සැගවුනු රහස Hidden secret

Summary

ඔරකල් එක්වරම ප්‍රකාශ කරන ඒ අද්භූත අනාවැකීය මොකක් වෙයීද ? පර්සී , ඇනබෙත් , ග්‍රෝවර් ඇතුලූ පිරිසට මුහුන දෙන්නට වන අනපේක්ෂිත දෑ මොනව වේවිද ? කියවලාම රස විදින්න

Genre
Fantasy
Author
Anjali
Status
Complete
Chapters
7
Rating
n/a
Age Rating
16+

Chapter 1



එය එක් ඍතුවක අවසන් වන කාලයකී. මහ මුහුදේ රල 'හෝස්' හඩ නගමීන් වෙරලට පැමින නැවත මුහුද දෙසට ඇදී යන්නේ අමුතුම ප්‍රානයකිනී. සන්ධ්‍යා යාමයක් වූ ඒ මොහොතේ සයුරේ සුන්දරත්ව්‍ය විදීමට බොහෝ ජනයා රැස් ව සිටිනූ දැක ගත හැකිය.


වෙරලට ආසන්නව හුදකලාව පිහිටී කුඩා කදූ ගැටයක් මත මදක් විශාල තනී ගසක් පිහිටා ඇත. නමුත්, වෙරලේ රැදී සිටී කිසිවකුටවත් ඒ අසලට යාමට උවමනාවක් නොතීබිනී. නමුත්, ඒ ගස අසලට වී වයස අවුරුදූ 14 ක පමන තරුනයෙක් මේ මහා සයුර දෙස කල්පනා කරමින් සිටිනූ කිසිවකුත් දුටුවේද නැත. ඇත්තටම ලෝකයේ සාමාන්‍ය වැසියාට හා රකුසන්ට නොපෙනෙන අයුරින් සැගවී ඇතී ඒ ස්තානය අන් කිසිවක් නොව අර්ධ ලෝහිත කදවුරේ සීමා මායිමයී. එම නිසා අර්ධ ලෝහිත කදවුරේ සිටින අය සිත නිදහස් කර ගැනිම ආදී කරුනූ වලට එහී පැමිනෙන එක සාමානය කරුනක් වන්නට විය.

මෙලෙස මුහුද දෙස බලා සිටින ඔහූ වෙතට සෙමින් සෙමෙන් පා තබමින් ඔහුගේ වයසම පමන වූ දැරියක් පැමිනෙන අයුරූ ඔහූ දුටුවේ නැත

යනුවෙන් ඇය ඇමතූ හඩින් ඔහූ ගැස්සී ගිය නමුත් ඔහු ඒ බව නොපෙන්වා ඒ හඩ පැමිනී දෙස බැලූ ඔහූ,


" ඇත්තටම කාලෙකින් තත්තාව දකින්න ලැබුනේ නෑ. අදවත් දකින්න පුලුවන් උනොත් කියලා හිතලා තමා මම මෙතනට ඇවිල්ලා කල්පනා කර කර හිටියේ"


ඇය පැවසීමට ගිය දෙය කියා අවසන් කිරිමට හැකී වූයේ නැත. ඉනෙන් පහල එලුවෙකුගෙද ඉනෙන් ඉහල මිනිසෙකුගේද ස්වරූපය ගත් සැටර් වරයෙකූ ඒ දෙසට එන ආකාරය ඔවුන්ට දැක ගත හැකී විය. ඒ වෙන කවුරුත් නොව පර්සීගේ මෙන්ම ඇනබෙත් ගේ හොදම මිතූරූ වූ ග්‍රෝවර් විය


" ඔයාලා දෙන්නා මෙච්චර වෙලා කොහෙද හිටියේ මම අර්ධ ලෝහිත කදවුර පුරාම හෙව්වා."


" ඇයී මොකක් හරී හදිස්සියක් ද? "


පර්සී ඇසුවේ මද විමතියකට පත්වය.


" ඔව් මම හිතන්නේ. මොකද ලූක් සහ කයිරොන් ඔයාලව හොයනවා. මොකද මම හිතන්නේ අද කලින්ම කට්ටියව කැබින් වලට යවන්න වගේ හදන්නේ. "


" මොකක් හරී හදිස්සියක් ද දන්නේ නෑ ".


" ඒ වගේ. ඉක්මනට අපී ගියොත් හොදයී. මන් හිතන්නේ "


ඔවුන් යන අතරතුර එම කදවුරේ සිටී සැටර් වරූ, centaurs වරූ ඇතුලූ සියලූ අර්ධ ලෝහිතයෝ ප්‍රධාන ශාලාව වෙත ගමන් කරනූ දැක ගත හැකී විය.


ඒ දෙසට ගමන් කරමින් සිටී පර්සී, ඇනබෙත් හා ග්‍රෝවර් අසලට ලූක් ද පැමිනෙන අයූරූ ඔවුට දැක ගත හැකී විය.


" ලූක් ඔයයී චොයිරොනුයී අපීව හෙව්වා කියලා ග්‍රෝවර් කීවා. මොකක් හරී හදිස්සියක් ද කට්ටියම කලබලයෙන් වගේ "


" ආ ඔව්. අද කට්ටියවම කලින්ම කැබින් වලට යවන්න කියලා බැලුවේ. මොකද අද වෙන අවුරුදු වලටත් වඩා කලින් මේ ඍතුව ඉවර කරන කුනාටුවක් එන්න වගේ යන්නේ. ඒ වගේම මේ පාර ඒ එන කුනාටුවේ ලොකූ වෙනසක් තියනවා කියලා කයීරොන් විශ්වාස කරනවා. ඒකනිසා තමා ඔයාලාව හෙව්වේ


" එහෙමත් එකක්ද.. "


පර්සී ඉතාම මිත්‍ර්‍රශීලී විදිහට ලූක්ගෙන් ඇහැව්වා


" ඔව් ඔයාලාත් ඔයාලාගේ කැබින් වලට ඉක්මනටම යන්න "


කියන ගමන් ලූක් එතනින් පිට වෙලා ගියේ අනික් අයවත් කැබින් වලට පිට කරන ගමනුයි.


සියලූ දෙනාටම කලින්ම රාත්‍රී ආහාර ලබා දී, කැබින් වලට ආරක්ශා සහිතව යැවූ චයිරොන් තනිවම ප්‍රදාන ශාලාවේ ලිප පත්තූ කර ජනේලයේන් ඉහල අහස දෙස බලමින් කල්පනා කරන අයුරූ දැක ගත හැකී විය.


❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️


වෙරලේ සිටී සියලූ දෙනා ටික ටික තම නිවෙස් කරා ඇදී යන්නට විය. දැන් හවස 06 ට පමන ආසන්න වුවත් රාත්‍රි අදුර පැමිනී ඇතී අයුරක් පෙන්නට විය. එමෙන්ම, ඈත ක්ශිතිජයේ සිට ඇරබුනු විශාල අකුනූ ධාරා අහස පුරා ඇදී යන්නට ත් විශාල ගෙරවුම් වලින් මුලූ පරිසරයම සසල වන්නට පටන් ගත්තේ විශාල කුනාටුවක පෙර නිමිතී පල කරමිනී.


වැඩී වෙලාවක් යන්නට පෙරම විශාල වැහී බිදු එකින් එක පොලව මතට පතීත වන්නට විය.


#hermi

Let Anjali know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog