Create New List
Share with your friends
Customize readability

අහසක් යට මුහුදක් | BL SINHALA SHORT STORY

All Rights Reserved ©

Summary

අහසින් වැටෙන වැහි බිංඳුවකටත් ආදරය කළ මුහුදක්... සයුර රුවනාර අබේරත්න අහස් ගගනෝදර වික්‍රමසිංහ

Genre
Romance
Author
Queen
Status
Complete
Chapters
2
Rating
n/a
Age Rating
16+

Chapter 1

🌸


එකම එක පාරක් ආත්මාර්ථකාමී වුනාට කමක් නැද්ද?


මම මගෙන්ම අහනවා.


ඒත් ඒ එක්කම හිත බර වෙන දේවල් එක පෙළට ගලාගෙන එනකොට මම මාවම නවත්තගන්නවා.


වයලීන් බෑගය එක අතකින් අල්ලගෙන අනිත් අතට රෙදි දෙක තුනක් දාපු මගේ අලුපාට බෑග් එක අරගෙන මං හිටියේ පේරාදෙණියට ලංවෙලා තිබුණු කෝච්චියේ දොර ගාවට එන ගමන්.


'මම ඇවිත් ඉන්නේ.'


ෆෝන් එකට ඇවිත් තිබුණු මෙසේජ් එක ආයෙමත් වතාවක් කියවන ගමන් මම ස්ටේශන් එකෙන් එලියට ආවා.


"ඒ මුහුද.. නගින්න.."


මගේ ඉස්සරහා නවත්තපු කළු පාට කාර් එකේ පැසේන්ජ සීට් එක පැත්තේ ජනේලය ඇරලා එයා කිව්වා.


"මං මුහුදක් නෙමෙයි.."

වෙනදා වගේම අදත් මම එකම දේ එයාට ආයෙමත් කිව්වා.

"මං මුහුද නෙමෙයි මම සයුර රුවනාර.."


"ඉතින් දෙකම එකයිනේ.. සයුර කියන්නෙත් මුහුදට.. රුවනාර කියන්නෙත් මුහුදට..

ඔයා මුහුදක් තමයි.."


වෙනදා වගේම එයත් මගේ නමේ තේරුම මතක් කරන ගමන් මාව මුහුදක් කලා..


"දුෂ්ඨයා.."


"ඔව් ඔව්.. තමුසෙට දිනන්න බැරි වෙනකොට මම දුෂ්ඨයා වෙනවා තමා.."


මං ඒ පැත්තට රවන ගමන් ජනේලයෙන් එහාට ඇස් අරන් ගියා.


සයුර රුවනාර මගේ අම්මයි අප්පච්චීයි මට තියපු නම වෙලා, මම මුහුදක් වෙනකොට එයා අහසක් වුණා..


මොකද අහස් කියන්නෙත් අහසට.. ගගනෝදර කියන්නෙත් අහසට..

ඉතින් එයා අහස් ගගනෝදර.


"මං අහසක්ද?"


සුපුරුදු ගැටුමේ පුරුද්දට එයා අහනකොට, මූනට ආපු හිනාව ගිලගෙන මම තවමත් රවාගෙනම එයා දිහා බැලුවා


එයා ඉතින් දන්නවා මම එහෙමයි කියන්න ගියේ කියලා.

ඒත් මේ වගේ රණ්ඩු වලට පරාද වෙන්න පුළුවන්ද?


ඉතින් ඉස්සරහාම බලාගෙන ඩ්‍රයිව් කරන ගමන් හිටපු එයාගේ වම් අතේ උරහිසට පොඩ්ඩක් පහලින් අත් දෙකෙන්ම අල්ලගෙන මගේ ඉස්සරහා දත් හතරෙන් තදට හපලා දැම්මා.


"යකෝ රිදෙනවා.. තමුසෙ ලේනෙක්ද?


නෑ මං මුහුදක්..


පළිගැනීම සම්පූර්ණ කරපු මම කලින් හංගන් හිටපු හිනාව ආයෙමත් එලියට අරගෙන ඇවිත් ජනේලෙන් එපිට බලාගත්තා.


එහෙමම මම අත යවලා ඔය දකුණු පැත්තේ මූණ මෙහෙක් කරගෙන ඉන්න එක්කෙනාගෙ මගෙ පැත්තට තියෙන කලිසම් සාක්කුව අතගාලා බැලුවා.


අනේ මුකුත් නෑනේ..

මේ දුෂ්ඨ අහස ගෙනල්ලා නැද්ද ඒක..


"ම්ම්.."


අනිත් සාක්කුවෙන් ගත්තු ගැලැක්සි චොක්ලට් එකක් මගේ ඔඩොක්කුව උඩට වැටෙනකොට, මම ආපු හිනාව හංගගන්න චොක්ලට් එක කඩන ගමන්ම ජනේලෙ පැත්ත බලාගත්තා.


පේරාදෙණිය ස්ටේශන් එකේ ඉඳලා විනාඩි ගාණක දුරකින් 'House of Alankara' එහෙමත් නැත්නම් වික්‍රමසිංහ මැඳුර පිහිටලා තිබුණා.


සමහරවිට පේරාදෙණියේ තියෙන ලස්සනම ගෙදර.. නෑ.. ගෙයක් කියන්නත් බෑ.. ලස්සනම මන්දිරය මේක වෙන්න ඕනි.


කළුපාට ආරුක්කු තිබුණු ලොකු ගේට්ටුවෙන් ඇතුළට ඇවිත් මේකලා අම්මගේ මල් වත්තත් පහු කරගෙන ඉස්සරහට ඇවිත් මහ විශාල පෝටිකෝවේ වාහනේ නවත්තනකොට, මෙහේ වාහන බලාගන්න විතරක් පත් කරලා හිටපු සේකර අන්කල්, දුවගෙන ඇවිත් අර දුෂ්ඨ අහසගෙන් වාහනේ යතුර අරගත්තා.


"අම්මා මෙන්න ඔයාගේ හොඳ පුතා ඇවිත්..

අප්පච්චී.. මෙන්නෝ.. ඔයාගේ පණ ඩිංග ඇවිත්.."


අර වාචාල අහස එහෙම කියාගෙන ඇතුලට යන්න පඩි නගිනකොට, මාත් පස්සෙන් ගියේ හිනාවෙන ගමන්.


දැන් ඔන්න තව දවස් දෙක තුනකට මම මේ ගෙදර එකා වෙලා, අර මෝඩ අහස පිට එකා වෙනවා.

අවුරුදු විසිතුනක අත්දැකීමෙන් කියන්නේ.


"පොඩි පුතා.. පරක්කු වෙනකොට මම ඒත් කල්පනා කලා ට්‍රේන් එකවත් කැඩිලද කියලා.."

මේකලා අම්මා අත් දෙක දෙපැත්තට කරනකොට මම වෙනදා වගේම ඒ තුරුල්ලට පැන්නා.


ඉස් ඉස්සෙල්ලාම මම මෙහෙම තුරුල්ලට පනිනකොට මේකලා අම්මා මාව වඩාගත්තේ මගේ කකුල් පොළොවට වඩා ගොඩාක් උඩින් තියෙනකොට.


පස්සේ මගේ කකුල් මේකලා අම්මගේ දනිහ ළඟට දික්වුණා. ඊට පස්සේ ටිකෙන් ටික විලුඹ ළඟට. ඊටත් පස්සේ මම පොළොවෙ කකුල් තියලා එයාට තුරුල් වුණා.

මේකලා අම්මා කොට වුණා. නැත්නම් මම උස ගියා.

ඒ තුරුල්ල මගේ පපුව ළඟට කොට වෙනකොට මම එයාව තද කරලා බදාගත්තා.


"මගේ පොඩි එකා ඇවිත්.."


මගේ ඔළුව උණුහුම් කරගෙන හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යනකොට, මම හිනාවෙන්ම ඒ පැත්තට හැරුණා.


"අප්පච්චී.."


"කැම්පස් එකේ වැඩ ඔක්කොම සෙට්ල් නේද පොඩී.."


"ඔව් අප්පච්චී.. දැන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක එනකන් ඉන්න තමයි තියෙන්නේ.."


"එතකන් පොඩ්ඩක් නිදහසේ ඉමු.. පස්සේ බලමුකෝ කරන දෙයක්.."


මම ඔලුව වනලා හිනා වුණා.


ඔය කිව්වට මම දැන් මාසෙකට විතර කලින් කොළඹ ප්‍රයිවට් ඉස්කෝල කීපයකටම ඇප්ලිකේශන් දැම්මා.

කම්පනි එකක වැඩ කරන්න කලින්, මට උගන්නන්න ආසාවක් ඇවිත් තිබුණා.


ඔය ගැන හිමිහිට කියනවා.


"වොෂ් එකක් දාගෙන එන්න.. කිරිපැණි ගෙනත් තියෙන්නේ.. බත් කාලා කමු.."


මේකලා අම්මා එහෙම කියන ගමන් කිචන් එක පැත්තට ගියා.


ඔය කිරිපැණි ගේන්නේ මට කන්න. මොකද අර මෝඩ අහස පැණි රස වල රසක් දන්නෙ නැති අමුතු මණුස්සයෙක්. කිරි කන්නෙත් අමු මිරිස්, ලුණු, ගම්මිරිස් එකතු කරලා, මට නං කටේ තියන්න බැරි විදියට හදලා.


මං හිමිහිට පඩි නැගලා දෙවෙනි තට්ටුවේ දකුණු පැත්ත කෙලවරේ තිබුණු මගේ කාමරේට ආවා.


හැමදේම මම මාස දෙක තුනකට ඇවිත් යනකොට වගේම පිළිවෙලට තිබුණා. ඒත් එක දෙයක් ඇර.. මගේ ඇඳ..

අනිවාර්යයෙන්ම අර බූරු අහස මගේ ඇඳේ තමයි නිදාගෙන තියෙන්නේ..


මම දන්නවනේ එයා කලබලේට හදන ඇඳේ පිළිවෙල.


මම හිමීට ගිහින් ඇඳේ ඉඳගෙන උඩින්ම තිබිච්ච කොට්ටය මගේ ළඟට ඇදගත්තා.


ඒ සුවඳ Eternity.


මම මේ කිව්වේ ඒ පර්ෆ්‍යුම් එකේ නම එටනිටි.


ඒ වගේම මගේ හිතේ තැන්පත් වෙලා තිබිච්ච ඒ සුවඳත් Eternity.


මම කොට්ටය ආපහු ඇඳෙන් තියලා ඒ සුවඳ විඳින ගමන් ඔලුව යන්තමට ඒ උඩින් තියලා ඇස් පියාගත්තා.


"ඒ මුහුද.. මට දැන් ආයෙත් ඔෆිස් එකට යන්න වෙලා.. අම්මිට හවසට ඔයත් එක්ක පන්සල් යන්න ඕනි කිව්වා..


මං එනකොට ටිකක් රෑ වෙනවා. හෙට මම නිවාඩුවක් දාන්නම් පේරා යන්න.."


මං ඇස් පියාගෙනම ඔළුව වැනුවා.


මං හිතන්නේ එයා ඔෆිස් එකට අඳින කෝට් කිට් එකෙන් වෙන්න ඕනි ඉන්නේ.


මොකද කොට්ටෙන් යන්තමට එන සුවඳට වඩා තද Eternity සුවඳක් දොර පැත්තෙන් එනවා.


"ආව්.."


පස්සට වැදුණු තද පාරකට මට කෙඳිරි ගෑවුණා.


"නැගිටපන්.. ගිහින් වොෂ් දාලා කාලා ඇවිත් නිදාගනිම්.."


"යනවකෝ යන්න.."


"හිටපන්කෝ මං අම්මිව අවුස්සලා එවන්න.."


"අනේ.. මේ නැගිටිනවා මේ නැගිටිනවා වදේ.. ඉන්නවා.. මේ.. නැගිට්ටා.. හැපිද.."


"හොඳ කොලු පැටියා.."


"එන්න එපා මට කොලු පැටියා කියාගෙන.."


මම කියනකොට එයා අර කළාතුරකින් පැත්තට දාන හිනාව දැම්මා.


ඔහොම හිනා වෙන්න එපා දෙයියනේ..


මට කෑ ගහලා කියන්න හිතුණා.


✨️


මේ ගෙදර වම් පැත්තේ පළවෙනි තටුවේම තිබුණා ටිකක් උසට හදපු බැල්කනියක් වගේ කොටසක්.


ඈතට පහළින් තියෙන ගේට්ටුවත් ගෙදර ළඟට එන පාරේ තැනින් තැනත් පේන්න හදලා තිබිච්ච මෙතන එක කොනක තිබුණේ පොත් ගොඩක් දාපු රාක්කයක්.


දැන් ටිකකට කලින් මේකලා අම්මා නිදාගන්න යනකොට අප්පච්චිත් ඔෆිස් රූම් එකට ගියේ එක බ්‍රාන්ච් එකක වැඩ වාගයක් ඉවර කරන්න තියෙනවා කියාගෙන.


අර මල ඉලව් අහස මෙච්චර රෑ වෙනකන් මොනවා කරනවද කල්පනා කරන ගමන් මම රැක් එකෙන් පොතක් අරගෙන ගේට් එක හොඳටම පේන පුටුවක වාඩි වුණා.


මාගරට් මිශෙල්ගේ 'Gone with the Wind' දෙතුන් වතාවක්ම කියවන්න අරගෙන මගින් නවත්තන්න වුන, එහෙම නැත්නම් සමහර කොටස් නොකියවා මග ඇරපු පොත. ඒක පාර්ශවීය ආදරේ ගැන තියෙන අමුතු තාලයේ පොත.


මාත් රෙට් බට්ලර්, හරා එනකම් බලන් ඉන්නවා වගේ සැරින් සැරේ ගේට්ටුව දිහාවට ඇස් අරගෙන ගියා.


"ඉතින් දැන්වත් කියන්නේ නැද්ද අවුරුදු ගානක් ඔය හිතේ හංගන් ඉන්න දේ.."


මනුර අප්පච්චී මගේ එහා පැත්තේ පුටුවට බරවෙන ගමන්, අතේ තිබිච්ච මග් එක මේසය උඩින් තිබ්බා.


මම පොතේ උඩ කොන යන්තමට නවලා පොත වහලා මනුර අප්පච්චි දිහා බැලුවා.


හිතේ හංගන් ඉන්නේ එකම එක දෙයයි. ඒත් මම විතරක් දන්න ඒ කාරණාව අප්පච්චි දැනගන්න විදියක් නෑනේ. එහෙනම් මොකක් ගැනද මේ අහන්නේ?


"මොකක්ද අප්පච්චී..? මං අප්පච්චිගෙන් මොකුත් හංගලා නෑනේ.."


මනුර අප්පච්චී මගේ දිහා බලලා ආයෙම මග් එක තොල් වලට ලං කරගත්තා.

රෑ වෙනකොට එන සීතලත් එක්ක බොන්න, මේකලා අම්මා අතින් හදලා දෙන ඔය කෝපි කෝප්පය අප්පච්චි වරද්දන්නේ නෑ කියලා අපි දැනන් හිටියා. ඊටත් වඩා මේකලා අම්මගේ ලා දම්පාට මග් එකෙන් අප්පච්චිට හදලා දෙන ඔය කෝපි එකේ මොකක්දෝ හැංගිච්ච ආදර රහසක් තියෙනවා කියලා අර මෝඩ අහස මට දවසක් කියලා තිබුණා.


"කැම්පස් එකේ සෙකන්ඩ් යර් එකේදිනේ සාලියට අසෝකමාලා හම්බ වුණේ.."


ඔය සාලිය අසෝකමාලා කතාව මනුර අප්පච්චිගෙන් මම දහස් වතාවක් අහලා තිබුණා..

ඔය කියන සාලිය, සාලිය අබේරත්න වෙනකොට; අසෝකමාලා වුණේ මාලාවි දිසානායක. මගේ අම්මයි අප්පච්චියි.


"දවසක් කැම්පස් එකේදි සාලිය දුවගෙන ආවා මගේ ළඟට. දුවගෙන ආපු ගමන් මාව බදාගත්තා.."


'එයාගෙ නම මාලාවි.. මචං මට පිස්සු හැදෙන්න වගේ..'

ඔන්න ඔහොමයි මට ඔයාගේ අම්මා ගැන සාලිය ඉස්සෙල්ලාම කිව්වේ..


මාලාවි දිහා බලන ඒ ඇස් පුදුම තරම් ආදරේකින් පිරිලා තිබුණේ.

