 විතර උස , උසට හරීයන මහතක් තියන සුදු කෙනෙක්. කොහොමටවත් පෙනුමෙන් රහස් පරික්ශකයෙක් වගෙ නොපෙනුනූ ඔහූ කවුරුත් සිතුවා වගේම ධනවතෙකූගේ පුතෙක් වූ අතර ඔහූද ධනවත් ව්‍යාපාරික යෙක් විය. ඔහුට ඉන් ලැබුනූ වරප්‍රසාදත් තම රහස් පරික්ශනය රැකීයාව සාර්තකව සිදූකරගෙන යාමට බෙහෙවින් උපකාරී විය


ඒ වගේම ස්කොට්ලන්ඩ්‍යාර්ඩ් එකේ ඉන්න දක්ශතම රහස් පරීක්ශකයා ඔහූ. එ වගෙම එයාගෙ සහයට ස්කොට්ලන්ඩ්‍යාර්ඩ් එකේන් යොජන කරලා තිබුන පොලීස් නිලදාරියා ලන්කාවේ ඉදන් පුහුනුවකට එන්ගලන්ත පොලිසීයට ගිය කෙනෙක්. නමින් ඔහූ රශ්මීක පීරීස් උස අඩී 5'7 පමන වුන ඔහු ද දක්ශ පොලිස් නිලදාරියෙක් විය..

ඔවුන් දෙදෙනාම උදෑසනම කාටර් ගෙ කාර්‍යාලය ට පැමීනීයේ මේම පර්‍යේශනයට අදල වාර්ත සොයා ගැනීමට මෙන්ම තමාගෙ පර්‍යෙශන සහයකයාව හදුන ගන්නටයී


කාටර් දෙදෙනාවම එසේ පිලී ගත්තත් ඔහූ සිටීයේ එතරම් හිත හොදකින් නොවන බව දෙදෙනාටම වැටහීනී.

ජේක්, කාටර් ගේ මෙසය මත තිබුන පෙර දීන ඝාතනය කරන ලද පුදගලයාගේ වාර්තාව අතට ගෙන කාටර්ගේ ඉදීරීපසෙ අසූනේ අසුන්ගෙන් එය කියවන්නට වුනේ කාටර් හා රශ්මීක මුනෙන් මූන බලා ගන්න අතරතුරය.


ඔවුන් දෙදෙනද අසුන් ගත් පසූ

" ඊයේ නම් මරලා තිබ්බේ නිරපරාදේ පෝසත් මනුස්සයෙක්. ඒ මනුස්සයා මනුස්සයා අපරාද වලටවත් සම්බන්දයක් නෑ. හරීම හොද මනුස්සයෙක් '


කාටර් කියන්නට වූයේ ජේක් දෙසද බලමීනී


"කිසීම කෙනෙක් කරන රැකීයාවෙන් වත් පෙනුමෙන් වත් කාවවත් මනින්න එපා කාටර් මහත්තයා . මොකද ලෝකේට පේන්න කොච්චර හොද වුනත් කෙනෙක් ගෙ අදුරූ පැත්ත කාටවත් පේන්නේ නෑ. ඒ පැත්ත දාම ඝාතකයෙක් වෙන්නත් පුලුවන් "


ජේක් කීවේ කාටර් දෙස නොබලමීනී .


" මිනිස්සූ හිතන්නේ මේක පොලීසීයේ වැඩක් කියලා. මොකද මුලින්ම මැරුනූ ඔක්කොමලාම නීතියෙන් පැනලා ගිය අය. එක්කෝ අල්ල ගන්න බැරී වුන මහා පරීමාන අපරාධකාරයෝ . ඒත් අන්තිමට මැරුන පස් දෙන ඔය කීසීම දේකට සම්බන්ද නොවුන අය. ඒ නිස මිනිස්සූ බය වෙලා


