Create New List
Share with your friends
Customize readability

The Last Chance || සිංහල One-shot || Completed

All Rights Reserved ©

Summary

අවසාන අවස්ථාවක් කියලා හිතන දවසක්… අලුත් ආරම්භයක් වෙන්නත් පුළුවන්...

Status
Complete
Chapters
2
Rating
n/a
Age Rating
16+

01.


                                                           2022

February 13 sunday, night 10:42 PM

රූම් එකේ ලයිට්ස් ඕෆ්.. වින්ඩො එකෙන් එන street ලයිට්ස් වල yellow glow එක විතරයි රූම් එකටම ඉතුරු වෙලා තිබුනෙ... දැන් පැය ගානක් තිස්සෙ මම කරපු එකම දේ ceiling එක දිහා බලාගෙන මනෝගහපු එක..

Phone එක මගෙ chest එක උඩ... මැසේජ් එකක් එන සවුන්ඩ් එකට ඔලුව උස්සලා ෆෝන් එක අරගෙන බැලුවෙ කවුද කියලා..

Hasa🖤

Hasa: "Final decision?"

හසාගේ මැසේජ් එක කියවපු මම විනාඩියක් විතර ඒක දිහා බලාගෙන හිටියෙ යවන රිප්ලයි එක ගැන හිත හිත.. ෆෝන් එක අතට ගත්ත මම typing... stop... typing... delete.

Me: " If I don't do it tomorrow, I never will."

මැසේජ් එක send වෙනවත් එක්කම මට තේරුනා ආයෙත් මගෙ හාට් එක පිස්සු කෙලින්න ගන්නවා කියලා..

📲📲📲 Hasa🖤

මැසේජ් එක යවලා විනාඩියක් ගියේ නෑ අනිත් පැත්තට හසාගෙන් කෝල් එකක්.. මම කෝල් එකත් ආන්සර් කරලා ෆෝන් එක කනේ තියාගත්තේ පපුව පුරවලා ගත්ත හුස්මකුත් පිටකරලා දාලා..

"උබට sure ද?"

හෙලෝ මුකුත් නෑ.. කෙලින්ම උගේ ප්‍රශ්නේ.. ඒත් ප්‍රශ්නෙට උත්තරේ?? ඇත්තටම මට කිසි ෂුවර් එකක් නෑ.. ඒකනේ මේ උදේ නැගිට්ට වෙලාවෙ ඉදලා රෑ වෙනකන්ම මෙච්චරම ඕක ගැන හිතන්නෙ..

"යෂේන්.. මේ උබට ලැබෙන ලාස්ට් චාන්ස් එක.. උබ reject උනොත්? උබලගෙ friendship එක? "

හසා ඇහුවත් මට දෙන්න උත්තර නෑ මම silent.. මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඕක තමයි මම රිජෙක්ට් උනොත් මට මේ තියන යාලුකමත් නැතිවෙලා යයිද..

හසා තාමත් එක එක ඒවා කියවනවා.. මම ඌ කියන ඒවත් අහගෙන බැලුවෙ මට ජනේලෙන් එලියෙ පේන කහපාට එලිය දිහා..

හෙට February 14... අවුරුදු පහක් හිත ඇතුලේ හංගන් හිටිය දෙයක් කියන්න යන දවස... ඒත්.. යාලුකමයි ආදරයයි මම පටලව ගත්තා වගේ දෙයක් වෙයිද..

" හසා... උබට මතකද අපිට එයාව මීට් උන පලවෙනි දවස ?"

"හ්ම්? "

" එදා තව ටිකෙන් මම මැරෙන්න යනවා... ඒත් ඒ පලවෙනි දවසෙම- "

" ඌ උබව බේරගත්තා.. හරියට උගේම කෙනෙක් ගානට දාලා "

මම හිනා වුණා මීට අවුරුදු පහකට කලින් එයාව දැක්ක මුල්ම දවස මතක් වෙලා.. හදිස්සියට පාර පනින්න ගිහින් තව ටිකෙන් මැරෙන්න ගිය මාව පිටිපස්සට ඇදලා ගත්තෙ එයා.. ඒකත් පුදුම තරහකින්.. මට අදටත් මතකයි ඒ අහපු බැනුම් ගොඩ.. ඒ ඇස් වල තිබ්බ තරහව.. ඒ වචන වල තිබ්බ සැර..

