Chapter 1
“අඹ කපන්න පිහියාක්ක්ක්ක්……පලතුරු කපන්න පිහියාක්ක්ක්ක්ක්”
“ඔය අඹ ගෙඩිය ආයේ ඇවිල්ලා කපාගන්න බැයිද?ඔක්කෝටම කලින් කියපන් උබට කොහෙන්ද පිහියක්?”
“සික්කාන්කල්ගෙන් ඉල්ලගත්තේ අනේ.දැන්ම කපාගත්තොත් යනගමන් කන්න පුලුවන්නේ.”
රශ් දමාගෙන අඹ කපනවා.යන්නේ නැද්ද අප්පා මේ බස් එක.කෝ ඩ්‍රයිවර් අන්කල්.වෑන් එකේ යන්න තිබ්බා ඒත් ඒ ලදරම කැඩිලලුනේ.
“අහ් ජාතික මාණික්‍ය කිමද මේ අපේ බස් එකට නැගලා?”
“කෝ මට මැණිකක් පේන්නේ නෑ නේ.රශ් උඹට පේනවද?”
“මේ තියෙන්නේ”
මේ තියෙන්නේ කියන ගමන් ජාතික ගස් පාලු කරන්නන්ගේ සංගමේ සභාපති රශ් කිව්වේ මගෙයි මුගෙයි දෙන්නගෙම මූන අඹ නොකාම නොරොස් වෙලා යද්දි.
“මැණික බැහැ ගත්තනම් පෝළිමට ඔයාගේ පොඩි සෙබලු ටිකත් අරන්.කෝ බන් කෝච්කාරයා……මට මල පනිනවා ඕයි.”
“අ.පි.බ.හි.න්.නේ.නෑ.!”
“හරි හරි විහිලු කලා ඇති සුදූ අපිට මැච් එකක් දැන් බැහැලා හොද මැණික වගේ වෑන් එකේ යන තූත්තුකිඩියක පල.”
“වෑන් එක කැඩිලා.”
“කෝ බන් කෝචා.අරන් වරෙන් කියපන්කෝ සප්ලිමන්ට්ස් ටික.ඒක නැතුව යන්න තියා හිතන්නවත් එපා කියපන් ඇහ්.මේකට යන්නේ දිනන්න මිසක් සමාජෙට විහිලුවක් වෙන්න නෙවෙයි.”
“සප්ලිමන්ට්ස් නෑලු.මොකද කරන්නේ දැන්.”
සප්ලිමන්ට්ස් නෑ ය කියන්නේ.සප්ලිමන්ට්ස් නෙවෙයි කුඩු!ගංජා!අයිස්! ඉහත නම් සදහන් සියල්ලෙන් එකක් වෙන්න පුලුවන්!උන් ඔක්කෝටම සික් එක!සික්කාරයෝ.මානසික ලෙඩ්ඩු.මුන් ඔක්කෝම පෝලිමට තියවලා පොල් කට්ටකට චූ දම්මලා ටෙස්ට් එකක් කරපු දවසට තේරෙයි රගේ.මහ ලොකු ටරේනයා කප් පිට කප් ගහන් එන්නේ ඩ්‍රග්ස් අරන් කියලා දන්නවනම් පිස්සියෝ වගේ පස්සෙන් එන එක මෝඩ ගෑනියෙක් හැරිලාවත් බලන්නේ නැති වෙයි.විලිසංගේ නැති උන්.
“රෙද්දක් කරන්න එපා කියහන් හරිද.මේ මැණිකත් බැහැගන්න මාව අවුස්සන්නේ නැතුව.පරක්කු වෙලා තියෙන්නේ හොදටම.මෙහෙම ගියොත් යන්න වෙන්නේ ග්‍රවුන් එක අතුගාලා එන්න තමයි.”
“බෝයිස්…..සෝ අද අපිට සප්ලිමන්ට්ස් නෑ මොකද……”
“මොකද?මොකද කියලා තමයි සර් මාත් අහන්නේ?”
“සද්දේ දාගෙන එන්න එපා ටරේන් තමුසෙත් මේ ඉස්කෝලෙම ළමයෙක්.මන් තමුසෙගේ කෝච්”
“එහෙනම් සර්ම ගිහින් මැච් එක ගහගන්න.මන් යනවා.”