මුලින් ජාතික විරයෙක් වගේ සලකපූ ඒ මනුස්සයාව දැන් අපරාදකාරයෙක් කරලා . දාම ඝාතකයෙක් කරල. එ මනුස්සයා එය මරපූ හැම කෙනා ගාවම මේ chess board වල ඉන්න black knight ව දාලා යනවා . ඒ නිසාම මිනිස්සු එයාව black knight කියලා අදුන්වන්නේ "


කාටර් කියාන යන්න පටන් ගත්තා


" ජාතික විරයෙක් නෙමෙයී කවුරූ උනත් මොන හේතුවකටවත් ඒ විදිහට නීතීය අතට ගන්න දෙන්න හොද නෑ . මොකද එහෙනම් රටකට නීතීයක් වැඩක් නෑනේ "


තමන් අතේ තිබ්බ ෆයිල් එක වහලා ආයම මේසේ උඩ තිබ්බ ජේක් කීවා


" ම්ස්ටර් රශ්මික පිරිස් ඔයා මෙ කේස් ටික study කරාද "


ජේක් ඇහුවේ රශ්මික දිහා බලා ගෙනමයී


" ඔව් සර් මම study කලා "


" එහෙනම් ඊයෙ මර්ඩර් එක වුන තැනට යමූ "


කියලා රශ්මීකට කියන ගමන් ජේක් නැගිට්ටා ..


" මට ජේක් කියල කතා කරන්න රශ්මීක . මොකද දැන් ඔයා මගේ මේ ඩියුටී එකේ සහයකය "


" හරී සර්... සමාවෙන්න ජේක් "


" රශ්මීක මම සාමාන්‍යයෙන් පරික්ශන කරන්නේ තනියම . මේ තමා මට පාර්ට්නර් කෙනෙක් ලැබුන පලවෙනී පාර මම හිතනවා ඔයා මට උපරීම උදව් කරයි කියලා "


" ඔව් ජෙක් මම උපරිම උදව් කරනවා "


මුලින්ම මරනය සිදූ කර තිබූ තැනටත් අනතුරූව මිය ගිය පුද්ගලයාගේ සිරුර පරික්ශා කිරිම් වලටත් ගිය ඔවුන් දෙදෙනා ජේක් ගේ වාහනයට ඇතුලූ වුනේ පරික්ශනයේ ඉදීරී වැඩ කටයුතූ ජෙක් ගේ කාර්‍යාලයේදී නිම කරන්නට තිබුනූ බලාපොරොත්තු වත් එක්කමයී


වාහනයේ රියදුරූ අසුනට නැගගත් ජෙක් තමාගේ එහා පැත්තේ වාඩී වී සිටී රශ්මීක සමග කතාවට වැටුනේ පර්‍යේශනයේ ඉදීරී කටයුතූ ගැනයී


“ ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ රශ්මීක “


“ මේ අපරාදකාරයා හරිම සූක්ශමව තමන්ගේ අපරාද කර ගෙන යන කෙනෙක් . කීසීම සක්ශියක් නෑ. හොද්ම දේ කියන්නේ අන්තිමට මැරුනූ 5 දෙනා ඇරුනාම අනික් ඔක්කොමලා මැරීලා තියෙන්නේ හරීම කිසීම බයකින් නෙමෙයී . අන්තිමට මැරිලා තියන 5 දෙනාම අපරාදකාරයාට බය වුන පෙනුම මුනෙන් ම පෙනවා. මේ පින්තුර වලිනුත් ඒක පෙනවා. “


කියමින් තමන් අතේ තිබුනූ පින්තූර කිහිපය අතට ගෙන පරීක්ශා කරමීන් රශ්මීක කීවා


“ ඒ කියන්නේ පලවෙනී 10 දෙනාම අපරාදකාරයා ගැන විශ්වාසයක් තිබිලා තියෙනවා . මැරෙන්න බයක් තිබිලා නෑ “


ඉදිරිය බලාගෙනම රිය පදවන ගමන්ම ජේක් කීවා


“ එහෙම නැත්තම් එයාලා ඒ මරනය බාලාපොරොතූ වෙලා තිබිලා තියෙනව. අඩුම පැනලා යන්නවත් උත්සහා කරලා තියනවා කියලා පේන්නේ නෑ. “

