The Invisible World by Anjali at Inkitt
Customize readability
Aa

The invisible world

Summary

ජීවීතේ ත් හරියට අමුතූ ෆැන්ටසියක් වගේ.. කොයි වෙලේ කොහොම වෙනස් වෙයීද කියලා කවුරුත් දන්නේ නෑ . අපීවත් නොහිතෙන විදිහට ජීවීතේ වෙනස් වුනොත්.. නොහිතන ෆැන්ටසියක් අපේ ජීවීතේට ම සම්බන්ධ වුනොත් ... ජැක්ස් ස්වොර්ඩ්.... ❤🔮

Genre
Fantasy
Author
Anjali
Status
Complete
Chapters
8
Rating
n/a
Age Rating
16+

Chapter 1


හායී මගේ නම ජැක්ස් ස්වොඩ්. මම එතකොට ජීවත් වෙන්නේ නිව්යෝර්ක් වල අපී...... ඒ කීවේ මායී මගේ තාත්තා යී මෙහෙට පදින්චියට ඇවිල්ලා දැන් මාස 06 ක් විතර වෙනවා. මම පුන්චී කාලෙම මගේ අම්මා නැතී වෙලා තාත්තා උනත් අම්මාව වැඩිය මතක් කරන්නේ නෑ. ඒ නිසාම වෙන්න ඇතී මට එයා ගැන වැඩිය මතකයක් නෑ. මට වයස අවුරුදු 14 මම ඉගෙන ගන්නේ නිව්යෝර්ක් වල උසස් පාසලේ. එතකොට මට හොදම යාලුවෝ 4 දෙනෙක් ඉන්නවා. අපී හම්බ වෙලා ටික කාලයයී උනාට අපී පොඩී කාලේ ඉදන් දන්න හොද යාලුවෝ 4 දෙනෙක් වගේ තමා ඉන්නේ. එයාලා තමා ලීයම් , ඒතන්, නෝවා, ට්‍රෙවින්

"මොකද මොකද මේ අපේ නම් කියනවා ඇහුනේ, කොල්ලා කාත් එක්ක හරී එකතූ වෙලා අපිට බනිනවද? ...... "

ඔහොම කියාන එක පාරටම ලියම් මගේ පාඩම් කාමරේට ආවා. එයා එක්කම ඒතන්, නෝවා, ට්‍රෙවින් උත් ආවා.

"නෑ. නෑ........ මම මේ audio diary එකක් කරන්න පටන් ගත්තා ඒකට තමා ඔයාලා ගැන කිය කිය හිටියේ, දන්නේ නැද්ද වෙලාවකට මට එන ගොන් idea "

"ආ ඒක මිසක් යමූ යමූ දැන් ඉස්කෝලේ පටන් ගන්නත් ලගයී"

ට්‍රෙවින් ඕහොම කියන ගමන් මාවත් ඇදගෙන ගෙදරින් එලියට ආවා.

ඉතින් ලියම් ගැන කීවොත් එයා තමා මුලූ section එකේම maths වලට දක්ශ යා.

(දැන් කියන ටික නම් මම හිතින් හිතන්නේ හොදේ )

එතකොට ඒතන් තමා science පැත්තට දක්ශයා. නෝවායී ට්‍රෙවින් යී දෙන්න නිබුල්ලූ එයාලා ඔය ෆ්‍රැන්කින්ග් වලට, තව sport වලට , ප්ලැන් හදන්න හරී දක්ශ යී. ඒ වගේම එයාලා සමහර දේවල් විහිලුවට ගන්නවත් වැඩි. මම නම් ඉතින් යලුවෝ කියන විදිහට ඉගෙන ගන්න තමා දක්ශ. මම කෝම නමුත් පන්තියේ පලවෙනී 5 දෙනා අතර ඉන්නවා.

