Create New List
Share with your friends
Customize readability

වියපත් තඹර || සිංහල BL || Ongoing

All Rights Reserved ©

Summary

වියපත් තඹරක නොවිඳි ප්‍රේමය...

Status
1mo ago
Chapters
5
Rating
n/a
Age Rating
18+

01

කාර්‍යබහුල කැම්පස් ජිවීතෙ එක semester එකක අන්තිම සතිය.. හැමෝම වගේ හිටියෙ නිවාඩුවට ලෑස්ති වෙන ගමන්.. ගමේ යන්න, යාලුවන්ගෙ ගෙවල්වල යන්න, ට්‍රිප් යන්න දැන්ම තියාම ප්ලෑන් ගහන ජිවිත ගොඩක් අතරෙ 'මං කොහෙ යන්නද' කියලා හිතපු ජීවිතත් නැතුවම නෙවෙයි..

කැන්ටින් එකෙන් ගත්ත ඉඳියාප්ප මුලෙ අන්තිම ඉඳියාප්පෙ කටේ ඔබාගත්ත යුහේර් තෙධර්ණ පැත්තක තිබ්බ බෑග් එකත් කරට දාගෙන ඉඳිආප්ප කොලෙත් පොඩි කරලා බින් එක දාන් පරණ බිල්ඩින් පැත්තට හැරුනා.

කැම්පස් එකෙ මේ ගෙවෙන්නෙ අන්තිම සතියෙ අන්තිම දවස.. එහෙමයි කියලා කිසි වෙනසක්, අලුත් බලාපොරොත්තුවක් නොතිබුන තෙධර්ණ හොයාගෙන ගියේ මේ අවුරුදු තුනටම කැම්පස් එකෙන් හොයාගන්න ලැබුන එකම යාලුවව හොයාගෙන.

' යුහේර් තෙධර්ණ ' මනුස්ස ආශ්‍රයකට වැඩි කැමැත්තක් ඇති මනුස්සයෙක් නෙවෙයි. එහෙමයි කියලා මුලුගැන්විලා ඉන්න චරිතයකුත් නෙවෙයි.. අවස්තාව අනුව අතේ දුරින් මිනිස්සු ආශ්‍රය කරන වැඩි කතා බහක් නැති කොල්ලෙක්. කැම්පස් එකයි පාර්ටි ටයිම් ජොබ් එකයි තමයි කොල්ලගෙ මුලු ජිවිතේම.. හිතුන ගමන් හිතෙන තැනක ඇවිදලා එන.. හිත ආස දේවල් කරන ගමන් තමන්ව සතුටෙන් තියාගන්න කොල්ලෙක්.. කොල්ලා හෙන නිශ්ෂබ්දයි.. අවශ්‍ය තැනට විතරක් කතා කරලා අනිත් හැම වෙලාවෙම ඉන්නෙ අනිත් අයට ඇහුන්කන් දීගෙන.. කැම්පස් වැඩයි ජොබ් එකටයි අමතරව කොල්ලා කාලයක් තිස්සෙ කරන් එන්නෙ ජිම් යන එක.. කොල්ලට හොදම ස්ට්‍රෙස් රිලීස් එක ඒක. පැයක් දෙකක් යකඩ කදන් එක්ක පදම් වෙද්දි කොල්ලගෙ ස්ට්‍රෙස් එකත් දන්නෙම නැතුව බැහැලා ගිහින්. ඒ නිසාම උසට හරියන බරක් එක්ක කොල්ලට තියෙන්නෙ මේන්ටේන් කරපු ජිම් බොඩි එකක්..

කොණ්ඩෙ ටිකක් විතර දිගට වවලා. කලුපාට කොන්ඩෙ අවුව්ව නිසාම ටිකක් දුඹුරු පාටට දිලිසෙනවා. ඇස් වල මහලොකු විශේෂයක් නෑ.. ගොඩක් දෙනාට තියන දුඹුරු පාට ඇස්ම තමයි... සරලව කිව්වොත් ඒ තරම් විශේෂයක් නැති සාමාන්‍ය කොල්ලෙක්...