“ එහෙම වෙන්නත් පුලුවන් “


"මුල් මිනී මැරුම් වුන තැන තිබිලා හම්බ උන චෙස් ඉත්තන් ගේ වම් අත පැත්තේ හරීම සියුම් විදිහට fire mark එකක් ඇදලා.. මේ ලගදී උන මිනිමැරුම් ලග තිබිලා හම්බ උන චෙස් ඉත්තන්ගේ දකුනු අත පැත්තේ තමා මේක ඇදල තියෙන්නෙ.


මම හිතන්නේ ක්ශුද්‍ර චිත්‍ර වලට කැටයම් වලට එහෙම දක්ශ කෙනෙක් ගේ වැඩ්ඩෙක් මෙ චෙස් ඉත්තො හදලා තියෙන්නේ "


" කෝ දෙන්න බලන්න "


කියමීන් තමා එලවමීන් හිටපූ වාහනය හීමිට පාරේ පැත්තකට කර නතර කරපූ ජේස් ඒ චෙස් ඉත්තෝ අතට අරන් හරීම කල්පනාකාරිව අරන් පරීක්ශා කරලා බැලුවා


" මේ චෙස් ඉත්තො විශේශයෙන්ම කියවල හදපූවා වෙන්නත් පුලුවන් . ඉතින් එහෙම නම් මේක හදපූ කෙනව හොයා ගත්තොත් අපීට අපරාදකාරයා ගැන විස්තර හොයා ගන්න එක ලේසී වෙනවා


සසමහර විට මෙතන අපරාදකාරයො දෙන්නෙක් ඉන්න පුලුවන් . නැත්තම් අවදානේ අහකට යවන්න මෙතන දෙන්නෙක් ඉන්නවා කියන්න අපරාදකාරයා උත්සහා කරලා තියෙනව වෙන්නත් පුලුවන් "


ඒ චෙස් ඉත්තෝ ඉතාම පරිස්සමෙන් එයාගේ අතටම දිපූ ජේක් ආපාහූ වාහනය එලවන්න ගත්තා


" එහෙම වෙන්නත් පුලුවන් ජේක්. පොඩ්ඩ්ක් ඉන්න බලන්න…. මේ මිනිමැරුම් වුන පිලීවල බලනකොට "


කියන ගමන් රශ්මීක තමන්ගේ පොකට් එකේ තිබ පොඩී පොකට් මැප් එක අතට අරන් ඒ තැන් මාක් කරල පිලීවලට යා කරන්න පටන් ගත්තා


" ඔයාට මේක පේනවාද ජේක් "


කියන ගමන් රශ්මීක තමන්ගෙ අතේ තිබුන මැප් එක එයාට පෙන්නන්න ගත්තා


" මේ මාර්ක් එකේ මෙන්න මෙතන තියන තැන් ඔක්කොම වුන පිලීවලට යා කරාම අර චෙස් ඉත්තාගේ තියන fire mark එක හැදෙනවා.


මෙන්න මෙතන තව එක මිනීමැරමක් උනොත් මාක් එක කම්ප්ලීට් . එහෙම බැලුවොත් ඊලග මිනී මැරුම වෙන්නෙ... "


" දෙවියනේ... නගරේ මේ පැත්තේ ... "


ජැස් රශ්මික කියන්න ගිය කතාව සම්පූර්ණ කරා.


" හරියටම හරී "


" අපීට මීනීමැරුම වෙන දවස තමා දැන් හොයා ගන්න තියෙන්නේ. එහෙනම් පටන් ගමූ . ඒත් කවදාද “


එක පාරටම වාහනය අතුරූපාරකට හරවන ගමන් ජේක් කීවා.


“ මේ මිනීමරූවා මිනීස්සූ මරාගෙන ගිය පිලීවලට


පලවෙනී මීනී මැරුම් 6 සිද්ද වෙලා තියෙන්නේ දවස් 4 ක පරතරයෙන් .