කොහොම හරී අපී ඉස්කෝලේ ලගට එනකොට bell එකත් ටිලින් ටිලින් ගාලා වදින්න ගත්තා. අපී අපේ බැග් ටික අපේ පොත් කබඩ් වලට දාලා පන්තීය අස්සට දුවලා යන්න පටන් ගත්තා.

ඉතින් උදේ වරුව නම් හරීම කම්මලී දැන් නම් අන්තිම පිරියඩ් එකට කලින් පිරියඩ් 2 තමා පටන් ගන්නේ. දැන් තියෙන්නෙ ඉතිහාසය ( මම ආසාවෙන් ම බලාන හිටපූ පන්තිය ) මොකද අද 2 ලෝක යුද්දේ ගැන කියලා දෙනවා කීවා. මම යුද්ධ වලට හරී කැමතී.

ටීචර් ගොඩක් ලස්සන කතා ගොඩක් එක්ක ඒ 2 ලෝක යුද්දය ගැන කියලා දුන්නා. මට දැනුනේ මාව වෙනම ලෝකයකට ගියා වගේ.

කෝම හරී අන්තිම පිරියඩ් එකේ අපිට උගන්නන්න හිටිය maths sir අද ඇවිල්ලා නෑ. ලමයී බෙර ගහනවා උඩ පයිනවා දගලනවා. මායී මගේ යාලූවො ටිකයී සින්දුවක් කියන්න ලෑස්තී වෙනවා එක්කම එක පාරටම ජොනතන් අපී ඉස්සරහට පැන්නා

කෙට්ටූ චූටී ඇගක් තිබ්බ ජොනතන් පන්තීයේ මීටර් වලින් එකක්. ඒ වගේම එයා කතා කියන්නත් මාර දක්ශයී.

"මොකක්ද "

ඒතන් එයාව ගනන් නොගෙන කීවා.

"අපේ ඉතිහාසය ටීච 2 ලෝක යුද්ද කාලේ ගැන අපිට නොකීව කතාව"

" ඔයා මේ කතාවක් කියන්න නේ හදන්නේ දැන් නම් වෙලාවක් නෑ ඕවට "

ඒතන් කීවා

" අපෝ නෑ අපෝ නෑ මේ පාරනම් බොරුවක් නෙමෙයී මන් කියන්නේ. අහගන්නකෝ

අපේ ආච්චි පොඩීකාලේ තමා මේක වෙලා තියෙන්නේ. දෙවනී ලෝක යුද්දේ බෝම්බ වලින් බේරෙන්න එයා එයාගේ අම්මා එක්ක මෙහෙට ආව අලුත උන දෙයක් ඒක.

එක පාරට අහස අදුරු වෙලා තියනවා අච්චි අහස දිහා බලපූ වෙලාවේ එයාට දැක ගන්න පුලුවන් වෙලා තියනවා එල්ලෙන උයන. අපේ ආච්චී විශ්වාස කරන්නේ ජර්මනුවෝ යුද්දේ දිනන්න ඕන නිසා එල්ලෙන උයනක් නිර්මානය කලා කියලා "

අපී ඔක්කොටමඒ කතාවට හිනා ගියා. හොද නෑ හැබැයී හීනා වෙන්න ඒත් කරන්න දෙයක් නෑ.

"ඔය අනිවාර්යයෙන්ම දකින්න ඇත්තේ ප්ලෙන් "

ලීයම් කීවේ හිනා වෙන ගමන් මයී

"මන් ඕක ගැන හොයන්න ඉන්නේ. ඔය ගැන හම්බ උන ගමන් ම මන් ඔප්පූ කරලා පෙන්නන්නම් කෝ මන් ඇත්තක් කීවේ කියලා "

අපී හිනා වෙන එක ගනන් නොගෙනම ජොනතන් කීවා

" හරී එදාට අපී ඔයාට පාර්ටියක් දෙනවා අපී ගානේ"

නෝවා හිනා වෙන ගමන් කීවා

" හරී මම ඒක හොයාන පෙන්නන්නම් කෝ "

කියන ගමන් ජොනතන් අපී හිටිය තැනින් යන්න පටන් ගත්තා.

