Customize readability
Aa

ආල පිඬු සිගාව (completed)

All Rights Reserved ©

Summary

"තේ කෝප්පේ කුඩු වෙලා බිඳිලා ගියාට ඇත්තම එදා බිඳුණේ මගේ හිත, රස්නේ තේ වතුරට මගේ හම පිච්චූනාට ඒ වෙලාවේ ඇත්තටම පිච්චිලා ගියේ මගේ හිත තිහාර!"

Status
Complete
Chapters
5
Rating
n/a
Age Rating
16+

01 වන කොටස

මුළු කොළඹම හොල්ලන්න පුළුවන් තරමේ ගෙරවුමක් එක්ක අහසේ ඇදිලා ගියේ රීදී පාට විදුලියක්, ‘ටෝක්’ කියන සද්දේට වීදුරු ජනේලේ වැහි බින්දූ වේගෙන් ඇවිත් වැදෙන්නේ තරඟෙට!

වෙනදාට හමන සාමකාමී රස්නේ හුළඟ අද සීතල දඩබ්බරකමක් එක්ක මහා ගස්වල අතු පවා අඹරවනවා. වෙලාව හැන්දෑවේ පහට විතර වුණාට කොළඹ අහස තිබ්බේ වැහි අඳුරේ ගිලිලා. වැස්සේ සුවඳ අඩක් ඇරලා තිබ්බ ජනේලෙන් හේෂිකගේ හිත පතුලටම කාවැදුණා... ඒත් වෙනදා වගේ ඒ සුවඳෙන් හිත පුරව ගන්න හේෂිකට තිබ්බේ මැලිකමක්.

“වැස්ස හරිම ලස්සනයී ලූ... ඒත් වැස්සට ලස්සනයී කියන අයම වැස්සට තෙමෙන්න බය උන එකයී ප්‍රශ්නේ!”

අහසින් වැටෙන වැස්ස හරිම ලස්සනයී කියලා මිනිස්සූ කතාවට කිව්වාට ඒ වහින වැස්සට තෙමෙන්න කැමතී මිනිස්සූ ඉන්නේ ඇත්තටම අතේ ඇඟිලී ගානටත් වඩා අඩුවෙන්, වැහි පොද දෙක තුනක් අහසෙන් පොළොවට වැටෙද්දී මිනිස්සූ කුඩ දිග ඇරගන්නේ හරියට විදුලි කොටද්දී පොළොවෙන් හතු පිපෙනවා තරම් ඉක්මනට. ඉතින් වැස්ස ඔය කියන තරම්ම ලස්සනයී නම් ඇයි මිනිස්සූ ඔච්චරටම තෙමෙන්න බය? ‘වැස්සට තෙමුනාම ලෙඩ වෙනවා!’ ගොඩක් අය කියන්නේ එහෙම, ඉතින් ලස්සන වැස්සකට තෙමුනාම ලෙඩ වෙනවා නම් ඇයි මිනිස්සූ බොරුවට වැස්සට එච්චර ආදරේ කරන්නේ?

“...තෙමෙන්න බැරි නම් බොරුවට වැස්සට ආදරේ කරන්න ඕනේ නෑ මම නම් කියන්නේ...”

එච්චර වෙලාවක් කුස්සීයේ ජනෙල් පඩියට හේත්තූ වෙලා වැස්ස දිහා බලාගෙන තමන්ගෙම සිතුවිලි ගොඩක් අස්සේ හිර වෙලා ඉදපූ හේෂික පියවි සිහියට ආවේ කේතලෙන් ඇහුණ ‘හූ’ හඬෙන්..

ගෑස් එකෙන් කේතලේ බාපූ හේෂික හිමින් සීරූවට කහට වැඩි අඩු සීනී තේ දෙකක් හැදුවේ පුරුද්දට. මාරී බිස්කට් පැකට් එකක් එක්ක හදපූ තේ දෙකත් අරගෙන අඳුරු කොරිඩෝව දිගේ කොනටම ඇවිදගෙන ගියපූ හේෂික තද පාට බර ලී දොරක් තියෙන කාමරයක් ඉස්සරහා නතර වුණා, තට්ටූවක් නොදාම දොර ඇරන් ඇතුලට ගියපූ එයා බැලුවේ උදේ වගේම වෙනසක් නැතුව තාමත් ෆයිල් ගොඩක් එක්ක ඔට්ටූ වෙන තමන්ගේ ආදරවන්තයා තිහාර දිහා. තිහාරගේ මූනේ තිබ්බේ විඩාවක්... ඉතින් ඒ විඩාබර බව දැක්ක හේෂිකගේත් හදවත විඩාවෙන් බර වෙන්න ගියේ තත්පර අරික්කාලක්.