ඊලග මීනීමැරුම් 5 වෙලා තියෙන්නේ දවස් 3 ක පරතරයෙන් .

ඊලග මිනී මැරුම් 4 සිද්ද වෙලා තියෙන්නේ දවස් 2 පරතරයෙන්

ඊලග මිනී මැරුම මේ පීලිවලට අද දවස ඇතුලත වෙන්න ඔන…

අනේ දෙවියනේ අපී ඉක්මන් කරන්න වෙයී ජේක් ඒ මිනිමටුවා තව කෙනෙක් ව මරන්න කලින් “


ඒත් එක්කම ජෙක් වාහනය ආපාහූ සැරයක් ප්‍රධාන පාර දීහාට එන විදිහට එක පාරක් වාහනය හැරෙව්වා.


“ ඔහ් ශෙක් “


කියමින් වේගයෙන් සූක්කානමට පාරක් ගහපූ ජෙක් ඒත් එක්කම වාහනයෙ වෙගය වැඩි කරලා එක පාරකටම කවුරුත් නැති අතුරුපාරකට වාහනය හැරෙව්වේ හිතා ගන්නවත් බැරී වේගයකින් . ඒ වාහනය හරවපූ වේගයට ශිට් බෙල්ට් එකක්නොදාන හිටියා නම් රශ්මික ඒ වාහනයේ ඉදිරීපස කන්නාඩියටම වැදිලා ලොකූ තුවාලයක් වුනත් ඇති වෙන්න පුලුවන් කමක් තිබුනා.


“ මොකද එක පාරටම වුනේ ජේක් “


ජේක් ගේ නොහිතපූ රිය පැදවිල්ලට පුදුම වුන රශ්මීක ඇහැව්වා


“ මම හිතන්නේ අපෙ දාමඝාතක යාලුවාව අපීට හම්බ වෙන ලගයී “


එත් එක්කම කොහේද ඉදන් ආව කලූ පාට විශාල සුපෝකභෝගී කැබ් රියක් එයාලාගේ වාහනයට තව ඉස්සරහාට යන්න බැරී වෙන්න එක පාරම පාර අවහීර වෙන්න නතර කලා. ඒත් එක්කම පිටි පස්සෙන් ආව වාහනයකුත් රශ්මික ලා ගිය වාහනය පිටීපස්සෙන් හිර කලේ එයාලාට යන්න බැරී වෙන්න පාර හිර කරන ගමනුයී. පාර දෙපැත්තේම තිබුන විශාල තාප්ප නිසා ජෙක් සහ රශ්මික ගිය වාහනය හරවන්න තැනක් තිබුනෙත් නැ.


“ මොන දේ වුනත් වාහනයෙන් බහින්න එපා “


කියන ගමන් ජේක් එයාගේ ශීට් බෙල්ට් එක ගලවගෙන එක පාරටම එලියට බැස්ස. ඉස්සරහා වාහනෙ ඉදලා එලියට බැස්සෙත් ජේක් වගේම පෙනුම තියන කෙනෙක් ජේක් ගේ මූනූමයී . උස මහත ඔක්කොම ජේක් වගේමයි හරියට ජෙක් ගේ නිවුන්නේක් වගෙ. ජේක් එයා ඉස්සරහා ට ගිහින් හිට ගත්තා.


ජේක් ව දැක්ක ගමන් එයා කලබලෙන් වගේ හැසිරෙන්න ගත්තේ. ඒ වගේම ජේක් වගේම හිටිය කෙනා. ජේක් ට මොනව හරී කිය කිය බනිනවා වගෙයී රශ්මීකට පෙනුනේ.. ජේක් වචනයක් දෙකක් කීවත් පුදූම සන්සුන් කමකින් හිටියේ . එක පාරටම එයා එයාගේ කලූ ජැකට් එක ඇතුලේ සාක්කුවක තිබිලා ගත්ත පිස්තොලයක් ජේක් දිහාට දික් කරා.