"පව් කියලාත් හිතෙනවා එයා ගැන"

ලීයම් අනුකම්පා සහගත මූනකින් අපී හිටපූ තැනින් පිට වෙලා යන ජොනතන් දීහා බලන ගමන් කීවා.

.......................................................................

ඉතින් මගේ තාත්තා වැඩ කරන්නේ නිව්යෝර්ක් වල තියන එම්පයර් ස්ට්‍රීට් ගොඩනැගිල්ලේ 100 තට්ටුවේ තියන office එකක. ඒ නිසාම මට උඩම තට්ටුව ඒ කියන්නේ 102 තට්ටුව වෙනකම්ම ගිහින් මුලු නිව්යෝර්ක් නගරයම බලන්න පුලුවන්

ඒ වගේම අපෙ තාත්ත දැන් එ තට්ටුවේ තියන office එකේ හෙඩ් කෙනෙක්. ඒ නිසාම මට ඒ flore එක වෙනකම් කිසිම කරදරයක් නැතුව යන්න පුලුවන්. තට්ටු 102 ක් තියන නිසා මුලූ නිව්යෝර්ක් නගරයම ලස්සනට පේන්න ගන්නවා ( මම එතනට ඒ නිසාමයී යන්න කැමතී මන් මගේ යාලුවොන් වත් එතනට එක්ක යන වෙලාවල් තියනවා )

හැබැයී මට ඒකේ ඉන්න සිකියුරිටී ව නම් පේන්න බෑ. එයා හරියට හැසිරෙන්නේ මේක එයාගේ බිල්ඩින් එක වගේ ( විකාර )

එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ල කියන්නේ නිව් යෝර්ක් නගරයේ තියන උසම ගොඩනැගිල්ල කීවොත් හරී. ඒ වගේම එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල නිව් යෝර්ක් නගරයේ, NY 10118, 350 5th Avenue කියන තෑන තමා තියෙන්නේ. මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීන් වුනේ Shreve, Lamb සහ Harmon. එයාලා මාරම ලස්සනට එතන නිර්මානය කරලා තියනවා

අර 2 ලෝක යුද්ද ගැන පාඩම ඉවර වෙලා දැන් සතියකටත් ලගයී. මේ සතිය තිස්සේම ජොනතන් පුස්තකාල වල පොත් ඇද ඇද මුලූ නගරයේම ඇවිද ඇවිද එයා කියපූ එල්ලෙන උද්‍යානය හොයනවා. හරී ජර්මානුවෝ ඒම එකක් හැදුවා කියන්න. ( හැබැයි විශ්වාස කරන්න අමාරුයී ඒ කාලේ තාක්ශනෙත් එක්ක ඒම දෙයක් ) ඒත් ඒක මෙච්චර කාලයක් නිව්යෝර්ක් වල තියෙයීද තිබ්බා නම් අපිට පේනවා නේ. එයාගේ මේ වැඩ නිසාම එයාව පන්තියේ ලමයී විහිලුවට අරන් තිබ්බේ.

ඉතින් මම අද සිකුරාදා හවස නිසා මගේ යාලුවොත් එක්ක ඉස්කෝලේ ඇරුන ගමන් මම මගේ යාලුවෝ එක්ක අපේ තාත්තා වැඩ කරන තැනට යන්න පටන් ගත්තා. ගේට්ටුව ලග ඉන්න ආරක්ශකයා අපි දිහා හැමදාම වගේ හොද අවදානෙන් බැලුවා

"මොනවා බලනවාද දන්නේ නෑ හැමදාම "

නෝවා ටිකක් සද්දෙන් කිවා

"කෑ ගහන්න එපා නෝවා එයාට ඇහෙයී "

ලීයම් ටිකක් සැරෙන් කීවා

ලීයම් කීවා හරී නොවා කියපූ එක ඒ ආරක්ශකයා ට ඇහිලා තිබ්බා. එයා අපී දිහා බලලා උගුර යටින් ගෙරෙව්වා.

