Chapter 1
පාන්දර 2:17යි.
නදිෂාගේ දුරකථනය හදිසියේම වයිබ්‍රේට් වුණා. ඇය නින්දෙන් ඇස් ඇරලා තමන්ගේ mobile phone එකේ screen එක බැලුවා.
1 New Message
ඒත් ඒ message එක එවපු කෙනාගේ නම දැක්කාම ඇගේ හදවත එක පාරටම නතර වුණා වගේ දැනුණා.
"සිතුමී 💔"
“... ඒත් ඒක කොහොමද වෙන්නේ?”
සිතුමි කියන්නේ ඇගේ හොඳම යාළුවා. ඒත්… අවුරුද්දකට පෙර accident එකකින් එයාව නැති උනේ කවුරුවත් නොහිතුව විදිහට.
නදිෂාගේ අත හීනෙන් වගේ වෙව්ලන්න පටන් ගත්තා. ඇය message එක open කළා.
“හෙට කාවවත් විශ්වාස කරන්න එපා.”
ඒ message එකේ තිබුනේ එච්චරයි.
“මේක joke එකක්ද…? කව්ද මේක කලේ?”
නදිෂා ඒ නම්බර් එකට call එකක් ගන්න උත්සාහ කළා.
Dialing…
එත් call එක connect වුණේ නෑ.
ඇය තවමත් phone එක දිහා බලාගෙනම හිටියා…
“Sent at 2:17 AM” කියලා විතරක් එතන සදහන් වෙලා තියනවා ඇය දැක්කා.
---
ඊළඟ දවස…
සෑම දෙයක්ම සාමාන්‍ය විදිහටම පටන් ගත්තත්, ඒ හැමදේකම මොකක් හරි අමුත්තක් තිබුණා.
අම්මා කෑම මේසේ ලග ඉඳලා ඇය දිහා බලලා හිනා වුණා.
ඒත් ඒ හිනාව… අමුතුයි. ගැඹුරුයි. හරියට ඒ හිනාව ඇතුලේ තියෙන්න ඔන හුරුපුරුදු ගතිය නෑ වගේ නදීෂා ට දැනුනා.
“ඔයා හොඳින්ද නදිෂා?”
“ඔව්… ඇයි?”
“ඔයා ටිකක් වෙනස් වගේ…”
නදිෂා අම්මා එක්ක කතාව නවත්තලා school bus එකට නැගලා පුරුදු විදිහටම ඉස්කොලේ ට ගියා.
---
පාසලේදී …
ඇගේ යාළුවෝ සාමාන්‍ය වගේ කතා කළා. ඒත් කෙනෙක්වත් එයගේ ඇස් දිහා හරියට බලලා කතා කළේ නෑ.
ඒ වෙලාවේ තිබුනේ විද්‍යාව පිරියඩ් එක. ඉතින් ඒ පිරියඩ් එකට ඇවිල්ලා හිටිය Teacher එයාලාගේ white board එකේ පාඩමකට ඔන කරන රූප සටහනක් අදින ගමනුයි හිටියේ. ඒත් සිද්ද වුනේ කවුරුත් නොහිතපු දෙයක්… ටිකච අදින ගමන් හිටිය රූපසටහන වෙනුවට එක පාරටම නදිෂාට පෙනුණේ වෙනම දෙයක්…
board එකේ ලියලා තියෙන්නේ:
“DON’T TRUST THEM”
( එයාලාව විශ්වාස කරන්න එපා )
නදිෂා එයාගෙ ඇස් දෙක තවින්ම පිහාගෙන ආපහු board එක දිහා බලනකොට එ සටහන නැති වෙලා තිබ්බා.
“මට පිස්සු හැදිගෙනවත් එනවද …?”
---
Interval එකේදී…
ඇගේ හොදම යාලුවෙක් උන රවිදු, පැත්තකට වෙලා කල්පනා කරන ගමන් හිටිය නදීෂා ලගට ආවා.
“ඔයා හොදින්ද ? අද ටිකක් ප්‍යා අමුතුයි වගේ.”
නදිෂා හිතලා බැලුවා.
“සිතුමි කියපු දේ…”
“හෙට කාවත් විශ්වාස කරන්න එපා.”
ඇය රවිදුට හැමදේම කියන්න හිතුවා… ඒත් එක පාරටම…
රවිදුගේ phone එකෙන් එක පාරටම වයිබ්‍රේශන් එකක් ආවේ ඉක්මනට
නදිෂාගේ දෑස් ඉක්මනට රව්දුගේ ෆොන් එක දිහාට දිව ගියා
එක notification එකක්…
“Sithumi 💔: She knows.”
( එයා හැන දේම දන්නවා )
නදිෂාගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
“රවිදු… ඒ මොකද්ද?”
රවිදු එක පාරටම phone එක lock කළා.
“Nothing… just spam.”
( මුකුත් නෑ . )
“මට බලන්න දෙන්න!”
“බෑ .”
ඒ වචන පිටවුනේ හරිම ගොරොසූ විදිහකට .
---
නදිෂා ඉස්කොලේ ඉවර උන ගමන් ම එලියට පැන ගත්තා. එයාට ඔන වුනේ ගෙදර යන්න කලින් එයාගේ හිත සන්සුන් කර ගන්න මොකද එයා හිටියේ අඩනගමන්… නදීශා එයාගේ කදුලූ නවත්තගන්න උත්සහ කරන ගමන් ඉස්සරහාට ම ඇවිදගෙන යන්න පටන් ගත්තා…
ඒත් එක පාරටම එයාගේ phone එක ආපහු vibrate වුණා.
Sithumi 💔
“එයාලා ඔයාට බොරු කියනවා.”
“මම මැරුණේ accident එකක් නෙවෙයි.”
නදිෂා ඒ message එක නැලුවාට පස්සෙ එයාගේ හුස්ම හිරවෙනවා වගෙ එයාට දැනෙන්න උනා
“එයාලා මාව මැරුවා.”
---
“කවුද…?”
ඇය reply කළා. ඒ message එකට reply එකක් නැති වුන නිස නදීෂා ආයම message එකක් දැම්මා
“කවුද ඒ?”
තප්පර කිහිපයකින් chat එකේ
typing…
typing…
typing...
කියලා පෙන්නන්න පටන් ගත්තා
ඉතින්…
“එයා ඔයා ළගම ඉන්න කෙනෙක්…”
---
එතකොට…
නදිෂා ලගටම එක පාරටම හෙවනැල්ලක් ඇවිල්ලා නවතිනවා.
එයා හෙමින් හෙමිහිට ඒ දිහාටම හැරුණා.
රවිදු.
“ඔයා අඩලා වගේ ඇයි ? මොකද උනේ ?”
ඔහු ගේ මුන පුරා හිනාවක් ඇදිලා ගියා.
ඒ හිනාව… ඒක සාමාන්‍ය හිනාවක් නම් නෙවෙයි.
“ඔයාට එයාගෙන් message එකක් ලැබුණා නේද?”
නදිෂා පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා.
“ඔයා… සිතුමිව…”
“හරි හරි…” ඔහු හිස නමලා හිනා වුණා.
“මම නෙමෙ අපි.”
“අපි?”
“ඔයාත් එකට සම්බන්ද යි.”
---
එදා රෑ වුන දෙවල් එක පාරටම නදීෂාගේ ඔලුවට ඇදිලා එන්න පටන් ගත්තේ ලොකු කම්පනයක් එක්කමයි.
මහා වැස්සක් ඇදහැලෙන රැයක්.… හරියට පාරක් වත් පේන්නේ නෑ...
කාර් එකක්…
සිතුමි අඬන ගමන් වාහෙනෙන් එලියට පනින්න දගලන ගමන් හිටියේ…
“අනේ මේ කාර් එක නවත්තන්න ! ප්ලීස් ............ ”
Steering wheel එක අල්ලලා හිටියේ…
නදිෂා.
---
ඒ මතකයත් එක්ක නදීෂාගේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. එයාට කතා කර ගන්න බැරුව වචන ගොත ගැහෙන්න පටන් ගත්තේ ඉබේටමයි..
“මම… මම ඒක…ඒක accident එකක්… මම නෙමෙයි...”
“නැහැ,”
රවිදු හිනා වෙන ගමන්ම කතා කරන්න පටන් ගත්තා .
“ඔයා එයාව තල්ලූ කළා.”
“නෑ!!”
“ඔයාට ඒ දෙවල් අමතක කරන්න අපි උදව් කළා කිවොත් හරි.”
---
Phone එක ආපහු vibrate වෙන්න පටන් ගත්තා.
Sithumi 💔
“ඇත්ත මතක් කරගන්න.”
“ඉතින් ඔයා තීරණය කරන්න…”
“ඔයා එයාලවද විශ්වාස කරන්නේ… නැත්නම් මාවද?”
---
රවිදු ඇය අසලට එන්න පටන් ගත්තා.
“ඔයාට පරිස්සම් වෙන්න කරන්න තියෙන්නේ අපි එක්ක ඉන්න එක විතරයී .”
---
නදිෂාගේ ඇස් වල කඳුළු පිරෙන්න පටන් ගත්තා.
එයා එයාගේ phone එක තදින් අල්ලගත්තා.
Screen එකේ…
2:17 AM ලෙසින් සදහන් වෙලා තිබ්බා
---
ඇය තීරණය කළා.
“මම… එයාව විශ්වාස කරනවා.”
---
ඊළඟ මොහොතේ…
මහාපාරෙන් වාහනයක් වේගයෙන් බ්‍රේක් කරන සද්දයක් ඇහුනේ කවුරුත් නොහිතු වෙලාවක.
---
ඊළඟ දවසේ News වලින්
“පාසල් ශිෂ්‍යාවක් රිය අනතුරකින් මිය යයි.…”
---
ඇගෙ phone එක policeයට ලැබුණා. ඉතින් පොලිස් නිලධාරියක් එයාගෙ ෆොන් එක පරික්ශා කරන්න පටන් ගත්තා.
නදිෂා ගේ ෆොන් එක පරික්ශා කරගෙන යනකොට එයගේ දුරකතනයට ලැබිලා තිබ්බ අන්තිම message එක ඔහු open කරලා බැලුවා ... එහී සදහන් වෙලා තිබ්බේ....
Sithumi 💔
“Thank you.”
---
at 2:17 AM
---
අවසානයි
Anjali uthpala