එතන කිසිම බොරුවක් රැවටිල්ලක් නෑ.. පිරිසිදු ආදරයක් විතරමයි.."


මනුර අප්පච්චිගේ මූණේ හිනාව ඒ දවස් වල මතක වල සැරිසරන බවක් අඟවනකොට මම මේ කතාව අහන හැම වතාවකදීම වගේ අප්පච්චි අම්මාට කරපු ආදරේ වින්දා.


"ඉතින් මගේ පොඩි පුතාගේ ඇස් වලත් ඒ වගේම ආදරේ පිරිලා තියෙනකොට, මම නොදැක ඉඳීවි කියලා හිතුවද?"


"අ.. අප්..පච්චී.."


"ඔය තියෙන්නේ සාලියගේ කතාකරන ඇස්.. ඔයා කොයි තරම් උත්සාහා කලත් හංගන්න, ඒවා මහ හයියෙන් කතා කරනවා.."


"අනේ අප්පච්චී.."


ඒ කවුද කියලත් ඔයා දන්නවද අප්පච්චී.. නෑ නේද..? ඔතනින් නවතින්න අප්පච්චී.. තවත් මගේ ඇස් කියවන්න හදන්න එපා..

ඔයත් අසරණ වේවි මාත් අසරණ වේවි..


"ඉතින් කවදද ඔය හංගන් හිටපු දේ අප්පච්චි එක්ක කියන්න හිතුවේ. ම්ම්ම්..?


"කවදාවත්ම නෑ අප්පච්චි.."


"ඒ මොකද..?


"සමහර ආදර කතා තියෙන්නේ හිතේ තියන් විඳින්න විතරයි අප්පච්චී.."


"මං දැකපු විදියට හිතේ තියන් විඳවනවා.."


වෙන්නත් ඇති. ඒ නිසා වෙන්න ඇති එයා දිහා බලාගෙනම ඉන්න හිතෙන්නේ.. නොදැක ඉන්න කාලවල් වලදි පපුව ගැඹුරේ රිදෙන්නේ. හුස්ම හිරවෙනවා දැනෙන්නේ.


"නුවර ඉඳලා එද්දී පරක්කු වෙච්ච හින්දා සාලියට කලින් මමයි උඹව අත් දෙකට ගත්තේ පොඩී.. සාලිය අප්පච්චී වෙන්න කලින් මමයි විනාඩි ගානකට හරි උඹේ අප්පච්චි වුණේ.. ඉතින් උඹ හිතුවද මගේ පොඩි එකාට නොදී ඉන්න දේවල් මට තියෙනවා කියලා.."


"අප්පච්චී.. අපි මෙතනින් නවතිමු.."


"උඹට අහසට ආදරේ කරන්න හොඳයි මට කියන්න බෑ.."


ඉතින් අප්පච්චිගේ ඇස් කියවන සාස්තරේ වැඩ කරලා.

මං අතේ තිබිච්ච පොත හිමිහිට බංකුවේ කොනකට කරන ගමන් අත් වල ඇඟිලි එකිනෙකට පටලවගත්තා.

මං දන්නවා, ඕනි කිව්වොත් පපුව ගලවලා හරි දෙන අප්පච්චි මට අහසව නොදී ඉන්නෙ නෑ කියලා. ඒත්;


"අහස, මුහුද දකින්නේ සහෝදරයෙක් විදියට අප්පච්චී.."


අනික මම අහසට ආදරේ කරාට අහස අයිති වළාකුළු වලට. ඉතින් වළාකුළු කොයි තරම් මුහුදට ආදරේ කළත්, තමන්ගේ හුස්ම ටික වෙච්චි අහසව දේවිද මුහුදට වැටෙන්න.


"ඒ මොනවා වුනත්, කවදහරි අහස මුහුදට සහෝදරයෙක්ට එහා ගිය හැඟීමක් දුන්නත්... මුහුදට වළාකුළු එක්ක හැපෙන්න බෑ අප්පච්චී.. ඒ මගේ අම්මා.. අම්මෙක් නැති මට කහටක් නැතුව ආදරේ දුන්නේ එයා..