අපී ටිකක් ඉස්සරහට යනකොට මම නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා. ආරක්ශකයා එක්ක අපේ වයසම වගේ පිරිමී ලමයෙක් කතා කර කර ඉන්නවා දැක්කා. ඊට පස්සේ එයා ටිකක් දෙපැත්ත බලන්න ගත්තා. එයා ටිකක් අමුතූ පෙනුමක් තියන ලමයෙක්. නිල්ම නිල් පාට ඇස් දෙකක් තියෙන්නේ. එයා මන් ඒ පැත්ත බලන් ඉන්නව දැක්කා. මන් ටක් ගාලා අහක බලා ගත්තා. එයා ඉක්මනටආරක්ශකයා ලග තියන ලිෆ්ට් එකට නැග්ගා.

ඒ ලිෆ්ට් එක කොහේටද යන්නේ ඒ ආරක්ශකයා ලේසියෙන් ඕකට කාටවත් නගින්න දෙන්නේ නෑ කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒත් ඒ ලමයාට විතරක් ඒකට නගින්න දුන්නේ ඇයී.

මම ඕක මගේ යාලුවන්ට කීවේ නෑ. අපී තාත්තා වත් හම්බ වෙලා ගෙවල් වලට ආවා.

කෝම හරී සෙනසුරාදායී ඉරිදා යී ගෙවුනා සුපුරුදූ විදිහට අද අපී ඉස්කෝලේ ආවා.

" අරයා එල්ලෙන උයන හොයා ගත්තාද දන්නේ නෑ. නේද " නෝවා හිනා වෙන ගමන් කීවා

" දැන් එයා සතීයකට වඩා ඒක හොයනවා නේ අද අහලා බලමූ"

ඒතන් කීවා

ඔන්න බෙල් එක වැදුනා. අපි අපේ පුටූ වල වාඩී උනා. පලවෙනී පිරියඩ් එකෙ අපේ පන්තී භාර ටීච

" ඔන්න ලමයී අද පන්තිය ට අලුතින් ලමයෙක් ආවා. එයාව පිලිගන්න "

ඒත් එක්කම අලුතින් ආව ලමයා දොරත් ඇරගෙන පන්තියට ආවා

මේක වෙන්න පුලුවන් දෙයක් ද ........

...

එහෙනම් යාලුවනේ මේ කොටස කොහොමද කියලා අනිවාර්යයෙන් ම කමෙන්ට් කරන්න ලයික් කරන්න හොදේ 💝💐

By Anjali uthpala

Let Anjali know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

PARIS IN THE DARK

Sasha: Love this kind of romantic stories, very good one.

Read Now
Fated to My Ex- Best Friend

Kelley: Love the story line! Ryder needs to getvhiavhead out of his ass tho!

Read Now
Crowned in Blood: Fated to the enemy

Happiness Aghogho: I love this.... so thrilling. Looking forward to the end

Read Now
THE WOMAN HE BOUGHT

Charmaine: THIS IS SO GOOD I LOVE IT IM GONNA READ IT LATER BC IM TIRED BC I JUST FINISHED WRITING 10 CHAPTERS IN 1 DAY!

Read Now
The Easter Bunny

Mia: Really nice story

Read Now
SECRET BILLIONAIRE

Jkind12: Very enjoyable!

Read Now
The Heir's Shadow

Biva: Quite good for a novella. Impressive writing style and we'll edited. Just one thing- Karla keeps referring herself to a stray cat and while at first it makes sense the analogy gets stale after a while.

Read Now
Claimed By The Wrong Prince

MountainchiefCabCompany: I absolutely love the story's plot line, not too much all at once, very smooth.

Read Now
Bear Roberts

Fah🖤🖤dah: Great chemistry, an interesting plot, and characters you can’t help but get attached to. I really enjoyed this story! ❤️‍🔥

Read Now