කොල්ලගෙ පාඩුවෙ පැත්තකට වෙලා ජීවත් වෙන ජීවිතය කැම්පස් එකෙ ගොඩ දෙනෙක්ට අල්ලන්නෙ නැති නිසා වැඩි සමාජ ආශ්‍රයක් කොල්ලා ලඟ නෑ.. ගැන්සියක් වටකරගත්ත ජීවිතයක් කොල්ලට නෑ.. හැමදේටම කියලා ටිකක් හරි ලඟින් ඉතුරු උන එකම යාලුවා උනේ මෙත්දර දිව්‍යාන්.

කොල්ලට කොළඹ නුහුරු නිසා ගමනෙ බිමනෙ ඉදන් ඕන එපාකම් හැම එකටම වගෙ මුල්කාලෙ ඉදන්ම ලඟින් හිටියෙ තෙධර්ණ.. ඒත් තෙධර්ණ ගැන මෙත්දර දන්න දෙයක්වත් මෙත්දර ගැන තෙධර්ණ මහලොකුවට දන්න දෙයක්වත් ඇත්තෙ නෑ..

ගමක හැදුන වැඩුන නිසා ඒ කෑම වල පිහිටෙන් මෙත්දරට තිබ්බෙත් හොද උසමහත ඇඟක්.. මහලොකු මහතක්වත් මහලොකු උසක්වත් ඒ ඇගෙන් පෙනුනෙ නෑ.. කොල්ලා මුල් ටිකේ කොළඹට බය නිසාම කැම්පස් එක පුරා ප්‍රසිද්ධ උනෙ අහිංසක චරිතයක් විදිහට.. කාටත් කරදරයක් නැති කාගෙන්වත් කරදරයක් නැති නිසා කොල්ලා ඒ චරිතෙ අවුරුදු තුනක් තිස්සෙ දැන් කන්ටිනිව් කරගෙන යනවා..

මෙත්දරවත් තෙධර්ණවත් කවදාවත් කැම්පස් එක ඇතුලෙ කැපිලා පේන චරිත උනේ නෑ.. දෙන්නට ඕන උනේ කැම්පස් ලයිෆ් එක ඉවරවෙනකන් ප්‍රශ්න දාගන්නෙ නැතුව ආව වැඩේ ඉවරකරගෙන යන්න..

හෙට ඉදන් නිවාඩු උනත් කරන්න දෙයක්වත් යන්න තැනක්වත් තෙධර්ණගෙ හිතෙ තිබ්බෙ නෑ.. මෙත්දර මීට සතියකට විතර කලින් " අපෙ ගෙදර යන් බං " කිව්ව යෝජනාවට කැමති වෙලා අන්තිමට තෙධර්ණ මේ නිවාඩුව මෙත්දරලගෙ ගමෙ ගෙවලා දාන්න තීරණය කරා..

නිවාඩුවකට කියලා බලන්න යන්න කෙනෙක්වත්.. ගෙදර යනවා කියලා යන්න ගෙදරක්වත් තෙධර්ණට තිබුනෙනෑ.. සුනාමිය ඒ හැමදේම අරන් ගිහින් තෙධර්ණව විතරක් ඉතුරු කරද්දි තෙධර්ණගෙ පොඩිකාලය ගෙවුනෙ ලමා නිවාස වල.. ඊලඟට හරි වයසෙදි තනියම ජීවත් වෙන්න ගත්ත තෙධර්ණ කාලෙන් කාලෙට තමන්ට නිදහසෙ ජිවත්වෙන්න පුලුවන් කියලා හිතන තාවකාලික කූලී කාම්මර වල ජිවිතේ ගෙවලා දැම්මා...

" මං මේ උබව හොයලා හොයලා කැන්ටින් එකට යන්න බැලුවේ.. "

" බඩගිණි බං.. කන්න ගියා.. "

" මේ වෙලාවෙ කෑම තිබ්බද උබට.. "

" ම්ම් "

හවස හතරටත් කිට්ටු කරලා ගත්ත අන්තිම ඉඳිආප්ප මුලෙ නරක් උන සම්බෝල ටික විසික් කරලා ඉඳිආප්ප ටික විතරක් ගිලලා දාපු තෙධර්ණගෙ ඒ ගැන විස්තරයක් මෙත්දර එක්ක බෙදාගන්න ලෑස්ති උනෙ නෑ..

එතනින් එහා කෑවෙ මොනවද බිව්වෙ මොනවද වැඩි විස්තරයක් තමන්ට අදාල නෑ කියලා දන්න මෙත්දර තෙධර්ණගෙ පැත්තට ට්‍රේන් ටිකට් එකක් දික් කරා..

" ස්ටේෂන් එකට වරෙන්.. මං මෙහෙම්මම ගිහින් ඇදුම් බෑග් එක අරගෙන එන්නම්.. උබත් බෑග් උස්සන් ආවෙ නෑනේ "

" නෑ උබ පලයන් මං ස්ටේෂන් එකට එන්නම්.. "

මෙත්දරගෙ අතින් ටිකට් එක ගත්ත තෙධර්ණ හැරුනෙ කැම්පස් එකෙන් එලියට යන්න. එලියට ආව තෙධර්ණ ටික දුරක් ඇවිදන් ඇවිත් ලක්ස්හල කිට්ටුව තියන බස්හෝල්ඩ් එකට ආවා..

හෝල්ඩ් එකෙ නතර කරලා තිබ්බ බස් එකට නැඟගත්ත තෙධර්ණ බෑග් එක ගලවලා රැක් එකට දාගත්තෙ තව ටික වෙලාවකින් මේකෙ හුස්මක් ගන්න බැරි තරමට සෙනඟ පිරෙනවා කියලා දන්න නිසා..

.

.

බස් එකෙන් බැහැගත්ත තෙධර්ණ අඩිය ඉක්මන් කරලා ආවේ නතරවෙලා ඉන්න කාම්මරයට.. දොර ඇරගෙන ඇතුලට ගිය තෙධර්ණ පිළිවෙලකට අස් කරලා තියන ඇඳ උඩ තිබ්බ ඇඳුම් බෑග් එක කරට දාන් එලියට ඇවිත් රූම් එක වහලා ගේට් එකෙන් එලියට ආවා..

" ආන්ටි.. මම සති දෙක තුනකට රූම් එකේ නෑ.. "

" එතකොට ඒ මාසේ කුලිය ලමයෝ.. "

" ඇවිත් දෙන්නම්.. මාසෙ අන්තිමනෙ දෙන්න ඕන.. මං අන්තිම එනවා.. "

ගෙවල් අයිතිකාර ගෑණු කෙනාටත් කතා කරලා තෙධර්ණ පාරට ආවා.. කොටුව ස්ටේෂන් එකට යන්න කොළඹ බස් එකකට නැග්ග තෙධර්ණ කරෙ තිබ්බ බෑග් දෙකම රැක් එකට දැම්නෙ බස් එකෙ ඉඳගන්න ඉඩක් නොතිබුන නිසා.

විනාඩි පහලවකින් විතර කොටුවෙන් බැස්ස තෙධර්ණ බෝගහ ලඟින් පාරත් පැනලා ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ආවා.. ඇවිත් ටිකට් එකත් පෙන්නලා තෙධර්ණ ඇවිදන් ගියෙ පලවෙනි වේදිකාව පැත්තට.

තාමත් මෙත්දර ඇවිත් නෑ කියලා දැක්ක තෙධර්ණ බෑග් දෙක ගලවලා තියලා කවුරුත් නැති හිස් බෙන්ච් එකකින් වාඩිඋනා.. වාඩිවෙලා තෙධර්ණ ටික වෙලාවක් බලාගෙන හිටියෙ කලබලෙන් එහෙ මෙහෙ යන මිනිස්සු දිහා..

සමහරෙක් ගමේ යන්න.. සමහරෙක් වැඩ ඉවරවෙලා ගෙදර යන්න.. ඔය අතර කොලඹ බලන්න ඇවිත් ගෙදර යන අය.. බඩු ගන්න ඇවිත් ගෙදර යන අය තමන්ගෙ ට්‍රේන් එක එනකන් ඉඩ තියන තැනකින් වාඩිවෙලා බලාගෙන ඉන්නවා..

" දැන් පැමිණි දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට පමණයි. "

එනවුස්මන්ට් එකට කලින් තෙධර්ණ ඉන්න වේදිකාවට ඇවිත් නතර කරපු කෝච්චිය නිසා තෙධර්ණ අතරමං වෙලා හිටිය ලෝකෙන් පියවි සිහියට ආවා. ඒ එක්කම වගෙ මෙත්දරගෙන් කෝල් එකක්.

" හෙලො කියපන්. "

" උබ ඇවිත්ද ඉන්නෙ "

" ඔව්.. "

" ආ හරි හරි මං උබව දැක්කා.. "

වටපිට බලපු තෙධර්ණ දැක්කෙ අතවනාගෙන එයාගෙ පැත්තට එන මෙත්දරව...

මෙත්දරගෙ කරෙත් බෑග් දෙකක්... අතෙ තව මොනවා හරි සිලි උරයක්.

" උබේ බෑග් එකෙ ඉඩ තියේනම් මේක දාගනින්කො.. තාත්තට මගෙ එකෙ බඩු බං.. පොඩි වෙයිද දන්නැ.. "

" දීපන්.. "

මෙත්දරගෙ අතෙ තිබ්බ සිලි උරෙන් ගත්ත මිදි පෙට්ටිය තෙධර්ණගෙ පැත්තට දික් කරද්දි තෙධර්ණ ඒක බොහොම පරිස්සමට අරගෙන බෑග් එකට දාගත්තා..

" උබලගෙ එහෙන් බැහැලා මොනවත් ගන්න බැරි වෙයි නේ.. ඉදපන් මං මෙහෙන්ම අරන් එන්නම්.. "

කඩිගමුවෙන් බැහැලා මෙත්දරගෙ ගෙදරට මොනවා හරි ගන්නවා කියලා හිතාගෙන හිටියත් තෙධර්ණට මතක් උනෙ එයාලා ගමට යන්නෙ ගොඩක් රෑවෙලා කියලා..

" ආය මොනවත් ඕන නෑ බං.. අපෙ ගෙදර තාත්තා විතරයි ඉන්නෙ.. එයා කොළඹ දේවල් වලට ආස නෑ.. මේකවත් කයි කියලා ෂුවර් නෑ.. යමන් ට්‍රේන් එකට මේක තමයි දැන් එන්ජින් මාරු කරලා යන්නෙ "

මෙත්දර එපා කිව්වත් තෙධර්ණගෙ හිත කිව්වෙම මනුස්සයෙක්ගෙ ගෙදරට ඉස් ඉස්සෙල්ලම යනකොට හිස් අතින් යන එක හරි නෑ කියලා.. ඒත් මෙත්දර මේ වෙනකොටත් ට්‍රේන් එකට නැගලා.. තෙධර්ණත් බෑග් දෙකත් අරගෙන ගිහින් ට්‍රේන් එකෙ මෙත්දර වාඩිවෙලා හිටිය ෂීට් එක ඉස්සරහා තිබ්බ ෂීට් එකෙ වාඩි උනා..

.

.

ටික වෙලාවකින් මෙත්දර කිව්වා වගේ එයාලා නැගලා හිටිය ටේන් එක නුවරට යනවා කියලා එනවුස්මන්ට් එක ලැබුනා.. ඒ වෙද්දිත් හුස්ම ගන්න බැරි තරම් සෙනඟ ගොඩක් ට්‍රේන් එකේ..

ට්‍රේන් එක පිටත් උනා.. තෙධර්ණ හිටියේ ජනේලෙ අයිනේ.. දැන් ඉර බැහැගෙන යන්න ලගයි.. තෙධර්ණ ෆෝන් එක අරගෙන හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන සිංදුවක් දාන් ජනේලෙට ඔලුව ටිකක් හේත්‍තු කරලා ඇස් දෙක පියාගත්තා.

කොටුවෙන් පිටත් වෙලා ටික වෙලාවකින් එක දෙක ස්ටේෂන් පහුවෙද්දි තිබ්බ තදබද ගතිය ටිකක් අඩුවෙලා ගියා.. කලින් තිබ්බ සද්ද, පොරකන මිනිස්සු ඒ හැමදේම ටිකෙන් ටික අඩුවෙලා ගියා.. ජනේලෙන් එලිය බැලුවම පේන්න තියෙන්නෙ නගරේ ඉවර වෙලා ගම පටන් ගන්න ලකුණු. පුංචි ගෙවල්, කැලේ වැවිච්ච හිස් බිම්, කෙලවරක් නැති ගස්.. හෙමින් හෙමින් වෙනස් වෙන ලෝකයක්...

තෙධර්ණ හිටියේ ජනේල පැත්තේ. ඇස් දෙක වහගෙන කනට හෑන්ඩ් ෆ්‍රී දෙක ගහගෙන... ගමනෙ වට පිටාවටම ගැලපෙන ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙද්දි තෙධර්ණ හිටියෙ මනෝලෝකෙක..

අනිත් පැත්තේ මෙත්දර. කොල්ලනම් නම් වෙනමම සතුටක.. කාලෙටක පස්සෙ ආය ගමට යනවා.. තාත්තව දකින්න ලැබෙනවා.. මහන්සියෙන් දිව්ව ජිවිතේට පොඩි විවේකයක්..

තෙධර්ණගෙ සිංදුව මාරු උනා.. තෙධර්ණ කියන්නෙ පරණ දේවල් වලට ගොඩක් ආදරේ කරන පරණ තාලේ මනුස්සයෙක් විදිහට හැදුන කෙනෙක්.. කොල්ලගෙ ප්ලේ ලිස්ට් එකම ඇති ඒකට සාක්කියට.. එක අලුත් සිංදුවක්වත් ඒ ප්ලේ ලිස්ට් එකෙ ඇත්තෙ නෑ..

" උබට අවුල නෑනේ.. මං කිව්වනෙ කොළඹ වගෙ නෑ බං.. පහසුකම් එකෙම ටිකක් අඩුයි.. "

මෙත්දර කතා කරද්දි තෙධර්ණ හෑන්ඩ්ෆ්‍රි දෙක ගැලෙව්වා..

" කොළඹ කියලත් පහසුකම් තියන ජිවිතයක්ද බං ගෙවන්නෙ.. නිදහසෙ හුස්ම ගන්න තිබ්බනම් ඇති.. "

" ඒවනම් අවුලක් නෑ.. කරදර කරන්න කියලා අපෙ ගෙදර පොඩි එවුන් නෑ... තාත්තා විතරයි.. වටෙපිටෙ කියලත් කරදරයක් නෑ අපෙ ගෙවල් වල ඉඳන් තව ගෙදරකට හෙන දුරයි.. "

" ම්ම්.. "

" තාත්තා ස්ටේෂන් එකට එන්නම් කිව්වා.. කොහොමත් බස් නෑ අපි බහින වෙලාවට.. "

" දුර යන්න ඕනද.. "

" ටිකක් යන්න ඕන.. බයික් එකෙනෙ එන්නෙ අවුලක් වෙන්නෑ.. "

" බයික් එකෙ තුනක් අවුලක් නැද්ද "

" එහෙම නෑ බං.. රෑජාමෙ ඕවා බලන්න පොලිස්සිය නෑ අපෙ ගම් වල.. බසුත් නැති එකෙ වෙන කරන්න දෙයකුත් නෑනේ.. "

" ම්ම්.. "

" හෙට එමු ටවුමට.. උබට ඕන කරන ඒවා බලලා ගන්න.. පස්සෙ බැරියැ ගමවටෙ ඇවිදින්න.. මම නැතත් උබට තාත්තා එක්ක යන්න පුලුවන්.. "

" ඇයි උබ ගෙදර නැද්ද "

" යන්න ඕන බං ලොකු තාත්තලෙ දිහා.. මං කිව්වෙ වලව්ව.. එහෙ.. උබව මං හෙමීට එක්කන් යන්නම්.. මම ගියත් කරන්නෙ බැනුම් අහන එක.. "

" ම්ම්ම්.. "

ගමන පුරාවටම තෙධර්ණයි මෙත්දරයි කරෙ නිවාඩුවට ඉන්නකන් කරන දේවල් ගැන ගම ගැන ගමෙ මිනිස්සු ගැන.. අන්තිමට බහින ස්ටේෂන් එක කිට්ටුවෙද්දි දෙන්නම බෑගුත් දාගෙන බහින්න ලෑස්ති උනා..

රෑ දහයත් පහු කරලා ට්‍රේන් එකෙන් බැස්ස දෙන්නා ස්ටේෂන් එකෙන් එලියට ආවා..

" තාත්තා ඇවිත් බං.. "

මෙත්දර අතදික් කරලා පෙන්නදි තෙධර්ණ බැලුවෙ ඒ පැත්ත.. තෙධර්ණගෙ ඇස් වයස හැටකට විතර කිට්ටු වෙච්ච කොණ්ඩෙ ඉදුන වයසයි කියන්න පුලුවන් මනුස්සයෙක්ගෙ රූපයක් බලාපොරොත්තු උනත් තෙධර්ණ ට දැකගන්න ලැබුනෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්...