මේ දෙයින් කලබල උන රශ්මීක වහනයෙ දොර ඇරගෙන කොච්චර එලියට බහින්න හැදුවත් වාහනය ලොක් කරලා .


“ ශෙට් වැඩක් නෑ “


කියන ගමන් දොර ට එකක් ගහන ගමන් රශ්මීක දොර අරින වැඩේ නතර කලා.

ඒත් එක්කම ඉස්සරහා වාහනේ ඉදන් කට්ටියක් එලියට බැස්සා. පිටිපස්ස වාහනේ ඉදලත් කට්ටියක් එලියට බැහැලා ඉස්සරහට එනවා රශ්මීක දැක්කා. එයා ඉන්න වහනේ දොර ලගත් ඒ එක මනුස්සයෙක් නතර වුනා. ඒ මිනිස්සූ කලූ ඇදුම් දන් කලූ සන්ග්ලස් දාන හිටිය අමූතූ කට්ටියක්.


එක පාරටම ජේක් එයාගේ පෙනුමම තිබුන කෙනාට තමගේ දකුනූ කකුලින් වේගයෙන් තමන් දිහාට තූවක්කූව එල්ල කරන් හිටිය අතට වේගෙන් පාරක් ගහන ගමන් අකුනක වේගෙන් ඒ තුවක්කූව තමන්ගේ වම් අතට ඇදලා ගන්න ගමන් වේගෙන් අර කෙනාගේ කකුලටම තියලා දැම්මා


අර තුවක්කූ වෙඩීල්ල වැදුන ජේක් වගේ කෙනාව එයා ගේ දෙඇත්තේ හිටිය අය අල්ලා ගත්තා. එතන හිටපූ අනික් අය ජේක් ට ගහන්න වගේ ඉස්සරහාට ආවාත් ජේක් තමන්ගේ ජැකට් එකෙන් ගත්ත මොකක් හටී කාඩ් එකක් පෙන්නනවාත් එක්කම එයාලා ටග් ගාලා පිටීපස්සට ගියා ඊට පස්සේ ගොඩක් අමාරූ තත්වයේ හිටිය වෙඩී පාර වැදුන ජේක් වගේ එක්කනව වාහනයට දා ගත්ත එයාලා එතනින් වාහනය අයින් කර ගත්තා . රශ්මිල වාඩී වෙලා හිටිය වාහනය ලග හිටිය අයත් එහාට වෙලා ජේක් ට වාහනයට නගින්න ඉඩ හදලා දුන්නා.


" එයාලා පොලීසීය ලග ඉදන් ම අපීව follow කරා. න්ට ඔන උනේ ඇත්තටම ව්‍යාලා අපෙ පස්සේම ද එන්නෙ කියලා දැන ගන්න. ඒකයී වහනේ එක එක පැතී වලට හැරෙව්වේ . ඒකෙන් මොකක් හරී අපහසුතාවක් ව්ුනාන නම් සමවෙන්න රශ්මික "


" it's ok.. "

……………………………..

ජේක් ගේ නිවසේ කාර්‍යාලය


“ ජේක් ඒ කෙනා ඔයා වගේමයී “


“ ම්ම්ම්ම්.. ඔව් එයා මගේ නිවුන් ආහෝදරයා වගේම මල්ලී. “


රශ්මීකට පිටුපස හරවන් තමන්ගේ කාර්‍යාල මෙසය මත ලිපී වාගයක් අවුස්සමින් හිටිය ජේක් කිවේ රශ්මික දිහා නොබලන ගමනුයී . ජේක් ගේ කබඩ් අසලට ගිය රශ්මික එවාගේ තිබුන පොත් එක එක බලන්න පටන් ගත්තා


“ ඔයාට රුසියනුත් පුලුවන් ද “


රශ්මික ඇහුවෙ ඒ කබඩ් වල රුසීයන් භාශාවෙන් තිබුන පොත් ගනනවක් දැක පුදුම වෙලායී.