" මතකද එදා එයා මට බැනපු විදිහ.. ඒත් මට මතකයි ඒ හැමදේටම කලින් එයා කියපු දේ.. 'Don't panic. I got you.'.. එදා ඉඳලා මම පාර පනින්න හිටගෙන ඉන්න හැම වෙලාවකම... මට මුලින්ම මතක් වෙන්නෙ ඒ line එක... "

" ම්ම්.. උබ serious love එකක ඉන්නවා බං..."

"මම ඉන්නෙ hopeless love එකක හසා..."

"හරි හරි.. උබ මුහුද ගත් ගව්වක් තියන් අමුඩ නොගහා ප්ලෑන් එකට බැහැපන්කෝ..."

" උබට මතකද බීච් සයිඩ් එකේ තියන හොටෙල් එක ?"

" Azure Sands ?"

" අන්න හරි... ඒක මං දන්න එකෙක්ගෙ.. මං ඌට කතා කරා.. ඒකේ එක සයිඩ් එකක් බුක් කරගන්න පුලුවන් උනා.. එතන evening 5:30 light එක perfect. Golden hour."

"Too cheesy නැද්ද?"

"Valentine's Day එකට cheesy allowed බං."

ඕඩියෝ කෝල් එකෙන් video කෝල් එකට මාරු උන අපි වැඩේ වෙන විදිහ ඔක්කොම ප්ලෑන් කරන්න ගත්තා..

හොටෙල් එකටත් කතා කරාම අපිට ඕන විදිහට ඩෙකො කරලා දෙනවා කිව්ව නිසා අපි දෙන්නා ඒ ඔක්කොම ප්ලෑන් කරලා හොටෙල් එකටත් ඩෙකො ගැන කියලා එතන වැඩේ ඉවර කරා..

" ඕකේ රොමෑන්ටික් එක වැඩි කරන්න Song එකක් ඕනනෙ බං?"

හසා කියද්දි මටත් ඕක මතක් උනේ.. ඇත්තටම මොකක් කියලා දාන්නද..

" perfect දාමුද? "

" ඒකත් හොදයි.. ඌ ආස song එකක් තියනවද කියලත් මතක් කරපන්කෝ.. ඒකනම් හවස් වෙද්දි සෙට් කරගත්තත් ඇතිනේ.. "

" හ්ම්ම්.. Red rose එක classic නේ... රෙඩ් රෝස් එකක් දෙමුද කියලා බැලුවේ.. "

ඒ ගැන වැඩි අයිඩියා එකක් නැති නිසා මම හසාගෙන් ඇහුවෙ අදහසක් ගන්න.. එයා කොහොමත් මල් වලට ආස කෙනෙකුත් නෙවෙයි..

"එකක් විතරද?"

" ඔව්... ආයූර් මල් වලට ආස නෑනේ බං.. ඒ නිසා එකක් ෂේප් වෙයි.. "

මම හසාට කිව්වෙ ලාහිනාවක් එක්ක.. මට නිකන් මැවි මැවි පේනවා වගේ ඒ රෝස් එක මම එයාගේ අතට දෙනවා..

" හසා ..."

"හ්ම්.. "

"මම හිතනවා එයාට මේ ගැන idea එකක්වත් නෑ කියලා.. "

" නෑ බං... ඌට උබ ලව් කියලා දශමෙකවත් දැනිලා නැතුව ඇති.. සුබ නැකතින් අද කියපන්.. "

මම ටික වෙලාවක් සද්ද නැතුව හිටියා.. ඇත්තටම අද මොකක් වෙයිද.. අදින් මේ හැමදේම ඉවර වෙයිද නැත්තම් ලස්සන පිටුවකින් ලස්සන කතාවක් මටත් පටන් ගන්න පුළුවන් වෙයිද..

" හසා... seriously හිතලා බලනකොට... මම එයාට ආදරේ වෙන හේතුවක් මට හිතාගන්න බෑ බං.. එකක්නම් කොහොමටත් හිතාගන්න බෑ..."

" එහෙනම් උබට හේතු List එකක් තියනවද.. "

" ම්ම්.. ඇත්තටම list එකක් තියෙනවා..."