මහලොකු වයසක් කියන්න බැරි කෙට්ටුයි කියන පැත්තට ටිකක් විතර බර ඒත් වැඩුන ඇඟක් තියන මනුස්සයෙක් බයික් එකක් ලඟ හිටන් ඉදලා හිනාවෙගන එයාලගෙ පැත්තට එද්දි තෙධර්ණ කල්පනා කරෙ මේ තාත්තයි පුතයිද අයියයි මල්ලිද කියලා..

" රෑ උනානේද පුතේ.. මේ එනවා කිව්ව ලමයා වෙන්න ඇති.. "

" ඔව් අප්පච්චි.. ඇවිල්ලා ගොඩ වෙලාද.. පොදේකුත් යනවා නේ.. "

මෙත්දර තාත්තා එක්ක කතාවෙ අහස දිහා බලලා හීනියට ඇද හැලෙන වැහි පොදය පෙන්නද්දි තෙධර්ණගෙ ඇස් නතරවෙලා තිබ්බෙ මෙත්දරගෙ තාත්තා ලඟ..

" වැස්සට කලින් යාගමු.. "

" තෙදා.. උබේ බෑග් එකත් මට දීපන්කෝ.. ත්‍රිබල් දාලා යන්නවෙන්නෙ.. උබ මැද්දෙන් නැගපන් අපෙ පාරවල් උබට හුරුනෑනේ.. නැත්තම් උඩයන යෑමට උබ ඉදී පදුරක් අස්සෙ.. "

මෙත්දර බයික් එක ලගට යන ගමන් තෙධර්ණගෙ බෑග් එක කරට දාන් තාත්ත නැග්ගට පස්සෙ තෙධර්ණට බයික් එකට ගනින්න කිව්වා..

තෙධර්ණත් නැග්ගට පස්සෙ මෙත්දරත් නැඟලා බෑග් ටික වැටෙන්නෙ නැති විදිහට හදාගත්තා..

" හයියෙන් අල්ලගනින් තෙදා.. පාරවල් වල වලවල් බං. . "

" ම්ම් "

අල්ලගන්න තැනක් හෙව්වත් හම්බවුනෙ නැති තෙධර්ණ මෙත්දරගෙ තාත්තගෙ උරහිසට අත තියලා අල්ලගත්තා. තුන්දෙනාම හෙල්මට් දාන් ඉන්න නිසා හීනි පොදයෙන් ඔලුව බේරුනත් ඇඟනම් මේ වෙද්දි ටික ටික තෙමෙන්න අරගෙනයි තිබුනෙ..

.

.

.

                                                              මතුසම්බන්ධයි.

Let SahasRu 💫 know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The Orc's Pet

JyotiRekha: Great plot Describe the life of orcos moe

Read Now
Rebuilding After Betrayal

Caspian Gray: Hello everyone!I'm Caspian Gray, a writer who focuses on deep, character-driven emotional dramas. I'm currently looking for trial readers for my new short drama, "Love of the Introvert."It's a story of...

Read Now
Bloodlines

lblomme: I always love a story where good overcomes evil. The sad start, the growth, and ultimate strength of the main character was well done. The story never lagged and ultimately delivered a happy ending even for characters who were less than stellar. Well done!

Read Now
Silver's Second Chance

Ashley: I enjoyed the story. It was a short one so the fast pace fit. I think something should be put in to show a time jump between paragraphs like a "****" just to make it easier to follow when we skip to the next day week or month. Over all a good read.

Read Now
Shattered Steel

Jkind12: Good read. Short and sweet!

Read Now
The Luna He Threw Away

Asm272: This has been a delight to read. Such a well crafted story. Not a single word wasted, while it might be shorter than some, it does not lack emotion, excitement, romance, or humor. I am looking forward to reading the others in this series.

Read Now
The Contract Wife

barb7604: Very good story, but glad you are writing a longer version. The end came way to quick without any of the previous drama

Read Now
[Moving to Galatea 11/5] What We Never Healed

Eileen Hulme: I liked the wringThe story is breathtaking.I’m only half way through but it’s a very good write

Read Now
The Mate he couldn't have

Pandas : I like the plot writing twist and most importantly lysa/lyra's character what i didn't loke was tbat they were notp telling amara what was actually wrong with riven

Read Now