“ ඔව්.. අපේ අම්මා ඉන්ග්‍රීසී කාන්තාවක් වුනාට තාත්තා රුසියන් ජාතිකයෙක් . එක නිසා මටත් පුලුවන් රුසියන්“


ඒ වගේම එතන එහා පැත්තේ තිබුන චූට්ටක් ඇදලා තිබ්බ චෙස් බොඩ් එක රශ්මික check කරන්න ගත්තා. ඒකේ black side knite ඉත්තෝ දෙවියනේ ඒ mark එක


ඒ කියපූ දෙයින් ඔලුවට අකුනක් ගැහූවා වගේ රශ්මීකට ගොඩක් දේවල් මතක් වෙන්න ගත්තා.


තමන් එන්ගලන්ත පොලීසීයෙ සේවයට ආපූ අලූත තමන් ට මුලින්ම විසදන්න හම්බ වුනේ මහා පරීමාන කුඩූ ජාවරමක් ගැනයී. ඒ සම්බන්දව අත්තඩන්ගුවට ගත්ත අයගෙන් එක්කනෙක් කියපූ දෙයක් එයාට මතක් උනා


“එයාලා රුසීයන් මාෆියා එකට සම්බන්ද උන අය. එයාලා ගොඩක් ඉන්නවා. මේ ඔක්කොම නිකම් ලාවට චෙස් බොඩ් එකක් වගේ . රජෙක් හිටියාට රැජීන තමා පිටීයේ වැඩ දාන ප්‍රබල ඉත්තා. සාමාන්‍යයෙන් ඔන කෙනෙක් ගේ දකුනු අත තමා ප්‍රබලයා. ඒ වුනාට මේකෙ වම් අත තමා ප්‍රබලයා. ඒ වගේම එයා left black knight කෙනෙක්. White කට්ටියඑක්ක ලොකූ fight එකක් යනවා මේ ටිකේ . විශාල ප්‍රමානයක බලය තමන් අතට ගන්න . “


ඊට පහූවදාම ඒ මනුස්සයා අභීරහස් විදිහට ඝාතනය වෙනවා. ඉහලින් ආව නියෝග පිට එක පාරටම කේස් එක යට යනවා.


අනික දැන් තමන්ගේ සහෝදරයා කියලා හදුන්වපූ කෙනාවම නේද එයා වාහනයේදී දාම ඝාතකයා කියල එයා හදුන්වව්වේ


“ මේක වෙන්න බෑ “


රශ්මිකට එක පාරටම කියවුනා


“ මොකද වුනේ රශ්මික “


එක පාරටම එ දිහාට හැරුන ජෙක් ඇහුවා.


“ ජේක් ඔයයී ඔයයී ඒ left hand black knight “


“ මොනවාද ඔයා කියවන්නේ. මම කොහේද left hand black knight කෙනෙක් වෙන්නේ. “


ජේක් පුදුම වෙලා ඇහුවා


“ ඔයා පෙන්නන්නේ ඔයාට හුරූ අත දකුනු අත කියල . ඒත් හවස උන සිද්දියේදී ඔයා අර තුවක්කූව එක පාරටම ගත්තේ වම් අතට. සාමාන්‍යයෙන් ඔම එක පාරටම වෙන සිදුවීමකදීම ඔනම කෙනෙක් use කරන්නේ තම්න්ට හූරූ අත.ඔයා එතනදී use කලේ එක පාරටම වම් අත . ඒ කියන්නේ ඒක තම ඔයාගෙ හුරූ අත. අනික ඔයා ඔයාගෙ අපරාද වලට සහෝදරයාව අහූ කරන්නයී ගියේ.


අනික තමුන් වැඩ කරන්නේ රුසීයානූ මාෆියා එකට. ඒකනේ ඇත්ත “


“ රශ්මීක තමුන් ගොඩක් බුද්දීමත් .මේ පර්‍යශනය මෙහෙයවන්න මගේ සහයකයා විදිහට තමුන්ව තොර ගත්ත එක පුදුමයක් නෑ. එනම් ඔයා අපරාදකාරයාව හොයාගත්තා නෙද.