මම ආය හොද හුස්මක් ගත්තා.. මේ අවුරුදු පහටම උන දේවල් මගෙ ඔළුව ඇතුලෙ ඇඳි ඇඳි මැකිලා යනවා වගේ.. මේ අවුරුදු පහට මට කොච්චර නම් හේතු හැදෙන්න ඇද්ද එයාට ආදරේ කරන්න..

"එයාට ස්ට්‍රෙස් දවසක් උනත් එයාගේ first call එක එන්නෙ මට..."

"හ්ම්..."

" මතකද ටූනමන්ට් එකක් ෆුල්ම් ලොස්ට් උන කාලේ? "

" ම්ම්.. හැමෝගෙන්ම ඈත්වෙලා ඌ තනියම හිටිය කාලේ.. උබ එක්ක විතරනෙ කතා කරේ.. "

" ඔව්.. මම මොනවද නොකිව්වෙ ආය පරණ තත්වෙට එයාව ගන්න.. ඇත්තටම මම බය උනා හැමෝගෙන්ම එහෙම ඈත් වෙලා යනකොට... ඒත් මම ලගට ගිහින් ඒ ඔලුව අතගාලා කතා කරපු වෙලාවේ 'මට මහන්සී' කියලා මගෙ උරහිස උඩින් එයාගේ ඔලුව තියාගත්තා.. එදා මට හිතුනා කවදාවත් කාටවත් වචනෙකින්වත් මහන්සිය පෙන්නන්නෙ නැති මනුස්සයා මට ඒ වගේ දෙයක් කිව්වම එයාට මාව ඇත්තටම විශේෂද කියලා..."

මම ඔහේ කියවන් ගියා මගේ හිතට එන හැමදේම කියවන් ගියා.. හසා කරේ සද්ද නැතුව අහගෙන හිටිය එක.. මම දන්නවා මම ගොඩක් කලබල වෙලා ඉන්නේ.. අවුරුදු ගානක බලාපොරොත්තුවක් වචන දෙක තුනකින් කියලා ඉවර කරන්න යනවා.. මන්දා.. මොනවා වෙලා නතර වෙයිද..

" මට තේරෙනවා උබ බයයි රිජෙක්ට් වෙයි කියලා.. හිතන්න එපා.. ප්ලෑන් කරගත්ත විදිහට ඕක කියලා බලපන්කෝ.. තව කියලා කොච්චරක් උබ බලාගෙන ඉන්නද.. "

" ම්ම්ම් බයනම් තමයි.. ඒ මං එයාගෙ life එකේ 'friend' category එකේ permanent lock වෙලා ඉන්න නිසා... හෙට බලමුකෝ.. මම උදේට කතා කරලා එයාට කියනම්.. උබත් නිදාගනින්.. මං එහෙනම් තියන්නම්.. "

" ම්ම්.. උබත් නිදාගනින්.. ඕක හිත හිත ඇහැරගෙන ඉන්න එපා.. "

" හරි.. "

හසාගේ කෝල් එක කට් කරලා ආය මම කරේ ඔහේ උඩ බලාගෙන ඉන්න ගත්ත එක.. හෙට තීරණාත්මක දවසක්.. මම දන්නවා මගෙ ආදරෙ අවංකයි.. එතන වරදින්න විදිහක් නෑ.. ඒත් එයාට මං ගැන කැමැත්තක් නැති උනොත්.. අපි තාමටත් උන්නෙ යාලුවෝ වගේ.. ඒ යාලුකමෙන් එහා දෙයක් මට වගේ එයලා දැනිලා නැත්තම් මොනවා වෙයිද.. හෙට හොඳම දේ වෙයි යෂේන්.. උබ උබේ ආදරේ විශ්වාස කරපන්..

.

.

                              14 වෙනිදා උදෑසන

Alarm 6:00 AM.

නින්ද ගියෙත් මහ පාන්දර උනත් වැදුන එලාම් එකට මම දඩිබිඩිගාලා නැගිටගත්තා..වැඩේ තියෙන්නෙ හවස උනත් මට නින්ද යන්නෙ නෑ කියලා මම දන්නවා..නැගිටලා වොෂ් එකකුත් දාගෙන මම ආවේ අදින්න ඇදුමක් සිලෙක්ට් කරගන්න..

