Chapter 00
⭕ ලිසල් විවේන්ය විජේරත්න.
වයස : 18
ස්කූල් ෆුට්බෝල් ටීම් වයිස් කැප්ටන්.
තාත්තා : ප්රියන්ත විජේරත්න.
⭕ සෙතුෂ්ක හංසන ද සිල්වා.
වයස : 18
ස්කූල් ෆුට්බෝල් ටීම් මෙම්බ.
⭕ තේජ් වියුද්ර මිහිරිපැන්න
වයස : 24
Engineer
තාත්තා : වික්රම මිහිරිපැන්න.
(V&B construction company owner )
අම්මා : තේජානි මිහිරිපැන්න.
මල්ලි : බිඟුන් සිහාර.
Friend : අහස් ශාකල්ය.
Mercedes-Benz E63

⭕ හසිත් විනෝද්ය.
.
.
Before the blueprint begins
" හෙලෝ .. උබ ඇවිත්ද ඉන්නේ.. "
" ඔව්.. ඔව්.. විනාඩි දෙකක් දියන්.. "
විනාඩි දෙක කිය කිය මූ දැන් කොච්චර වෙලාවක මාව මෙහෙම රස්තියාදු කරාද.. තාත්තම ආවනම් ඉවරයි..
" තේජ්.. "
අරූටත් බැන බැන ig එක පැත්තේ රවුමක් දාන් ඉන්නකොට මට ඇහුනෙ අහසයගේ කටහඬ.. යකො මේ ටික දවසට මූ වෙනස් වෙලා තියන තරම..
ෆුල් සූට් එක පිටින් හිනාවකුත් දාගෙන මේ පැත්තට එන අහසයව දැකලා මං කල්පනා කරේ ස්කූල් අවුට් උනාට පස්සෙ ප්රැක්ටිස් මුකුත් නැතුව එකපාරටම මහත්වෙලා ගිය මගේ අතිජාත මිත්රයමද මේ කියලා.. මූ අන්තිමට මාව බලන්න එනකොටත් මහතටනෙ හිටියේ.. ඔන්න දැන්නම් ඉන්නවා ස්කූල් GC වෙලා හිටිය කාලේ වගේම මේන්ටේන් ඇඟ එක්ක..
අහසයා ආවගමන් කරේ මාව බදාගත්ත එක.. මූට ඕක කොච්චර කරන්න එපා කිව්වත් මූ අහන එකෙක් නෙවෙයි..
" ටිකක් ට්රැෆික් බං.. කෝ දියන් මං ගන්නම්.. "
" මං අරන් යන්නම්.. "
අහසයා මගේ බැගේජ් එක ගන්න ගියත් මමම බැගේජ් එක අරගෙන exit එකට ඇවිත් අහසයා ආව කා එකට නැග්ගා..
" පුළුවන් ඉක්මනට යන් බං.. මහන්සි හොඳටම.. "
" උබ කාලද තේජ්.. "
" ම්ම් ඔව්... "
" බෙහෙත් ටික ගත්තද.. "
" ම්ම්.. "
අහසයා දන්නවා ඌ දැන් මගෙන් ඇහුවේ මං කරන්න අකමැතිම දේ කියලා.. ඒ නිසා ඌට කෙටියෙන් උත්තරේ දීලා මම ෂීට් බෙල්ට් එක දාගෙන ෂීට් එකේ ටිකක් හේත්තු උනා.. මෙහෙට පය තිබ්බත් හරි ඇඟට වඩා හිතට දැනෙන මහන්සිය වැඩී හැමදාමත් වගේ..
" මං මේ උබට කියන්න යන්නෙ උබට ආව ගමන්ම හැමදේම එපා කරලා දාන්න නෙවෙයි තේජ්.. ඒත් උබ මේ පාර ආවේ වැකේෂන් නෙවෙයි කියලා අමතක තියාගනින්.. උබ කියන කරන පොඩි දෙයක් හරි වික්රම අංකල් දැනගත්තොත් වෙන්නෙ මොනවද කියලා උබ දන්නවනේ.. අනික උබ මෙහෙ ආවේ මොකටද කියලත් මතක තියාගනින්.. මහන්සිවෙලා ඉගෙනගත්ත ඒවගෙන් ප්රයෝජනයක් ගනින්.. "
" ම්ම්.. "
අහසයට ආයෙත් මගෙන් උත්තරයක් විදිහට ලැබුනෙ ඔච්චරයි.. ඇස්දෙක වහගෙන හිටියත් මට කියන්න පුළුවන් ඕකා කා එකවත් ස්ටාට් කරගන්නෙ නැතුව මගේ දිහා බලාගෙන ඔය දේශනාව දුන්නෙ කියලා..
වෙනදට වඩා දෙයක් තේරුම් අරගෙන ජිවත් වෙන්න ඕන පාරක් තමා මේ.. මොකද මේ පාර මම ලංකාවට ආවේ වැකේෂන් ඉඳලා යන්න නෙවෙයි.. ෆැමිලි බිස්නස් බාරගන්න.. V & B අධිපති වික්රම මිහිරිපැන්නගේ ලොකු පුතා උන තේජ් වියුද්ර මිහිරිපැන්න විදිහට බිස්නස් බාර ගන්න...
.
.
.
~~~ See you in the next line ~~~







![[Moving to Galatea 11/5] What We Never Healed](https://cdn-gcs.inkitt.com/vertical_storycovers/ipad_b00b828931c645f2eccdf3396cb15498.jpg)

අනේ අක්කේ මට කියන්නකෝ මේකෙ ටොප් කවුද කියල