“අයියේ...”

හේෂික තිහාරව ඇමතුවේ වෙනදා වගේම ආදරෙන්,

“ම්ම්ම්...”

“අපි තේ බොමූ...?”

“තියලා යන්න සුදූ මම පස්සේ බොන්නම්..”

තිහාර හේෂිකට උත්තර දුන්නේ ලැප්ටොප් තිරයේ තිබ්බ ප්ලෑන් එක දිහාම ඇස් අලවගෙන, ඒ වගේ උත්තරයක් තිහාරගෙන් හේෂිකගෙන් කලින්ම බලාපොරොත්තු උන හන්දා තේ කෝප්පේ එක්ක බිස්කට් පැකට් එක මේසේ උඩින් තියලා ආපස්සට යන්න හැරුණාත් මොකක්දෝ ලෝබකමට එයා එතනම නැවතුණා. තමන්ගේ තේ කෝප්පයත් තිහාරගේ තේ කෝප්පය ලගින්ම තිබ්බ හේෂික ඒ කෝප්ප දෙක දිහා ටික වෙලාවක් බලාන උන්නා, සුදු පාට කෝප්ප දෙකේ කළුපාට අකුරින් ප්‍රින්ට් කරලා තිබ්බ නම් දෙක දිහා බලන් ඉදපූ හේෂිකගේ ඇස් ඊලඟට තිහාර ලඟින් නතර වුණා,

“සුදූ” “සුදු අයියා”

සුදු පාට කෝප්ප දෙක නම් වෙලා තිබ්බේ එහෙම, තිහාර දිහා ඇස් අලවගෙන උන්නූ හේෂික දැක්කේ ලොකු මේසේ පැත්තකට වෙන්න තිබ්බ බත් පිඟාන, හතර පැනලත් තිහාර බත් එකට අතවත් තියලා නැති බව දැක්ක හේෂිකගේ හිතේ මුලින්ම ඇති උනේ අනුකම්පාවක්, නොකා ඉදලා තිහාර ලෙඩ වේයී කියලා බයක්.

“ඕක තාම ඉවර නැද්ද සුදු අයියේ... බලන්න කාලත් නෑ ඔයා දවල්ට!”

හේෂික තිහාරගේ බෙල්ල වටේට අත් දෙක බැදගෙන ලැප් ටොප් එකේ තිරයට එබුනේ එහෙම අහන ගමන්, තිහාර තමන්ගේ කර වටේට එතුන හේෂිකගේ අත් තමන්ගෙන් ඈත් කලේ මේසේ ලාච්චුව ඇරලා තවත් තරමක ලොකු ෆයිල් කවරයක් එළියට ගන්න ගමන්,

“හ්ම්ම්... කන්න නම් කොයි වෙලේ බැරියා... මේක ඉවර කරන්න ඕනේ සුදූ හෙටට කලින් නැත්තම් බොසා මාව කාවී...”

“මොකක්ද අයියේ... දැන් සති දෙකක් තිස්සේම ඔයා ඕක බදා ගෙන නේ!”

හේෂික හිතලා පැමිණිලි නොකලාට එයාට එහෙම කියවුනේ තිහාර මෙහෙම තමන් දිහා නොබලාම ඉන්න එකම එච්චර දවස් හිතේ හන්ඟගෙන ඉදපූ දුක උඩු දුවන්න හේතුවක් වුණ නිසාමයී. එච්චර වෙලාවක් ලැප් එකෙන් ඇස් දෙක අලවගෙන උන්නූ තිහාර හේෂික දිහා බැලුවේ නුරුස්සන බැල්මක් මූනේ රඳවගෙන, ඒ බැල්ම හේෂ්කගේ හිත තව තවත් බර කරන්නට හේතුවක් වුණා.. හරියට වැහි වතුරෙන් බර වෙලා ඔන්න මෙන්න වැස්සක් ඇද හැලෙන්න තියෙන වැහි වලාකුළුක් වගේ!

“මොකක්ද සුදූ අයියේ... විනාඩී පහක් දෙන්න බැරිද මට?”