Mirror එක ඉස්සරහ ඉඳලා shirt 3ක් change කරා...

"Too much?"

"Too plain?"

අන්තිමේ white shirt එකකුයි light blue jeans එකකුයි සිලෙක්ට් කරලා පැත්තකින් තිබ්බා.. එයා කොහොමත් සුදුපාටට කැමති.. මම සුදුපාට ඇන්දම ලස්සනයි කියලා එයා නිතරම වගෙ කියනවා..

ඇදුමත් දාගෙන මම ලෑස්තිවෙලා පහලට ආවේ කැම්පස් යන්න.. යන්න කලින් ගන්න දේවල් ටිකකුත් තියන නිසා වේලහින්ම මම පාරට බැස්සා..

Campus එකට යන පාරේ main road එකේ එක සයිඩ් එකක flower stall එක.. පාරෙන් මේ පැත්තෙ හිටිය මම සුදු ඉරක් ලඟ නතර උනා පාර පනින්න.. තව දෙතුන් දෙනෙක් ඉන්නවා මා එක්ක පාර පනින්න.. වාහන අඩුද කියලා දෙපැත්ත බල බල හිටිය මට මතක් උනේ මීට අවුරුදු පහකට කලින් උන සිද්ධිය.. ලා හිනාවක් මගේ මූණේ ඇදීගෙන එද්දිම මම තොල් දෙක හිරකරගෙන ඒක නතර කරගත්තා.. ඒ එක්කම වගේ අනිත් අය පාර පනින්න යද්දි මට දැනුනෙ හරියට එයා ඇවිත් මාව අතින් අල්ලන් පාර පන්නනවා වගේ.. ඒත් පාරෙන් එහා පැත්තට යද්දි එහෙම කවුරුත් මං ලග හිටියෙ නෑ.. ඔලුවත් ලාවට ගසලා මම ගියේ flower stall එක ලඟට..

"Single red rose එකක් දෙන්න."

වටේම තිබ්බ මල් දිහා බලලා රෝසස් ගොඩේ තිබ්බ රෙඩ් රෝසස් ටිකට මගෙ ඇහැ ගියා.. ඊට එහා ලිලීස් වගයක්.. රෙඩ් රෝස් නැතුව ඒක ගමු කියලා හිත කිව්වත්, කමක්නෑ අද ප්‍රොපෝස් කරන්නනෙ කියලා රෙඩ් රෝස් එකම ගන්න හිතුවා..

මම රෝස් එක ඉල්ලුවම අංකල් මගෙ මූණ දිහා බලලා ටිකක් හිනාඋනා..

"Girlfriendටද?"

මාත් ලාවට හිනා උනෙ වොලට් එක අරගෙන සල්ලි ගන්න ගමන්..

"...Hope so."

අංකල් wink කරලා rose එක wrap කරලා දුන්නා... මම පොඩි නොවෙන්න ඒක බෑග් එකට දාගත්තෙ හරි පරිස්සමට.. ඕක කොහොමත් පේන්න ගෙනියන්න බෑ හවස් වෙද්දි මලක්වත් හොයාගන්න තියෙයිද දන්නෙත් නෑනේ..

.

.

Campus එක අද වෙනදාට වඩා colorful... කපල්ස් කපල්ස් හැම තැනම.. වැඩියෙන්ම ඇදන් ඉන්න ඩ්‍රෙස් කෝඩ් එකත් රෙඩ්.. මම කැම්පස් එක ඇතුලට ගිහින් කැෆටේරියා එක පැත්තට ආවා.. ඒ එද්දි දැක්කෙ එයාගේ බයික් එකත් නතරකරලා තියනවා.. ඒ කියන්නෙ අද උදේන්ම එයත් ඇවිත්.. කාව බලන්නද දන්නෑ අද උදේන්ම ආවේ..

මම කැෆටේරියා එකට ඇවිත් වටේම එයාව හෙව්වත් හොයාගන්න පුළුවන් උනේ නෑ.. බැරිම තැන ෆෝන් එක අරගෙන කැෆටේරියා එකට එන්න කියලා මැසේජ් එකක් දාලා මාත් උදේට කන්න දෙයක් අරගෙන වාඩිඋනා.. මැසේජ් එක දාලා විනාඩි පහලවකට වගෙ පස්සෙයි ආයූර් මං ඉන්න තැනට ආවේ.. ඒකත් කොහෙන් ආවද කියලා හිතා ගන්නත් බැරි විදිහට එකපාරටම මගේ ඉස්සරහා තිබ්බ පුටුව හරියෙන් මතුඋනා...