හැබැයී මම එක ඇත්තක් කීවා. මගේ මල්ලීත් ධාම ඝාතකයෙක් තමයී.


මම ඔක්කොම විස්තර කියන්නම් හැබැයී ඔය සාක්කූවේ තියන තුවක්කූව අතට නොගත්තොත්. “


එහෙම කියනවාත් එක්කම රශ්මික තමන්ගේ සාක්කුවෙන් අත එලියට ගත්තා.

…………………………….


Jeak pov..

ඇත්තටම මම russian mafia එකට සම්බන්දයී. හරියට මගේ තාත්තා වගේ. අපී chess board එකක black side එක වගේ. සෑහෙන කාලෙක ඉදන් white side අය එක්ක මාෆියා එකේ දෙවල් බෙදා ගන්න බැරුව සටන් යනවා. Whute side එකේ ඉන්නේ italy mafia එක. අපෙ king and queen ව දන්නේ මම විතරයී . සාමාන්‍යයෙන් ඔන තැනක දකුනූ අත තමා ඔක්කොම මෙහෙය වන්නේ . ඒත් අපේ වම් අත එ කියන්නේ මම .

මම white side එකේ ප්‍රබලම ඉත්තෝ දහයක් අයින් කරා.. මම ඒ side එකේ king ටයි queen ටයී ලන් වෙලා හිටියේ. ඒත් මගේ ගොන් සහෝදරයා කීසීම අදාලත්වයක් නැති 5 දෙනෙක් ම විනාස කලා. එයා නිසා මගේ plan ඔක්කොම විනාශ උනා.


අන්තිමට එයා මාවත් විනාශ කරන්න ගියේ. එයා තමා ඉස්සර වෙලා එයාව තමා ඔයා දැක්කේ. එයා මගේ මල්ලී වගේම එයා මගේ නිවුන් සහෝදරයා. එයා තමා අපේ සයිඩ් එකේ right side knite. ඒත් මම කවුද කියල.අදුන ගත්තාම කට්ටියම අයින් උනා. හැමෝටම මම පෙන්නූවේ මම දකුනත් කියලා. ඒත් මම ඇත්තටම වමත්. මම මගේ වැඩ වලට ලෙසී වෙන්න දකුනූ අතින් වැඩ කරන්න පුරුදු වුනා


කොම නමුත් රශ්මීක අපේ ජාලේ කට්ටියක් ව පොලීසියට අහූ උන ඔය තමා ඒ පර්‍යශනය මෙහෙයවල තිබ්බෙ. තමුන් හිතනවාට වඩා අපේ ජාලය ප්‍රබලයී. ලොකුයී එයාලාගෙ බලෙන් අපී ඔය කතාව යට ගැහුවා හරිම ලස්සනට


කවදාවත් පාට්නර් කෙනෙක් නැතුව වැඩ කරන මට පර්ට්නර් කේනෙක් එක්ක වැඩ කරන්න වුන. ඒ ඔයා. මම හිතූවේ නෑ තමුන් මෙච්චර බුද්දීමතෙක් කියලා. තමුන් මගේ සැලසුම් අනාවරනය ක ගත්තා ඔක්කොම.


හරී නම් queen ව අද මම අයින් කරන්න හිටියේ ඒත් ඔයා .. තව මගේ මල්ලී ගේ වැඩ නිස එක බැරී වුනා. එයාට ඔන වෙආ තිබ්බේ මාව මේකෙන් අයින් කරන්න. එව කොහේද මගෙත් එක්ක. මගෙ වැඩේ ඉවර වුනා. ආපාහූ මේ දෙවල් පටන් ගන්න වෙනවා අලුතින්. රශ්මික තමුන්ට පුලුවන් කැමතී නම් අපී එක්ක එකතූ වෙන්න. තමුන්ට ලැබෙන ඔය පොඩී පඩිය දවසින් හොයන්න පුලුවන් අපී එක්ක එකතු වුනොත්. තීරනය තමුන් අතේ. අපී එක්ක එකතූ වෙනවාද නැත්තම්.....