“අඹ කෑල්ලක් කනවද හලෝ.අහ් කන්න.හරිම ඇඹුලයි.”
ඒ අස්සෙන් රශ් ඇඩ් දානවා.හොද වැඩේ දේව දරුවොන්ට.මහලොකු කන්ද උඩරට ශුද්ධ භූමියේ ශුද්ධ පාසලේ වොලිබෝල් ටීම් එකටම දෙයියන්ගෙම පිහිටයි.දැන් දිනලා වරෙන්කෝ.මටනම් කිසි අවුලක් නෑ මුන් ටික පැරදුනාට.කොටින්ම කිව්වොත් අපේ ඉස්කෝලෙට හූ කිව්වත් මටනම් අදාලම නෑ.මන් දැන් සාර්ථක වෙලා ඉවරයි.මට නිදහසේ මැරෙන්න පුලුවන්.පාසලේ ඩ්‍රග් ප්‍රිවෙන්ටින් සොසයිටි එකේ සභාපති විදිහට මීට වඩා සතුටු වෙන්න හේතුව ඕනෙද මට.අද මේ යන්න ලෑස්ති වෙලා ඉන්නෙත් වෙන ඉස්කෝලෙක ඩ්‍රග් ප්‍රිවෙන්ටින් සෙමිනා එකකට.
“මේකත් තමුසෙගෙ මතින් තොර රටක් අපිට කෙලවෙන හෙටක් ක්ලබ් එකේ ප්‍රොජෙක්ට් එකක්ද අහ්?”
“තොට කෙලවෙන්නේ තෝ ඩ්‍රග්ස් ගන්න නිසානේ.ඒක පිලිගන්නවනේ?නෙහ්?සප්ලිමන්ට්ස් සප්ලිමන්ට්ස් කියලා ගන්නවා තොපි රෙද්දක්!”
“කට පරිස්සම් කරගන්න තරමට මැණිකගේ කටේ දත් ඉතුරු වෙයි.”
“අමෝ අමෝ බය උනාලු ඇහ්.”
“කොල්ලෝ නැගපන්.මන් සප්ලිමන්ට්ස් ගැන බලාගන්නම්.”
“එහෙම යන්න දෙන්න බෑ.එතකොට අපි යන්නේ උඹේ අප්පගේ චොපර් එකේද?”
“කලින් කිව්වනම් ගෙනත් දෙන්න තිබ්බා.දැන් මැණිකට පරක්කු වෙයිනේ.පයින් යන්න.ඒක ඊටවඩා ඉක්මන්.නැත්තන් පාරේ බස් එකේ යන්නත් පුලුවන්.ඒක ඊටත් වඩා ඉක්මන්.”
අරුන් සෙට් එක දසමහා යෝධයෝ වගේ බොඩි ස්ප්‍රේ සැරත් එක්කම බස් එකට නගිද්දි මන් රශ්ගේ අතේ තිබ්බ පිහියත් අරන් බැස්සේ අද මුන්ට එක අඩියක් මෙතනින් හෙල්ලෙන්න දෙන්න බැරි නිසා.
“ඕයි.ළමයෝ….ඉස්කෝලේ වාහනේ.නවත්තන්න.සර් අර යස්ස කොල්ලව නවත්තන්නකෝ.හයියෝ.”
සික්කාන්කල් බෙරිහන් දෙන්නා ගත්තා මන් බස් එකේ ටයර් එකටපිහියෙන් ඇනගෙන ඇනගෙන යනකොට.බලමුකෝ අද මේ බස් එකේ යන විදිහ.අපි පාරේ බස් එකේනම් උඹලත් පාරේ බස් එකේ තමයි!මොකද මූ මේ කකුලෙන් ගහන්න එන්නේ හිටපන් අද කනවා තෝව.කියලා හිතන පමාවට මටත් හැපුනා ඉතින් හිතලා හැපුවේ නෑ.
“ඕයි තමුසේ කටු කන බල්ලෙක්ද?කකුලෙන් ලේත් එනවා.”