එයා අද බ්ලැක් ටීෂර්ට් එකක්.. එයා කොහොමත් වැඩියෙන් අඳින්නෙ බ්ලැක්...

"Evening එකේ free ද?"

වාඩිවෙලා මගෙ තේ එකෙන් උගුරක් බිව්ව ආයූර් දිහා බලාගෙන මම ඇහුවා..

"Why?"

මම කියද්දි ආයූර් කෙලින්ම මගෙ දිහා බැලුවෙ එයාගේ සීතල බැල්මෙන්..

" Azure Sands එකට එන්න පුළුවන්ද ඇහුවා හසා?"

"Date එකක්ද?"

ඒකනම් ඇහුවේ කට කොනෙ හිනාවකුත් එක්ක.. එයා tease කරනවා.

" හසාට ටිකට් හතරක් හම්බුනාලු ෆ්‍රී.. දෙන්න එකෙක් නෑ කියලා එනවද ඇහුවා.. ඔයාගෙනුත් අහන්න කිව්වේ.. 5:30 එන්න කිව්වා.. "

හසා එක්ක කතා කරගත්ත බොරුවම කියලා මම බලාගෙන හිටියේ ආයූර්ගෙ උත්තරේ මට ලැබෙනකන්..

"ම්ම් 5:30? "

එයා ටිකක් කල්පනා කරා.. මොනවද දන්නෑ ඔච්චරට ඕකේ හිතන්න තියෙන්නේ.. හවස කියලා වෙන මොනවත් නෑනේ මම දැනුවත්ව..

"Yeah."

" oky.. ඕක කියන්නද එන්න කිව්වේ.. මං යනවා.. පොඩි වැඩක හිටියේ.. "

" හරී.. "

මට උත්තර දෙන ගමන්ම ආයූර් නැඟිටලා යන්න යද්දි මාත් කෑම එක ඉවර කරලා ලෙක් හෝල් එක පැත්තට ඇවිදගෙන ගියා.. හසා ඇවිත් හිටියොත් හොදයි.. ඌ එක්ක තව දේවල් කතා කරගන්න පුළුවන්නෙ..

.

.

4:45 PM

ලෙක් ඉවර වෙලා මමයි හසයි ආයූර්ට කෝල් එකක් දුන්නෙ අපි දෙන්නා ටිකක් කලින් යනවා ඔයා ලෙක් ඉවරවෙලා එන්න කියලා පණිවිඩය දෙන ගමන්.. එකටම ගියොත් එතන මොනවද අඩුපාඩු කියලා බලන්න වෙන්නෙ නෑ මට..

හසාවත් කතාකරගෙන දෙන්නා එක්ක පික්මී එකක් දාගත්තේ හොටේල් එක ලඟට.. ඒ අතර මම පරිස්සමට බෑග් එක ඇරලා බැලුවෙ රෝස් එකෙ තත්වෙ කොහොමද කියලා. ම්ම්.. පොඩි වෙලානම් නෑ..

" කොහොමද උබ හිතුවා වගේම තියනවද.. "

" හිතුවටත් වඩා... "

අපි හොටේල් එක ලගින් බැහැලා ඇතුලට ආවේ අපි බුක් කරපු ඒරියා එකට.. මුලින්ම දැක්කම මට අදහා ගන්නත් බැරි උනේ මේ මම දුන්න අයිඩියා එකමද කියලා..හරි සිම්පල්.. ඒත් එයා ආසම විදිහට තියනවා.. ඈතින් පේන්නෙ බීච් එක.. මේ ඉර බැහැගෙන යන ටයිම් එක.. දැම්ම ලයිට්ස් මුකුත් නෑ.. ඒත් ඩෙකො එක මම හිතුවටත් වඩා හොදටම තිබ්බා.. ඒ එක්කම මම ඕඩ කරපු චීස් කේක් එක.. වෙන මිනිස්සු රෙඩ් වෙල්වට් වගෙ දුන්නත් මම සිලෙක්ට් කරේ එයා ආසම කේක් එක.. ඒකත් සිම්පල් ඩෙකො එකක් එක්ක.. ඒ එක්කම හසා අරගෙන ආවේ මම ඌට ගේන්න කියපු ගිෆ්ට් බොක්ස් එක.. ඒකත් ටේබල් එකේ සයිඩ් එකෙන් තියලා මම බැලුවෙ වෙලාව කීයද කියලා.. 5:30ට ලඟයි.. එයා එන ගමන් කියලා මැසේජ් එකකුත් දාලා තිබ්බ නිසා ආයෙත් බෑග් එක කරට දාගෙන මායි හසයි හිටියෙ අපි දැන් ආව විදිහට..