අහස මන්දාකිණියක් එක්ක එකතු කරන්න එයා අවුරුදු ගාණක් හීන දකිනවා. ඒ ගැන හිතලා සතුටු වෙනවා. මට ඒ සතුට උදුරන්න බෑනේ අප්පච්චි.."


"උඹ නිදහසට කාරණා කියනවා වැඩී පොඩි පුතා..

ආදරේත් යුද්ධයක් වගේ.. උඹ හරියට සටන් කළොත් දිනන්න පුළුවන්.."


"මට ඒ දෙන්නත් එක්ක යුද්ධ කරන්න බෑ අප්පච්චී.. මම යුද්ධ කළොත් මට එයාලව නැති වේවි.."


"එහෙම වෙන්නෙ නෑ පොඩි පුතා.."


"මං මෙහෙම ආදරේ කරන්නම් අප්පච්චී.."


"උඹට මහන්සි දැනේවි.."


"කමක් නෑ.. මහන්සියට ඇදන් වැටෙනකන්ම මම ආදරේ කරන්නම්.."


ගේට් එක ඇරෙනකොට ඇහෙන හූනු සද්දේ මේ මහ රෑ නිහඬ පරිසරයට මහ විසාල සද්දයක් වෙනකොට, ගේට් එක ළඟ ඉඳලා පෝටිකෝව ළඟට වෙනකන් ලයිට්ස් දාපු මග දිගට කළු පාට කාර් එකක් ඇදුණා.


කාර් එක ළඟට පුරුදු විදියට සේකර අන්කල් දුවනකොට, ඇරුණ ඩ්‍රයිවින් සීට් එකේ දොරින් එයා එලියට ආවා.


දවල් උඩින් ඇඳන් හිටපු කෝට් එක, එක අතක එල්ලෙනකොට අනිත් අතේ ෆයිල් බෑග් එකකුත් එල්ලගෙන එයා ප්‍රධාන දොර දිහාවට පඩි නැග්ගා.


ඉතින් එයා දිහා බලාගෙන මම ආයෙ ආයෙමත් ඇහුවා;

එකම එක පාරක් ආත්මාර්ථකාමී වුනාට කමක් නැද්ද?


ඒත් ඒ එක්කම මට මතක් වෙනවා මේකලා වික්‍රමසිංහ, අහස් ගගනෝදර ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.


🌸


🌸

To be Continued...

🌸


ස්ස්ස් ස්ස්ස්... ඔයාලා කතාවට කැමතියිද?


🌸


Let Queen know what you thought about this chapter!
Love this

1

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

author

Why's this so cuteeee!!!!
just downloaded the app and found a gem😌❤

10 months

Further Recommendations

THE WOMAN HE BOUGHT

Jkind12: Great story but I didn’t like the gap of 4 years in the end! It’s like the writer quit.!

Read Now
The Contract Wife

Linda: Plot is good but a little repetitive. Recommend for readers who like an easy ready, simple storyline.

Read Now
Silver's Second Chance

Maggie Varnum: Like that it was fast paced and suspenseful...loved the romance up ended a little to fast ...would have been better if there was a Luna ceremony chapter and a birth of son with name chapter with Cole as a dramatic dad in the delivery scene .... Overall I enjoyed it very much!

Read Now
The Alpha's Exiled Mate (ON HOLD)

Pharm: I love stories about hidden children and evil wives/girlfriends. Well written fast moving. A good beach read. Enjoy the ride

Read Now
Bear Shifter Secrets

Felicia: This is the 2nd book im reading of this writer. And I enjoyed it just as much as the first, Marked while we slept. Worth the read. Very good writer

Read Now
The Orc's Pet

JyotiRekha: Great plot Describe the life of orcos moe

Read Now
PARIS IN THE DARK

Hester: Very good, was short too the point , not lingering on the abuse, pity you didn’t let him step in earlier knowing the abuse was happening, but this is almost real for some women who have gone through it, just wish they could all have a princess at te end of thete tunnel

Read Now
Graves Lost Daughter Book 1 Devils Creek MC

Jazzy Sideris: Had me in tears at times ,but a really good read . Good work

Read Now
Rebuilding After Betrayal

Sheila: Loved this story so much. Great writing by this author. Glad she got to start another life with a man who will love and cherish her and her children for life.

Read Now