ඇත්ත තමයි.ඇන්ක්ල් එකට ටිකක් උඩින් කකුලේ මගේ දත් පාරත් හිටලා ලේත් ටිකක් එනවා.ටිකම ටිකයි!ඔය ටිකක් ගියා කියලා මොනාද වෙන්නේ.
“අපේ ඩැඩී දාලා දෙයි ටයර්ස් ඔක්කොම.ලෙට්ස් ගෝ බෝයිස්.”
“තමුසේ හොදටම වැඩියි යේල්!මොකද ඔච්චර උද්දච්චකම.දුවන්න එපා තමුසෙට වඩා වේගෙන් මට දුවන්න පුලුවන්.ඒ නිසා බොරුවට මහන්සි…….වැටුනා නේද…..එහ් යේල්???නැගිටිනවකෝ.”
ටයර් එකත් කපලා දාලා ගේට් එකෙන් එළියට යන්න ලෑස්ති වෙනකොට මගේ පස්සෙන් අර යෝධයොන්ගේ මහ යෝධයා පන්නන් එන්න ගත්තා.බයකට නෙවෙයි දිව්වේ ඔටෝ දිවුනා.පල්ලමෙන් බහින්නේ නැතුව පඩිපෙලෙන් බහින්න ගිහින් අන්තිමේදි පය පැටලී ගියා……පුරුදු බිමේ පවා……..
“ඕයි….are you okay?තමුසෙට සිහිය නැද්ද?කොහෙ බලාගෙනද යකෝ දිව්වේ?හුලගේ පැටලුනාද ඇහ්?”
“අනේ…….රන්න්න්න්න්න්න්………තමුසේ මොකක්ද කලේ මගේ යාලුවට.අයිනට වෙනවා කාලකන්නියා.අනේ රන්න්න්න්න් කෝ ඒයි දත!ඉස්සරහ දත් දෙකම නෑ!”
“අප්පට යේන් දත කෝ?”
“දත කෝ අහන්නේ වැටුන මිනිහගෙන්.දත හොයපන්.අපි දෙන්නට කම්පිටිශන් එකකුත් තියෙනවා ලබන මාසේ!ඊටකලින් කොහොමහරි ඒල්ගේ ඉස්සරහ දත් දෙක හයි කරලා දීපන්!සුපර්ග්ලූ,බයින්ඩර්ගම්,කෙල,කොහොල්ලෑ,පාප්ප ඔන්න ඔප්ශන් ගොඩයි.දැන් හොයලා දත් දෙකම හයි කරපන්.එකක් නෙවෙයි දෙකම!”
බුදු අම්මේ මගේ කට.කටට බදාම දාලා වගේ බරයි සහ රිදෙනවා.තප්පරයක් ඉන්න ඇස් දෙක අරිනකන්.
“ජාතික මාණික්‍ය නැගිට්ටද වස්තු.”
“ම්ම්න්ජ්ජ්”
“ශූ ශූ දැන්ම කතා කරන්න හදන්න එපා.දත සෙට් කලා විතරනේ.දත නෙවෙයි දත් දෙකම.කියවන කියවිල්ලට ආයෙ ගැලවුනොත්.”
“ම්ම්ම්හ්හ්හ්හ්!!!!”
“ඉන්න ඉන්න අහ් මේ නෝට් පෑඩ් එකේ ටයිප් කරලා දෙන්නකෝ මැණික.”
“තමුසේ ජාතික මාණික්‍යයේ පාටවත් දන්නේ නැද්ද!”
“ඕකද කියන්න දැගලුවේ.බොරුවට කලබල උනා.දම් පාටනේ.ඒකනේ ඉස්කෝලෙම මැණික මැණික කියන්නේ යේල්ට.නෙහ්?”
ඊයා ගොබ්බයා.මුගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත් කාලකන්නි බූරු පුතා.රිච් අප්පගේ රිච් පුතා.මොලේ කලදක් නැති එකා.අමු මී හරකා.
“බුරුවා.”