.

.

5:31 PM.

ඉර බැහැගෙන යන එලියෙන් මුලු බීච් එකම එලිය වෙලා... තද රතුයි තැඹිලි එකට මික්ස් වෙලා වගේ.. මම සන් සෙට් එක බලන් ඉන්න අතර හසාගේ ෆෝන් එක රිං වෙන්න ගත්තා..

" ආයුවා.. හෙලෝ කියපන්.. ආහා වරෙන්කෝ ඔහොම්මම ලෙෆ්ට් සයිඩ් එකට.. අන්න අරූ ඇවිත්.. වටපිටාවේ කට්ටිය ඉන්නවා කියලත් මතක තියාගනින්.. සතුට වැඩිවෙලා දහාට ධන ඒවා එහෙම පෙන්නන්න යනවා නෙවෙයි උබලා දෙන්නා.. ඌ ආවම මම ටිකක් එහාට වෙලා ඉන්නම්.. "

හසා එහෙම කියද්දි මම බලාගෙන හිටියෙ මේ පැත්තට එන්න තියන සයිඩ් එක.. ටික වෙලාවකින් ඒ හරියෙන් මතුඋනේ මම මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටිය රූපය.. කැම්පස් එකේම දැක්ක බ්ලැක් ටී එක.. වම් අතේ බ්ලැක් වොච් එක... කොණ්ඩේ කැෂුවල් ඒත් messy style එකක්... බීච් එකෙන් එන හුළඟට ඒ කොණ්ඩෙ තවත් අවුල් වෙනවා.. උරහිස් දෙකත් අකුලන්.. එක සයිඩ් එකකට එල්ල ගත්ත බෑග්එක එක අතකින් අල්ලගෙන අනිත් අතින් කොණ්ඩෙ හදන ගමන් ආයූර් අපි ඉන්න පැත්තට ඇවිදගෙන ආවා... බැහැගෙන යන ඉරේ රතු-තැඹිලි එලිය ඒ මූණට වැටිලා ඒ jawlines highlight කරනවා... ඒ sharp jawline එක තවත් වැඩි කරන්නෙ ඒ මූණේ තියන නපුරු පෙනුම... අපිව දැක්ක ආයූර් ලාවට හිනාඋනා.. එයාගේ වම් කම්මුලේ චූටී dimple එකක් ඇඳෙනවා.. ඒ ඇස් තද දුඹුරුයි... හීනි, ඇහිපිය ගොඩක් දිග නැති ඇස්.. ඒ බැල්ම තියුණුයි.. කෙලින්ම බලනවනම් කෙනෙක්ව මරණ ගානට ඒ බැල්ම තියුණුයි..

"Bro... මේ මොකක්ද?"

අපි ලඟට ඇවිත් හිටගත්ත ආයූර් කොණ්ඩෙ හද හද හිටිය අත අරගෙන සාක්කුවට දාගත්තේ වටේම බලන ගමන්... එයා වටපිටාවම scan කරනවා..

මම උගුරත් ටිකක් පාදලා කතාව පටන් ගන්න විදිහක් හෙව්වා.. ඒ මූණ දිහා බැලුවෙ මගේ ඔළුව උස්සලා.. එයා මට වඩා උසින් වැඩී.. ඒත් ඒ ඇස් දිහා බලාගෙනම ඕක කියන්න තරම් මට ගට් එකකුත් නෑ..

" ආයූර් ... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා."