මෙන්න දැන් ලැබුනූ විශේශ පුවතක්.


මෙපමන දවසක් මුලූ එන්ගලන්තයම කලබවමින් විශාල දාම ඝාතන රාශියක් සිදූ කල දාම ඝාතකයා තම ඉලක්කය ලෙස ධනවත් ව්‍යාපාරිකයෙකූ වන ජෙම්ස් ස්මිත් මහතාව ඝාතනය කීරීමට දැරු අවස්තාවකදී පොලීස් වෙඩී පහරින් මරුට. නමින් රශ්මීක පිරීස් වන ඔහූ ශ්‍රීලාන්කීක ජාතිකයෙකූ බවයී අනාවරනය වී ඇත….


“ වැඩ ගොඩක් ගන්න පුලුවන් කම තිබ්බ හරී අපූරූ මොලයක් . අපරාදේ අපී එක්ක එකතූ වුනානම් සෑහෙන උඩකට යන්න තිබ්බ. තව සෑහෙන කාලයක් ඉන්නනත් තිබ්බා.


රූපවාහීනීය දෙසම බලාගෙන සිටී කාන්තාවක් තමන්ගෙ පිටිපස සිටී පුද්ගලයාට පවසන ගමන් රූපවාහිනිය නිවා දැමුවා.


“ කොහෙද අවන්ක කම වැඩී වුනානේ. “


ඇය පිටුපසින් රැදී සිටී ජෙක් එහෙම උත්තර දුන්නා.


" දැන් කොහොමද right hand black knight ට. ලොකූ කරදරයක් නෑනේ "


" අපෝ නෑ. සැලැස්මේ විදිහට එයා වෙලාවට එතනට අවා . එය නිසා තමා සැලැස්ම මෙච්චර හොදට ඉවර උනේ. අපේ අතේ ගෑවෙන්න තිබ්බ වරද අන්තිමට කොහොම හරී රශ්මික account එකට වැදුනා


අන්තිමට කොහොම හරී right black knight වුන මගේ මල්ලීට වෙඩි තිබ්බ එකත් එයාගේ acc එකට තමා බැර වුනේ. "


ජේක් හිනවක් දාන ගමන් කීවා


" අන්තීම මොහොතේ හරී එයා අපෙ පැත්තට ආවා නම් කතාව මීට වඩ වෙනස් වෙන්න තිබ්බා.. "


අවසානයී.


Anjali Uthpala

Let Anjali know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The CEO's Secret Obsession

Elisa_sims: I really enjoyed your story! I'd love to discuss it with you sometime if you're ever interested

Read Now
His to protect: Major's therapist

Susan Morris: Loved this story! You have done it again. GReat character, romance and the right amount of HOT!

Read Now
The Baby Contract (A Werewolf Surrogate Romance)

perdi_my: This is not a "complete" story. The notification should change to "excerpt". This was not honest of you Author.

Read Now
Til Kingdom Come

sferrie17: I really like the plot twists. Just when you think you know where the story is going it goes in a whole different direction..Love that keeps you on the edge of your sit.

Read Now
Ripper

Sunshine: Really like this book. It’s akin to “the good, the bad and the ugly “ all wrapped up together in this book. Really good! 

Read Now
Perfect Prey (A Cat & Mouse Mafia Romance)

Neenygirl: A great Mafia story with a twist or two. The story is written from both POV’s which I really like. I loved Bryce with her smart wit and Rory is the good looking Scot who works for the Mafia boss and is ordered to find her and bring her back to the DeLuca family. This begins the hunt and a game of...

Read Now
Meeting Roman 18+ (BOOK ONE)

Yanké: This is my first online book & the first of its sort..🔞 I read it in less then 24hours & it had me hooked! Job well done!👌🏻

Read Now
Rules of Fatals

JMBB: Really good story and great concept

Read Now
BLACKBIRD

Danielle: Great writing luved it

Read Now