CHAPTER 01
මමයි ජංකුක් නුයි ලස්සනට ජීවත් උනා. ගොඩක් ආදරෙන්. අපි අපිටම කියලා ලෝකයක් හදාගෙනයි තිබුනෙ. පොඩි කාලෙ ඉදං අපි දෙන්නා එකට හැදුනෙ. මගේ ඔම්මා අප්පා දෙන්නම මාව දාලා ගියා අවාසනාවන්ත ඇක්සිඩන්ට් එකකින්. ඒකෙන් මං විතරයි බේරුනේ. එදා ඉදං ජෝන් ෆැමිලි එකේ අය තමයි මාව බලාගත්තෙ. අපේ ෆැමිලි දෙක ඉස්සර ඉදන්ම හොද යාලුවො. එදා මං බයෙන් ගැහි ගැහි ඒ විශාල මන්දිරයට ඇතුලු වෙද්දි ලොකු බෝල ඇස් දෙකක් එක්ක චූටි පිරිමි ලමයෙක් එලියට ඇවිත් මගේ අතින් අල්ලං මට අඩන්න එපා කිව්වා.
" චූති බබා....අඩල්ල එපා...හ්‍යුන් ඉල්ලවනේ ඔයාට. මං ඔයාත ආයිම අඩල්ල දෙල්ලෑ....හොඩඩ මගේ ඒන්දල්."
එදා ඉදං අද වෙනකං අපි දෙන්නා එකට. කිව්වා වගේම මගේ කුකී මාව ඇඩෙව්වෙ නෑ. එයා කවදාවත්ම මට අඩන්න දුන්නෙ නෑ. චූටි කාලෙ උනත් එයාගෙ සේරම සෙල්ලම් බඩු මට දීලා මං ඒවයින් සෙල්ලම් කරන හැටි බලං හිටියෙ ලස්සනට හිනා වෙන ගමං. ගෙදර විතරක් නෙමෙයි පිට හැමෝටම නපුරු උන ජංකුක් මට විතරක් ආදරෙන් කතා කරා. ආදරෙන් සැලකුවා.
එයා දැන් ලෝකයක්ම දන්න ව්‍යාපාරිකයෙක්. එතකොට මං
එයාගෙ
වන් ඇන්ඩ් ඔන්ලි සෙකට්‍රි ඇන්ඩ් ස්පව්ස් ,
....................................................................
Gmi_shey