කෝ මේ මිනිස්සු ඇයි මේ ගොනෙක්ව මෙතන තියලා.අහ් නිල් මැණිකේ කතාවනම් මගේ ඇස් දෙක නිසා තමයි ඔය කාර්ඩ් එක වැදිලා තියෙන්නේ.දැන් මගේ ඇස් නිල් පාටද?නැහ්.එහෙනම් මොන පාටද?දම් පාට!එහෙම ඇස් තියෙනවද?ඔව් මේ තියෙන්නේ.මුන්ට වර්ණ අන්ධතාවේ දම් පාට ඇස්වලට නිල් නිල් කියන්නේ.හරියටම ගත්තොත් ඒවා amethyst පාට.whatever මුන් කොහොමත් කියන්නේ නිල් කියලනේ.
“මැණික දන්නවද අපි මැච් එක දින්නනේ හලෝ.සප්ලිමන්ට්ස් නැතුවම!”
“උදව්වක් කරනවද?”
“මොකක්ද රත්තරන්?”
“අටපට්ටමට කෝල් එකක් දීලා ඕක කියනවකෝ.”
“මැණික අපි ගැන හිතන් ඉන්නේ එහෙමයි නෙහ්?ඒත් ඇත්තට මටත් පුදුමයි තමයි අපේ කොල්ලෝ ටික සප්ලිමන්ට්ස් නැතුව මැච් එක දින්න එක ගැන.”
හොස්පිට්ල් එකේ මගේ ඇද ලගටම පුටුවක් අරගෙන එක කකුලක් මගේ ඇද උඩිනුත් තියාගෙන අයිස් පැකට් එකක් කකා අරූ කියවනවා.මන් ටයිප් කරනවා.කතා කරන්න බෑ නේ.කෝ මේ රශ්.මූව ඇයි මෙතන තියලා ගියේ?හරිනේ මූ තමයි ඉන්න ඕනේ මූ නිසානේ මාව වැටුනේ.මැච් එක ඉවරයි කියන්නේ දැන් ගොඩක් රෑ වෙලා.ඒත් අපේ ඩැඩීවත් නෑ නේ.එයා වැඩද දන්නෑ.එයාගේ හොස්පිට්ල් එකේම ඉන්න එයාගේ ළමයවම බලන්න එන්න බැරි ඩැඩී කෙනෙක් වැඩක්ද?
“සුදූ…..මොකද දරුවෝ උනේ?”
ඔය ආවේ.
“හායි අන්කල්.”
කියනගමන් අරකා ස්වෙට් පෑන්ට් එක යටින් ඉස්සුවා.පැත්තක් ඔතාගෙන.බොරුව යකෝ බොරුව මගේ ඉස්සරහා දත් දෙක විතරයි උගේ කකුලේ වැදුනෙත් ඇයි මේ පැත්තක්ම ඔතාගෙන ඉන්නේ!
“පුතාගේ කකුලද අපේ මේ ළමයා කෑවා කිව්වේ?”
“ඔව්නේ අන්කල්.but it’s okay.”
ඕකේ තමයි යකෝ.උඹට මොනා වෙලාද!මටනේ අතුරු ආබාධ වැඩිම.
“සුදූ මොකද මේ රණ්ඩු වෙන්න යන්නේ.ඉන්නෙත් එක්කෙනයි ඔයාට මොනාහරි උනොත් මමීයි මායි මොනා කරන්නද දරුවෝ.”
ඩැඩී ඇදේ කොනක වාඩිවෙලා ඔලුව අතගගා අහනවා.පව් එයාට මහන්සි පාටයි.
“අපි තීරණේ කලා පුතාව මාසෙකට හොස්ටල් නවත්තන්න.කොහොමත් රශ් ඉන්නෙත් හොස්ටල් නිසා පාලුවක් නැති වෙයි.මේ පුතත් හොස්ටල් නේ?”
“ඔව් අන්කල් මන් බලාගන්නම්.”
මන් බෑ කියන්න ඔලුව දෙපැත්තටම වැනුවත් නල්ල මැද්දෙන් චොක් ගාලා කිස් එකක් තියලා ඩැඩී යන්න ගියා.අනේ මටනම් බෑ මේ මිනිස්සු එක්ක හොස්ටල් ඉන්න.ඒක පිරිමි ගණිකා මඩමක්!මටත් ගණකයෙක් වෙන්නයි වෙන්නේ!