මම කිව්වේ ඒ ඇස් මගහැරලා.. එයාම කියලා දුන්න දෙයක් තියනවා.. ' ඇස් දිහා බලන් කතා කරන්න බැරිනම් තොල් දිහා බලාගෙන කතා කරන්න.. දෙයක් කියන්න ගියාම ඇස් හතර වටේ අරන් යන්න එපා.. ' ඒ මතකෙ නිසාම මම කතා කරේ ඒ තොල් දිහා බලාගෙන..

මගේ කටහඬ ටිකක් විතර වෙව්ලනවා කියලා මටම තේරුනා දවස් ගානක් තිස්සෙ කොච්චර හිතලා මේ තීරණය ගත්තත් මගේ හිතේ තියන බය තාම ටිකක්වත් අඩුවෙලා නෑ..

ආයූර් මට ටිකක් ලංඋනා.. ඒ එක්කම මගේ නහයට දැනුනෙ එයාගේ සුවඳ.. ඒක perfume එකක් කියලා දන්නවා උනත් එයාව මුලින්ම දැක්ක දවසේ ඉදලා එයා ලඟින් ආව සුවඳ මේකයි.. ඒ නිසා perfume එකකට වඩා මට ඒක ආයූර්ගෙම සුවඳගානයි..

" මොකක්ද ? "

ආයූර් ඒක ඇහුවේ සීරියස් පිට.. ඒ බැල්මෙත් තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්.. ඒ ඇස් මගේ ඇස් අල්ලගෙන.. මම උත්තරේ දෙනකන් ඒ ඇස් මාව අතාරින්නෑ කියලා මම දන්නවා..

එයාට උත්තර දෙන්න කලින් මම කරේ තිබ්බ බෑග් එක ගලවලා අරන් හෙමිට zip එක අරින්න ගත්තා... මොනවා ප්ලෑන් කරත් මම එයාට ආදරෙයි කියන විදිහ ප්ලෑන් කරලා තිබ්බේ නෑ.. ට්‍රයි කරත් මට දෙයක් හිතාගන්න බැරි උනා ඒ වෙලාවට හිතෙන ඔක්කොම කියනවා කියලා හිතාගෙන හිටියත් අමුතු බයකින් හිත ගැහෙන එක හැර වෙන කිසිම දෙයක් දැන් නෑ.. අඩුම රෝස් එක දැක්කමවත් එයා මම කියන්න යන දේ පොඩ්ඩක් හරි තේරුම් ගනීවිනෙ..

මම bag එක ඇරලා රෝස් එක අතට ගන්න ගියා.. ඒත්..

" ආයූර්!"

.

.

.

                                                       ➡➡➡➡➡

Let SahasRu 💫 know what you thought about this chapter!
Love this

2

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

1

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The zatorian

ktkirata: The story is really interesting. How the character described in the story is like you can see them and picture how they move, talk and feel in the every plots. Well done writer and keep it up.

Read Now
The Orc's Pet

JyotiRekha: Great plot Describe the life of orcos moe

Read Now
The Alpha's Exiled Mate (ON HOLD)

Catherineb83: Story good just would have liked her not to wear a mask

Read Now
The Grumpy Next Door

ceruleandecay: Great book! couldn't peel my eyes of it... finished it in one go!! Amazing!!

Read Now
Between the Whistle and the Quiet (Book #1 in The Reapers & Roses Series)

Feliz: I am learning a lot about hockey because of the almost commentator-like transcript that is part of the storytelling style of the book. I like it. Coming from a country where there is no hockey culture, I am beginning to understand why it has so many fans.

Read Now
The Full Moon Breeding Club

Gallandro7: I originally added this because it looked interesting and I was curious how the mate process would go. I almost removed it due to several other books ahead of it, but I took an afternoon and read the entire thing in one go.I was pleasantly surprised at how well the book was crafted and that the mate...

Read Now
Silver's Second Chance

Ashley: I enjoyed the story. It was a short one so the fast pace fit. I think something should be put in to show a time jump between paragraphs like a "****" just to make it easier to follow when we skip to the next day week or month. Over all a good read.

Read Now
Exile in Flames

Dorota: I can not put this book down, it consumes my attention. The plot and characters feels real, and it is easy for my brain to put me into the world in the book, while I am reading it.

Read Now
The Heir's Shadow

Hedonistic: The plot twists and every one every line of the situations is perfect for making me feel the situations i would like to recommend this to those who really like the misunderstanding and jealousy

Read Now