“පස්සේ හේෂික... දැන් ගිහින් වැඩක් බලා ගන්න හොඳ ළමයා වගේ... ම්ම්ම්”

“මට බෑහ්...”

තිහාර ඉස්සරහා හිතුවක්කාර වෙලා මෙහෙම පොඩ්ඩක් හුරතල් වෙන්න හේෂික ආස කලා, හේෂික ආයෙම තිහාරගේ පපුව වටේට අත් දෙක බැඳ ගත්තා. ආදරේ කරන කෙනා ඉස්සරහා දඩබ්බර වෙලා හුරතල් වෙන්න කවුද ආසා නැත්තේ ඉතිං?

“සුදූ...”

“ම්ම්ම්...”

“යන්නකෝ කියන දේ අහලා... හොඳ කොල්ලා නේ...”

“කෝ... මට කිස් එකක් දෙන්නවකෝ සුදු අයියේ”

තිහාරගේ ඉල්ලීම ඇහුනේ නෑ වගේ හේෂික තමන්ගේ කම්මුල තිහාර දිහාවට දික් කලේ ආදරණීය හාදුවක් බලාපොරොත්තුවෙන්, තත්පර දෙක තුනක් ගෙවිලා ගියත් තිහාරගෙන් ප්‍රතිචාරයක් හේෂිකට ලැබුනේ නැහැ.

“කෝ ඉතිං දෙන්නකෝ...!”

“මගේ යකා අවුස්සගන්න හදන්න එපා සුදූ...!”

තිහාර තරහින් නොවුනත් ඒ ටික කිව්වේ තරමක් තදින්, ආදරේ පොඩ්ඩක් හුරතල් වෙන්න හිතාගෙන තිහාරගේ බෙල්ල බදාගෙන ඉදපූ හේෂිකට දැනුනේ රත් කරපූ යකඩයක් පපුවට බස්සනවා වගේ වේදනාවක්, පපුව පිච්චිලා ගිය වේදනාවට හේෂිකගේ ඇස් අහිස්සට එකතු උනේ රස්නේ කදුළු කැටයක්,

“මොකක්ද අයියේ...”

“මම තමුසේට කියලා තියෙනවා සුදූ.. මම වැඩ කරද්දී මගේ කරේ නගින්න එන්න එපා කියලා!”

“තිහාර අයියේ... ඔහොම කතා කරන්න එපා මට”

“එහෙනම් මොන ලබ්බක් ද මම කියන්න ඕනේ තමුසේට ආ...? මම ඉන්නේ පුදුම ස්ට්‍රෙස් එකක හේෂික පොඩ්ඩක් තේරුම් ගනින්කෝ මාව... ඔෆිස් එකට ගියාම බොසා මාව මරන් කන්න හදනවා... සයිට් එකට ගියාම එකේ උන් මරන් කන්න හදනවා... ගෙදර ඉන්නත් නෑ නිදහසේ තමුසේත් මාව මරන් කන්න හදනවා..!”

“.....”

තමන්ගේ වචන හිතුවට වඩා සැර වැඩියී කියලා තිහාරට තේරුම් ගියේ හේෂිකගෙන් තමන්ට පිළිතුරක් නොලැබුනාටත් වඩා ඒ මූනේ ඇදිලා තිබ්බ තේරුම් ගන්න බැරි කැළඹුණු හැඟීම් කන්ද නිසා, තිහාරගේ වචන කටු කම්බී වගේ ඒ වෙද්දීත් හේෂිකගේ හිත පසාරූ කරගෙන ඒක වටේට එතිලා ඉවරයී.

“මේ අහපන් සුදූ... කරේ නගින්න එන්නේ නැතුව ඉඳපන් පොඩ්ඩක් මේ මඟුල ඉවර වෙනකම් විතරක්... ඊට පස්සේ පුළුවන් ඕනේ තරමක් ලව් කරන්න...!!”

“කවදා වෙනකම් ඉන්නද තිහාර... ඔයා ඔය කියන වෙලාව කවද්ද එන්නේ...? දැන් සති දෙකක් තිස්සේ මට ඔයා කියන්නේ ඔය වචන ටික නෙවෙයීද...? මම ඔයාගෙන් මහා වෙලාවක් ඉල්ලූවේ නෑ නේ අයියේ මම විනාඩී පහක් විතරයී ඉල්ලූවේ...”

“සුදූ... රණ්ඩූ වෙන්න බෑ මට... මාව පටල ගන්නේ නැතුව ඉඳහන්කෝ හොඳ එකාවගේ...”

“හ්ම්ම්... මටත් රණ්ඩූ වෙන්න නම් උවමනාවක් නෑ... ඒත් ඔයා හැමදාම ඔහොමයී අයියේ.. වෙනස් වෙන්නේ නෑ”

“මොකක්ද සුදූ උබ කියන්නේ...?”

“මුකුත් නෑ අයියේ... තේ එක බොන්න නිමෙනවා...”

“ඇයි තමුසේටත් මාව තේරුම් ගන්න බැරි හේෂික... ඇයී?”

“මට තේරුම් ගන්න පුළුවන්... ඔයාටයී බැරි මාව

තේරුම් ගන්න!!”

“දැන් තමුසේ මාව වැරදිකාරයා කරන්නද හදන්නේ සුදූ..?”

තිහාර හේෂිකට කෑගැහුවේ කෙන්තියෙන්, ඇස් වල ලේ නහට වලට ලේ බැහැලා තිහාරගේ ඇස් කෙවෙනී පවා රතු වෙන්න වැඩි වෙලාවක් ගත වුණේ නෑ.

“අයියේ... මම දැන් එහෙම දෙයක් කිව්වාද... නෑ නේ තේ එක බොන්න මම යන්නම්...”

“තමුසේ නොකියා කිව්වේ ඒක තමයී හේෂික... මට ඕනේ නැති තේ එකක් නෑ පලයන් යන්න මෙතනින්...!”

තිහාර අත දිග ඇරලා මේසේ උඩ තිබ්බ තමන්ගේ තේ කෝප්පයට ගැහුව පාරින් කෝප්පේ වීසී වෙලා ගිහින් කෑලී වලට කුඩු වුණේ හේෂිකගේ කකුල් දෙක ලග, තාමත් රස්නේට තිබ්බ තේ වතුරට හේෂිකගේ දකුණු කකුල පිච්චිලා ගියත් හිත පිච්චූණ වේදනාව ඒ වේදනාව පරයාගෙන හේෂිකගේ ඇඟ දිගට උඩු දුවන්න ගත්තා. ඇස් වල පිරුණු කදුළු තිහාරගෙන් හන්ඟගෙනම බිමට පහත් උන හේෂික වීදුරු කටු අහුලන්න ගත්‍තේ තමන්ගේ ඇස් දෙක බොඳ වෙලා යද්දී. වචනයක්වත් නොකිව්ව තිහාර මුකුත් සිද්ද නොවුන ගානට ලැප්ටොප් එක දිහාම බලාගෙන හිටියේ කේන්තියෙන්. එක වීදුරු කටුවක් නෑරම අහුලලා අතට ගත්‍ත හේෂ්ක සද්දයක් නැතුවම කාමරෙන් එළියට යන්න ගියේ තමන්ගේ තේ කෝප්පය තිහාරට ඉතුරු කරලා.

ඊලඟ කොටසට..

Let 𝘢𝘴𝘩 know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The Easter Bunny

Lynne: Beautiful short story with a happy ending.luved it.

Read Now
Fated to My Ex- Best Friend

Victoria: I liked how you described everything so clearly. It made the story very immersive. Do you plan to continue this story further?

Read Now
The Argent Wolf (Coming to Galatea)

Victoria: Your characters feel very real and well thought out. I liked that a lot. Which character is your favorite to write?

Read Now
Broken Halos MC

Lynn Hamilton: Author does an amazing job of creating a story that will make you feel like you’re there and part of the story. Very descriptive and well written. The book has a great plot that makes it interesting and coming back for more.

Read Now
Bear Shifter Secrets

Pam: Great Book is there going to be a sequel. I hope so i enjoyed the book immensely. Solid story line i just want more.

Read Now
Claimed By The Wrong Prince

Sasha: What a beautiful story, he was the perfect prince

Read Now
Bear Roberts

Gabby: I’m working with **Lorey**, a platform that turns novel characters and scenes into interactive experiences readers can play.We can help you:- Turn your story into character profiles- Preserve each character’s voice and relationships- Create an interactive scene for you to reviewYour story won’t be ...

Read Now
Beyond the Ice Wall

LovetoreadStephanie: I am actually really impressed by this book. How a conspiracy theory can be made in an original, heartwarming and dreamy romance! I am so happy it's a series! I can't stop imagining the world and how I wished it was true 😍

Read Now
The Mate he couldn't have

enchanted_shark: Very readable, well written.

Read Now